04 The World of Life Flashcards

(121 cards)

1
Q

පෘථිවිය මත ජීවය ඇතිවෙන්නට ඇතැයි සැලකෙන්නේ මීට වසර කීයකට පෙර ද?

A

වසර බිලියන 3.6 කට පමණ පෙර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

වර්තමානයේ දී පෘථිවිය මත ජීවත් වන ජීවී විශේෂ ගණන කොපමණ ද?

A

මිලියන 8.7 පමණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ජීවීන් වර්ගීකරණය යනු කුමක් ද?

A

පොදු ගති ලක්ෂණවලට අනුව ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ජීවීන් වර්ගීකරණයේ ප්‍රයෝජන මොනවා ද?

A
  • ජීවීන් පිළිබඳ ව පහසුවෙන් අධ්‍යනය කළ හැකි වීම
  • නම් කරන ලද ජීවියෙකුගේ සුවිශේෂ අනන්‍යතා හ‍ඳුනා ගැනීම පහසු වීම
  • සියලු ජීවීන් අධ්‍යනය නොකර තෝරාගත් ජීවීන් කිහිප දෙනෙකු අධ්‍යනය කිරීම මඟින් සමස්ත ජෛවලෝකය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වීම
  • වෙනස් ජීවීන් අතර සම්බන්ධතාව අනාවරණය කළ හැකි වීම
  • මිනිසාට ආර්ථික ම ය වැදගත්කමක් ඇති ජීවීන් හ‍ඳුනා ගත හැකි වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම ඉදිරිපත් කළ පුද්ගලයන් කවු ද?

A
  • ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 4 වන සියවස)
  • කැරොලස් ලීනියස් (ක්‍රි.ව. 18 වන සියවස)
  • රොබට් විටේකර් (ක්‍රි.ව. 1969)
  • කාල් වූස් (ක්‍රි.ව. 1990)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

මුල්වරට විද්‍යාත්මක වර්ගීකරණය හඳුන්වා දුන් පුද්ගලයා කවු ද?

A

ක්‍රි. පූ. 4 වන සියවසේ දී ඇරිස්ටෝටල්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම දෙක කුමක් ද?

A
  1. ස්වාභාවික වර්ගීකරණය
  2. කෘත්‍රිම වර්ගීකරණය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

කෘත්‍රිම වර්ගීකරණයේ දී සලකා බැලෙන සාධක මොනවා ද?

A
  • උපාංග පිහිටීම හෝ නොපිහිටීම
  • වාසස්ථාන
    වැනි දේ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

කෘත්‍රිම වර්ගීකරණයේ දුර්වලතා මොනවා ද?

A
  • පරිණාමික බන්ධුතා නිරූපණය නොවීම
  • පරිණාමික ව බොහෝ සෙයින් වෙනස් ජීවීන් එක ම කාණ්ඩයකට අයත් විය හැකි වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ස්වාභාවික වර්ගීකරණයේ දී සිදු කරන්නේ කුමක් ද?

A

ජීවීන්ගේ පරිණාමික බන්ධුතා දැක්වෙන ආකාරයට ඔවුන් වර්ග කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ස්වභාවික වර්ගීකරණයේ දී සලකා බැලෙන සාධක මොනවා ද?

A
  • රූප විද්‍යාත්මක
  • කායික විද්‍යාත්මක
  • සෛල විද්‍යාත්මක
  • අණුක විද්‍යාත්මක ලක්ෂණ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ස්වාභාවික වර්ගීකරණයේ ලක්ෂණ මොනවා ද?

A
  • එක ම විශේෂයේ ජීවීන් අතර ස්වාභාවික බන්ධුතා හෙළි කරයි
  • වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා පිළිබඳ ව පැහැදිලි කරයි
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ස්වාභාවික වර්ගීකරණයේ දී ජීවීන් වර්ග කරන විවිධ ධූරාවලීන් හඳුන්වන නම කුමක් ද?

A

තක්සෝන

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

රාජධානි පහේ වර්ගීකරණය ඉදිරිපත් කරනු ලැබුවේ කවුරුන් විසින් ද?

A

රොබට් විටේකර් විසින් 1969 දී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

අධිරාජධානි තුනේ වර්ගීකරණය ඉදිරිපත් කළේ කවු ද?

A

කාල් වූස් විසින් 1990 දී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

අධිරාජධානි තුන නම් කරන්න

A
  1. බැක්ටීරියා අධිරාජධානිය
  2. ආකියා අධිරාජධානිය
  3. ඉයුකැරියා අධිරාජධානිය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

ආකියා අධිරාජධානියට අයත් වන්නේ කුමන ජීවීන් ද?

A

සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැති (ප්‍රාග් න්‍යෂ්ටික) ජීවීන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

ආකියා අධිරාජධානියට අයත් ජීවීන්ගේ ලක්ෂණ මොනවා ද?

A
  • ආන්තික පරිසරවල ජීවත් විය හැක
  • ප්‍රතිජීවකවලට සංවේදී නොවේ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

ආකියා අධිරාජධානියට අයත් ජීවීන් සඳහා උදාහරණ දෙකක් දෙන්න

A
  • Methanogens
  • Halophiles
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන්ගේ ලක්ෂණ මොනවා ද?

