Reproduction Flashcards
(17 cards)
ප්‍රජනනය
පවතින ජීවීන්ගෙන් නව ඒකෛකයන් පරපුරක් බිහි කරන ජෛවීය ක්‍රියාවලියකි.
ප්‍රජනන ආකාර
සතුන් අතර ප්‍රජනන ආකාර 2ක් දැකිය හැක.
- අලිංගික ප්‍රජනනය
- ලිංගික ප්‍රජනනය
බොහෝ සතුන් සඳහා ප්‍රධාන ප්‍රජනන ක්‍රමය හෝ එකම ක්‍රමය වන්නේ ලිංගික ප්‍රජනනය යි.
විශේෂයෙන් අපෘෂ්ඨවංශින් අතර අලිංගික ප්‍රජනන ආකාර කිහිපයක් දැකිය හැක.
අලිංගික ප්‍රජනනය
ඩිම්බ හා ශුක්‍රාණු හාවීමෙන් තොරව එක් ජනකයකු විසින් නව ඒකෛකයන් ජනනය කරන ක්‍රියාවලියකි.
සම්පූර්ණයෙන්ම අනූනන සෛල විභාජනය මත රඳා පවතී.
තනි ජනකයකුගෙන් සීඝ්‍ර ලෙස විශාල ජනිතයන් සංඛ්‍යාවක් ගුණනය වීම සඳහා දායක වේ.
ප්‍රජනනය සදහා සහායකයන් සෙවීමට කාලයක් හෝ ශක්තිය වැය වීමක් සිදු නොවේ.
නිපදවූ ජනිතයන් එකිනෙකාට මෙන්ම තනි ජනකයාටද ප්‍රවේණිකව සර්වසම වේ.
අපෘෂ්ඨවංශිකයන් අතර අලිංගික ප්‍රජනන ක්‍රම කිහිපයක්ම දැකිය හැක.
- අංකුරණය
- කඩ කඩ වීම හා පුනර්ජනනය
- පාතෙනෝද්භවය/ කෞමාරෝද්භවය
අංකුරණය
අලිංගික ප්‍රජනන ක්‍රමයකි.
සතුන්ගේ බාහිරයට වැඩෙන කොටසකින් නව ජනිතයෝ බිහි වෙති.
උදා: හයිඩ්‍රා (Hydra)
අනූනව විභාජනය වන සෛල ගොනුවක් සහිත ස්ථානයකින් කුඩා හයිඩ්‍රාවකු විකසනය වී, අනතුරුව මව් ජීවියාගෙන් ගැලවී වෙන්ව යයි.
කඩ කඩ වීම සහ පුනර්ජනනය
අලිංගික ප්‍රජනන ක්‍රමයකි.
දේහය හෝ දේහ කොටසක් කැබලි කිහිපයකට කැඩී ගොස් ඒ එක් එක් කොටසකින් වෙන් වූ ජනිතයෙක් වර්ධනය වේ.
ජීවියාගේ කැඩී ගිය කොටස නැවත වර්ධනය වීමෙන් (පුනර්ජනනය) අඩුපාඩු වූ ශරීරයේ කොටස් සම්පූර්ණ කර ගනිමින් ජීවියකු බවට පත් වේ.
උදා: සමහර ඇනෙලිඩාවෝ
බොහෝ ස්පොන්ජින්
නිඩාරියාවෝ
පාතෙනෝද්භවය
අසාමාන්‍ය අලිංගික ප්‍රජනන ක්‍රමයකි.
ඩිම්බයක් සංසේචනයකින් තොරව පූර්ණ ජීවියකු බවට විකසනය වීම මෙහිදී සිදුවේ. අපෘෂ්ඨවංශීන් අතර මී මැස්සන්, කුහුඹුවන්, කූඩිත්තන් හා බඹරුන් ආදී සමහර සතුන් අතර පාතෙනෝද්භවය සිදු වේ. ප්‍රජනිනතයන් ඒක ගුණ හෝ ද්විගුණ විය හැකිය.
මී මැසි ගහනයක පිරිමි මැස්සන් සරු ඒකගුණ පරිණතයන් වන අතර පාතෙනෝද්භවයෙන් විකසනය වේ. එහෙත් ගැහැණු මැස්සන් අතර නිසරු වැඩකාර මැස්සියන් හා සරු රැජිනක් යන දෙවර්ගයම දැකිය හැක. මොවුහු ද්විගුණ පරිණතයන වන අතර සංසේචිත ඩිම්බවලින් විකසනය වෙති.
පෘෂ්ඨවංශිකයන් අතර පාතෙනෝද්භවය දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි.
උදා: සමහට කටුස්සන් හා මත්ස්‍යයින්
ලිංගික ප්‍රජනනය
ජනකයන් දෙදෙනෙකු (පිළිවෙලින් පුරුෂ හා ස්ත්‍රී ජනකයින්) විසින් නිපදවනු ලබන ඒක ගුණ ජන්මාණු (ශුක්‍රාණුවක් හා ඩිම්බයක්) සංයෝගයෙන් බිහිවන ද්විගුණ යුක්තානුවෙන් නව ජනිතයෙකු විකසනය වීමේ ක්‍රියාවලියයි.
