Animal Nutrition Flashcards
(74 cards)
සත්ත්ව පෝෂණය
දේහයේ විවිධ කෘත්‍ය සඳහා භාවිත වන ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලිය වේ.
සාමාන්‍යයෙන් ආහාර ප්‍රයෝජ්‍යකරණයට පෙර ඒවා කුඩා අණුවලට බිඳ දමා අවශෝෂණය කරයි.
සත්ත්වයෝ විෂමපෝෂීහු වෙති. සතුන්ට අමතරව දිලීර සහ බොහෝ බැක්ටීරියාවෝ විෂමපෝෂී වේ.
විෂමපෝෂී පෝෂණ ක්‍රියාවලිය
අනෙකුත් ජීවීන් අධිග්‍රහණයෙන් හෝ අනෙකුත් ජීවීන්ගෙන් ව්‍යුත්පන්න වූ ද්‍රව්‍ය මගින් කාබනික ආහාර අණු ලබා ගැනීමයි.
සත්ත්ව සදෘශ පෝෂණය සහ සහජීවනය ලෙස විෂමපෝෂී පෝෂණ ආකාර 2කි.
සත්ත්ව සදෘශ පෝෂණය
බොහෝ සතුන් සත්ත්ව සදෘශ පෝෂණ ආකාරයක් පෙන්නුම් කරන අතර එහිදී ඔවුහු ආහාර මාරයට ආහාර අධිග්‍රහණය කරයි.
මේ පෝෂණ ආකාරය පියවර 5කින් යුතු වේ.
1. අධිග්‍රහණය
2. ජීරණය
3. අවශෝෂණය
4. ස්වීකරණය
5. බැහැර කිරීම / පහ කිරීම
අධිග්‍රහණය
බුදීම හෝ භෝජනය යන ක්‍රියාවලිය සිදු වේ.
ආහාර ප්‍රභවය සත්ත්ව විශේෂ අතර වෙනස් වේ.
ආහාරය සහ පරිසරය මත පදනම්ව විවිධ සතුන්ට විවිධ ආහාර අධිග්‍රහණ ආකාර ඇත.
ජීරණය
මෙහිදී ප්ලාස්ම පටලය හරහා ජීවීන්ගේ සෛල තුළට ඇතුලු වීමට තරම් ප්‍රමාණවත් කුඩා අණුවලට ආහාර බිඳ දැමීම සිදු වේ.
ආහාර් ජීරණය යාන්ත්‍රිකව (දත් මගින්,පේශි ක්‍රියාකාරිත්වයෙන්) හා රසායනිකව (එන්සයිම මගින්) සිදුවිය හැක.
යාන්ත්‍රික ජීරණයේ දී ආහාර කුඩා කොටස්වලට බිඳ දැමෙන අතර එමගින් කාර්යක්ෂම රසායනික ජීරණය සඳහා පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කෙරේ.
රසායනික ජීරණයේ දී එන්සයිම මගින් විශාල අණුවල ඇති බන්ධන බිඳ දමමින් කුඩා අණු බවට බිඳ හෙළේ.
ආහාර ජීරණය අවසානයේ දී ආහාර සැකසුම් කිරීමේ අවසාන ක්‍රියාවලි 2 සිදු වේ.
අවශෝෂණය
මේ අවධියේ දී සත්ත්වයන්ගේ සෛල මගින් කුඩා අණු ලබාගනී.
උදා: සරල සීනි, ඇමයිනෝ අම්ල
මේ අවශෝෂණය රුධිරයට හෝ වසා වාහිනී තුළට සිදු කරයි.
ස්වීකරණය
ශරීරයේ විවිධ කෘත්‍ය සඳහා අවශෝෂණය කරන ලද පෝෂක ප්‍රයෝජ්‍යකරණය කිරීමේ ක්‍රියාවලිය.
පහ කිරීම
ජීරනය නොකරන ලද ද්‍රව්‍ය ආහාර මාර්ගයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය
සතුන්ගේ භෝජන යාන්ත්‍රණ
- පෙරා බුදින්නෝ
- තරල බුදින්නෝ
- උපස්තර බුදින්නෝ
- තොග බුදින්නෝ
පෙරා බුදින්නෝ
අවට ඇති ජලීය මාධ්‍යයෙන් අවලම්භිත ආහාර අංශු පෙරා ගනිති.
ඒ සඳහා අල්ලා ගැනීම, උගුල් වැනි විවිධ යාන්ත්‍රණ යොදා ගනිති.
උදා:
1. කාවට්ටියන් සහ මට්ටියන්ගේ ජලක්ලෝම මතින් ගමන් කරන ජලයේ ඇති කුඩා ආහාර අංශු භෝජනය කරනු ලැබේ. මෙහිදී එම ආහාර අංශු කුඩා ශ්ලේෂ්මල පටලයක් තුළින්, ජලක්ලෝමවල ඇති පක්ෂ්ම සැලීම මගින් සත්ත්වයාගේ මුඛය දක්වා ඇදී යයි.
