Animal Tissues Flashcards

(30 cards)

1
Q

සත්ත්ව පටකයක් යනු?

A

සත්ත්ව දේහයේ විශේෂිත කාර්යයක් හෝ කාර්යන් කිහිපයක් ඉටු කිරීමට හැඩගැසී ඇති සෛල වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුතු සෛල සමූහයක් එක්ව ගත් විට සත්ත්ව පටකයක් ලෙස හැඳින්වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

සත්ත්ව පටක වර්ග

A
  1. අපිච්ඡද පටක
  2. සම්බන්ධක පටක
  3. පේශි පටක
  4. ස්නායු පටක
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

අපිච්ඡද පටකවල ලාක්ෂණික ලක්ෂණ

A
  1. අවයවවල බාහිර හෝ අභ්‍යන්තර නිදහස් පෘෂ්ඨ ආවරණය කරයි.
  2. පටකයේ සෛල ඉතා ආසන්නව ඇසිරී ඇත.
  3. සෛලවලට අග්‍රස්ථ හා පාදස්ථ ලෙස පෘෂ්ඨ 2ක් පවතී.
  4. අග්‍රස්ථ පෘෂ්ඨය නිදහස්ව පවතින අතර පාදස්ථ පෘෂ්ඨය දරණු පටලයට සම්බන්ධව පවතී.
  5. පටකය තුළ රුධිර වාහිනී නැත. අවශ්‍ය පෝෂක හා ඔක්සිජන් පහළින් ඇති සම්බන්ධක පටකයෙන් ලබාගනී.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

අපිච්ඡද පටකවල කෘත්‍ය

A
  1. ආරක්ෂාව - යාන්ත්‍රික හානි, ව්‍යාධිජනකයන් හා තරල හානියට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියා කරයි.
  2. ස්‍රාවය - එන්සයිම, හෝමෝන, ශ්ලේෂ්මල, දහදිය
  3. අවශෝෂණය - පෝෂක
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

අපිච්ඡද පටක වර්ග

A

දරණු පටලය මත පිහිටි සෛල ස්තර ගණන මත අපිච්ඡද පටක ආකාර 2කි.

  1. සරල අපිච්ඡද - දරණු පටලය මත පිහිටි තනි සෛල ස්තරයකින් සමන්විත වේ.
    - සරල ශල්කමය අපිච්ඡදය
    - සරල ඝනාකාර අපිච්ඡදය
    - සරල ස්ථම්භික අපිච්ඡදය
    - ව්‍යාජ ස්ථරීභූත ස්තම්භික අපිච්ඡදය
  2. සං‍යුක්ත අපිච්ඡද - දරණු පටලය මත පිහිටි සෛල ස්තර ගණනාවකින් සමන්විත වේ.
    - ස්තරීභූත ශල්කමය අපිච්ඡදය
    - සංක්‍රාන්ති/සංක්‍රමණ අපිච්ඡදය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

සරල ශල්කමය අපිච්ඡදය

A

තැටියක් ආකාරයේ සෛලවලින් සැකසුණු තනි සෛල ස්තරයකි.
මේ ආකාරයේ අපිච්ඡද තුනී වන අතර ඒ හරහා ද්‍රව්‍ය කාන්දු වේ.
විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වන ස්ථන්වල මේ පටකය දැකගත හැක.
උදා : රුධිර කේශනාලිකා, ගර්ත බිත්ති

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

සරල ඝනාකාර අපිච්ඡදය

A

දාදු කැට හැඩැති සෛල ස්තරයකින් යුතු වේ.
ස්‍රාවය සඳහා විශේෂණය වු පටකයකි.
උදා : වෘක්ක නාලිකා, තයිරොයිඩ් ග්‍රන්ථිය, ඛේට ග්‍රන්ථි වැනි ග්‍රන්ථිවල දක්නට ලැබේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