ඡායා ජන්මාණුව, එනම් ඩිම්භය විශාල, අචල වන අතර පුං ජන්මාණුව, එනම් ශුක්‍රාණුව සාමාන්‍යයෙන් කුඩා සහ සචල වේ. ඡායා හා පුං ජන්මාණු හා වීමෙන් ද්විගුණ සෛලය හෙවත් යුක්තාණුව සෑදේ. යුක්තාණුවෙන් අනූනනව විකසනය වන ජීවියා පසුව ඌනන විභාජනය මගින් ජන්මාණු සාදයි.
බොහෝ සතුන්ගේ ප්‍රජනනය ප්‍රධාන වශයෙන් හෝ සම්පූර්ණ ලෙසම ලිංගික වේ.
ජන්මාණු සෑදීම
සතුන්ගේ ප්‍රජනක සෛල ලෙස හැඳින්වෙන ජන්මාණු (ශුක්‍රාණු හා ඩිම්බ) යනු එක පරම්පරාවක සිට අනෙක් පරම්පරාවට ජාන සම්ප්‍රේෂණය කරන වාහක වේ. සෑම ජන්මාණුවක්ම ඒක ගුණ, ඒක සෛලීය ප්‍රජනක සෛල වේ. සතුන්ගේ ප්‍රජනනේන්ද්‍රිය (ගොනැඩ) නම් විශේෂිත අවයව තුළ ඌනනය මගින් ජන්මාණු සෑදේ.
ද්විලිංගික ජීවියා හා ඒකලිංගික ජීවියා
ද්විලිංගික ජීවියකුයි පුං හා ඡායා යන ප්‍රජනක ව්‍යුහ දෙකම දරයි. (Hermaphrodite)එහෙයින් එකම ජීවියාට පුං හා ඡායා ජන්මාණු යන දෙවර්ගයම නිපදවීමේ හැකියාව ඇත. උදා: ගැඩවිලා
ඒක ලිංගික ජීවියකු (dioecious) තුළ පුං හෝ ඡායා යන ප්‍රජනක ව්‍යුහ වර්ග දෙකෙන් එකක් පවතී. එනිසා පුන් හෝ ඡායා ජන්මාණු වෙන වෙනම ජීවීන් තුළ නිපදවේ. උදා: මිනිසා
සංසේචනය
යුක්තානුවක් සෑදීම සඳහා ඩිම්බයක් හා ශුක්‍රාණුවක් (ජන්මාණු) එකතු වී ඒවායේ න්‍යෂ්ටි හා වීම සංසේචනයයි. මෙය බාහිර හෝ අභ්‍යන්තර ලෙස සිදුවිය හැක.
බාහිර සංසේචනය
ජලීය පරිසරයේ සිදුවේ. බාහිර සංසේචනය දක්වන විශේෂයන්හි ගැහැණු ජීවියා ඩිම්බද පිරිමි ජීවියා ශුක්‍රාණු ද බාහිර පරිසරයට නිදහස් කරයි. සංසේචනය ජලයේදී සිදුවේ සිදුවේ. බාහිර සංසේචනය සඳහා තෙතමනය සහිත පරිසරය සෑම විටම අත්‍යවශ්‍ය වන අතර එමගින් ජන්මාණු වියළීම වැළැක්වීම ද ශුක්‍රාණුවට ඩිම්බය කරා පිහිනා යෑම පහසු කිරීම ද සිදු කරයි.
උදා: බොහෝ අපෘෂ්ඨවංශිහු
උභය ජීවීහු
බොහෝ අස්ථික මත්ස්‍යයෝ
අභ්‍යන්තර සංසේචනය
ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක මාර්ගයේ හෝ ඊට ආසන්නව තැන්පත් කරන අතර සංසේචනය ස්ත්‍රී ප්‍රජනක මාර්ගය තුළ සිදුවේ.
උදා: කෘමීහු, උරගයෝ, ක්ෂීරපායීහු
අභ්‍යන්තර සංසේචනයා පරිසරය වියළි විටදී වුවද ශුක්‍රාණුවට ඩිම්බය වෙත ළඟාවීමට හැකිවීම සඳහා දක්වන අනුවර්තනයක් ලෙස සැලකිය හැකිය.
පිරිමි සංසර්ග අවයව මගින් ශුක්‍රාණු නිදහස් කරන අතර ගැහැණු ප්‍රජනක මාර්ගයේ ඒවා තැන්පත් කර ගැනීමට හා පරිණත බිම්බ වෙත ශුක්‍රාණු පරිවහනයට දායක වන ග්‍රාහක පවතී.