- බැලීන් තල්මසා පෙරා බුදීම සිදු කරයි.
තරල බුදින්නෝ
ජීවී ධාරකයාගෙන් පෝෂකවලින් සරු තරලය හොඳින් අනුවර්තිත මුඛ කොටස් භාවිත කරමින් උරා ගනී.
උදා:
1. මදුරුවා මිනිසාගේ රුධිරය උරා බීම.
2. කූඩිත්තා ශාකවල ප්ලෝයම යුෂය උරා බීම.
3. මී මැස්සා හා ගුමන කුරුල්ලා පුෂ්පවලින් පැණි උරා බීම.
උපස්තර බුදින්නෝ
මෙම සත්තු ආහාර ප්‍රභවය මත හෝ ආහාර ප්‍රභවය තුළ සිටිමින් ආහාරය අනුභව කරති.
උදා:
1. කොළ කන දළඹුවා ශාක පත්‍ර තුළින් අනුභව කරයි.
2. ඉහඳ පණුවා සත්ත්ව මළකුණු තුළට හාරයි.
තොග බුදින්නෝ
සාපේක්ෂව විශාල ආහාර කොටස් අනුභව කරන සත්තු වේ.
ආහාර ඉරීම හෝ ගොදුර ග්‍රහණය කිරීමට මේ සතුන්ට විවිධ ආකාරයේ අනුවර්තන ඇත. (හනු, දත්, ග්‍රාහිකා, නඛර, විෂ දළ)
උදා: මිනිසා ඇතුළු බොහෝ සත්තු
සහජීවනය
එකිනෙකාට සමීපව ජීවත් වන වෙනස් විශේෂ 2කට අයත් වන ජීවීන් අතර ඇති පෝෂණය මුල්කරගත් පාරිසරික සම්බන්ධතාවයි.
ප්‍රධාන කාණ්ඩ 3කට බෙදිය හැක.
1. අන්‍යෝන්‍යාධාරය
2. පරපෝෂීතාවය
3. සහභෝජීත්වය
අන්‍යෝන්‍යාධාරය
වෙනස් විශේෂ 2ක ජීවීන් දෙදෙනෙකු අතර සමීප සම්බන්ධතාවකි.
සාමාජිකයන් දෙදෙනාටම වාසි ලැබේ.
උදා:
1. රෝමාන්තකයෝ සහ ඔවුන්ගේ සෙලියුලෝස් ජීරණය කරන ක්ෂුද්‍ර ජීවීහු
2. වේයා සහ ඔවුන් තුළ සිටින සෙලියුලෝස් ජීරණය කරන බැක්ටීරියා
3. මිනිසා සහ විටමින් K නිපදවන ආන්ත්‍රික බැක්ටීරියා
පරපෝෂීතාව
වෙනස් විශේෂවලට අයත් ජීවීන් දෙදෙනෙකු අතර ඇති සමීප සම්බන්ධතාවකි.
එහිදී එක් ජීවියෙකුට(පරපෝෂිතයාට) වාසි සැලසෙන අතර, අනෙක් ජීවියාට (ධාරකයාට) හානි පැමිණේ.
පරපෝෂිතයා ධාරකයා මත හෝ ධාරකයා තුළ ජීවත් වන අතර ඔවුන්ගෙන් පෝෂක ලබාගනී.
උදා:
1. පටිපණුවා සහ මිනිසා
2. උකුණා සහ මිනිසා
3. මිනිසා සහ Plasmodim(මැලේරියා පෝෂිතයා)
සහභෝජීතාවය
විවිධ විශේෂවල ජීවීන් දෙදෙනෙකු අතර ඇති සමීප සම්බන්ධතාවයකි.
එහිදී එක් ජීවියෙකුට වාසි සැලසෙන අතර අනෙක් ජීවියාට බලපෑමක් සිදු නොවේ.
උදා:
1. තල්මසා සහ තල්මසාට සවි වී සිටින බෙලිඇණයා/ඛණ්ඩාවාරකයා
2. ගවයා සහ කොකා
මානව ජීරණ පද්ධතිය
මානව ජීර්ණ පද්ධතිය ආහාර මාර්ගය හා ඒ ආශ්‍රිත ග්‍රන්ථිවලින් සමන්විත වේ.
මානව ආහාර මාර්ග නාලය දිගු නලයක්/මාර්ගයක් වන අතර එය බාහිර පරිසරයට සම්බන්ධ වේ.
මෙය සත්ත්ව සදෘශ පෝෂණ ආකාරයේ පියවර සම්පූර්ණ කිරීමේ හැකියාව දරයි.
ආහාර මාර්ගය පහත කොටස්වලින් සමන්විත වේ.
