ඇනායන විශ්ලේෂණය 2 Flashcards

(56 cards)

1
Q

කාබනේට ලවණයකට තනුක අම්ලයක් එක් කිරීම.

A

CO₂ වායුව පිටවේ.

පිටවන වායුව හුණු දියර තුළට යැවූ විට හුණු දියර පළමුව කිරි පැහැ වී දෙවනුව අවර්ණ වීමෙන් එය CO₂ බව තහවුරු වේ.

CO₃²⁻ + 2 H+ → H₂O + CO₂

Ca(OH)₂ + CO₂ → CaCO₃ + H₂O

CaCO₃ + H₂O + CO₂ → Ca(HCO₃)₂

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

CO₃²⁻ ජලීය ද්‍රාවණයකට AgNO₃ ස්වල්පයක් යෙදීම.

A

මෙහිදී ලැබෙන AgCO₃ සුදු අවක්ෂේපය තනුක HNO₃ අම්ලයෙහි ද්‍රවණය වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

CO₃²⁻ ජලීය ද්‍රාවණයකට BaCl₂ (හෝ CaCl₂) එකතු කිරීම.

A

BaCO₃ (හෝ CaCO₃) සුදුපාට අවක්ෂේපය ලැබේ.

තනුක HNO₃ අම්ලයෙහි ඉතා පහසුවෙන් ද්‍රාව්‍ය වේ.

Na₂CO₃ + BaCl₂ → BaCO₃ + 2 NaCl

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

CO₃²⁻ ජලීය ද්‍රාවණයකට MgSO4 ද්‍රාවණයක් යෙදීම.

A

MgCO₃ සුදු අවක්ෂේපය වහාම ඇතිවේ.

Mg(HCO₃)₂ ද්‍රාව්‍ය හෙයින් සිසිලේදී බයිකාබනේට් වලින් අවක්ෂේප නොසෑදේ. එහෙත් නැටවූ විට MgCO₃ සුදු අවක්ෂේපය ලැබේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

N³⁻ අඩංගු ලවණයකට ජලය එක් කිරීම.

A

පරීක්ෂා නළයේ කට අසලට නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පෙඟවූ පෙරහන් කඩදාසියක් ඇල්ලූ විට එය කහ-දුඹුරු පාට වීමෙන් ඇමෝනියා වායුව පිටවන බව පෙනේ.

N³⁻ + 3 H₂O → 3 OH⁻ + NH₃

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

NO₂⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට තනුක HCl හෝ තනුක H₂SO₄ එක් කිරීම.

A

දුඹුරුපාට NO₂ නිදහස් වේ.

NO₂⁻ + HCl → HNO₂ + Cl⁻

NO₂⁻ + H₂SO₄ → HSO₄⁻ + HNO₂

3 HNO₂ → HNO₃ + 2NO + H₂O

2 NO + O₂ → 2 NO₂

තනුක අම්ලයක් එක්කලවිට වායුවක් පිටකරන එකම ඇනායනය NO₂⁻ පමණි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

NO₂⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට KI එක්කර ආම්ලීකරණය කිරීම.

A

දුඹුරුපාට I₂ නිදහස් වේ.

2 I⁻ + 2 NO₂⁻ + 4 H⁺ → 2 NO + I₂ + H₂O

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

NO₂⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට අලුත සාදන ලද FeSO₄ එකතුකර ඉතා තනුක H₂SO₄ හෝ CH₃COOH එක් කිරීම.

A

නළයෙහි මැද කොටසෙහි දුඹුරු වලයක් සෑදේ.

H⁺ + NO₂⁻ → HNO₂

3 HNO₂ → H₂O + HNO₃ + 2 NO

NO + Fe²⁺ → [FeNO]²⁺

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

NO₂⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට Al කුඩු දමා NaOH එක් කර රත් කිරීම.

A

NH₃ වායුව පිටවේ.

NO₂⁻ + OH- + 2 Al + 5 H₂O → NH₃ + 2 Al(OH)₄⁻

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

NO₂⁻ ජලීය ද්‍රාවණයකට ආම්ලික KMnO₄ එක් කිරීම.

