D Block Elements Flashcards
(20 cards)
D block elements Introduction
අවුෆ්බාවු මූලධර්මයට අනුව e පිරීමේ දී අවසන් eය d උපශක්ති මට්ටමකට පිරෙන මූලද්‍රව්‍ය වේ.
ආවර්තිතා වගුවේ 3 සිට 12 දක්වා කාණ්ඩ අයත් වේ.
(4වන ආවර්තයේ d ගොනුව / 3d ගොනුව පිළිබඳව පමණක් මෙහි ඉගෙන ගනී.)
ආන්තරික මූලද්‍රව්‍ය
මූලද්‍රව්‍යයේ භූමි අවස්ථාවේ දී හෝ ස්ථායී ඔක්සිකරණ අවස්ථාවල දී භාගිකව / අසම්පූර්ණව පිරුණු d උපශක්ති මට්ටමක් සහිත මූලද්‍රව්‍ය වේ.
3d ගොනුවේ පවතින එකම ආන්තරික නොවන මූලද්‍රව්‍යය Zn වේ.
ජලීය ද්‍රාවණ හා ඔක්සො ඇනායනවල වර්ණ
ජලීය ද්‍රාවණවල ඇති බොහෝ ආන්තරික මූලද්‍රව්‍යවල අයන ව්ද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය ප්‍රදේශයේ විකිරණ අවශෝෂණය කර විවිධ වර්ණ නිපදවයි. මේ හැකියාව ඇත්තේ අර්ධව පිරුණු d උපකාක්ෂික ඇති නිසා වේ.
Sc3+ & Zn2+ අර්ධව පිරුණු d උපකාක්ෂික නැති නිසා අවර්ණ වේ.
MnO4- & CrO42- වල වර්ණ ඇති වන්නේ d කාක්ෂික අතර e සංක්‍රමණ නිසා නොවේ.
S block metalic ions අවර්ණ වේ. ඒවායේ සම්පූර්ණව පිරුණු d කාක්ෂික ඇත.
Sc3+ - අවර්ණ
Ti4+ - අවර්ණ
Ti3+ - දම්
Cr3+ - දම්
Mn2+ - ලා රෝස
Fe3+ - කහ දුඹුරු
Fe2+ - ලා කොළ
Co2+ - රෝස
Ni2+ - කොළ
Cu2+ - ලා නිල්
Cu+ - අවර්ණ
Zn2+ - අවර්ණ
MnO4- - දම්
MnO42- - කොළ
CrO42- - කහ
Cr2O72- - තැඹිලි
D block මූලද්‍රව්‍යවල ආවර්තිත විචලන
S block අනුරූප මූලද්‍රව්‍යවලට සාපේක්ෂව පරමාණුක අරය අඩුය. වමේ සිට දකුණට පරමාණුක අරය සුළු අඩු වීමක් පමණක් පෙනේ. Sc සිට Ni දක්වා පරමාණුක අරය සුළු වශයෙන් අඩු වී Ni සිට Zn දක්වා සුළු වශයෙන් වැඩි වේ.
D block ලෝහ S block ලෝහවලට වඩා විද්‍යුත් ඍණතාවයෙන් වැඩිය. එනිසා ප්‍රතික්‍රියාශීලීත්වය S block ලෝහවලට වඩා අඩුය. වමේ සිට දකුණට විද්‍යුත් ඍණතා සුළු වශයෙන් වැඩි වේ. Mn හා Zn වල e වින්‍යාසයන්හි ස්ථායිතාව නිසා එම මූලද්‍රව්‍යවල විද්‍යුත් ඍණතා තරමක් අඩු වේ.
අයනීකරණ ශක්ති s<d<p එනිසා ප්‍රතික්‍රියාශීලීත්වය S block ලෝහවලට වඩා අඩුය.
වමේ සිට දකුණට සුළු විචලන පමණක් පෙනේ. Zn හි ස්ථායී e වින්‍යාසය නිසා 3d ආවර්තයේ ඉහළම අයනීකරණ ශක්තිය පෙන්වයි.
D block metals වැඩි e ගණනක් e ජලාශයට මුදාහරිමින් වඩා ප්‍රබල ලෝහක දැලිස් සාදයි. එනිසා S block metals වලට වඩා ඉහළ ද්‍රවාංක, තාපාංක හා දෘඩතාවයන් දක්වයි.