බාහිර සංසේචනයට වඩා ජන්මාණු සුළු සංඛ්‍යාවක් නිපදවයි. එහෙත් යුක්තානුවේ පැවැත්ම ඉතා ඉහළින් තහවුරු වේ. අභ්‍යන්තර සංසේචනයේදී කළලයට ද ඉතා විශාල ආරක්ෂාවක් සැපයේ. බොහෝ සත්තු මාපිය රැකවරණය සලසති සලසති. අභ්‍යන්තර සංසේචනය පෙන්වන පක්ෂීන්ගේ හා උරගයන්ගේ සංසේචිත බිම්බ කවචයකින් හා අභ්‍යන්තර පටලවලින් ආවරණය වී ඇත. එමගින් ජල හානියෙන් හා භෞතික හානිවලින් බිම්බ ආරක්ෂා කරයි. තවත් සමහර ජීවීහු විකසනයේ යම් අවධියක් දක්වා ස්ත්‍රී ප්‍රජනක මාර්ගය තුළ කළලය රඳවා තබා ගනිති.
අලිංගික ප්‍රජනනයේ වැදගත්කම
- තනි ජනක ජීවියකුගෙන් සීඝ්‍ර ලෙස ගුණනය වී ඒකෛකයන් නිපදවීම අලිංගික ප්‍රජනනයේ වී සිදු වේ.
- ප්‍රජනනය සදහා සහායකයන් සෙවීමට කාලයක් හෝ ශක්තිය වැය වීමක් සිදු නොවේ.
- ප්‍රජනිතයන් එකිනෙකාට හා තම ජනක ජීවියාට ප්‍රවේණිකව සර්වසම බැවින් ගහනයක් තුළ ප්‍රවේණික ප්‍රභේදන නැත (හෝ දැකිය හැක්කේ ස්වල්පයකි.)
- එහෙයින් අලිංගික ප්‍රජනනය ස්ථායී, පරිසර හිතකාමී තත්ත්ව යටතේ ඉතා වාසිදායක ක්‍රමයකි.
- එමගින් වඩාත් සාර්ථක ප්‍රවේණි දර්ශ විශිෂ්ට ලෙස ව්‍යාප්ත කළ හැක.
අලිංගික ප්‍රජනනයේ අවාසි
- ජනක සෛලවල යම්කිසි විකෘතියක් වුවහොත් වෙනස් වන පරිසරය තුළ ප්‍රජනිතයන්ගේ පැවැත්ම සඳහා එය අහිතකර බලපෑම් ඇතිවිය හැකිය.
- ජීවියෙකුගේ අහිතකර විකෘතියක් ඇත්නම්, පරිසර වෙනස් වීමක් ගහනයේ සියලු ජීවීන්ට මාරාන්තික ලෙස බලපෑමට හැකිය.
ලිංගික ප්‍රජනනයේ වැදගත්කම
- අලිංගික ප්‍රජනනය මෙන් නොව ලිංගික ප්‍රජනනයේ දී ජනකයක් දෙදෙනාගේ ප්‍රවේණික ද්‍රව්‍ය එක් වී එක් අනන්‍ය ජනිතයකු බිහි කරයි.
- ලිංගික ප්‍රජනනයේ දී සිදුවන ඌනන ප්‍රතිසංයෝජනය වෙනස් වූ ප්‍රවේණි දර්ශ බිහි වීමට උපකාර කරයි.
- මෙසේ අනන්‍ය ජාන සංයෝජන බිහි වීම වෙනස් වන පරිසරයට ඔරොත්තු දෙන විශේෂ බිහි වීමට හා ප්‍රජනකව සාර්ථක විශේෂ බිහිවීමට දායක වේ.
- ප්‍රතිසංයෝජනයේ ඇතිවන වාසිදායක ජාන සංයෝජනය නිසා අනුවර්තනය වේගවත් වේ.
- ලිංගික ප්‍රජනනයේ දී ජාන මිශ්‍ර වීම හේතුවෙන් අහිතකර ජාන කට්ටල ගහනයෙන් පහසුවෙන් ඉවත් වීම විශේෂයේ පැවැත්ම හොඳින් තහවුරු කරයි.
මානව පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය
පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන අභ්‍යන්තර ව්‍යුහ
1. වෘෂණ(ගොනැඩ) - ශුක්‍රාණු හා ප්‍රජනක හෝමෝන නිපදවයි.
- අපිවෘෂණ - පරිණත ශුක්‍රාණු සංචිත කර තබාගනී.
- අතිරේක ග්‍රන්ථි - ශුක්‍රාණු චලනයට අවශ්‍ය තරල ස්‍රාවය කරයි.
- ප්‍රණාල - පරිණත ශුක්‍රාණු හා ග්‍රන්ථිමය ස්‍රාව පරිවහනය කරයි.
බාහිර පුරුෂ ප්‍රජනක අවයව
1. වෘෂණ කෝෂ
2. ශිෂ්ණය
වෘෂණ කෝෂ