A

ආම්ලික KMnO₄ වල දම් පැහැය අවර්ණ කරයි.

MnO₄⁻ + NO₂⁻ + H+ → Mn²⁺ + NO₃⁻ + H₂O

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

NO₂⁻ ජලීය ද්‍රාවණයකට ආම්ලික K₂Cr₂O₇ එක් කිරීම.

A

ආම්ලික K₂Cr₂O₇ වල තැඹිලි පැහැය කොළ පාටට හරවයි.

Cr₂O₇²⁻ + H⁺ + NO₂⁻ → Cr³⁺ + NO₃⁻ + H₂O

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

NO₃⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට Al කුඩු හෝ Zn කුඩු (හෝ Devarda මිශ්‍ර ලෝහය) එක් කිරීම.

A

NH₃ වායුව පිටවේ.

3 NO₃⁻ + 5 OH- + 8 Al + 2 H₂O → 8 AlO₂⁻ + 3 NH₃

NO₃⁻ + OH- + Zn + H₂O → ZnO₂⁻ + NH₃ + H₂O

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ඝන නයිට්‍රේටයකට අලුත සෑදූ FeSO₄ එක්කල විට ඵලය වශයෙන් ලැබෙන ද්‍රාවණයට නළයේ බිත්ති දිගේ සාන්ද්‍ර H₂SO₄ එකතු කිරීම.

A

NO₃⁻ + සාන්ද්‍ර H₂SO₄ → HNO₃ + HSO₄⁻

HNO₃ + Fe²⁺ → Fe³⁺ + NO + 2 H₂O

FeSO₄ + NO → Fe[NO]SO₄

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

NO₃⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට සාන්ද්‍ර H₂SO₄ එක්කිරීම.

A

දුඹුරු පාට NO₂ නිදහස් වේ.

NO₃⁻ + H₂SO₄ → HNO₃ + HSO₄⁻

4 HNO₃ → 4 NO₂ + O₂ + 2 H₂O

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

NO₃⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට Cu කුඩු හා සාන්ද්‍ර H₂SO₄ එක් කිරීම.

A

දුඹුරු පාට NO₂ පිටවේ.

NO₃⁻ + H₂SO₄ → HNO₃ + HSO₄⁻

HNO₃ + Cu → Cu(NO₃)₂ + NO₂ + 2 H₂O

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

PO₄³⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට AgNO₃ ස්වල්පයක් එකතු කිරීම.

A

කහ පැහැති අවක්ෂේපයක් ලැබේ.

PO₄³⁻ + 3 AgNO₃ → Ag₃PO₄ + 3 NO₃⁻

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

PO₄³⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට FeCl₃ ද්‍රාවණයක් එක් කිරීම.

A

කහ පැහැයට හුරු සුදු අවක්ෂේපයක් ලැබේ.

PO₄³⁻ + FeCl₃ → FePO₄ + 3 Cl⁻

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

PO₄³⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට HNO₃ අම්ලය බිංදු කිහිපයක් දමා ඉන් පසුව ඇමෝනියම් මොලිබ්ඩේට් එක් කිරීම.

A

දීප්තිමත් කහ අවක්ෂේපයක් ලැබේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

PO₄³⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට BaCl₂ එක් කිරීම.

A

සුදු පාට අවක්ෂේපයක් ලබාදෙන අතර එය තනුක HCl තුළ දියවේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

S²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට H₂SO₄ අම්ලය එකතු කිරීම.

A

මෙහිදී පිටවන අප්‍රසන්න ගන්ධයෙන් යුත් වායුවට ලෙඩ් ඇසිටේට් හෝ ලෙඩ් නයිට්‍රේට් පෙඟවූ පෙරහන් කඩදාසියක් ඇල්ලූ විට එය කළු පැහැති වේ.