වැඩිම තාපාංකය - V
අඩුම ද්‍රවාංක තාපාංක - Zn
S block ලෝහවලට සාපේක්ෂව ඝනත්වය ඉහළ වේ.
D block මූලද්‍රව්‍යවල විචල්‍ය ඔක්සිකරණ අංක
Sc හා Zn හැර අනෙක් මූලද්‍රව්‍ය විචල්‍ය ඔක්සිකරණ අංක පෙන්වයි. Sc හා Zn හි අසම්පූර්ණ d කාක්ෂික නැති වීම හේතුවයි.
මෙසේ විචල්‍ය ඔක්සිකරණ අවස්ථා ඇති නිසා D block metals & oxides උත්ප්‍රේරක ලෙසද භාවිත වේ.
D block මූලද්‍රව්‍යයකට පෙන්විය හැකි ඉහළම ඔක්සිකරණ අංකය බොහෝවිට එහි 3d & 4s eවල එකතුවට සමානය.
Sc - +3
Ti - (+2) +3 +4
V - (+2) (+3) +4 +5
Cr - (+1) +2 +3 (+4) (+5) +6
Mn - +2 +3 +4 (+5) (+6) +7
Fe - +2 +3 (+4) (+5) (+6)
Co - +2 +3 (+4)
Ni - +2 (+3) (+4)
Cu - +1 +2 (+3) (+4)
Zn - +2
Oxides
D block මූලද්‍රව්‍යවලට විචල්‍ය ඔක්සිකරණ අංක ඇති නිසා ඔක්සයිඩ ද කීපයක් පවතී.
ඔක්සිකරණ අංකය මත ඔක්සයිඩවල ගුණ සහ බන්ධන ස්වභාවයන් රඳා පවතී.
බන්ධන ස්වභාවය වෙනස්වීම මගින් ලෝහ ඔක්සයිඩවල අම්ල භෂ්ම ස්වභාවය තීරණය වේ.
ඉහළ ඔ’කරණ අංක - සහසංයුජ බන්ධන - ආම්ලික
පහළ ඔ’කරණ අංක - අයනික ලක්ෂණ - භාෂ්මික
V
+2 - VO - භාෂ්මික
+3 - V2O3 - දුබල භාෂ්මික
+4 - VO2 - උභයගුණී
+5 - V2O5 - ආම්ලික
Cr
+2 - CrO - දුබල භාෂ්මික
+3 - Cr2O3 - උභයගුණී
+4 - CrO2 - දුබල ආම්ලික
+6 - CrO3 - ආම්ලික
Mn
+2 - MnO - භාෂ්මික
+3 - Mn2O3 - දුබල භාෂ්මික
+4 - MnO2 - උභයගුණී
+6 - MnO3 - දුබල ආම්ලික
+7 - Mn2O7 - ආම්ලික
3d block මූලද්‍රව්‍ය ඔක්සයිඩවලට අමතරව සංයුක්ත ඔක්සයිඩ ද සාදයි.
Fe3O4 = Fe2O3.FeO
Mn3O4 = Mn2O3.MnO
3d block මූලද්‍රව්‍යවල භාවිත
Sc - ශක්තිමත් මිශ්‍ර ලෝහ සෑදීම, ක්‍රීඩා උපකරණ සෑදීම
Ti - ශක්තිමත් සැහැල්ලු මිශ්‍ර ලෝහ සෑදීම, ලෝහමය අස්ථි කොටස් සෑදීම, විඛාදනය අඩු ලෝහයකි
V - උත්ප්‍රේරක සංයෝග සෑදීම, වානේ සෑදීමට මිශ්‍ර කිරීම
Cr - මළ නොබැදෙන වානේ සෑදීම
Mn - වානේ සෑදීමට මිශ්‍ර කිරීම, ඇල්කලයින් බැටරි නිපදවීම
Fe - ඉදිකිරීම් කර්මාන්තය, වානේ නිපදවීම, කාන්දම් සෑදීම
Co - විකිරණ ප්‍රතිකර්ම සදහා (60 Co), ලිතියම් බැටරි නිපදවීම, මිශ්‍ර ලෝහ සෑදීම
Ni - මළ නොබැදෙන වානේ සෑදීම, බැටරි නිපදවීම
Cu - විද්‍යුත් සන්නායක රැහැන් නිපදවීම, ඉදිකිරීමේ කර්මාන්තය, පිත්තල වැනි මිශ්‍ර ලෝහ සෑදීම
Zn - යකඩ ගැල්වනයිස් කිරීම, පිත්තල වැනි මිශ්‍ර ලෝහ සෑදීම
d block මූලද්‍රව්‍යවල උත්ප්‍රේරක ගුණ
අර්ධව පිරුණු හෝ හිස් d කාක්ෂික ඇති නිසා බොහෝ ආන්තරික ලෝහ සහ සංයෝග උත්ප්‍රේරක ලෙස හැසිරේ. මෙමගින් d කාක්ෂිකවලට e ලබාගැනීම හෝ දායක කිරීම සිදු කළ හැක. මේ ලක්ෂණය උත්ප්‍රේරක ගුණ ඵලදායී බව පෙන්වයි.
