05. ප්‍රකාශ විද්‍යාව Flashcards

(79 cards)

1
Q

ආලෝක කිරණ සමූහයක් හැඳින්වෙන නම කුමක් ද?

A

ආලෝක කදම්බයක්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

පරාවර්තනය යනු කුමක් ද?

A

තල දර්පණයක පෘෂ්ඨය මත පතිත වන ආලෝක කිරණ ආපසු හැරී ගමන් කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

පතන කෝණය යනු කුමක් ද?

A

අභිලම්බය සහ පතන කිරණය අතර කෝණය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

අභිලම්බය යනු කුමක් ද?

A

පතන ලක්ෂ්‍යයේ දී දර්පණයට අභිලම්බව අඳින ලද මනඃකල්පිත රේඛාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

පරාවර්තන කෝණය යනු කුමක් ද?

A

පරාවර්තන කිරණය සහ අභිලම්බය අතර රේඛාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

පතන කෝණය දක්වනු ලබන සංකේතය කුමක් ද?

A

i

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

පරාවර්තන කෝණය දක්වනු ලබන සංකේතය කුමක් ද?

A

r

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

පරාවර්තන නියම ලියා දක්වන්න

A
  1. පතන කිරණයත්, පරාවර්තන කිරණයත්, පතන ලක්ෂ්‍යයේ දී පෘෂ්ඨයට ඇඳි අභිලම්බයත් එක ම තලයක පිහිටයි
  2. පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වේ
    (i = r)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

තල දර්පණවලින් ලැබෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ මොනවා ද?

A
  • අතාත්වික ය
  • වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන වේ
  • පාර්ශ්වික අපවර්තනය වේ
  • උඩුකුරු ය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

වක්‍ර දර්පණ යනු මොනවා ද?

A

පරාවර්තන පෘෂ්ඨය වක්‍ර ව පිහිටි දර්පණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ගෝලීය දර්පණ යනු මොනවා ද?

A

වක්‍ර පෘෂ්ඨය ගෝලයක කොටසක් වන වක්‍ර දර්පණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

වක්‍ර දර්පණ වර්ග දෙක නම් කරන්න

A
  1. අවතල දර්පණ
  2. උත්තල දර්පණ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

වක්‍රතා කේන්ද්‍රය යනු කුමක් ද?

A

ගෝලීය දර්පණය අයත්වන ගෝලයේ කේන්ද්‍රය (C)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

වක්‍රතා කේන්ද්‍රය දක්වන සංකේතය කුමක් ද?

A

C

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

වක්‍ර දර්පණයක ධ්‍රැවය යනු කුමක් ද?

A

වක්‍ර දර්පණයක විවරයේ හරි මැද ලක්ෂ්‍යය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

වක්‍ර දර්පණයක ධ්‍රැවය දක්වනු ලබන සංකේතය කුමක් ද?

A

P

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

වක්‍ර දර්පණයක ප්‍රධාන අක්ෂය යනු කුමක් ද?

A

ධ්‍රැවය සහ වක්‍රතා කේන්ද්‍රය යා කළ විට ලැබෙන රේඛාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

ගෝලීය දර්පණයක නාභිය යනු කුමක් ද

A

ගෝලීය දර්පණයේ මධ්‍ය ලක්ෂ්‍යයට සමාන්තර ව එන ආලෝක කිරණ නාභිගත වන ස්ථානය
ධ්‍රැවයේ සිට වක්‍රතා කේන්ද්‍රයට ඇති දුරෙන් භාගයකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

නාභීය දුර යනු කුමක් ද?

A

ධ්‍රැවයත් නාභියත් අතර ඇති දුර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

නාභීය දුර දක්වනු ලබන සංකේතය කුමක් ද?

A

f

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

වක්‍රතා අරය යනු කුමක් ද?

A

ධ්‍රැවයේ සිට වක්‍රතා කේන්ද්‍රයට ඇති දුර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

වක්‍රතා අරය දක්වනු ලබන සංකේතය කුමක් ද?

A

r

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

අවතල දර්පණවලින් සිදුවන පරාවර්තනය ලියන්න

A
  1. ප්‍රධාන අක්ෂය දිගේ පැමිණෙන කිරණ පරාවර්තනය වී එම අක්ෂය දිගේ ම ගමන් කරයි
  2. ප්‍රධාන අක්ෂයට සමාන්තර ව පැමිණෙන කිරණ පරාවර්තනය වී නාභිය හරහා යයි
  3. නාභිය හරහා පැමිණෙන කිරණ පරාවර්තනය වී ප්‍රධාන අක්ෂයට සමාන්තර ව ගමන් කරයි
  4. වක්‍රතා කේන්ද්‍රය හරහා පැමිණෙන කිරණ ඒ හරහා ම පරාවර්තනය වී යයි
  5. ප්‍රධාන අක්ෂයට යම් කෝණයකින් ආනත ව ධ්‍රැවය වෙත පැමිණෙන කිරණ එම කෝණයට සමාන කෝණයකින් යුතු ව පරාවර්තනය වේ
    i=r
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

අවතල දර්පණයක නාභිය හා දර්පණය අතර වස්තුව තබා ඇති විට ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවා ද?