S²⁻ + තනුක H₂SO₄ → SO₄²⁻ + H₂S

H₂S + (CH₃COO)₂Pb → PbS + 2 CH₃COOH

H₂S + Pb(NO₃)₂ → PbS + 2 HNO₃

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

S²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට AgNO₃ ද්‍රාවණයකින් ස්වල්පයක් එක් කිරීම.

A

කළු අවක්ෂේපයක් සෑදේ.

S²⁻ + 2 AgNO₃ → Ag₂S + 2NO₃⁻

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

S²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට NaOH බිංදු කිහිපයක් එකතු කර ඊට අලුත සෑදූ තනුක සෝඩියම් නයිට්‍රොප්‍රසයිඩ් ද්‍රාවණය එකතු කිරීම.

A

දම් පාට ද්‍රාවණයක් ඇතිවේ.

S²⁻ + Na₂[Fe(CN)₅NO] → Na₂[Fe(CN)₅NOS]²⁻

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

S²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට BaCl₂ එකතු කිරීම.

A

නිරීක්ෂණයක් නැත.

24
Q

SO₃²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට තනුක H₂SO₄ (හෝ HCl) එකතුකර රත් කිරීම.

A

SO₃²⁻ + තනුක H₂SO₄ △→ SO₂ + H₂O + SO₄²⁻

K₂Cr₂O₇ + H₂SO₄ + SO₂ → Cr₂(SO₄)₃ + K₂SO₄ + H₂O

25
SO₃²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට Zn කුඩු දමා HCl එක් කිරීම.
H₂S වායුව පිටවේ. Na₂SO₃ + Zn + HCl → NaCl + ZnCl₂ + H₂S + H₂O
26
SO₃²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට AgNO₃ එක්කර නැටවීම.
Ag₂SO₃ සුදු අවක්ෂේපය, රිදී වෙන් වීම නිසා කළු පාට වේ. SO₃²⁻ + 2 AgNO₃ → 2 NO₃⁻ + Ag₂SO₃ 2 Ag₂SO₃ → 2 Ag + Ag₂SO₄ + SO₂
27
SO₃²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට BaCl₂ එක්කිරීම.
සුදුපාට අවක්ෂේපයක් ලැබේ. මෙය තනුක HCl හෝ HNO₃ වල දියවේ.
28
SO₃²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට H₂O₂ දමා BaCl₂ එක් කිරීම.
සුදු පාට අවක්ෂේපයක් ලැබේ. මෙය අම්ල වල දිය නොවේ. SO₃²⁻ + H₂O₂ → SO₄²⁻ + H₂O SO₄²⁻ + Ba²⁺ → BaSO₄
29
SO₃²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට Pb(CH₃COO)₂ හෝ Pb(NO₃)₂ ද්‍රාවණයකින් ස්වල්පයක් එක්කිරීම.
