කැටායන විශ්ලේෂණය Flashcards
(79 cards)
Ag⁺ ජලීය ද්‍රාවණයකට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එකතු කිරීම.
- ආලෝකය නිසා අඳුරු වන්නා වූ සුදු, කැටි ගැසුණු AgCl අවක්ෂේපය ලැබේ.
- මේ අවක්ෂේපය වැඩිපුර යෙදූ තනුක HNO₃ අම්ලයෙහි අද්‍රාව්‍යය.
- එහෙත් ඇමෝනියා හි ද්‍රාව්‍යය වේ.Ag⁺ + HCl → AgCl + H⁺AgCl + 2 NH₃ → [Ag.2NH₃]Cl
Ag⁺ ජලීය ද්‍රාවණ කොටසකට K₂CrO₄ එකතු කිරීම.
- රතු-දුඹුරු (ගඩොල් රතු පැහැති) Ag₂CrO₄ අවක්ෂේපය ලැබේ.
- මෙය තනුක HNO₃ අම්ලයෙහි ද්‍රාව්‍යය වේ.
- එහෙත් තනුක ඇසිටික් අම්ලයෙහි අද්‍රාව්‍ය ය.2 Ag⁺ + K₂CrO₄ → Ag₂CrO₄ + 2 K⁺
Ag⁺ ජලීය ද්‍රාවණ කොටසකට NaOH එකතු කිරීම.
- Ag₂O දුඹුරු පාට අවක්ෂේපය ලැබේ.
- ප්‍රතිකාරකය වැඩිපුර දැමිමෙන් අවක්ෂේපය ද්‍රවණය නොවේ.
- එහෙත් ඇමෝනියා වල ද්‍රවණය වේ.2 Ag⁺ + NaOH → Ag₂O + 2 Na⁺ + H₂OAg₂O + 4 NH₄OH → 2[Ag.2NH₃]OH + 3 H₂O
Hg₂²⁺ ද්‍රාවණ කොටසකට තනුක HCl (හෝ ද්‍රාව්‍ය අන් කවර හෝ ක්ලෝරයිඩයක්) එකතු කිරිම.
- ම’කියුරස් ක්ලෝරයිඩ් (Hg₂Cl₂) සුදු අවක්ෂේපය සෑදේ.
- මෙම අවක්ෂේපයට ඇමෝනියා එකතු කළ විට, ඉතා සියුම් ලෙස බෙදී තිබෙන රසදිය වලට වෙන්වීම නිසා එය කළු පැහැයක් ගනී.Hg₂²⁺ + 2 HCl → Hg₂Cl₂ + 2 H+Hg₂Cl₂ + 2 NH₃ → NH₂HgCl + Hg + NH₄Cl
Hg₂²⁺ ද්‍රාවණ කොටසකට NaOH එකතු කිරීම.
Hg₂O කළු අවක්ෂේපය ලැබේ.
Hg₂²⁺ + 2 NaOH → Hg₂O + 2 Na⁺ + H₂O
Hg₂²⁺ ද්‍රාවණ කොටසකට KI එකතු කිරීම.
- කොළ පාටට හුරු කහ පාට Hg₂I₂ අවක්ෂේපය ලැබේ.
- සිහින්ව බෙදුණු රසදිය ඇති කරවමින් වැඩිපුර KI හි ද්‍රවණය වේ.Hg₂²⁺ + 2 KI → Hg₂I₂ + 2 KNO₃Hg₂I₂ + 2 KI → K₂HgI₄ + Hg
Hg₂²⁺ ද්‍රාවණ කොටසකට SnCl₂ එකතු කිරීම.
- පළමුව Hg₂Cl₂ සුදු අවක්ෂේපය ලැබේ.
- SnCl₂ වැඩිපුර එකතු කළ විට මේ අවක්ෂේපය ඔක්සිහරණයට භාජනය වී ලෝහමය රසදිය ඇතිවීම නිසා කළු වෙයි.Hg₂²⁺ + SnCl₂ → Hg₂Cl₂ + Sn²⁺Hg₂²⁺ + SnCl₂ → 2 Hg + SnCl₄
Pb²⁺ ද්‍රාවණයකට තනුක HCl එකතු කිරීම.
- ඇමෝනියාවල අද්‍රාව්‍ය PbCl₂ සුදු අවක්ෂේපය සෑදේ.