- හයිඩ්‍රජනීකරණය සඳහා Pd
- NH3, NO බවට ඔ’කරණය සඳහා Pt/Rh
- SO2, SO3 බවට ඔ’කරණය සඳහා V2O5
- එතීන් බහුඅවයවීකරණයට TiCl3/Al[C2H5]6
D block MCQ points
සියල්ල ලෝහ වේ. (Hg ද්‍රව අවස්ථාවේ ලෝහයකි.)
කාණ්ඩයක පහළට ලෝහ ගුණ වැඩි වේ.
ලෝහක බන්ධන සෑදීමේ දී s electrons & extra d electrons සහභාගී වීම නිසා හොඳ තාප හා විද්‍යුත් සන්නායක වේ.
වැඩිම විද්‍යුත් සන්නායකතාවය - Ag
ජලය සමග ප්‍රතික්‍රියා නොපෙන්වයි.
Special Points
- සියලු ජලීය සංකීර්ණවල සංගත අංකය 6 වේ.
- සියලු ක්ලෝරයිඩ් සංකීර්ණවල සංගත අංකය 4 වේ.
- Cu හා Znවල ඇමීන් සංකීර්ණවල සංගත අංකය 4වන අතර Co හා Niවල එය 6ක් වේ.
- වැඩිපුර OH- හමුවේ විශේෂ නිරීක්ෂණයක් ලබා දෙන්නේ Cr3+ හා Zn2+ පමණි.
- වැඩිපුර තනුක NH3 හමුවේ විශේෂ නිරීක්ෂණයක් ලබා දෙන්නේ අවසන් මූලද්‍රව්‍ය 4 පමණි.
- බහුතරයක් ඇමීන් සංකීර්ණ තද නිල් පැහැතිය.
- බහුතරයක් ක්ලෝරයිඩ් සංකීර්ණ කහ පැහතිය.
- බහුතරයක් අයනවල ජලීය ද්‍රාවණවල වර්ණය ඒවායේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ වර්ණයට ආසන්න වේ.
Zn - සින්ක්
1S2 2S2 2P6 3S2 3P6 3d10 4S2
white vibe
ජලීය අයන - Zn2+
උභයගුණී ලෝහයකි.
3d ගොනුවේ ආන්තරික නොවන එකම මූලද්‍රව්‍ය වේ.
එනිසා ජලීය ද්‍රාවණ අවර්ණ වේ. අවක්ෂේප / ඝන සුදු පැහැ වේ.
ප්‍රතික්‍රියා
1. Zn2+ ජලීය ද්‍රාවණය -
තනුක අම්ලයක දිය වී [Zn(H2O)6]2+ අවර්ණ ද්‍රාවණය
- ක්‍රමයෙන් OH- හෝ ක්‍රමයෙන් තනුක NH3/NH4OH -
Zn(OH)2 සුදු ජෙලටිනීය අවක්ෂේපය - වැඩිපුර OH- -
[Zn(OH)4]2- අවර්ණ ද්‍රාවණය - වැඩිපුර තනුක NH3/NH4OH -
[Zn(NH3)4]2+ අවර්ණ ද්‍රාවණය - සාන්ද්‍ර HCl -
[ZnCl4]2- අවර්ණ ද්‍රාවණය
Special Points
1. ZnO කාමර උෂ්ණත්වයේ දී සුදු පැහැ වුවද ඉහළ උෂ්ණත්වවල දී කහ පැහැතිය.
- Zn(OH)2 තාප වියෝජනයෙන් ZnO හා H2O
- ZnCO3 තාප වියෝජනයෙන් ZnO හා CO2
- NH3 භාවිතයෙන් Zn2+ හා Al3+ වෙන් කරගත හැක. 2හිම ජලීය ද්‍රාවණවලට ක්‍රමයෙන් තනුක NH3 යෙදූ විට සුදු ජෙලටිනීමය හයිඩ්‍රොක්සයිඩ අවක්ෂේප ලැබේ. නමුත් වැඩිපුර තනුක NH3 යෙදූ විට Zn පමණක් අවර්ණ ද්‍රාවණයක් ලබා දේ.