A
  • ප්‍රාග් න්‍යෂ්ටික සෛලවලින් සමන්විත වේ
  • ප්‍රතිජීවක මඟින් විනාශ කළ හැක
  • ඇතැම් විට ව්‍යාධි ජනකයින් ලෙස ක්‍රියා කරයි
  • සෑම පරිසරයක ම දැකිය හැකි බහුලත ම ජීවී කාණ්ඩය වේ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

බැක්ටීරියා අධිරාජධානියට අයත් බැක්ටීරියා වර්ග සඳහා උදාහරණ මොනවා ද?

A
  • සයනොබැක්ටීරියා
  • බැක්ටීරියා වර්ග
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

බැක්ටීරියාවල අහිතකර බලපෑම් මොනවා ද?

A
  • මිනිසාට හා සතුන්ට විවිධ රෝග ඇති කිරීම
  • ආහාර නරක් කිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

බැක්ටීරියා මගින් ඇති වන රෝග මොනවා ද?

A
  • ක්ෂය රෝගය
  • නියුමෝනියාව
  • කොළරාව
  • පිටගැස්ම
  • ලාදුරු
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

බැක්ටීරියාවලින් ලබා ගන්නා ප්‍රයෝජන මොනවා ද?

A
  • මුදවාපු කිරි හා චීස් නිෂ්පාදනයේ දී
  • පොල් ලෙලි හා හණ පත්‍රවලින් කෙඳි ලබා ගැනීම සඳහා
  • සම් පදම් කිරීම සඳහා
  • වායුගෝලිය නයිට්‍රජන් ප්‍රමාණය තිර කිරීම නිසා පසේ ඇති නයිට්‍රේට ප්‍රමාණය වැඩි වීම
  • මළ දේහ හා ද්‍රව්‍ය වියෝජනය කිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
ඉයුකැරියා රාජධානියට අයත් වන්නේ කුමන ජීවීන් ද?
සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇති (සූ න්‍යෂ්ටික), ප්‍රතිජීවක මගින් විනාශ කළ නොහැකි ජීවීන්
26
ඉයුකැරියා අධිරාජධානියට අයත් ජීවීන්ගේ ලක්ෂණ මොනවා ද?
- සංවිධානය වූ න්‍යෂ්ටියක් තිබීම - පෘථිවියේ දැනට වෙසෙන ප්‍රමුඛ ජීවීන් වීම - විවිධ පරිසර තත්ත්වවල ජීවත් වීම - ප්‍රතිජීවකවලට සංවේදී නොවීම
27
ඉයුකැරියා අධිරාජධානියට අයත් රාජධානි මොනවා ද?
1. ප්‍රොටිස්ටා රාජධානිය 2. ෆන්ගයි රාජධානිය 3. ප්ලාන්ටේ රාජධානිය 4. ඇනිමාලියා රාජධානිය
28
ප්‍රොටිස්ටා රාජධානියට අයත් ජීවීන්ගේ ලක්ෂණ මොනවා ද?
- සූ න්‍යෂ්ටික සෛල දරයි - ඒක සෛලික හෝ විශේෂණය නො වූ පටක දරන බහු සෛලිකයන් වේ - ජලය සහිත ඕනෑ ම පරිසරයක ජීවත් වේ - බොහොමයක් ජීවීන් ප්‍රභාසංශ්ලේෂක වන අතර ඇතැම් විශේෂ විෂමපෝෂී වේ
29
ප්‍රොටිස්ටා රාජධානියට අයත් වන ජීවී විශේෂ දෙකක් නම් කරන්න
- ඇල්ගී - ප්‍රොටොසෝවා
30
ප්‍රොටිස්ටාවන්ගේ හිතකර බලපෑම් මොනවා ද?
- ජලජ පරිසරවල ආහාරදාමවල ප්‍රාථමික නිෂ්පාදකයින් ලෙස ඇල්ගී ක්‍රියා කිරීම - දිලීර සමඟ එක් වී සහජීවී සංගමයක් වන ලයිකන සෑදීම - බැක්ටීරියා රෝපණයට ගන්නා **ඒගාර්** මාධ්‍ය නිපදවීමට - අයිස්ක්‍රීම් නිෂ්පාදනයේ දී යොදා ගන්නා **ඇල්ජිනික් අම්ලය** ලබා ගැනීම
31
ප්‍රොටිස්ටාවන් මිනිසාට ඇති කරන රෝග සඳහා උදාහරණ මොනවා ද?
- ඇමීබා අතීසාරය - මැලේරියාව - නිද්‍රා උණ
32
**ෆන්ගයි රාජධානිය** යනු කුමක් ද?
කයිටින් සහිත සෛල බිත්ති දරන, සූ න්‍යෂ්ටික සෛලවලින් සමන්විත ඒකසෛලික හෝ බහුසෛලික දිලීරවලින් සමන්විත රාජධානියයි