- මෙම අවක්ෂේපය උණු දියෙහි ද්‍රවණය වී සිසිල් වන විට ඉඳිකටු වැනි ස්ඵටික යලිත් අවක්ෂේප වේ.Pb²⁺ + 2 HCl → PbCl₂ + 2 H⁺
Pb²⁺ ද්‍රාවණ කොටසකට H₂S බුබුළනය කිරීම.
- PbS කළු අවක්ෂේපය සෑදේ.
- එය උණු තනුක HNO₃ අම්ලයෙහි ද්‍රාව්‍යය වේ.
- එහෙත් සාන්ද්‍ර HNO₃ අම්ලයෙන් එය සුදු PbSO₄ බවට ඔක්සිකරණය වෙයි.
- ද්‍රාවණයෙහි වැඩිපුර HCl තිබේනම් පළමුව රතු (PbS.PbCl₂) ඇතිවේ.
- H₂S වැඩිපුර යැවූ විට මෙය කළු PbS බවට පත් වේ.Pb²⁺ + H₂S → PbS + 2 H⁺
Pb²⁺ ද්‍රාවණ කොටසකට තනුක H₂SO₄ එකතු කිරීම.
- PbSO₄ සුදු පාට අවක්ෂේපය සෑදේ.
- මෙය සාන්ද්‍ර ඇමෝනියම් ඇසිටේට් ද්‍රාවණයෙහි ද්‍රවණය වේ.Pb²⁺ + H₂SO₄ → PbSO₄ + 2 H⁺
Pb²⁺ ද්‍රාවණ කොටසකට KI එකතු කිරීම.
- PbI₂ කහ පාට අවක්ෂේපය ලැබේ.
- එය උණු ජලයෙහි ද්‍රාව්‍ය වේ
- සිසිල් වන විට රන්වන් කුඩක් සේ යලිත් වෙන් වෙයි.Pb²⁺ + 2 KI → PbI₂ + 2 K⁺
Pb²⁺ ද්‍රාවණ කොටසකට K₂CrO₄ එකතු කිරීම.
- PbCrO₄ කහපාට අවක්ෂේපය ලැබේ.
- මෙය ඇසිටික් අම්ලයෙහි අද්‍රාව්‍ය වේ.
- එහෙත් NaOH හි ද්‍රවණය වීමෙන් සෝඩියම් ප්ලම්බයිට් සෑදේ.Pb²⁺ + K₂CrO₄ → PbCrO₄ + 2 K⁺PbCrO₄ + 4 NaOH → Na₂PbO₄ + Na₂CrO₄ + 2 H₂O
Hg²⁺ ද්‍රාවණයට HCl අම්ලය එකතු කර H₂S වැඩිපුර යැවීම.
- HgS කළු අවක්ෂේපය ලැබේ.
- මෙය තනුක HNO₃ අම්ලයෙහි අද්‍රාව්‍ය ය.
- එහෙත් රාජ අම්ලයෙහි ද්‍රාව්‍ය ය.Hg²⁺ + H₂S → HgS + 2 HCl
- H₂S සෙමින් යැවුවහොත්, පළමුව HgCl₂.2 HgS සුදු අවක්ෂේපය සෑදේ. එය කහ පාට වී, දුඹුරු පාට වී, අන්තිමේදී කළු පාට වේ.
Hg²⁺ ද්‍රාවණ කොටසකට NaOH එකතු කිරීම.
- ද්‍රාවණය ශීතල නම් HgO කහ පාට අවක්ෂේපයද
- උණු නම් තැඹිලි පාටට හුරු කහපාට අවක්ෂේපයද ලැබේ.HgCl₂ + 2 NaOH → HgO + 2 NaCl + H₂O
Hg²⁺ ද්‍රාවණ කොටසකට KI එකතු කිරීම.
- පළමුව තද කහ පාටද පසුව ලේ රතු පාටද ඇති HgI₂ අවක්ෂේපය සෑදේ.
- පොටෑසියම් වැඩිපුර ඇති විට මේ අවක්ෂේපය ද්‍රවණය වීමෙන් K₂HgI₄ සෑදේ.HgCl₂ + 2 KI → HgI₂ + 2 KClHgI₂ + 2 KI → K₂HgI₄
Hg²⁺ ද්‍රාවණ කොටසකට SnCl₂ එකතු කිරීම.