සරල ස්ථම්භික අපිච්ඡදය

A

විශාල ගඩොල් කැට හැඩැති තනි සෛල ස්තරයකින් යුතු වේ.
ස්‍රාවය හෝ සක්‍රීය අව්ශෝෂණයට වැදගත් වන ස්ථානවල බොහෝ විට හමු වේ.
උදා: ආන්ත්‍රික ආස්තරණය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ව්‍යාජ ස්තරීභූත ස්ථම්භික අපිච්ඡදය

A

දරණු පටලය මත පිහිටි තනි සෛල ස්තරයකින් සමන්විත වේ.
සෛල එකම උසකින් යුතු නොවේ.
සෛලවල න්‍යෂ්ටි විවිධ මට්ටම්වල පවතී.
සෛල ස්තර ගණනාවකින් සමන්විත ලෙස දක්නට ලැබේ. නමුත් ඇත්තේ තනි සෛල ස්තරයකි.
බොහෝ පෘෂ්ඨවංශීන්ගේ මේ අපිච්ඡදයේ පක්ෂ්මධර සෛල දැකිය හැකි අතර මේ පක්ෂ්ම මගින් ශ්ලේෂ්මල පටලයක් සාදයි.
මේ පක්ෂ්ම මගින් අපිච්ඡද පටකයේ මතුපිට පෘෂ්ඨය හරහා ශ්ලේෂ්මල පැතිරීමට උදව් කරයි.

උදා : නාස් කුහරය, ස්වාසනාලය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ස්තරීභූත ශල්කමය අපිච්ඡදය

A

සෛල ස්තර ගණනාවකින් යුතු වේ.
මේ අපිච්ඡදය ඉතා ඉක්මනින් පුනර්ජනනය වේ.
සෛල විභාජනයෙන් දරණු පටලයට ආසන්නයේ නව සෛල නිපදවේ.
පැරණි සෛල ගැලවී ඉවත්ව යන අතර එම සෛල නව සෛල මගින් ප්‍රතිස්ථාපනය වේ.
මේ පටකය සීරුම්වලට ලක්වන ස්ථානවල හමුවේ.

උදා : සමේ පිටත ප්‍රදේශය, මුඛ කුහර ආස්තරණය, ගුදය, යෝනි මාර්ගය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

සංක්‍රාන්ති/සංක්‍රමණ අපිච්ඡදය

A

මතුපිට සෛල ගෝලාකාර හැඩැතිය.
අවශ්‍ය විටක දී හැඩය වෙනස් කරගැනීමට ද පිළිවන.
ඇදීමට ලක්වන අවයවවල පිහිටයි.
උදා : මුත්‍රාශය, මූත්‍ර මාර්ගය, මූත්‍ර වාහිනී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

සම්බන්ධක පටකවල ලාක්ෂණික ලක්ෂණ

A

දේහය තුළ වඩාත් බහුලව පවතින පටකයයි.
මෙමගින් පටක හා අවයව ව්‍යුහමය හා කෘත්‍යමය ලෙස සමන්ධ කිරීමට උදව් වේ.
මේ වර්ගයේ පටක සමන්විත වන්නේ විවිධ ආකාරයේ තන්තු අඩංගු වන විශාල ප්‍රමාණයේ බහිස්සෛලීය පූරකයක් තුළ පවතින විවිධ සෛලවලිනි.
මේ පූරකය අර්ධ ඝන/ජෙලි ආකාර(කාටිලේජ), ද්‍රව(රුධිරය) හෝ ඝන සහ දැඩි(අස්ථි) විය හැක.
පූරකය තුළ වෙනස් වර්ගවල සෛල තිබිය හැක.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

සම්බන්ධක පටකවල සෛල වර්ග සහ කාර්යය

A
  1. තන්තු සෛල - තන්තු ප්‍රෝටීන ස්‍රාවය
  2. මහ භක්ෂාණු සෛල - භක්ෂසෛලිකතාවය මගින් ආගන්තුක අංශු හා සෛල සුන්බුන් පරිග්‍රහණය
  3. කුඹ සෛල - හෙපැරීන සහ හිස්ටැමීන් ස්‍රාවය
    මීට අමතරව ඇතැම් සම්බන්ධක පටකවල
  4. මේද සෛල - මේද ගබඩා කිරීම සහ පරිවරණය
  5. සුදු රුධිරාණු - ආරක්ෂාව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

සම්බන්ධක පටකවල තන්තු වර්ග සහ කාර්යය

A

තන්තු වර්ග තුනකි.