33
දැනට ඇතැයි සැලකෙන දිලීර විශේෂ ගණන කීය ද?
මිලියන 1.5 - 5 ත් අතර ප්‍රමාණයක්
34
දිලීරවල ලක්ෂණ මොනවා ද?
- කයිටින් සහිත සෛල බිත්ති තිබීම - සූ න්‍යෂ්ටික වීම - ඒකසෛලික හෝ බහුසෛලික ජීවීන් වීම - දේහය ඉතා කුඩා ව්‍යුහ දැරීම - වෙනත් ජීවීන් සමඟ සහජීවී සංගම් සෑදීම
35
දිලීර මිනිසාට ප්‍රයෝජනවත් වන අවස්ථා මොනවා ද?
- ප්‍රෝටීන් පරිපූරක ආහාරයක් ලෙස - පාන් හා මධ්‍යසාර පැසවීම සඳහා - ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයට - මළ දේහ හා ව්‍යුහ වියෝජනය කිරීම
36
දිලීරවල අහිතකර බලපෑම් මොනවා ද?
- සතුන් හා ශාකවලට රෝග සෑදීම (අලුහම්, අර්තාපල් පශ්චිම අංගමාරය) - ආහාර නරක් කිරීම
37
බැක්ටීරියාවල ව්‍යුහය විස්තර කරන්න
- අණ්වීක්ෂීය වේ - ඒක සෛලික ය - ප්‍රාග් න්‍යෂ්ටික ය
38
බැක්ටීරියාවල හැඩයන් මොනවා ද?
- ගෝලාකාර - දණ්ඩාකාර - සර්පිලාකාර - කොමාකාර - සයනොබැක්ටීරියා තනි සෛලික හෝ සූත්‍රිකාකාර වේ
39
බැක්ටීරියාවන් පෝෂණය ලබා ගන්නේ කෙසේ ද?
- බොහොමයක් විෂමපෝෂීන් වේ - සයනොබැක්ටීරියා ස්වයංපෝෂී වේ
40
බැක්ටීරියාවන් ප්‍රජනනය කරන්නේ කෙසේ ද?
- බොහෝ විට අලිංගික ප්‍රජනනය සිදු කරයි - බැක්ටීරියාවන් **ද්විඛණ්ඩනය** මගින් නව ජීවීන් බිහි කරයි - සයනොබැක්ටීරියාවන් කඩකඩ වීම හා අංකුරණය මගින් අලිංගික ප්‍රජනනය සිදු කරයි
41
ප්‍රොටිස්ටාවන්ගේ ව්‍යුහය විස්තර කරන්න
- සූ න්‍යෂ්ටික වේ - ඒකසෛලික හෝ බහුසෛලික වේ - බහුසෛලික ජීවීන්ගේ සත්‍ය පටක විභේදනයක් නැත - බොහොමයක් අණ්වීක්ෂීය වේ *(නමුත් රතු ඇල්ගී ඉතා විශාල දේහ දරයි)*
42
ප්‍රොටිස්ටාවන් දරන හැඩ මොනවා ද?
- පත්‍රාකාර - අසමාකාර - අශ්වලාඩම් හැඩැති
43
ප්‍රොටිස්ටාවන් පෝෂණය ලබා ගන්නේ කෙසේ ද?
- ඒක සෛලික ප්‍රොටිස්ටාවන් විෂමපෝෂී වේ - ඇල්ගී ස්වයංපෝෂී වේ
44
ප්‍රොටිස්ටාවන් ප්‍රජනනය කරන ක්‍රම මොනවා ද?
- ද්වි ඛණ්ඩනය - කඩ කඩ වීම - බීජාණු සැදීම *-අලිංගික ප්‍රජනනය*
45
ප්‍රොටිස්ටාවන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ මොනවා ද?
- කරදිය හා මිරිදිය - තෙතමනය සහිත පස - ජීවි දේහ තුළ
46
ප්‍රොටිස්ටාවන් සඳහා නිදසුන් මොනවා ද?
- ඇල්ගී - ප්‍රොටොසෝවා *(Amoeba, Paramecium)*
47
බැක්ටීරියාවන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ මොනවා ද?
- වාතය - ජලය - පස *සෑම පරිසරයක ම පුළුල් ව ව්‍යාප්ත වී ඇත*
48
දිලීරවල ව්‍යුහය විස්තර කරන්න
- සූ න්‍යෂ්ටික වේ - ඒක සෛලික මෙන් ම බහුසෛලික ලෙස පවතී - බහුසෛලික දිලීර *(mycelium)* ජාලයක් ලෙස පවතී - අණ්වීක්ෂීය වේ, නමුත් සමහර විශේෂයන්ගේ ප්‍රජනක ව්‍යුහ පියවි ඇසින් දැකිය හැකිය - සත්‍ය පටක විභේදනයක් නැත
49
දිලීරවල හැඩය කුමක් ද?
- තනි වෘත්තාකාර - ජාලයක් ලෙස
50
දිලීර පෝෂණය ලබා ගන්නේ කෙසේ ද?
- විෂමපෝෂීන් ය, ඉනුත් වැඩි ප්‍රමාණයක් **මෘතෝපජීවීන්** ය
51
