02. ව්‍යාපාර පරිසරය Flashcards

1
Q

ව්‍යාපාර පරිසරය යනු කුමක් ද?

A

ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමේ දී ඊට බලපෑම් කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ව්‍යාපාර පරිසරය වර්ග කරන ප්‍රධාන කොටස් දෙක මොනවා ද?

A
  • අභ්‍යන්තර පරිසරය
  • බාහිර පරිසරය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය යනු කුමක් ද?

A

ව්‍යපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන, ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක වන විවිධ පාර්ශව සහ ව්‍යාපාරය තුළ පවතින අනෙකුත් සාධක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ව්‍යාපාරයක බාහිර පරිසරය යනු කුමක් ද?

A

ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන, ව්‍යාපාරයෙන් පරිබාහිර ව ක්‍රියාත්මක වන පාර්ශව සහ බලවේග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයට අයත් වන පාර්ශව මොනවා ද?

A
  • අයිතිකරුවෝ
  • කළමනාකරුවෝ
  • සේවකයෝ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ව්‍යාපාරයක බාහිර පරිසරයට අයත් වන පාර්ශව සහ සාධක මොනවා ද?

A
  • ගනුදෙනුකරුවෝ
  • සැපයුම්කරුවෝ
  • තරගකරුවෝ
  • දේශපාලන පරිසරය
  • නෛතික පරිසරය
  • තාක්ෂණික පරිසරය
  • ආර්ථික පරිසරය
  • ගෝලීය පරිසරය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

තරගකරුවන් ලෙස හැඳින්වෙන්නේ කවු ද?

A

යම් ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදිතවලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ අලෙවි කිරීම සිදුකරන්නන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

දේශපාලන පරිසරය යනු කුමක් ද?

A

යම් රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේ දී අනුගමනය කරන ප්‍රතිපත්ති

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

දේශපාලන පරිසරයට අයත් සාධක සඳහා උදාහරණ මොනවා ද?

A
  • යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති
  • අයවැය ප්‍රතිපත්ති
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

නෛතික පරිසරය යනු කුමක් ද?

A

පාරිභෝගිකයන්, දේශීය නිෂ්පාදකයන්, ව්‍යාපාරික ප්‍රජාව සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා සම්මත අණපනත් හා නීති රීති

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

නෛතික පරිසරයට අයත් වන අණපනත් සඳහා නිදසුන් මොනවා ද?

A
  • 2007 අංක 07 දරන සමාගම් පනත
  • 2003 අංක 09 දරන පාර්භෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත
  • 1954 අංක 14 දරන සාප්පු හා කාර්‍යයාල සේවක පනත
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

නීතිරීති ක්‍රියාත්මක කිරීම සඳහා පනවා ඇති තනතුරු සහ ආයතන මොනවා ද?

A
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක
  • සමාගම් රෙජිස්ට්‍රාවරයා
  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
  • මධ්‍යම පරිසර අධිකාරිය
  • කම්කරු විනිශ්චය සභා
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ආර්ථික පරිසරය යනු කුමක් ද?

A

ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරය වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

රටක ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේ දී ප්‍රධාන වශයෙන් එයට මැදිහත් වන්නේ කුමක් ද?

A

රජය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ව්‍යාපාරයකට බලපාන ආර්ථික සාධක ලියා දක්වන්න

A
  • පොලී අනුපාතය
  • උද්ධමනය
  • ආදායම් ව්‍යාප්තිය
  • රැකියා නියුක්තිය
  • ජාත්‍යන්තර සබඳතා
  • විදේශ විනිමය අනුපාතය
  • ඉතුරුම්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

පොලී අනුපාතය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

A

බැංකු තැන්පතු සඳහා ලබා දෙන සහ බැංකු ණය සඳහා අය කරන පොලී අනුපාතය

17
Q

උද්ධමනය යනු කුමක් ද?