  1. කොලැජන්/සුදු තන්තු - ශක්තිය හා සුනම්‍යතාවය සැපයීම.
  2. ප්‍රත්‍යාස්ථ/ඉලාස්ටින්/කහ තන්තු - පටකයේ ප්‍රත්‍යස්ථ බව ඇති කිරීම.
  3. ජාලාකාර/රෙටිකියුලින් තන්තු - සම්බන්ධක පටක යාබද පටකවලට බැඳීම.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

සම්බන්ධක පටකවල කෘත්‍ය

A
  1. බැඳ තබා ගැනීම සහ ව්‍යුහමය සන්ධාරණය
  2. ආරක්ෂාව
  3. ද්‍රව්‍ය පරිවහනය
  4. පරිවරණය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

සම්බන්ධක පටක වර්ග

A
  1. ලිහිල්/ අරියල/ අන්තරාල සම්බන්ධක පටකය
  2. තන්තුමය/ ඝන සම්බන්ධක පටකය
  3. මේද පටකය
  4. රුධිර පටකය
  5. කාටිලේජ පටකය
  6. අස්ථි පටකය
17
Q

ලිහිල්/ අරියල/ අන්තරාල සම්බන්ධක පටකය

A

පෘෂ්ඨවංශීන්ගේ දේහ තුළ වඩාත් පුළුල්ව ව්‍යාප්ත වූ සම්බන්ධක පටක වර්ගයයි.
සමාන්යිත සම්බන්ධක පටකය ලෙස සැලකේ.
සෛල වර්ග 5ම සහ තන්තු වර්ග 3ම මෙහි හමුවේ.
තන්තු ලිහිල්ව ඇසිරුණු රැලි ආකාර ස්වභාවයක් ගනී.
මේ පටකය අපිච්ඡද හා ඊට යටින් පිහිටි පටක බැඳ තබයි. එනිසා අවයව නියමිත ස්ථානවල රඳවා තබා ගැනීමේ හැකියාව ලැබේ.
මෙම පටකය සමට යටින් සහ දේහය පුරා පැතිරී ඇත.

18
Q

තන්තුමය/ඝන සම්බන්ධක පටකය

A

මේ පටකය කොලැජන් තන්තු මගින් ඝනව ඇහිරී ඇත.
එනිසා පුරකය සාපේක්ෂව ක්ෂීණ වී ඇති අතර සෛල සුළු සංඛ්‍යාවක් ද ඇත.
උදා : තන්තු සෛල
මේ පටකය ආතන්‍ය ශක්තිය අවශ්‍ය ස්ථානවල ඇත.
උදා : අස්ථි හා පේශි සම්බන්ධ කරන ඛන්ඩරාවල
අස්ථි හා සන්ධි සම්බන්ධ කරන බන්ධනීවල

19
Q

මේද පටකය

A

මේද සෛලවලින් ඇහිරී ඇත.
සෑම මේද සෛලයක්ම විශාල මේද ගෝලිකාවකින් යුතු වේ.
මෙය විශේෂණය වූ විශේෂිත ලිහිල් සම්බන්ධක පටක වර්ගයක් වේ.
දේහ පරිවරණය හා පිරවුමක් ලෙස ක්‍රියා කරයි.
ඉන්ධන ලෙස මේද අණු ගබඩා කරයි.
උදා : සමට යටින් පිහිටා ඇති අතර එහිදී තාප පරිවරණය හා ශක්ති ගබඩාවක් ලෙස ක්‍රියා කරයි.