දිලීර ප්‍රජනනය කරන්නේ කෙසේ ද?
අලිංගික බීජාණු මගින්
52
දිලීරවල ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ මොනවා ද?
- අකාබනික ද්‍රව්‍ය මත - ජීවී දේහ තුළ - *ජලජ පරිසරවල ඉතා අඩු ය*
53
**ප්ලාන්ටේ රාජධානිය** යනු කුමක් ද?
ශාක ලෙස හඳුන්වනු ලබන බහුසෛලික ජීවීන්ගෙන් සමන්විත රාජධානිය
54
දැනට ඇතැයි සැලකෙන ශාක විශේෂ ගණන කොපණ ද?
287 000 පමණ
55
ශාකවල ලක්ෂණ මොනවා ද?
- සෙලියුලෝස්වලින් සමන්විත සෛල බිත්ති දරයි - හරිතප්‍රද නිසා කොළ පැහැයෙන් දිස් වේ - ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි
56
ප්ලාන්ටේ රාජධානිය වර්ග කරන කොටස් දෙක කුමක් ද?
1. අපුෂ්ප ශාක 2. සපුෂ්ප ශාක
57
අපුෂ්ප ශාක වර්ග කරන කොටස් දෙක කුමක් ද?
1. බීජ හට නො ගන්නා අපුෂ්ප ශාක 2. බීජ හට ගන්නා අපුෂ්ප ශාක
58
බීජ හට නොගන්නා අපුෂ්ප ශාක සඳහා උදාහරණ මොනවා ද?
- *Marchantia* - *Pogonatum* - *Selaginella* - *Nephrolepis* - *Salvinia* - *Acrosticum* - *Drynaria*
59
බීජ හට නො ගන්නා අපුෂ්ප ශාකවල ව්‍යුහය විස්තර කරන්න
- ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා ශාක දැකිය හැකි ය - ඇතැම් ශාකවල සත්‍ය පටක විභේදනයක් සිදු වී ඇති අතර ඇතැම් ශාකවල එසේ නොවේ - පටක විභේදනයක් සිදු වී නොමැති ශාක වල මුල, කඳ, පත්‍ර ආදිය නොපවතී, **තලස** ලෙස හැඳින්වේ - පටක විභේදනය වූ ශාක සනාල පටක දරන අතර ඒවායේ මුල, කඳ පත්‍ර පවතී
60
බීජ හට නොගන්නා අපුෂ්ප ශාකවල හැඩය කෙබ‍ඳු ද?
- තලසාකාර හා - ඉතා කුඩා පර්ණාංග ලෙස පවතී
61
බීජ හට නොගන්නා අපුෂ්ප ශාක පෝෂණය ලබා ගන්නේ කෙසේ ද?
- ප්‍රභාසංශ්ලේෂී වේ - ඇතැම් ශාක අපිශාක වේ
62
බීජ හට නොගන්නා අපුෂ්ප ශාක ප්‍රජනනය කරන්නේ කෙසේ ද?
- බීජාණු නිපදවීම - කොටස් වෙන් වීම - ලිංගික ප්‍රජනනය
63
බීජ හට නොගන්නා අපුෂ්ප ශාක ව්‍යාප්ත වී ඇත්තේ කුමන ප්‍රදේශවල ද?
සෙවන සහ තෙතමනය නිතර ම රඳා පවතින, අඩු හිරු එළියක් සහිත භෞමික පරිසරවල
64
බීජ හටගන්නා අපුෂ්ප ශාක හඳුන්වන නම කුමක් ද?
**විවෘත බීජක** ශාක
65
විවෘත බීජක ශාක සඳහා උදාහරණ මොනවා ද?
- මඩු - පයිනස්
66
විවෘත බීජක ශාකවල ව්‍යුහය විස්තර කරන්න
- සත්‍ය පටක විභේදනයක් සිදු වී ඇත - සනාල පටක දරයි - මුල, කඳ, පත්‍ර පවතී
67
විවෘත බීජක ශාකවල හැඩය කෙබඳු ද?
- ප්‍රමාණයෙන් විශාල ශාක වේ - බොහොමයක් ගස් වන අතර ඒවා කාෂ්ඨීය ඍජු කඳකින් යුක්ත ය - සමහරක් පඳුරු වේ
68
විවෘත බීජක ශාක පෝෂණය වන්නේ කෙසේ ද?
ස්වයංපෝෂී ප්‍රභාසංශ්ලේෂීන් ය
69
විවෘත බීජක ශාක ප්‍රජනනය සිදුකරන ආකාර මොනවා ද?
- බීජ මගින් - බීජාණු මගින් (asexual)
70
විවෘත බීජක ශාක ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ මොනවා ද?
භෞමික ප්‍රදේශ
71
සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනක ව්‍යුහය කුමක් ද?
පුෂ්පය
72
සපුෂ්ප ශාක හැඳින්වෙන අනෙක් නම කුමක් ද?
ආවෘත බීජක ශාක