A
  • අතාත්වික ය
  • උඩුකුරු ය
  • වස්තුවට වඩා විශාල ය
    (රැවුල කැපීමේ දී මුහුණ බැලීම සඳහා යොදා ගනියි)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
**අවතල දර්පණයක** නාභිය මත වස්තුව තබා ඇති විට ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවා ද?
- ප්‍රතිබිම්බය අනන්තයේ සෑදේ. *(කිරණ දෙක අනන්තයේ දී හමු වේ නම් එම ප්‍රතිබිම්බය **යටිකුරු, ඉතා විශාල** ප්‍රතිබිම්බයක් වේ)*
26
**අවතල දර්පණයක** වක්‍රතා කේන්ද්‍රය සහ නාභිය අතර වස්තුව තබා ඇති විට ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවා ද?
- තාත්වික ය - යටිකුරු ය - වස්තුවට වඩා විශාල ය
27
**අවතල දර්පණයක** වක්‍රතා කේන්ද්‍රය මත වස්තුව තබා ඇති විට ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවා ද?
- තාත්වික ය - යටිකුරු ය - වස්තුවේ උසට සමාන ය
28
**අවතල දර්පණයක** වක්‍රතා කේන්ද්‍රයට වඩා ඈතින් වස්තුව තබා ඇති විට ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවා ද?
- තාත්වික ය - යටිකුරු ය - වස්තුවට වඩා කුඩා ය
29
**අවතල දර්පණයකට** ඉතා ඈති වස්තුව තබා ඇති විට ලැබෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවා ද?
- තාත්වික ය - යටිකුරු ය - ඉතා කුඩා වේ *(නාභිය මත ප්‍රතිබිම්බය ඇති වේ)*
30
**උත්තල දර්පණවලින්** සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ මොනවා ද?
- අතාත්වික ය - උඩුකුරු ය - වස්තුවට වඩා කුඩා ය
31
**ආලෝකයේ වර්තනය** යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?
**ආලෝක කිරණ එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යකට ඇතුළු වීමේ දී නැමී ගමන් කිරීම**
32
**ආලෝකය වර්තනය** වීම සඳහා හේතුව කුමක් ද?
ආලෝකය ගමන් කරන වේගය මාධ්‍යයෙන් මාධ්‍යයට වෙනස් වීම
33
ආලෝක වර්තන මාධ්‍යය සැලකීමේ දී **ගහනතර මාධ්‍යය** ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
ආලෝකයේ වේගය අඩු මාධ්‍යය
34
ආලෝක වර්තන මාධ්‍යය සැලකීමේ දී **විරලතර මාධ්‍යය** ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
ආලෝකයේ වේගය වැඩි මාධ්‍යය
35
වර්තනය වීමට පෙර වර්තන පෘෂ්ඨයට පතනය වන කිරණය හැඳින්වෙන නම කුමක් ද?
පතන කිරණය
36
වර්තනය වීමේ දී **පතන කෝණය** ලෙස සැලකෙන්නේ කුමක් ද?
පතන කිරණය සහ ආලෝක කිරණය වර්තනය වන පෘෂ්ඨයට අඳින ලද ලම්බකය අතර ඇති කෝණය
37
වර්තන කිරණය සහ අභිලම්බය අතර ඇති කෝණය හඳුන්වන නම කුමක් ද?
වර්තන කෝණය (r)
38
**වර්තන කෝණය** යනු කුමක් ද?
වර්තන කිරණයත්, අභිලම්බයත් අතර ඇති කෝණය
39
**වර්තන කෝණය** නිරූපණය කිරීම සඳහා යොදා ගන්නා සංකේතය කුමක් ද?
r
40
ආලෝක කිරණයක් වර්තන මාධ්‍ය තුළට ඇතුළු වී නැවත ඉන් පිට වී යාම හැඳින්වෙන නම කුමක් ද?