සුදු අවක්ෂේපයක් ලැබේ. මෙම අවක්ෂේපය සහිත පද්ධතිය නැටවූ විටද අවක්ෂේපයේ පැහැය වෙනස් නොවේ. Pb²⁺ + SO₃²⁻ → PbSO₃ 2 PbSO₃ + O₂ △→ 2 PbSO₄
30
S₂O₃²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට Pb(CH₃COO)₂ හෝ Pb(NO₃)₂ ද්‍රාවණයකින් ස්වල්පයක් එකතු කිරීම.
පළමුව සුදු අවක්ෂේපයක් ලැබුණද නැටවීමේදී එය කළු පැහැ වේ. Pb²⁺ + S₂O₃²⁻ → PbS₂O₃ PbS₂O₃ + H₂O △→ PbS + H₂SO₄
31
S₂O₃²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට AgNO₃ ද්‍රාවණයක් එක් කිරීම.
එවිට සුදු අවක්ෂේපයක් ලැබේ. මෙය ඉතා ඉක්මනින් කහ පැහැ වී දෙවනුව දුඹුරු පැහැ වී අවසානයේදී කළු පැහැ වේ. S₂O₃²⁻ + 2 AgNO₃ → Ag₂S₂O₃ + 2 NO₃⁻ Ag₂S₂O₃ + H₂O → Ag₂S + H₂SO₄
32
S₂O₃²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට අයඩීන් ස්වල්පයක් එකතු කිරීම.
අයඩීන් ක්ෂණයකින් විවර්ණ වී සෝඩියම් ටෙට්‍රාතයෝනේට් ද්‍රාවණයක් සෑදේ. I₂ + 2 Na₂S₂O₃ → 2 NaI + Na₂S₄O₆
33
S₂O₃²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට තනුක අම්ලයක් එක් කිරීම.
කිරිපාට අවිලතාවයක් ඇතිවේ. S₂O₃²⁻ + 2 H+ → S + SO₂ + H₂O
34
SO₄²⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට තනුක HNO₃ හෝ තනුක HCl අම්ලය එක්කර BaCl₂ ද්‍රාවණයක් එක් කිරීම.
සුදු අවක්ෂේපයක් ලැබේ. SO₄²⁻ + BaCl₂ → BaSO₄ + 2 Cl⁻ මෙහිදී තනුක HCl හෝ තනුක HNO₃ එක් කරන්නේ BaCl₂ සමඟ අවක්ෂේප ලබා දිය හැකි CO₃²⁻, SO₃²⁻ , CrO₄²⁻, PO₄²⁻, C₂O₄²⁻ වැනි අයන තිබේ නම් ඒවා අවක්ෂේප වීම වැළැක්වීම සඳහාය.
35
SO₄²⁻ ජලීය ද්‍රාවණයකට SrCl₂ එක්කිරීම.
ද්‍රාවණය තනුක වූ විට සුදු අවක්ෂේපය හෙමිහිට සෑදේ.
36
SO₄²⁻ ජලීය ද්‍රාවණයකට CaCl₂ එක් කිරීම.
සාන්ද්‍ර ද්‍රාවණ වලදී පමණක් CaSO₄ සුදු අවක්ෂේපය සෑදේ.
37
SO₄²⁻ ජලීය ද්‍රාවණයකට Pb(CH₃COO)₂ එක් කිරීම.
NH₄(CH₃COO) හි ද්‍රාව්‍ය PbSO₄ සුදු අවක්ෂේපය සෑදේ.
38
ඝන ක්ලෝරයිඩයකට සාන්ද්‍ර H₂SO₄ අම්ලය දමා රත් කිරීම.
එවිට පිටවන වායුවට ඇමෝනියා වලින් තෙත් කල වීදුරු කූරක් හෝ ඇමෝනියා බෝතලයක මූඩිය ඇල්ලූ විට සුදුපාට දුමාරයක් ලැබේ. KCl + සාන්ද්‍ර H₂SO₄ → KHSO₄ + HCl HCl + NH₃ → NH₄Cl
39
ඝන ක්ලෝරයිඩයකට MnO₂ ද සාන්ද්‍ර H₂SO₄ අම්ලයද දමා රත් කිරීම.