පළමුව Hg₂Cl₂ සුදු අවක්ෂේපය ඇතිවී පසුව ලෝහමය රසදිය සෑදේ.
2 Hg²⁺ + SnCl₂ → Hg₂Cl₂ + Sn⁴⁺
Hg²⁺ ද්‍රාවණ කොටසකට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීම.
අවිලනීය සුදු අවක්ෂේපය නැමැති NH₄HgCl සුදු අවක්ෂේපය සෑදේ.
HgCl₂ + 2 NH₃ → NH₂HgCl + NH₄Cl
Bi³⁺ ද්‍රාවණ කොටසකට HCl එකතු කර H₂S බුබුළනය කිරීම.
Bi₂S₃ දුඹුරු පාටට හුරු කළු අවක්ෂේපය ලැබේ.
මෙය උණු තනුක නයිට්‍රික් අම්ලයෙහි ද්‍රාව්‍ය වේ.
එහෙත් ඇමෝනියම් සල්ෆයිඩ් හි අද්‍රාව්‍ය ය.
2 Bi³⁺ + 3 H₂S → Bi₂S₃ + 6 H⁺
Bi³⁺ ද්‍රාවණයකට HCl එකතු කර ඒ ද්‍රාවණය ජලය පිරි ලොකු පරීක්ෂා නළයකට වත් කිරීම.
බිස්මත් ඔක්සික්ලෝරයිඩ් සුදු අවක්ෂේපය ලැබේ.
මෙය HCl අම්ලයෙහි ද්‍රාව්‍ය එහෙත් ටාටරික් අම්ලයේ අද්‍රාව්‍ය වේ.
BiCl₂ + H₂O ⇌ BiOCl + 2 HCl
Bi³⁺ ද්‍රාවණ කොටසකට KI එකතු කිරීම.
BiI₂ දුඹුරු පාට අවක්ෂේපය ලැබේ.
KI වැඩිපුර එක්කල විට අවක්ෂේපය ද්‍රවණය වී KBiI₄ කහ ද්‍රාවණයක් ලබා දේ.
Bi³⁺ ද්‍රාවණ කොටසකට K₂CrO₄ එකතු කිරීම.
භාස්මික BiCrO₄ කහ පාට අවක්ෂේපය ලැබේ.
එය NaOH හි අද්‍රාව්‍ය ය.
එහෙත් තනුක HNO₃ අම්ලයෙහි ද්‍රාව්‍ය වේ.
Cd²⁺ ද්‍රාවණ කොටසකට HCl එකතුකොට H₂S යැවීම.
- CdS තද කහ අවක්ෂේපය ලැබේ.
- එය HCl අම්ලයෙහි ඉතා පහසුවෙන් ද්‍රවණය වෙයි.
- ඒ නිසා ද්‍රාවණය වැඩිපුර ආම්ලික නොවිය යුතුය.
- මේ අවක්ෂේපය තනුක HNO₃ අම්ලයේ ද්‍රාව්‍යයයි.
- එහෙත් NaOH හි සහ (NH₄)₂S හි අද්‍රාව්‍ය යයි.CdCl₂ + H₂S → CdS + 2 NH₄Cl
Cd²⁺ ද්‍රාවණ කොටසකට NH₄OH එකතු කිරීම.
එවිට සෑදෙන Cd(OH)₄ සුදු අවක්ෂේපය NH₄OH වැඩිපුර එකතුකළ විට පහසුවෙන් ද්‍රවණය වේ.
CdCl₄ + 2 NH₄OH → Cd(OH)₂ + 2 NH₄Cl
Cd²⁺ ද්‍රාවණ කොටසකට KCN එකතු කිරීම.
- Cd(CN)₂ සුදු අවක්ෂේපය ලැබේ.
- ඊට ප්‍රතිකාරකය වැඩිපුර එකතු කළ විට ද්‍රවණය වී K₂[Cd(CN)₆] සෑදේ.
- මෙම ද්‍රාවණයෙහි සෑහෙන පමණ Cd ඇති හෙයින් ඊට H₂S යැවූ විට කහ පාට CdS අවක්ෂේපය ලැබේ.K₂[Cd(CN)₆] + H₂S → CdS + 2 KCN + HCN