73
සපුෂ්ප ශාකවල ලක්ෂණ මොනවා ද?
- බීජ ඵලයක් මගින් ආවරණය වී තිබේ - භෞමික පරිසරය සඳහා හොඳින් හැඩගැසී ඇත - ජල සංරක්ෂණය සඳහා අනුවර්ත පෙන්වයි
74
සපුෂ්ප ශාක බෙදෙන කොටස් දෙක කුමක් ද?
1. ඒකබීජපත්‍රී ශාක 2. ද්විබීජපත්‍රී ශාක
75
ඒකබීජපත්‍රී හා ද්විබීජපත්‍රී ශාකවල වෙනස්කම් මොනවා ද?
1. - ඒකබීජපත්‍රී ශාකවල බීජයේ එක් බීජ පත්‍රයක් හටගනී - ද්විබීජපත්‍රී ශාකවල බීජයේ බීජ පත්‍ර දෙකක් හට ගනී 2. - ඒකබීජපත්‍රී ශාකවල කඳ අතු ශාඛනය වී නොමැති අතර ද්විබීජපත්‍රී ශාකවල අතු ශාඛනය වෙයි 3. - ඒකබීජපත්‍රී ශාඛ තන්තු මුල් පද්ධතියක් දරයි - ද්විබීජපත්‍රී ශාක මුදුන් මුලක් හා පර්ශ්වික මුල් සහිත මුල් පද්ධතියක් දරයි 4. - ඒකබීජපත්‍රී ශාක පත්‍ර සමාන්තර නාරටි වින්‍යාසයක් දරයි - ද්විබීජපත්‍රී ශාක ජාලාභ නාරටි වින්‍යාසයක් දරයි 5. - ඒකබීජපත්‍රී ශාක ත්‍රී අංකී පුෂ්ප දරන අතර ද්විබීජපත්‍රී ශාක චතුර් හෝ පංචාංක පුෂ්ප දරයි 6. - ඒකබීජපත්‍රී ශාකවල ද්විතියික වර්ධනයක් සිදු නොවන අතර ද්විබීජපත්‍රී ශාකවල ද්විතියික වර්ධනයක් සිදු වේ 7. - ඒකබීජපත්‍රී ශාකවල කඳේ සෑම තැන ම එකසමාන මහතකින් යුක්ත ය - ද්විබීජපත්‍රී ශාකවල මුල ප්‍රදේශය මහත් ය, අගට යන විට ක්‍රමයෙන් සිහින් වේ
76
ඇනිමාලියා රාජධානිය යනු කුමක් ද?
සතුන් ලෙස හැඳින්වෙන බහුසෛලික ජීවීන්ගෙන් සමන්විත රාජධානිය
77
දැනට ඇතැයි සැලකෙන සත්‍ත්ව විශේෂ ගණන කීය ද?
1 260 000ක් පමණ
78
ඇනිමාලියා රාජධානියට අයත් සතුන් බෙදා ඇති කොටස් දෙක කුමක් ද?
1. අපෘෂ්ඨවංශීන් 2. පෘෂ්ඨවංශීන්
79
අපෘෂ්ඨවංශීන් බෙදා ඇති වංශ මොනවා ද?
1. නිඩාරියා/ සීලන්ටරේටා 2. ඇනෙලිඩා 3. මොලුස්කා 4. ආත්‍රොපෝඩා 5. එකයිනොඩර්මේටා
80
නිඩාරියාවන් යනු කුමන සත්ත්ව කාණ්ඩයක් ද?
සෛල ප්‍රස්තර දෙකකින් සෑදුනු ජීවීන් හෙවත් ද්විප්‍රස්තරයින් අඩංගු වන වංශය
81
නිඩාරියාවන් සඳහා උදාහරණ මොනවා ද?
- ලොඩියා - මුහුදු මල - හයිඩ්‍රා - කොරල් බුහුබාවන්
82
ද්විප්‍රස්තරයින් ලෙස හැඳින්වෙන්නේ කුමන ජීවීන් ද?
දේහය සෛල ප්‍රස්‍තර දෙකකින් ගොඩනැගී ඇති ජීවීන් -*නිඩාරියාවන්*
83
නිඩාරියාවන්ගේ ලක්ෂණ මොනවා ද?
- ජලජ වාසීන් ය. වැඩි පිරිසක් කරදියෙහිත්, සුළුතරයක් මිරිදියෙහිත් වාසය කරයි - සෛල ප්‍රස්තර දෙකකින් යුත් බහු සෛලික දේහය නිසා **ද්විප්‍රස්තරයින්** ලෙස හැඳින්වේ - දේහයේ ආහාර මාර්ගය ලෙස ක්‍රියා කරන **සීලෝමාන්ත්‍රය** නම් කුහරයක් පවතී - **බුහුබා** සහ **මෙඩුසා** ලෙස ආකාර දෙකකි - දේහය අරීය සමමිතියක් දරයි - පහර දී කුඩා සතුන් අඩපණ කරගන්නා විලෝපීන්‍ ය. දංශක කෝෂ්ඨ දරයි - අංකුර සෑදීම මගින් අලිංගික ප්‍රජනනය සිදු කරයි - ලිංගික ප්‍රජනනය ද සිදු කරයි
84
සීලෝමය නම් දේහ කුහරය මුලින් ම විකසනය වූ සත්ත්ව වංශය කුමක් ද?
ඇනෙලිඩා වංශය
85
ඇනෙලිඩාවන්ගේ ගරීර බිත්තිය හා අන්ත්‍රය අතර ඇති තරලමය කුහරය කුමක් ද?
සීලෝමය
86
සීලෝමයේ කෘත්‍ය කුමක් ද?