20
Q

රුධිර පටකය

A

පූරකය රුධිර සෛල මගින් ස්‍රාවය නොවීම,
රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියේ දී පමණක් තන්තු ඇති වීම,
බහිස්සෛලීය පූරකය ද්‍රවමය වීම
යන හේතූන් නිසා රුධිරය විශේෂණය වූ සම්බන්ධක පටකයක් වේ.

මෙහි බහිස්සෛලීය පූරකය ප්ලාස්මාව ලෙස නම් කෙරේ.
රුධිර ප්ලාස්මාවේ ලවණ, ජලය සහ ද්‍රාව්‍ය ප්‍රෝටීන අඩංගුය.
රුධිර ප්ලාස්මාව තුළ,
රතු රුධිර සෛල - ශ්වසන වායු පරිවහනය
සුදු රුධිර සෛල - ආරක්ෂාව
පට්ටිකා - රුධිරය කැටි ගැසීම
අවලම්භිතව පවතී.

ප්‍රධාන කෘත්‍ය - ද්‍රව්‍ය පරිවහනය, ආරක්ෂාව, ආස්‍රැති විධානය

21
Q

කාටිලේජ පටකය

A

මේ පටකයේ පූරකය කොන්ඩ්‍රොයිටීන් සල්ෆේට්වලින් සමන්විත වේ.
මෙය රබර් වැනි ප්‍රත්‍යස්ථ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට සංකීර්ණයකි.
පූරකය තුල කාටිලේජ සෛල (කොන්ඩ්‍රොසයිට) සහ කොලැජන් තන්තු ගිලී පවතී.
කොන්ඩ්‍රොසයිට මගින් කොන්ඩ්‍රොයිටීන් සල්ෆේට හා කොලැජන් තන්තු ස්‍රාවය කරයි.
මේ පටකය ශ්වාසනාලයේ හා අන්තර් කශේරුකා මඬල වැනි ස්ථානවලට සන්ධාරණය හා සුනම්‍යතාව ලබා දේ.

22
Q

අස්ථි පටකය

A

ඛනිජභවනය වූ සම්බන්ධක පටකයකි.
පූරකය කොලැජන් තන්තු සහ අකාබනික ලවණවලින් සමන්විත වේ.
අකාබනික සංඝටක වන්නේ කැල්සියම්, මැග්නීසියම් හා පොස්පේට් අයන වන අතර සෛල වන්නේ,
ඔස්ටියෝබ්ලාස්ට (අස්ථි කාරක සෛල)
ඔස්ටියෝසයිට (අස්ථි පටකය නඩත්තු කරන පරිණත අස්ථි සෛල)
ගර්තිකා තුළ ඔස්ටියෝසයිට අඩංගු වේ.

ඔස්ටියෝන නම් පුනරාවර්තන ඒකකවලින් ක්ෂීරපායී ඝන අස්ථි සමන්විත වේ.
එක් එක් ඔස්ටියෝනයක ඛනිජභවනය වු ද්‍රව්‍ය ඒක කේන්ද්‍රික ස්තර ලෙස ඇත.
ඔස්ටියෝනයක මධ්‍යයේ මධ්‍ය නාලයක ඇති අතර එහි රුධිර වාහිනී සහ ස්නායු පවතී.
බොහෝ පෘෂ්ඨවංශීන්ගේ අන්ත:සැකිල්ල සාදනු ලබන්නේ මේ පටකය මගින් වන අතර ශරීරයට අවශ්‍ය සන්ධාරණය සහ ශක්තිය සපයයි.

23
Q

පේශි පටකය

A

පේශි පටකය චලනය සඳහා දායක වේ.
පේශි පටකයේ සෛල ඇක්ටීන් සහ මයොසීන් ප්‍රෝටීන්වලින් සමන්විත වේ.
මේ පටකයට සංකෝචනයට හා ඉහිල් වීමට හැකියාව ඇත.