1. මුඛ කුහරය
2. ග්‍රසනිකාව
3. අන්නස්‍රෝතය
4. ආමාශය
5. කුඩා අන්ත්‍රය
6. මහා අන්ත්‍රය
7. ගුද මාර්ගය
8. ගුදය
ආහාර මාර්ගය ආශ්‍රිත ග්‍රන්ථි ලෙස,
1. ඛේට ග්‍රන්ථි
2. අග්න්‍යාශය
3. අක්මාව (පිත්තාශය අක්මාවට සම්බන්ධ කොටසකි.)
දත් සහ දිව ආහාර මාර්ගයේ අතිරේක ව්‍යුහ වේ.
මුඛය / මුඛ කුහරය
මුඛ කුහරය දිව, දත් සහ ඛේට ග්‍රන්ථිවලින් සමන්විත වේ.
අධිග්‍රහණය හා ආහාර ජීරණයේ මූලික පියවර මුඛ කුහරය තුළ සිදු වේ.
මුඛය තුළ රසායනික හා යාන්ත්‍රික ජීරණය යන ආකාර 2ම සිදු වේ.
දිව
කංකාල පේශිවලින් සමන්විත වේ.
ස්ථරීභූත ශල්කමය අපිච්ඡදයෙන් ආස්තරණය වී ඇත.
ආහාරය ඛේටය සමග මිශ්‍ර කිරීමට උදව් කරයි.
ආහාර ගුලි සෑදීම මගින් ගිලීම පහසු කරයි.
පසුව ආහාර ගුලි මුඛ කුහරයේ අපර කොටස හා ග්‍රසනිකාව තුළට තල්ලු කිරීමට උදව් කෙරේ.
(රස ප්‍රතිග්‍රහණයට හා කථනයට ද දිව උදව් වේ.)
දත්
මුඛය තුළ දත් ආකාර 4ක් දක්නට ලැබේ.
1. කෘන්තක
2. රදනක
3. පුරශ්චාර්වක
4. චාර්වක
වෙනස් හැඩ සහිත, වෙනස් වර්ගවල දත් මගින් ආහාර කැපීම, පොඩි කිරීම සහ ඇඹරීම සිදු කෙරේ.
මෙමගින් ආහාර ගිලීම පහසු කිරීම, ආහාර ජීරණය සඳහා පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කිරීම සිදු කරයි.
ඛේට ග්‍රන්ථි
මුඛ කුහරයට ඛේට ග්‍රන්ථිවල ඇති ප්‍රනාල ඔස්සේ ඛේටය ස්‍රාවය කරයි.
මුඛ කුහරයට ආහාර ඇතුළු වීමේ දී ස්නායු ප්‍රතීකයක් මගින් ඛේටය මුඛ කුහරයට නිදහස් කරයි.
ආහාර මුඛ කුහරයට ඇතුළු වීමට පෙර වෙනත් විවිධ උත්තේජ මගින් ද ඛේට ස්‍රාවය උත්තේජනය කරයි. (ආහාර දැකීම, ආහාරයේ ගන්ධය ආදිය)
ඛේටය
- ජලය
- ඇමයිලේස්
- ශ්ලේෂ්මල (ලවණ, සෛල හා ලිහිසි ග්ලයිකොප්‍රෝටීනයක් වන මියුසීන් අඩංගු දුස්ස්‍රාවී මිශ්‍රණයකි.)
අමතරව,
4. ස්වාරක්ෂක
5. ප්‍රතික්ෂුද්‍රජීවී සංඝටක
ඛේටයේ කෘත්‍ය
- ඛේට ඇමයිලේස් - පොලිසැකරයිඩ (පිෂ්ටය) රසායනිකව ජීරණය කර කුඩා පොලිසැකරයිඩ හා ඩයිසැකරයිඩ (මෝල්ටෝස්) බවට පත් කරයි.
- ජලය - රසායනික ජීරණය සඳහා ආහාර ද්‍රාවීකරණය හා ජලීය මාධ්‍යයක් සපයයි.
රස ප්‍රතිග්‍රහණයට ආධාර සපයයි. - ශ්ලේෂ්මල - ආහාර ස්නේහනය මගින් ගිලීම පහසු කරයි.
මුඛය පිරිසිදු කිරීම සහ මුඛ ආස්තරණය සීරීම්වලින් ආරක්ෂා කරයි. - ප්‍රතික්ෂුද්‍රජීවී ද්‍රව්‍ය - ඉමියුනෝග්ලොබියුලීන් සහ ලයිසොසයිම් වැනි ද්‍රව්‍ය, මුඛයට ඇතුළු වන බැක්‍ටීරියාවන්ට එරෙහිව ක්‍රියා කරමින් ආරක්ෂාව සපයයි.
- ස්වාරක්ෂක කාර්යය - අම්ල උදාසීනීකරණය මගින් දත් දිරා යෑම වළක්වයි.