05 Continuity of Organisms Flashcards
ප්‍රජනනය යනු කුමක් ද?
එක් ජීවී පරම්පරාවකින් නව ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය
ජීවීන්ගේ ප්‍රජනනය සිදුවන ආකාර දෙක කුමක් ද?
- අලිංගික ප්‍රජනනය
- ලිංගික ප්‍රජනනය
අලිංගික ප්‍රජනනය යනු කුමක් ද?
පරිණත ජීවියෙකුගේ ඇති බීජාණු හෝ වර්ධක කොටස් මගින් නව ජීවියෙකු ඇති වීම
ලිංගික ප්‍රජනනය යනු කුමක් ද?
ලිංගික ප්‍රජනක ව්‍යුහ මගින් නිපදවනු ලබන ජන්මාණු සංයෝජනය සිදුවන ප්‍රජනන ක්‍රියාවලිය
ශාකවල ලිංගික ප්‍රජනක ව්‍යුහය කුමක් ද?
පුෂ්පය
ලිංගික හා අලිංගික ප්‍රජනනය අතර ඇති වෙනස්කම් මොනවා ද?
- අලිංගික ප්‍රජනනය සඳහා තනි මාතෘ ජීවියෙකු පමණක් දායක වේ
- ලිංගික ප්‍රජනනය සඳහා මාතෘ හා පීතෘ ලෙස ජීවීන් දෙදෙනෙකු දායක වේ
- අලිංගික ප්‍රජනනයෙන් මාතෘ ජීවියාට බොහෝ දුරට සමාන දුහිතෘ ජීවීන් බිහි වේ
- ලිංගික ප්‍රජනනයෙන් මාතෘ හා පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන් බිහි වේ
- අලිංගික ප්‍රජනනයේ දී ජන්මාණු නිපදවීමක් සිදු නො වන අතර, ලිංගික ප්‍රජනනයේ දී ජන්මාණු නිපදවයි
- අලිංගික ප්‍රජනනයේ දී ඌනන විභාජනය සිදු නො වන අතර ලිංගික ප්‍රජනනයේ දී ඌනන විභාජනය සිදු වේ
- අලිංගික ප්‍රජනනයෙන් නව ජීවී විශේෂ ඇති නො වන අතර, ලිංගික ප්‍රජනනයෙන් පරිසරයට උචිත නව ලක්ෂණ දරන නව විශේෂ ඇති විය හැකි ය
- අලිංගික ප්‍රජනනය මගින් විශාල ජනිතයන් ප්‍රමාණයක් කෙටි කලකින් බිහි කළ හැකි ය
- ලිංගික ප්‍රජනනයේ දී ජනිතයින් සංඛ්‍යාව වැඩි වන්නේ ඉතා සෙමිනි
- අලිංගික ප්‍රජනනය ශාකවල සහ පරිණාමික ව නොදියුණු සතුන් අතර දැකිය හැකි ය
- ලිංගික ප්‍රජනනය ශාකවල මෙන් ම පරිණාමික ව දියුණු සත්ත්වයන් තුළ දැකිය හැකි ය
ශාක ප්‍රජනනය කරන ක්‍රම දෙක කුමක් ද?
- අලිංගික ප්‍රජනනය
- ලිංගික ප්‍රජනනය
ශාකවල සිදුවන අලිංගික ප්‍රජනනය සඳහා උදාහරණයක් දෙන්න
වර්ධක ප්‍රජනනය
වර්ධක ප්‍රජනනය යනු කුමක් ද?
ශාකයක භූගත හෝ වායව කොටස් මගින් නව ශාක බිහි කර ගැනීමේ ක්‍රියාවලිය
වර්ධක ප්‍රචාරණයේ ආකාර දෙක කුමක් ද?
- ස්වාභාවික වර්ධක ප්‍රචාරණය
- කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය
ස්වාභාවික වර්ධක ප්‍රචාරණය යනු කුමක් ද?
ශාකයක භූගත ව හෝ වායව ලෙස පිහිටන කොටස් මගින් ස්වාභාවික ව නව ශාක බිහි කිරීම
ශාකවල විවිධ වර්ධක කොටස් නම් කරන්න
- මුල්
- පත්‍ර
- මොටියන්
- ධාවක
- බල්බිල
- භූගත කඳන්
මොටියන් ලෙස හැඳින්වෙන්නේ මොනවා ද?
පස තුළ ගිළුණු කඳේ පාදිය පෙදෙසින් හරස් අතට හට ගන්නා කුඩා පැළ
ධාවක ලෙස හැඳින්වෙන ශාක වර්ධක කොටස කුමක් ද?
පොළොවට සමාන්තර ව හා පොළොවට සම්බන්ධ ව පස මතුපිට ගමන් කරන ශාක කඳන්
බල්බිල යනු කුමක් ද?
වර්ධක අංකුරයක් හෝ පුෂ්ප අංකුරයක් විකරණය වීමෙන් තැනෙන විශේෂ ප්‍රජනක ව්‍යුහ
භූගත කඳන් යනු මොනවා ද?
ශාකවල පොළොව තුළ හට ගන්නා කඳන් quite obviously🤣
භූගත කඳන්වල කෘත්‍ය කුමක් ද?
- ආහාර සංචිත කිරීම
- අහිතකර කාල තරණය කිරීම
- වර්ධක ප්‍රජනනය
බාහිර ලක්ෂණ අනුව භූගත කඳන් බෙදෙන වර්ග මොනවා ද?
- රයිසෝමය
- කෝමය
- බල්බය
- ස්කන්ධ ආකන්දය
මුල් මගින් වර්ධක ප්‍රජනනය සිදු කරන ශාක සඳහා උදාහරණ මොනවා ද?
- බෙලි
- කරපිංචා
- පේර
- රටදෙල්
පත්‍ර යොදා ගෙන වර්ධක ප්‍රජනනය සිදු කරන ශාක සඳහා උදාහරණ මොනවා ද?
- අක්කපාන
- බිගෝනියා
- කඩුපුල්
මොටියන් මගින් වර්ධක ප්‍රජනනයේ යෙදෙන ශාක වර්ග සඳහා උදාහරණ මොනවා ද?
- ගොයම්
- කෙසෙල්
- අන්නාසි
- කලාඳුරු
- හුලංකීරිය
- කපුරු
ධාවක මගින් වර්ධක ප්‍රජනනයේ යෙදෙන ශාක සඳහා නිදසුන් මොනවා ද?
- ගොටුකොළ
- බතල
- මහා රාවණා රැවුල
බල්බිල මගින් නව ජීවීන් බිහි කරන ශාක වර්ග මොනවා ද?
- අන්නාසි
- හණ
- හොඬල
රයිසෝම මගින් වර්ධක ප්‍රජනනයේ යෙදෙන ශාක සඳහා උදාහරණ මොනවා ද?
- ඉඟුරු
- කහ
- බුත්සරණ
- අරත්ත