පෘෂ්ඨවංශී සිරුර තුළ මූලික පේශි පටක ආකාර 3කි.
1. කංකාල පේශි පටකය
2. සිනිඳු පේශි පටකය
3. හෘත් පේශි පටකය

24
Q

කංකාල පේශි පටකය

A

මිනිස් සිරුරේ බහුලවම පවතින පේශි වර්ගයයි.
කංකාල පේශි ඛන්ඩරා මගින් අස්ථිවලට බැඳේ.
බහු න්‍යෂ්ටික දිගු සෛල කලඹකින් මේ පටකය සමන්විතය.
සෛලවල හැඩය - සිහින් දිගු සිලින්ඩරාකාර
සෛල විලේඛන සහිත වේ.
පේශි සෛලවල සංකෝචක ඒකක සාකොමියර නම් වේ. සාකොමියරයේ සංවිධානය හේතුවෙන් විලේඛන ආකාරයේ පෙනුමක් පේශි සෛලවලට ලබා දේ.
සාමාන්‍යයෙන් මේ පේශි සිරුරේ කංකාල පද්ධතියට සම්බන්ධව පවතින අතර ප්‍රධාන වශයෙන් දේහයේ ඉච්ඡානුග චලනවලට උදව් වේ.

විශේෂ ලක්ෂණ
වේගවත් ප්‍රබල සංකෝචන ඇති කරයි.
රිද්මාකාර ලෙස සංකෝචනය නොවේ.
විඩාවට පත් වේ.
ඉච්ඡානුග ක්‍රියාකාරීත්වයක් දරයි. ඇතැම් අවස්ථාවල දී අනිච්ඡානුගතව ක්‍රියා කරයි. (ප්‍රතීක ක්‍රියා)
දෛහික ස්නායු පද්ධතියෙන් ආවේග ලබාගනී.
ස්නායු ජන්‍ය වේ.