එවිට Cl₂ වායුව පිටවේ. තෙත් ලිට්මස් කඩදාසි විවර්ණ කරයි. 2 NaCl + MnO₂ + 3 H₂SO₄ → MnSO₄ + 2 NaHSO₄ + Cl₂ + 2 H₂O
40
ඝන ක්ලෝරයිඩයකට එක්කල K₂Cr₂O₇ කොටස් 3 ක් සමඟ මිශ්‍රකර සාන්ද්‍ර H₂SO₄ අම්ලය දමා රත් කිරීම.
රතු පැහැති CrOCl₂ (ක්‍රෝමයිල් ක්ලෝරයිඩ්) වාෂ්පය පිටවේ. 4 NaCl + K₂Cr₂O₇ + 3 H₂SO₄ △ → 2 Na₂SO₄ + K₂SO₄ + 3 H₂O + 2 CrOCl₂ මේ රතු පැහැති වාෂ්පය ජලීය NaOH ද්‍රාවණයක් තුළට යැවූ විට කහපාට ද්‍රාවණයක් ලැබේ. CrOCl₂ + 4 NaOH → Na₂CrO₄ + 2 NaCl + 2 H₂O මෙහි කහපාට ද්‍රාවණය ක්‍රෝමේටයක් දැයි බැලීමට ඇසිටික් අම්ලයෙන් ආම්ලීකරණය කර ලෙඩ් ඇසිටේට් ද්‍රාවණයක් එක් කරන්න. කහ පැහැති අවක්ෂේපය ලැබේ. Na₂CrO₄ + Pb(CH₃COO) △ → PbCrO₄ + 2 CH₃COONa PbCrO4 අවක්ෂේපය තනුක HNO₃ අම්ලයේ දියවේ.
41
Cl⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට Pb(CH₃COO)₂ හෝ Pb(NO₃)₂ ද්‍රාවණයකින් ස්වල්පයක් එක් කිරීම.
සුදු අවක්ෂේපයක් ලැබේ. 2 Cl⁻ + Pb(CH₃COO)₂ → PbCl₂ + 2 CH₃COO⁻ මෙම අවක්ෂේපයට ජලය එක්කර නැටවූ විට එය දියවේ. එහෙත් සිසිල් වන විට යළි අවක්ෂේපයක් (ඉඳිකටු මෙන්) සෑදේ.
42
Cl⁻ අඩංගු ජලීය ද්‍රාවණයකට තනුක HNO₃ එක්කර ජලීය AgNO₃ ද්‍රාවණයක් එක් කිරීම.
සුදු පැහැති මිදුණු කිරි වැනි අවක්ෂේපයක් ලැබේ. Cl⁻ + AgNO₃ → AgCl + NO₃⁻ මේ අවක්ෂේපයට ඇමෝනියා එක්කල විට දියවී අවර්ණ ද්‍රාවණයක් ලබාදේ.
43
ඝන බ්‍රෝමයිඩයකට සාන්ද්‍ර H₂SO₄ අම්ලය යොදා රත් කිරීම.
දුඹුරු පැහැති Br₂ වාෂ්පය පිටවේ. මේ වාෂ්පයට පිෂ්ඨ කඩදාසියක් ඇල්ලූ විට එය කහ-දුඹුරු පැහැ වේ. KBr + සාන්ද්‍ර H₂SO₄ → KHSO₄ + HBr 2 HBr + සාන්ද්‍ර H₂SO₄ → Br₂ + SO₂ + 2H₂O
44
ඝන බ්‍රෝමයිඩයකට MnO₂ ද සාන්ද්‍ර H₂SO₄ ද දමා රත් කිරීම.
දුඹුරු පැහැති Br₂ වාෂ්පය පිටවේ. එමඟින් පිෂ්ඨ කඩදාසිය රතට හුරු කහ පැහැයට හැරේ. 2 NaBr + MnO₂ + 3 H₂SO₄ රත්→ MnSO₄ + 2 NaHSO₄ + I₂ + 2 H₂O
45
ඝන බ්‍රෝමයිඩයකට K₂Cr₂O₇ හා H₂SO₄ දමා රත් කිරීම.
දුඹුරු පැහැති බ්‍රෝමීන් වාෂ්පය පිටවේ. K₂Cr₂O₇ + 6 KBr + 7 H₂SO₄ → K₂SO₄ + Cr₂(SO₄)₃ + 3 Br₂ + 7 H₂O
46