- Al සාදන සංයෝග e ඌන වුවද Zn එවැනි සංයෝග නොසාදයි.
- Al මෙන්ම Znද ,
Zn + HCl ———-> ZnCl2 + H2
Zn + NaOH—->Na2ZnO2 +H2
Cu - කොපර්
1S2 2S2 2P6 3S2 3P6 3d10 4S1
blue vibe.
ජලීය අයන - Cu+, Cu2+
ඉහළ විද්‍යුත් සන්නායකතාවයක් ඇති ලෝහයකි.
සාමාන්‍යයෙන් තනුක අම්ල සමග ප්‍රතික්‍රියා නොකරයි. නමුත් තනුක නයිට්‍රික්වල දිය වේ.
ප්‍රතික්‍රියා
1. Cu2+ ජලීය ද්‍රාවණය -
සාන්ද්‍ර අම්ලයක දිය වී [Cu(H2O)6]2+ ලා නිල් ද්‍රාවණය
මෙය potassium ferrocyanide සමග cupric ferrocyanide solid ලබා දේ.
- ක්‍රමයෙන් OH- හෝ ක්‍රමයෙන් තනුක NH3/NH4OH -
Cu(OH)2 නිල් අවක්ෂේපය
Cu(OH)2 තාප කළ විට CuO කළු ඝනය ඇති වේ.
- වැඩිපුර OH- - nothing
- වැඩිපුර තනුක NH3/NH4OH -
[Cu(NH3)4]2+ තද නිල්/නිල් දම් ද්‍රාවණය - සාන්ද්‍ර HCl -
[CuCl4]2- කහ ද්‍රාවණය
(මෙහි දී [CuCl(H2O)5]- අතරමැදි අවස්ථාවක් ඇතිවිය හැකි අතර එවිට වර්ණය කොළ වේ.)
Special Points
1. Cu+(aq) අවර්ණ ද්‍රාවණයකි.
- Cu වල හේලයිඩ
- Cu+ —-> CuCl, CuBr, CuI
ජල අද්‍රාව්‍ය සුදු පැහැ ඝන වේ. මුලු d ගොනුවටම අවක්ෂේප වන හේලයිඩ් මේවා පමණි.
- Cu2+ —-> CuCl2 ලා දුඹුරු
CuBr2 කළු අළු
CuI2 නොපවතී.
ජලයේ දිය වී නිල් පැහැ ද්‍රාවණ සාදයි.
CuCl2(aq) ——-> Cu2+(aq) + 2Cl-(aq)
- oxides
(+1) Cu2O - රතු දුඹුරු
(+2) CuO - කළු - සජල ලවණ සාමාන්‍යයෙන් නිල් පැහැ අතර නිර්ජල ලවණ සුදු පැහැතිය.
- Cu2+ +Cu ——–> Cu+
- Cu2+ + I- ——> CuI(s) අඳුරු සුදු + I2(aq) දුඹුරු
Ni - නිකල්
1S2 2S2 2P6 3S2 3P6 3d8 4S2
green vibe
ජලීය අයන - Ni2+
ප්‍රතික්‍රියා
1. Ni2+ ජලීය ද්‍රාවණය -
තනුක අම්ලයක දිය වී [Ni(H2O)6]2+ කොළ ද්‍රාවණය
- ක්‍රමයෙන් OH- හෝ ක්‍රමයෙන් තනුක NH3/NH4OH -
Ni(OH)2 කොළ අවක්ෂේපය - වැඩිපුර OH- -
nothing - වැඩිපුර තනුක NH3/NH4OH -
[Ni(NH3)6]2+ තද නිල් ද්‍රාවණය - සාන්ද්‍ර HCl -
[NiCl4]2- කහ ද්‍රාවණය - D.M.G. - රතු අවක්ෂේපය
Co - කොබෝල්ට්
1S2 2S2 2P6 3S2 3P6 3d7 4S2
pink vibe (female in the 3d block)
ජලීය අයන - Co2+
ප්‍රතික්‍රියා
1. Co2+ ජලීය ද්‍රාවණය -
තනුක අම්ලයක දිය වී [Co(H2O)6]2+ රෝස ද්‍රාවණය
- ක්‍රමයෙන් OH- හෝ ක්‍රමයෙන් තනුක NH3/NH4OH - පළමුව [Co(OH)(H2O)5]+ නිල් අවක්ෂේපය ලැබී පසුව
