ප්‍රකාශ උපකරණ Flashcards
(19 cards)
දෘෂ්ටි කෝණය යනු කුමක්ද?
ඇසක් ඉදිරියෙහි තබා ඇති වස්තුවක් මඟින් අක්ෂි කාචය මත ආපාතනය වන කෝණය දෘෂ්ටි කෝණය නම් වේ.
ඇසක් ඉදිරියෙහි අක්ෂි කාචයෙහි සිට x දුරකින් තබා ඇති H උසැති වස්තුවකි. එමඟින් ඇසේ ආපාතනය කරනු ලබන කෝණය එනම් දෘෂ්ටි කෝණය θ වේ. එවිට,
tan θ = H/x
θ කුඩා කෝණයක් බැවින්
tan θ = රේඩියන් θ වේ.
දෘෂ්ටි විතානය මත තැනෙන මෙම වස්තුවෙහි ප්‍රතිබිම්බයේ උස h වන අතර එමඟින් අක්ෂි කාචය මත ආපාතනය කරන කෝණය ද θ ම වේ. අක්ෂි ගෝලයෙහි විශ්කම්භය a විට,
θ = h/a
ප්‍රකාශ උපකරණයක කෝණික විශාලනය
කෝණික විශාලනය = ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරනු ලබන කෝණය/ වස්තුව ඇසේ ආපාතනය කරනු ලබන කෝණය
M = θ₂/θ₁
සරල අන්වීක්ෂයක සාමාන්‍ය සීරුමාරු කිරීම යනු කුමක්ද?
ඇසක විෂද දෘෂ්ටියෙහි අවම දුරින් පවතින කුඩා වස්තුවක ප්‍රතිබිම්බය ද විෂද දෘෂ්ටියෙහි අවම දුරින් තැනෙන පරිදි සරල අන්වීක්ෂයක් සීරුමාරු කිරීම.
සාමාන්‍ය සීරුමාරු අවස්ථාව යටතේ පවතින සරල අන්වීක්ෂයක කෝණික විශාලනය
M = 1 + D/f
සරල අන්වීක්ෂයක සාමාන්‍ය නොවන සීරුමාරු කිරීම යනු කුමක්ද?
ඇසක විෂද දෘෂ්ටියෙහි අවම දුරින් පවතින වස්තුවක ප්‍රතිබිම්බය, අනන්තයෙහි තැනෙන පරිදි සරල අන්වීක්ෂය සීරුමාරු කිරීම.
සාමාන්‍ය නොවන සීරුමාරු අවස්ථාව යටතේ පවතින සරල අන්වීක්ෂයක කෝණික විශාලනය
M = D/f
සරල අන්වීක්ෂයක වැඩි විශාලන බලයක් සහිත සඳහා තෝරා ගත යුත්තේ කුමන ආකාරයේ කාච ද?
සරල අන්වීක්ෂයක් කුමන සීරුමාරු අවස්ථාවක පැවතුනත් එහි කෝණික විශාලනය හෙවත් විශාලක බලය, කාචයේ නාභි දුරට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
ඒ අනුව වැඩි විශාලක බලයක් සහිත සරල අන්වීක්ෂ තැනීම සඳහා කුඩා නාභි දුර ප්‍රමාණ සහිත උත්තල කාච භාවිතා කළ යුතුය.
සංයුක්ත අන්වීක්ෂයක සාමාන්‍ය සීරුමාරු කිරීම යනු කුමක්ද?
ඇසේ විෂද දෘෂ්ටියෙහි අවම දුරින් පවතින කුඩා වස්තුවක ප්‍රතිබිම්බයද විෂද දෘෂ්ටියෙහි අවම දුරින්ම තැනෙන පරිදි සකස් කිරීම.
සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ ඇති සංයුක්ත අන්වීක්ෂයක විශාලක බලය,
M = උපනෙතෙහි රේඛීය විශාලනය x අවනෙතෙහි රේඛීය විශාලනය
උපනෙතෙහි රේඛීය විශාලනය = d/fₑ + 1
අවනෙතෙහි රේඛීය විශාලනය = v/fₒ- 1
M = [d/fₑ + 1][v/fₒ- 1 ]
v = අවනෙත සඳහා වස්තු දුර
සංයුක්ත අන්වීක්ෂයක සාමාන්‍ය නොවන සීරුමාරු කිරීම යනු කුමක්ද?