බ්‍රෝමයිඩයක ජලීය ද්‍රාවණයකට Pb(CH₃COO)₂ හෝ Pb(NO₃)₂ එක් කිරීම.
ඉතා ලා කහ පැහැති අවක්ෂේපයක් ලැබේ. 2 Br⁻ + (CH₃COO)₂Pb → PbBr₂ + 2 CH₃COO⁻
47
බ්‍රෝමයිඩයක ජලීය ද්‍රවණයකට තනුක HNO₃ අම්ලය එක්කර AgNO₃ ද්‍රාවණයකින් ස්වල්පයක් එක් කිරීම.
ළා කහ පැහැති මිදුණු කිරි වැනි අවක්ෂේපයක් ලැබේ. Br⁻ + AgNO₃ → AgBr + NO₃⁻ මේ අවක්ෂේපය තනුක ඇමෝනියා වල දිය නොවුනද සාන්ද්‍ර ඇමෝනියා වල දියවේ. AgBr + සාන්ද්‍ර 2 NH₃ → [Ag(NH₃)₂]⁺Br⁻ (අවර්ණ)
48
බ්‍රෝමයිඩයක ජලීය ද්‍රාවණයකට ක්ලෝරීන් දියර එක්කර ක්ලෝරෆෝම් හෝ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් එක්කර සෙලවීම.
එවිට කාබනික ස්තරය දුඹුරු පැහැ වේ. 2 Br⁻ + Cl₂ → 2 Cl⁻ + Br₂ Br₂ (aq) ←→ Br₂ (Organic layer)
49
ඝන අයඩයිඩයකට සාන්ද්‍ර H₂SO₄ දමා රත් කිරීම.
දම් පැහැති අයඩින් වාෂ්පය පිටවේ. එමඟින් පිෂ්ඨ කඩදාසි නිල් පැහැ වේ. KI + H₂SO₄ → KHSO₄ + HI 8 HI + H₂SO₄ → 4 I₂ + H₂S + 4 H₂O
50
ඝන අයඩයිඩයකට MnO₂ ද සාන්ද්‍ර H₂SO₄ ද දමා රත් කිරීම.
එවිට දම් පැහැති අයඩින් වාෂ්පය පිටවේ. එමඟින් පිෂ්ඨ කඩදාසි නිල් පාට වේ. 2 NaI + MnO₂ + 3 H₂SO₄ → MnSO₄ + 2 NaHSO₄ + I₂ + 2 H₂O
51
ඝන අයඩයිඩයකට K₂Cr₂O₇ හා සාන්ද්‍ර H₂SO₄ දමා රත් කිරීම.
දම් පැහැති අයඩින් වාෂ්පය පිටවේ. K₂Cr₂O₇ + 6 KI + 7 H₂SO₄ → 4 K₂SO₄ + Cr₂(SO₄)₃ + 3 I₂ + 7 H₂O
52
අයඩයිඩයක ජලීය ද්‍රාවණයකට Pb(CH₃COO)₂ හෝ Pb(NO₃)₂ ස්වල්පයක් එක් කිරීම.
රන්වන් කහ පැහැති අවක්ෂේපයක් සෑදේ. 2 I⁻ + Pb(CH₃OO)₂ → PbI₂ + 2 CH₃COO⁻
53
අයඩයිඩයක ජලීය ද්‍රාවණයකට තනුක HNO₃ අම්ලය එක්කර AgNO₃ ද්‍රාවණයකින් ස්වල්පයක් එක් කිරීම.
එවිට කහ පැහැති මිදුණු කිරි වැනි අවක්ෂේපයක් ලැබේ. I⁻ + AgNO₃ → AgI + NO₃⁻ අවක්ෂේපය සාන්ද්‍ර ඇමෝනියාවල දිය නොවේ.
54
අයඩයිඩයක ජලීය ද්‍රාවණයකට Cl₂ දියර එක්කර CHCl₃ හෝ CCl₄ එක්කර සෙලවීම.
එවිට කාබනික ස්ථරය දම් පැහැ වේ. 2 I⁻ + Cl₂ → 2 Cl⁻ + I₂
55
තනුක HCl හෝ තනුක HNO₃ තිබේනම් BaCl₂ සමඟ අවක්ෂේප ලබා නොදෙන ඇනායන මොනවාද?
``` CO₃²⁻ SO₃²⁻ CrO₄²⁻ PO₄²⁻ C₂O₄²⁻ ```
56
සාන්ද්‍ර H₂SO₄ හමුවේ දුඹුරුපාට වායු පිට කරන ඇනායන මොනවාද?
Br⁻ NO₃⁻