ව්‍යුහමය ඒකකය - පේශි තන්තු/සෛල
කෘත්‍යමය ඒකකය - සකොමියරය

25
සිනිඳු පේශි පටකය
සෛල තර්කු හැඩ ගනී. (සිහින් දිගැටි) ඒක න්‍යෂ්ටික වේ. සෛල විලේඛ රහිත වේ. මේ පටකය අනිච්ඡානුග දේහ කෘත්‍ය සඳහා වැදගත් වේ. උදා : ආමාශයේ මත්ගෑම, ධමනි සංකූචනය මේ පටකය ආහාර මාර්ගයේ, මුත්‍රාශයේ, ධමනි සහ අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි දක්නට ලැබේ. **විශේෂ ලක්ෂණ** සෙමින් ක්‍රියාකරනු ලබයි. ඉක්මනින් විඩාවට පත් නොවේ. ස්නායු ජන්‍ය වේ. ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් ආවේග සැපයේ. අනිච්ඡානුග පේශි වේ. සමහර අවස්ථාවල දී රිද්මයානුකූලව සංකෝචනය වේ. (ක්‍රමාකුංචනය)
26
හෘත් පේශි පටකය
ඒක න්‍යෂ්ටික කෙටි සිලින්ඩරාකාර සෛලවලින් සමන්විත වේ. ඇතැම් සෛල ශාඛනය වී පවතී. දිගින් අඩුම පේශි සෛල අකාරයයි. සෛල අන්තරස්ථාපිත මඬල මගින් එකිනෙකට සම්බන්ධ කෙරේ. සෛල අතර සන්නිවේදන/හිදැස් සන්ධි පවතී. සෛල සකොමියරය මගින් විලේඛිත වී ඇත. හෘදයේ අනිච්ඡානුග සංකෝචනයට හෘත් පේශි දායක වේ. සෛලයෙන් සෛලයට සංඥා හුවමාරුවට සහ හෘදයේ සමකාලීකෘත සංකෝචනයට අන්තරස්ථාපිත මඬල උදව් වේ. පෘෂ්ඨවශීන්ගේ හෘද බිත්තියේ පමණක් මේ පටකය පවතී. අපෘෂ්ඨවංශීන්ගේ හෘද බිත්තිය තැනෙන්නේ සිනිඳු පේශිවලිනි. **විශේෂ ලක්ෂණ** පේශි ජන්‍ය වේ. එනම් සංකෝචනය වීමට හෘත් පේශි උත්තේජනය වන්නේ ස්නායු මගින් නොව හෘත් පේශිවලින් සෑදුණු හෘත් ගතිකරය මගිනි. රිද්මාකාරව ප්‍රබල සංකෝචන ඇති කරයි. විඩාවට පත් නොවේ. හෘත් පේශි වෙතට ස්වයං සාධක ස්නායු ළඟා වේ. එම ස්නායු මගින් රිද්මය පාලනය වේ. අනිච්ඡානුගව ක්‍රියා කරයි.
27
ස්නායු පටකය
විද්‍යුත් රසායනික අවේග සන්නයනය කරමින් අවයව අතර සමායෝජනය ඇති කරන පටකයයි. පටකයේ සෛල අතර අන්තර් සෛලීය ද්‍රව්‍ය නැත. සෛල අතර උපාගම පිහිටයි. කලල විකසනයේ එක්තරා අවධියකින් පසු පටකයේ සෛල සංඛ්‍යාව තවදුරටත් වැඩි නොවේ. ස්නායු පටකය මොළයේ, සුෂුම්නාවේ සහ ඒවායින් නික්මෙන ස්නායු තුළ පවතී. ස්නායු පටකයේ සෛල වර්ග 2කි. 1. නියුරෝන සෛල 2. නියුරොග්ලියා සෛල (ග්ලියා සෛල)
28
නියුරෝන සෛල
ස්නායු ආවේග ලබා ගැනීම, සැකසීම සහ සම්ප්‍රේෂණය සිදු කරයි. ස්නායු පද්ධතියේ මූලික ව්‍යුහමය ඒකකය වේ. නියුරෝනයකට සෛල දේහයක්, අනුශාඛිකා සහ අක්සනයක් අඩංගු වේ. අනුශාඛිකා සහ සෛල දේහවලින් වෙනත් නියුරෝනවලින් පැමිණෙන ආවේග ලබාගනී. අක්සන මගින් වෙනත් නියුරෝනවලට, සෛලවලට හෝ පේශිවලට ආවේග සම්ප්‍රේෂණය සිදු කරයි. අක්සන කදම්භයක් ආකාරයෙන් එකට එක් වී ස්නායු සෑදී ඇත. ඒවා සම්බන්ධක පටක මගින් ආවරණය වී ඇත.
29
නියුරෝන වර්ග
ඉටුකරන කාර්යය මත නියුරෝන වර්ග තුනකි. 1. චාලක නියුරෝන - මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක අවයව වෙතට ආවේග ගෙන යයි. 2. සංවේදක නියුරෝන - සංවේදී අවයවවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට අවේග ගෙන යයි. 3. අන්‍තර්භාර නියුරෝන - සංවේදක නියුරෝන සහ චාලක නියුරෝන අතර සම්බන්ධතාවය ඇති කරයි. මධ්‍ය ස්නායු පද්ධතිය තුළ පවතී.
30
නියුරොග්ලියා සෛල (ග්ලියා සෛල)
ස්නායු සෛලවලට/නියුරෝනවලට සන්ධාරණය සපයයි. කාර්යභාරය වන්නේ, ස්නායු සෛලවලට පෝෂණය සැපයීම. ස්නායු සෛල පරිවරණය කිරීම. ස්නායු සෛලවල අඩුව සම්පූර්ණ කිරීම/පිරවීම. සමහර අවස්ථාවල ස්නායු සෛලවල කෘත්‍යය නිසි ලෙස හැසිරවීම.