දේහ චලනවල දී ආහාර මාර්ගයට බලපෑම් ඇති වීම වැළැක්වීම
87
ඇනෙලිඩා වංශයට අයත් වන්නේ කුමන සතුන් ද
සඛණ්ඩ පණුවන්
88
ඇනෙලිඩාවන්ගේ ලක්ෂණ මොනවා ද?
- තෙතමනය සහිත ගොඩබිම, මිරිදිය හා කරදිය පරිසරවල ජීවත් වේ - දේහය සෛල ප්‍රස්තර තුනකින් සෑදී ඇති නිසා **ත්‍රිප්‍රස්තරයින්** ලෙස හැඳින්වේ - සිහින් දිග පණු ආකාර දේහ දරයි - දේහය බාහිර සහ අභ්‍යන්තර වශයෙන් සමාන ලෙස ඛණ්ඩනය වී ඇත, මේ නිසා **සඛණ්ඩ පණුවන්** ලෙස හැඳින්වේ - දේහය ද්විපාර්ශ්වික සමමිතියක් දක්වයි - සීලෝමයක් දරයි - සමහර සතුන් ලිංගික ප්‍රජනනයෙත්, සමහර සතුන් අලිංගික ප්‍රජනනයෙත් යෙදෙයි
89
මොලුස්කා වංශයට අයත් වන්නේ කුමන සතුන් ද?
මෘදු දේහ දරන ත්‍රිප්‍රස්තරික සතුන්
90
මොලුස්කාවන් සඳහා උදාහරණ මොනවා ද?
- ගොලුබෙල්ලා - දැල්ලා - බූවල්ලා - දෙපියන් බෙල්ලා - අටපියල්ලා - හංගොල්ලා
91
මොලුස්කාවන්ගේ දේහය බෙදෙන ප්‍රධාන කොටස් තුන කුමක් ද?
1. හිස 2. පේශිමය පාදය 3. අන්තරංග ගොනුව
92
මොලුස්කාවන්ගේ ලක්ෂණ මොනවා ද?
- භෞමික, මිරිදිය හා කරදිය යන පරිසරවල වාසය කරයි - ත්‍රිප්‍රස්තරික මෘදු ජීවීන් වේ, මේ නිසා **මෘද්වංශීන්** ලෙස හැඳින්වේ - හිස, පේෂිමය පාදය සහ අන්තරංග ගොනුව ලෙස දේහය කොටස් තුනකින් යුක්ත වන අතර ඛණ්ඩනය වී නැත - ශ්ලේෂ්මලවලින් තෙත් වූ දේහාවරණයක් දරයි - ඇතැම් මොලුස්කාවන් CaCO3 වලින් සෑදුණ බාහිර හෝ අභ්‍යන්තර කවච දරයි. මෙම CaCO3 ප්‍රාවරණය මගින් ස්‍රාවය කරනු ලබයි - ද්විපාර්ශ්වික සමමිතියෙන් යුත් දේහ දරයි - සාමාන්‍යයෙන් ඒක ලිංගික වන අතර ලිංගික ප්‍රජනනය සිදු කරයි
93
ඇනිමාලියා රාජධානියේ වැඩි ම ජීවී විශේෂ ගණනක් අයත් වංශය කුමක් ද ?
ආත්‍රොපෝඩා වංශය *Contains nearly 75% of species of Animalia kingdom*
94
ආත්‍රොපෝඩා වංශයේ වැඩිම ජීවීන් සංඛ්‍යාවක් අයත් වන වර්ගය කුමක් ද?
කෘමීන්
95
**කෘමීන්** ලෙස සැලකෙන ජීවී විශේෂ ගණන කොපමණ ද?
950 000 ක් පමණ
96
මොලුස්කාවන් හැඳින්වෙන අනෙක් නම කුමක් ද?
මෘද්වංශීන්
97
ඇනෙලිඩාවන් හැඳින්වෙන අනෙක් නම කුමක් ද?
සඛණ්ඩ පණුවන්
98
ආත්‍රොපෝඩාවන්ගේ ලක්ෂණ මොනවා ද?
- භෞමික, කරදිය හා මිරිදිය පරිසරවල ජීවත් වෙයි - ත්‍රිපස්තරය, සීලෝමිකය - සන්ධි සහිත උපාංග දරයි. ඒ නිසා **සන්ධිපාදිකයින්** ලෙස හැඳින්වේ - දේහය මතුපිට ඇති **කයිටින් උච්චර්මය** දේහාවරණයක් ලෙස ක්‍රියා කරයි - දේහය ඛණ්ඩනය වී ඇත, ඛණ්ඩ එක් වී හිස, උරස ආදී ටැග්මා සෑදේ (*Tagmosis : In the ancestral arthropod, the body was made up of repeated segments, each with similar internal organs and appendages. One evolutionary trend is the grouping together of some segments into larger units, the tagmata. The evolutionary process of grouping is called tagmosis (or tagmatization))* - ඇතැම් විශේෂ පියාපත් දරයි - ද්වි පාර්ශ්වික සමමිතිය දරයි - ලිංගික ද්විරූපතාව පෙන්වන අතර ලිංගික ප්‍ර්‍රජනනය සිදු කරයි
