ධ්වනිය නිපදවීම සහ ප්‍රචාරණය Flashcards
(6 cards)
ධ්වනියේ ලාක්ෂණික ගුණ මොනවාද?
- තාරතාවය
- විපුලතාව
- ධ්වනි ගුණය
තාරතාව යනු කුමක්ද?
ආලෝකයේදී තරංගයක සංඛ්‍යාතය අනුව එහි වර්ණය දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹීලි හා රතු විය හැක.
ධ්වනියේදී තරංගයක සංඛ්‍යාතය අනුව වෙනස් වන ආලෝකයේ වර්ණයට ප්‍රතිසම වන රාශිය තාරතාවයි.
මේ අනුව ධ්වනි තරංගයක තාරතාව එහි සංඛ්‍යාතය වැඩිවත්ම වැඩි වේ.
වෙනත් ලෙසකින් පවසන්නේ නම් ධ්වනි ස්වරයක තියුණු බව එහි තාරතාව ලෙස සැලකිය හැක.
විපුලතාව හෙවත් හඬේ සැර යනු කුමක්ද?
කිසියම් ධ්වනි ස්වරයක විපුලතාව හෙවත් හඬේ සැර ස්වරයේ තීව්‍රතාව මත රඳා පවතී.
ස්වරයේ තීව්‍රතාව වැඩිවත්ම එහි විපුලතාව ද වැඩිවේ.
ධ්වනි තරංගයක තීව්‍රතාව එහි ගැබ් වී ඇති ශක්තියෙහි මිනුමකි.
මේ අනුව වැඩි ශක්තියකින් යුත් තරංගයකට වැඩි විපුලතාවයක් ඇත.
තරංගයක ශක්තිය, එහි විස්තාරයේ වර්ගයට අනුලෝම ලෙස සමානුපාතික බැවින් එහි විපුලතාවයද විස්තාරය මත රඳා පවතී.
ධ්වනි තීව්‍රතාව යනු කුමක්ද?
අවකාශයේ යම් ස්ථානයක ඒකක වර්ගඵලයක් තුළින් ඊට අභිලම්බ ලෙස ඒකක කාලයකදී ගලා යන ධ්වනි ශක්ති ප්‍රමාණය හෙවත් ධ්වනි ක්ෂමතාවය, එම ස්ථානයේ ධ්වනි තීව්‍රතාව ලෙස අර්ථ දැක්වේ.
A ක්ෂේත්‍රඵලයකට අභිලම්බ ලෙස ගලන ධ්වනි ක්ෂමතාව P විට එම ස්ථානයෙහි ධ්වනි තීව්‍රතාව,
I = P/A
ධ්වනි තීව්‍රතාවෙහි SI ඒකක Wm⁻² වේ.
ශ්‍රව්‍යතා දේහලීය සහ වේදනා දේහලීය
මිනිස් කන ධ්වනි තරංග සඳහා ඉතා සංවේදී අවයවයකි. එයට ඉතා පුළුල් වූ ධ්වනි සංඛ්‍යාත පරාසයක් සහ ධ්වනි තීව්‍රතා පරාසයක් ශ්‍රවණය කළ හැකිය.
මිනිසාගේ ශ්‍රවණ සංඛ්‍යාත පරාසය 20Hz-20kHz පමණ වන අතර ශ්‍රවණ තීව්‍රතා පරාසය 1 x 10^-12 Wm^-2 - 1 Wm^-2 පමණ වේ.
කනට ශ්‍රවණය කළ හැකි අඩුම ධ්වනි තීව්‍රතාව ශ්‍රව්‍යතා දේහලීය නම් වන අතර එහි අගය I₀ = 1 x 10^-12 Wm^-2 වේ.
වේදනාවකින් තොරව මිනිසාට ශ්‍රවණය කළ හැකි උපරිම ධ්වනි තීව්‍රතාව වේදනා දේහලීය නම් වේ. සාමාන්‍ය පුද්ගලයෙකු සඳහා එය 1 Wm^-2 පමණ අගයක් වේ.
ධ්වනි තීව්‍රතා මට්ටම
යම් ස්ථානයක ධ්වනි තීව්‍රතාව (I), සම්මත ධ්වනි තීව්‍රතා අගයකට (I₀) දරණ අනුපාතයේ ලඝුගණකය එම ස්ථානයේ ධ්වනි තීව්‍රතා මට්ටම (𝜷) ලෙස හඳුන්වනු ලබයි.
බොහෝවිට සම්මත තීව්‍රතාව ලෙස යොදාගන්නේ ශ්‍රව්‍යතා දේහලීය අගයයි.
𝜷 = log₁₀[I/I₀]
තීව්‍රතා මට්ටමේ ඒකකය බෙල් (B) නම් වේ.
මෙය සාපේක්ෂ ලෙස විශාල ඒකකයක් නිසා බොහෝ විට ඩෙසිබෙල් (dB) ඒකකය ලෙස භාවිතා වේ.
1 B = 10 dB