නිර්ගමනය
41
නිර්ගමනය වන කිරණය හැඳින්වෙන නම කුමක් ද?
නිර්ගත කිරණය
42
නිර්ගත කෝණය නිරූපණය කිරීම සඳහා යොදා ගන්නා සංකේතය කුමක් ද?
e
43
**නිර්ගත කෝණය** යනු කුමක් ද?
නිර්ගත කිරණය සහ නිර්ගත ලක්ෂ්‍යයේ දී වර්තන පෘෂ්ඨයට අඳින ලද අභිලම්බය අතර කෝණය
44
ආලෝකය විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට වර්තනය වන දිශාව කුමක් ද?
අභිලම්බය දිශාවට
45
ආලෝකය ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට වර්තනය වන දිශාව කුමක් ද?
අභිලම්බයෙන් ඉවතට
46
**වර්තන නියම** ලියා දක්වන්න
1. පතන කිරණය, වර්තන කිරණය සහ පතන ලක්ෂ්‍යයේ දී පෘෂ්ඨයට ඇඳි අභිලම්බය එක ම තලයක පිහිටයි 2. ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට වර්තනය වීමේ දී පතන කෝණයේ සයිනයත්, වර්තන කෝණයේ සයිනයත් අතර අනුපාතය එම මාධ්‍ය දෙක අතර රඳා පවතින නියතයකි
47
**වර්තනාංකය** යනු කුමක් ද?
යම් මාධ්‍ය දෙකක් අතර පතන කෝණයේ සයිනයත්, වර්තන කෝණයේ සයිනයත් අතර අනුපාතය පළමු මාධ්‍යයට සාපේක්ෂ ව දෙවන මාධ්‍යයේ වර්තනාංකය ලෙස හැඳින්වේ
48
වර්තනාංකය දක්වනු ලබන සංකේතය කුමක් ද?
n
49
**ස්නෙල්ගේ නියමය** යනු කුමක් ද?
- වර්තන නියමයන්ගේ දෙවන නියමය - එක් මාධ්‍යයකට සාපේක්ෂ ව අනෙක් මාධ්‍යයේ වර්තනාංකය එම මාධ්‍ය දෙක අතර පවතින නියතයක් බව
50
**වර්තනාංකය** සොයන ආකාරය ලියා දක්වන්න
වර්තනාංකය = සයින් i / සයින් r
51
වාතයේ සිට වීදුරු තුළට ගමන් කරන ආලෝක කිරණයක් සඳහා වර්තනාංකය ලියා දක්වන්නේ කෙසේ ද?
ang
52
වාතයට සාපේක්ෂ ව වීදුරුවල වර්තනාංකය ලියන්න
ang = 1.5
53
වාතයට සාපේක්ෂව ජලයේ වර්තනාංකය ලියන්න
anw = 1.33
54
**මාධ්‍යයේ වර්තනාංකය** යනු කුමක් ද?
රික්තකයක සිට යම් මාධ්‍යයකට ඇතුළු වීමේ දී ඇතිවන වර්තනාංකය
55
රික්තකය වෙනුවට මාධ්‍යක වාතයට සාපේක්ෂ වර්තනාංකය මාධ්‍යයේ වර්තනාංකය ලෙස භාවිත කරන්නේ ඇයි?
- රික්තකය සහ වාතය අතර ආලෝක ප්‍රවේග වෙනස ඉතා කුඩා වීම - රික්තකයකට සාපේක්ෂ ව යම් මාධ්‍යක වර්තනාංක පිළිබඳ මිනුම් ලබා ගැනීම ප්‍රායෝගික ව අපහසු වීම
56
**අවධි කෝණය** යනු කුමක් ද?
වර්තන කෝණය 90° ක් වන විට ගහනතර මාධ්‍ය තුළ පවතින පතන කෝණය
57
**පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය** යනු කුමක් ද?
පතන කෝණය අවධි කෝණයට වඩා වැඩි කළ විට ආලෝක කිරණය ගහනතර මාධ්‍ය තුළට ම පරාවර්තනය වීම
58
ප්‍රකාශ තන්තුවල යෙදීම් මොනවා ද?
- එන්ඩස්කෝප් උප්කරණය - දුරකථන සහ අන්තර්ජාල සබඳතා - සැරසිලි
59
**ප්‍රකාශ තන්තු** යනු මොනවා ද?
වීදුරු හෝ ප්ලාස්ටික්වලින් සාදන ලද සුනම්‍ය, පාරදෘශ්‍ය කෙඳි විශේෂයකි
60
ජලයේ අවධි කෝණය කුමක් ද?
49°
61
වීදුරුවල අවධිකෝණය කුමක් ද?
42°