99
එකයිනොඩර්මේටා වංශයට අයත් වන්නේ කුමන සතුන් ද?
**කෝඩේටා** වංශයට පරිණාමික බන්ධුතා පෙන්වන සතුන්
100
එකයිනොඩර්මේටාවන්ගේ ලක්ෂණ මොනවා ද?
- කරදිය පරිසරවල පමණක් ජීවත් වෙයි - ත්‍රිප්‍රස්තරික ය, සීලෝම දරයි - දේහය අරීය බාහු පහකට වෙන් ව පවතී - තියුණු කටු සහිත ආවරණයක් දරයි - තාරකා, සිලින්ඩරාකාර හෝ පුෂ්ප හැඩැති වේ - දේහය පුරා පැතිරුණු **ජල වාහිනී පද්ධතිය** නම් නාල පද්ධතියක් ඇත - සංචරණය සහ ශ්වසනය සඳහා **නාල පාද** ඇත - මොළයක්, හෘදයක් හෝ ඇස් නොදරයි - පංච අරීය සමමිතියක් පෙන්වයි - ලිංගික ද්විරූපතාවයෙන් යුක්ත වේ. ලිංගික ප්‍රජනනය සිදු කරයි
101
පෘෂ්ඨවංශීන් බෙදා ඇති කොටස් පහ කුමක් ද?
1. පිස්කේස් 2. ඇම්ෆිබියා 3. රෙප්ටීලියා 4. ආවේස් 5. මැමේලියා
102
පිස්කේස් කාණ්ඩයට අයත් වන්නේ කුමන සතුන් ද?
ජලයේ ජීවත් වීමට හොඳින් අනුවර්තනය වී ඇති මත්ස්‍යයින්
103
මත්ස්‍යයින්ගේ (පිස්කේස් වංශයේ) පොදු ලක්ෂණ මොනවා ද?
- අස්ථි ම ය හෝ කාටිලේජ ම ය අභ්‍යන්තර සැකිල්ලක් දරයි - ජලයේ ගමන් කිරීම පහසු වන ලෙස දේහය අනාකූල හැඩයක් ගනියි - දේහය කොරපොතුවලින් ආවරණය වී ඇත - පිහිනීම හා සංතුලනය සඳහා වරල් දරයි - ජලයේ කම්පන හඳුනාගත හැකි **අංශ රේඛා** පද්ධතියක් ඇත *(Have u seen those peripheral lines of dots on each side of fish's body?)* - හෘදය කුටීර දෙකකි. එය තනි කර්ණිකාවකින් හා තනි කෝෂිකාවකින් සමන්විත වේ - ශ්වසනය ජලක්ලෝම හෙවත් කරමල් මගින් සිදු කරයි - චලතාපී ය - ඇසිපිය නොමැති ඇස් ඇත
104
ඇම්ෆිබියා වංශයට අයත් වන්නේ කුමන සතුන් ද?
උභය ජීවීන්
105
**උභය ජීවීන්** ලෙස හැඳින්වෙන්නේ කුමන ජීවීන් ද?
ජීවන චක්‍රයේ අවධි සම්පූර්ණ කිරීම සඳහා ජලය අත්‍යවශ්‍ය වන සතුන්
106
උභය ජීවීන්ගේ ලක්ෂණ මොනවා ද?
- ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීම සඳහා ජලය අවශ්‍ය වේ - පූර්ණ රූපාන්තරණයක් සහිතය - ග්‍රන්ථි සහිත තුනී සෙවල ම ය සමක් දරයි, සමෙහි කොරපොතු නොපිහිටයි - සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි - හෘදය කුටීර තුනකි. කර්ණිකා දෙකක් සහ තනි කෝෂිකාවක් ඇත - ශ්වසනය පෙනහැලි, තෙත සම හා මුඛය මගින් සිදු කරයි - චලතාපී ය
107
රෙප්ටීලියා වංශයට අයත් වන්නේ කුමන සතුන් ද?
උරගයින්
108
ඇම්ෆිබියා වංශයට අයත් ජීවීන් සඳහා උදාහරණ මොනවා ද?
- ගෙම්බා - මැඩියා - සලමන්දරා - නූට්ටා - පණු ගෙම්බා
109
රෙප්ටීලියාවන්ගේ ලක්ෂණ මොනවා ද?
- භෞමික පරිසරයට ඉතා හොඳින් අනුවර්තනය වී ඇත - ග්‍රන්ථිවලින් තොර වියළි සමක් දරයි, සම කොරල සහිතයි - කර්ණිකා දෙකක් සහ අසම්පූර්ණ ලෙස බෙදුණු කෝෂිකාවක් සහිත හෘදයක් ඇත - ශ්වසනය පෙනහැලි මගින් සිදු කරයි - චලතාපී සතුන් ය - **අභ්‍යන්තර සංසේචනය** සිදු කරයි
110
ආවේස් වංශයට අයත් වන්නේ කුමන සතුන් ද?
පක්ෂීන්
111