A

භාණ්ඩ හා සේවා අලෙවියේ දී තීරණය වන පොදු මිල ගණන් අඛණ්ඩ ව ඉහළ යාම

18
Q

රටක ජාතික ආදායම එරට ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය හඳුන්වන නම කුමක් ද?

A

ආදායම් ව්‍යාප්තිය

19
Q

පූර්ණ රැකියා නියුක්තිය යනු කුමක් ද?

A

රටක රැකියා අපේක්ෂා කරන සියලු දෙනා ම රැකියාවක නිරත වීම

20
Q

ජාත්‍යන්තර සබඳතා ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

A
  • රටක් තවත් රටක් සමග පවත්වන සබඳතා වේ
  • වෙළෙඳ කලාප, වෙළෙඳ ගිවිසුම් ආදිය මගින් මෙවැනි සබඳතා ඇති වේ
21
Q

විදේශ විනිමය අනුපාතය යනු කුමක් ද?

A

යම් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය

22
Q

ගෝලීයකරණය යනු කුමක් ද?

A

ලෝකයේ රටවල් අතර ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීම

23
Q

දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑම් මොනවා ද?

A
  • විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම
  • දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශ වෙළඳපල ලබා ගත හැකි වීම
  • ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබා ගත හැකි වීම
  • කාර්‍යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබා ගත හැකි වීම
  • නවීන තාක්ෂණය ලබා ගත හැකි වීම
24
Q

දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් ඇති වන අහිතකර බලපෑම් මොනවා ද?

A
  • දේශීය පුහුණු ශ්‍රමය විදේශවලට ඇදී යාම
  • දැඩි තරගකාරිත්වයකට මුහුණ දීමට සිදු වීම
  • දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම
  • දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇති වීම
25
Q

ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය අධ්‍යනය කිරීමෙන් හඳුනා ගත බලපෑම් බෙදෙන කොටස් දෙක කුමක් ද?

A
  • ශක්ති
  • දුර්වලතා
26
Q

ව්‍යාපාරයක බාහිර පරිසරය අධ්‍යනය කිරීමෙන් හඳුනා ගත බලපෑම් බෙදෙන කොටස් දෙක කුමක් ද?

A
  • අවස්ථා
  • තර්ජන
27
Q

ව්‍යාපාරයක ශක්තීන් සඳහා උදාහරණ මොනවා ද?

A
  • ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම
  • කළමනාකරුවන්ගේ අත්දැකීම්
  • සේවකයන්ගේ විශේෂිත දැනුම හා කැපවීම
  • සුවිශේෂී නිෂ්පාදන ක්‍රම
  • පිළිගත් සන්නම් නාමයක් තිබීම
28
Q

ව්‍යාපාරයක දුර්වලතා සඳහා උදාහරණ මොනවා ද?

A
  • අයිතිකරුවන්ගේ මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නො වීම
  • පුහුණු සේවකයන්ගේ හිඟය
  • තාක්ෂණික දැනුම යාවත්කාලීන නො වීම
  • සේවකයන්ගේ අයහපත් ආකල්ප
  • ව්‍යාපාරයේ භූගෝලීය පිහිටීම නුසුදුසු වීම*
29
Q

ව්‍යාපාරයක අවස්ථා සඳහා උදාහරණ මොනවා ද?

A
  • පාරිභෝහිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම
  • රජය විසින් අඩු පොළී ණය ක්‍රම හඳුන්වා දීම
  • ව්‍යාපාර සඳහා බදු සහන ලබා දීම
  • නව නගර නිර්මාණය
  • අධිවේගී මාර්ග ඉදි කිරීම
30
Q

ව්‍යාපාරයකට ඇති විය හැකි තර්ජන සඳහා නිදසුන් මොනවා ද?

A
  • ස්වභාවික ආපදා
  • තරගකරුවන් බිහි වීම
  • නව තාක්ෂණික ක්‍රම සඳහා අනුගත වීම දුෂ්කර වීම
  • ජාත්‍යන්තර වෙළෙඳ සම්බාධක පැනවීම