62
දියමන්තිවල අවධි කෝණය කුමක් ද?
24°
63
**කාචයක්** යනු කුමක් ද?
වීදුරු, ප්ලාස්ටික් හෝ වෙනත් පාරදෘශ්‍ය ද්‍රව්‍යයකින් සාදන ලද වක්‍ර පෘෂ්ඨ සහිත ප්‍රකාශ උපකරණයකි
64
**කාචයක්** මගින් සිදු කෙරෙන්නේ කුමක් ද?
වර්තනය මගින් එය තුළින් ගමන් කරන ආලෝක කිරණවල ගමන් මග වෙනස් කිරීම
65
පෘෂ්ඨ දෙක ම උත්තල වන කාච හඳුන්වන නම කුමක් ද?
ද්වි-උත්තල
66
පෘෂ්ඨ දෙක ම අවතල වන කාච හඳුන්වන නම කුමක් ද?
ද්වි-අවතල
67
එක් පැත්තක් පමණක් උත්තල වන කාච හඳුන්වන නම කුමක් ද?
තල-උත්තල
68
එක් පැත්තක් පමණක් අවතල වන කාච හඳුන්වන නම කුමක් ද?
තල-අවතල
69
කාචයක **ප්‍රධාන අක්ෂය** ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
කාචයේ මනඃකල්පිත කේන්ද්‍ර දෙක යා කරන රේඛාව
70
කාචයක **ප්‍රකාශ කේන්ද්‍රය** යනු කුමක් ද?
කාචය තුළ පෘෂ්ඨ දෙක අතර මධ්‍ය ලක්ෂ්‍යය
71
උත්තල කාචයකට අදාළ කිරණ සටහන් ලියා දක්වන්න
1. ප්‍රධාන අක්ෂය දිගේ එන කිරණ වර්තනය නොවී ගමන් කරයි. 2. ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණ වර්තනය නොවී ගමන් කරයි. 3. ප්‍රධාන අක්ෂයට සමාන්තර ව එන කිරණ නාභිය හරහා ගමන් කරයි. 4. නාභිය හරහා කාචයට ඇතුළු වන කිරණ ප්‍රධාන අක්ෂයට සමාන්තර ව ගමන් කරයි
72
**උත්තල කාචයක** නාභිය හා කාචය අතර වස්තුව තබා ඇති විට ප්‍රතිබිම්බය කෙබඳු ද?
- අතාත්වික ය - උඩුකුරු ය - වස්තුවට වඩා විශාල ය
73
**උත්තල කාචයක** නාභිය මත වස්තුව තබා ඇති විට ප්‍රතිබිම්බය කෙබඳු ද?
- අතාත්වික ය - ප්‍රතිබිම්බය අනන්තයෙහි සෑදෙයි
74
**උත්තල කාචයක** නාභිය හා නාභීය දුර මෙන් දෙගුණයක් දුර අතර වස්තුව තබා ඇති විට ප්‍රතිබිම්බය කෙබඳු ද?
- තාත්වික ය - යටිකුරු ය - විශාල ය
75
**උත්තල කාචයක** නාභීය දුර මෙන් දෙගුණයක් දුරින් වස්තුව තබා ඇති විට ප්‍රතිබිම්බය කෙබඳු ද?
- තාත්වික ය - යටිකුරු ය - වස්තුවේ ප්‍රමාණයට සමාන ය
76
**උත්තල කාචයක** නාභීය දුර මෙන් දෙගුණයකට වඩා දුරින් වස්තුව තබා ඇති විට ප්‍රතිබිම්බය කෙබඳු ද?
- තාත්වික ය - යටිකුරු ය - වස්තුවට වඩා කුඩා ය
77
**ආලෝක ප්‍රතිවර්ත්‍යතා මූලධර්මය** යනු කුමක් ද?
ප්‍රකාශ සිද්ධි (පරාවර්තන, වර්තන) කිහිපයකට භාජනය වෙමින් පැමිණෙන කිරණයක ගමන් මග ප්‍රතිවර්තය කළ විට එය පැමිණි මාර්ගය ඔස්සේ ම ආපසු ගමන් ගැනීම
78
**අවතල කාචයකට** අදාළ කිරණ සටහන් ලියා දක්වන්න
1. ප්‍රධාන අක්ෂය දිගේ යන ආලෝක කිරණ නොනැමී ගමන් කරයි 2. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන ආලෝක කිරණ නොනැමී ගමන් කරයි 3. ප්‍රධාන අක්ෂයට සමාන්තර ව එන කිරණ අපසරණය වෙයි
79
**අවතල කාචවලින්** සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ මොනවා ද?
- අතාත්වික ය - උඩුකුරු ය - කුඩා ය