Co(OH)2 රෝස අවක්ෂේපය ලැබේ. - වැඩිපුර OH- -
nothing - වැඩිපුර තනුක NH3/NH4OH -
[Co(NH3)6]2+ කහදුඹුරු ද්‍රාවණය
[Co(NH3)6]2+ වාතය හෝ H2O2 හමුවේ [Co(NH3)6]3+ රතු දුඹුරු ද්‍රාවණය බවට ඔක්සිකරණය වේ. - සාන්ද්‍ර HCl -
[CoCl4]2- නිල් ද්‍රාවණය - D.M.G. - දුඹුරු ද්‍රාවණය
Fe - යකඩ
1S2 2S2 2P6 3S2 3P6 3d6 4S2
ජලීය අයන - Fe2+, Fe3+
ප්‍රතික්‍රියා
1. ජලීය ද්‍රාවණය -
තනුක අම්ලයක දිය වී [Fe(H2O)6]2+ ලා කොළ ද්‍රාවණය සාදන අතර එය වාතය මගින් ඔ’කරණය වී [Fe(H2O)6]3+ කහ දුඹුරු ද්‍රාවණය සෑදේ.
- ක්‍රමයෙන් OH- හෝ ක්‍රමයෙන් තනුක NH3/NH4OH -
Fe2+(aq) ——> Fe(OH)2 කිලිටි කොළ අවක්ෂේපය
Fe3+(aq) ——> Fe(OH)3 රතු දුඹුරු අවක්ෂේපය
Fe(OH)2 වාතය මගින් ඔ’කරණය වී Fe(OH)3 සෑදේ.
Fe(OH)3 තාප වියෝජනය මගින් Fe2O3 රතු දුඹුරු අවක්ෂේපය ලැබේ. - වැඩිපුර OH- -
nothing - වැඩිපුර තනුක NH3/NH4OH -
nothing - සාන්ද්‍ර HCl -
Fe2+(aq) ——> [FeCl4]2- කහ ද්‍රාවණය
Fe3+(aq) ——> [FeCl4]- කහ ද්‍රාවණය - වැඩිපුර CN- -
Fe2+(aq) ——> [Fe(CN)6]4- කහ කොළ ද්‍රාවණය
Fe3+(aq) ——> [Fe(CN)6]3- *කහ දුඹුරු ද්‍රාවණය)
කැටායන හඳුනාගැනීම
Fe2+(aq) - with potassium ferricyanide KFe[Fe(CN)6] තද නිල් අවක්ෂේපය සාදයි.
Fe3+(aq) - with potassium ferrocyanide Fe4[Fe(CN)6]3 ප්‍රශියන් තද නිල් අවක්ෂේපය සාදයි.
තරමක් දුරට ආම්ලික NH4SCN ද්‍රාවණය මගින් [Fe(SCN)(H2O)5]2+ ලේ රත් පැහැ ජලීය සංකීර්ණය සාදයි.
Special Points
1. Fe3+ + Fe ——–> Fe2+
- Fe3+ + I- ——> Fe2+ + I2(aq) දුඹුරු
Mn - මැංගනීස්
1S2 2S2 2P6 3S2 3P6 3d5 4S2
ජලීය අයන - Mn2+, Mn3+
ප්‍රතික්‍රියා
1. Mn2+ ජලීය ද්‍රාවණය -
තනුක අම්ලයක දිය වී [Mn(H2O)6]2+ ලා රෝස ද්‍රාවණය
- ක්‍රමයෙන් OH- හෝ ක්‍රමයෙන් තනුක NH3/NH4OH -
Mn(OH)2 කහ සුදු/ක්‍රීම් අවක්ෂේපය
Mn(OH)2 වාතය හමුවේ හෝ H2O2 මගින් MnO2 කළු දුඹුරු අවක්ෂේපය බවට ඔ’කරණය වේ. - වැඩිපුර OH- -
nothing - වැඩිපුර තනුක NH3/NH4OH -
nothing - සාන්ද්‍ර HCl - [MnCl4]2- කහ කොළ ද්‍රාවණය
special points
1. ඔක්සො ඇනායන
(+7) MnO4- - දම්
(+6) MnO42- - කොළ
- MnO4- සාන්ද්‍ර භෂ්මයක් හමුවේ MnO42- බවට ඔ’හරණය වේ.