රෙප්ටීලියා වංශයට අයත් සතුන් සඳහා උදාහරණ මොනවා ද?
- ඉබ්බා - කැස්බෑවා - සර්පයින් - කටුස්සා - කබරගොයා - තලගොයා - කිඹුලා
112
ආවේස් වංශයට අයත් සතුන්ගේ ලක්ෂණ මොනවා ද?
- පියාසර කිරීම සඳහා හොඳින් අනුවර්තනය වී ඇත - සැහැල්ලු අස්ථිමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි - පිහාටුවලින් ආවරණය වූ සමක් දරයි, කොරල අපර ගාත්‍රාවලට සීමා වී ඇත - සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි, පූර්ව ගාත්‍රා පියාපත් බවට පත් වී ඇත - ඇසිපිය සහිත, තියුණු දෘෂ්ටියක් සහිත ඇස් දරයි - මුඛයේ දත් නැත, ආහාර රටාවට ගැළපෙන ලෙස සැකසුණු හොටයක් ඇත - හෘදය කර්ණිකා දෙකක් සහ කෝෂිකා දෙකක් ලෙස වූ කුටීර හතරකින් යුක්ත ය - අචලතාපී ය
113
මැමේලියා වංශයට අයත් වනුයේ කුමන සතුන් ද?
ක්ෂීරපායීන්
114
ක්ෂීරපායීන්ගේ ලක්ෂණ මොනවා ද?
- රෝමවලින් ආවරණය වූ සමක් ඇත, රෝම සමෙහි ඇති කූප තුළ ගිලී පවතී - ස්තන ග්‍රන්ථි, ශ්වේද ග්‍රන්ථි සහ ස්නේහස්‍රාවී ග්‍රන්ථි පිහිටයි - බාහිර කන් පෙති දරයි - කර්ණිකා දෙකක් සහ කෝෂිකා දෙකක් ලෙස හෘදය කුටීර හතරකි - සම්පූර්ණ ද්විත්ව සංසරණක් සිදු වේ - **න්‍යෂ්ටි රහිත ද්වි-අවතල** රතු රුධිරාණු දරයි - අචලතාපී ය - දේහයෙන් බාහිර වෘෂණ කෝෂ පිහිටයි - අභ්‍යන්තර සංසේචනය සිදු වේ - කලල පටල විකසනය සිදු වේ, **කලල බන්ධයක්** සහිත ය
115
ජීවීන් නාමකරණය සඳහා **ද්විපද නාමකරණය** ඉදිරිපත් කරන ලද්දේ කවු ද?
ස්වීඩන් ජාතික ස්වභාවික විද්‍යාඥයෙක් වූ **කැරොලස් ලීනියස්** විසින් *ක්‍රි.ව. 1753 දී*
116
ද්විපද නාමකරණය අනුව ජීවියෙකු නම් කිරීමේ ක්‍රියාවලිය නියාමනය කරන ආයතන දෙක කුමක් ද?
- ICBN - ICZN
117
ද්විපද නාමකරණයේ එන සම්මතයන් මොනවා ද?
- ජීවී විශේෂයක විද්‍යාත්මක නාමය පද දෙකකින් සමන්විත වේ - පළමු පදය **ගණ නාමය** ලෙසත් දෙවන පදය **සුළු නාමය** හෙවත් **විශේෂණ පදය** ලෙසත් හැඳින්වේ - ජීව විද්‍යාතමක නාමය ඉංග්‍රීසි හෝ ලතින් භාෂාවෙන් යෙදෙයි - ජීව විද්‍යාත්මක නාමය ඉංග්‍රීසි අක්ෂරවලින් ලියා දක්වයි - ගණ නාමයේ මුල් අකුර කැපිටල් අකුරින් හා අනෙක් අකුරු සියල්ල සිම්පල් අකුරින් ද ලිවිය යුතු ය - නාමය අත් අකුරින් ලියන විට පද දෙකට යටින් ඉරි ඇඳිය යුතු අතර මුද්‍රණය කරන්නේ නම් ඇල අකුරින් මුද්‍රණය කළ යුතු ය
118
එකයිනොඩර්මේටාවන් සඳහා උදාහරණ මොනවා ද?
- පසැඟිල්ලා - භංගුර පසැඟිල්ලා - ඉකිරියා - මුහුදු කැකිරි - මුහුදු ලිලී
119
ආත්‍රොපෝඩාවන් සඳහා උදාහරණ මොනවා ද?
- සමනලයා - මී මැස්සා - පළඟැටියා - මදුරුවා - ගොනුස්සා - හැකරැල්ලා - පත්තෑයා - මකුළුවා - ඉස්සා - කකුළුවා - බෙලි ඇනයා
120
ඇනෙලිඩා වංශයට අයත් සතුන් සඳහා උදාහරණ මොනවා ද?
- ගැඩවිලා - කූඩැල්ලා - පත්තෑ පණුවා
121
මැමේලියා වංශයට අයත් සතුන් සඳහා උදාහරණ මොනවා ද?
- උණහපුළුවා - වඳුරා - ඔරංඔටන් - ගෝරිල්ලා - චිමොපන්සියා - වවුලා - මිනිසා - ඩොල්ෆින්