ඇසේ විෂද දෘෂ්ටියෙහි අවම දුරින් පවතින කුඩා වස්තුවක ප්‍රතිබිම්බය, අනන්තයෙහි තැනෙන පරිදි සකස් කිරීම.
සාමාන්‍ය නොවන සීරුමාරු අවස්ථාවේ ඇති සංයුක්ත අන්වීක්ෂයක විශාලක බලය,
M = [D/fₑ][v/fₒ -1]
උත්තල කාච දෙකක් භාවිතා කරමින් තනනු ලබන නක්ෂත්‍ර දුරේක්ෂයකින් වැඩි විශාලක බලයක් ලබාගත හැක්කේ කෙසේද?
උපනෙත සඳහා භාවිතා කරන කාචයට අඩු නාභි දුරක් ද
අවනෙත සඳහා භාවිතා කරන කාචයට වැඩි නාභි දුරක් ද පැවතිය යුතුය.
නක්ෂත්‍ර දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරු කිරීම යනු කුමක්ද?
නක්ෂත්‍ර දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේදී අනන්තයේ පවතින වස්තුවෙන් නිකුත්වන ආලෝක කිරණ අවනෙත මත පතිත වී එහි නාභියෙහි යටිකුරු ප්‍රතිබිම්බයක් තනන අතර එය උපනෙතට වස්තුව ලෙස ක්‍රියාකර අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ තනයි.
සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂයක විශාලන බලය,
විශාලන බලය, කාච දෙකෙහි නාභි දුර ප්‍රමාණ අතර අනුපාතයට සමාන වේ.
M = fₒ/fₑ
තවද, සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ පවතිනනක්ෂත්‍ර දුරේක්ෂයක විශාලක බලය , එහි අවනෙතේ විශ්කම්භය, උපනෙතේ විශ්කම්භයට දරණ අනුපාතයටද සමාන වේ.
M = D/d
සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂයක දිග කොපමණද?
සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂයක දිග එහි කාච දෙකේ නාභි දුර ප්‍රමාණවල එකතුවට එනම් fₒ+fₑ ට සමාන වේ.
නක්ෂත්‍ර දුරේක්ෂයක සාමාන්‍ය නොවන සීරුමාරු කිරීම යනු කුමක්ද?
අවසාන ප්‍රතිබිම්බය ඇසෙහි විෂද දෘෂ්ටියෙහි අවම දුරින් තැනෙන පරිදි කාච සකස් කිරීම.
සාමාන්‍ය නොවන සීරුමාරු අවස්ථාවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂයක විශාලක බලය,
M = [fₒ/D][D/fₑ + 1]
අක්ෂි වලය යනු කුමක්ද?
කාච දෙකක් ඇති දුරේක්ෂයක අක්ෂි වලයේ පිහිටීම ඉදිරිපත් කරනු ලබන්නේ එහි අවනෙත, උපනෙතට වස්තුවක් ලෙස ක්‍රියාකරමින් ප්‍රතිබිම්බය තනනු ලබන ස්ථානය ලෙසයි.
කාච දෙක තුලින් ගමන් කරන ආලෝක කිරණ සියල්ල ම අක්ෂි වලය තුළින් ද ගමන් කරන නිසා එය ඇස තැබීමට සුදුසුම ස්ථානය වේ.
අක්ෂි වලය යනු කුමක්ද?
කාච දෙකක් ඇති දුරේක්ෂයක අක්ෂි වලයේ පිහිටීම ඉදිරිපත් කරනු ලබන්නේ එහි අවනෙත, උපනෙතට වස්තුවක් ලෙස ක්‍රියාකරමින් ප්‍රතිබිම්බය තනනු ලබන ස්ථානය ලෙසයි.
කාච දෙක තුලින් ගමන් කරන ආලෝක කිරණ සියල්ල ම අක්ෂි වලය තුළින් ද ගමන් කරන නිසා එය ඇස තැබීමට සුදුසුම ස්ථානය වේ.