MnO42-ට අම්ලයක් යෙදු විට Mn, MnO4- හා MnO2 අවක්ෂේපය බවට ද්විධාකරණය වේ. - MnO2 ප්‍රබල ඔ’කාරකයකි. එමගින් සාන්ද්‍ර HCl පවා Cl2 බවට ඔ’කරණය වේ.
- MnO4-හිදී Mn එහි ඉහළම ඔ’කරණ අවස්තාවේ ඇති අතර එයට ප්‍රබල ඔ’කාරක ගුණ ඇත. ආම්ලික මාධ්‍යයේදී MnO4- ——> Mn2+ බවට ඔ’හරණය වී පහත පරිදි ඔ’කරණ රැසක් සිදුකරයි.
SO2 ——> SO42-
H2S ——> S
Fe2+ ——> Fe3+
Sn2+ ——> Sn4+
I- ——> I2
Cl- ——> Cl2
Br- —–> Br2
H2O2 ——> O2
C2O42- ——> CO2
NO2- ——> NO3-
භාෂ්මික මාධ්‍යයේ දී MnO4- ——> MnO2 බවට ඔ’හරණය වී I- —-> IO3- ඔ’කරණය කරවයි.
Cr - ක්‍රෝමියම්
1S2 2S2 2P6 3S2 3P6 3d5 4S1
3d block හි වැඩිම වියුග්ම e සහිත මූලද්‍රව්‍ය
ජලීය අයන - Cr3+
ප්‍රතික්‍රියා
1. Cr3+ ජලීය ද්‍රාවණය -
තනුක අම්ලයක දිය වී [Cr(H2O)6]2+ නිල් ද්‍රාවණය සෑදේ මෙය අස්ථායී බැවින් වාතය මගින් ඔ’කරණය වී [Cr(H2O)6]3+ දම් ද්‍රාවණය ලැබේ.
- ක්‍රමයෙන් OH- හෝ ක්‍රමයෙන් තනුක NH3/NH4OH -
Cr(OH)3 නිල් කොළ අවක්ෂේපය - වැඩිපුර OH- -
[Cr(OH)6]3- කොළ ද්‍රාවණය - වැඩිපුර තනුක NH3/NH4OH -
nothing
NH3(l) සමග [Cr(NH3)6]3+ දම් ද්‍රාවණය - සාන්ද්‍ර HCl - [CrCl6]3- නිල් ද්‍රාවණය
special points
1. Cr3+ යම් ප්‍රතික්‍රියාවකින් ගත් විට කොළ පැහැතිය. එයට හේතුව ප්‍රතික්‍රියා මාධ්‍යයේ ඇති විවිධ අයන සමග සංගත සංකීර්ණ සෑදීමයි. නමුත් එම අයන ජල අණු මගින් ප්‍රතිස්ථාපනය වී ටිකකින් යළි දම් පැහැ වේ.
- ඔක්සො ඇනායන
(+6) Cr2O72- තැඹිලි
(+6) CrO42- කහ
මෙම ඔක්සො ඇනායන 2 සමතුලිතතාවයක පවතී. මාධ්‍ය ආම්ලික විට Cr2O72- ද භාෂ්මික විට CrO42- ද සෑදේ. - Cr3+(aq) , Cr(OH)3(s) & [Cr(OH)6]3-(aq) ක්ෂාරීය මාධ්‍යයේ H2O2 මගින් CrO42-බවට ඔ’කරණය වේ.
- oxides -
(+3) Cr2O3 - නිල් කොළ
(+6) CrO3 - රතු දුඹුරු (මැණික්) - ඔක්සො අම්ලවල ප්‍රබල ඔ’කාරක ක්‍රියාව
Cr2O72- ——> Cr3+ බවට ඔ’හරණය වී පහත පරිදි ඔ’කරණ සිදු කරයි.
SO2 ——> SO42-
H2S ——> S
Fe2+ ——> Fe3+
I- ——> I2
Cl- ——> Cl2
Br- —–> Br2 - Cr2O72- + H2O2 ——> Cr3+කොළ + O2
Cr3+ + ක්ෂාරීය H2O2 ——> CrO42- + H2O
V - වැනේඩියම්
1S2 2S2 2P6 3S2 3P6 3d3 4S2
විචල්‍ය ඔ’කරණ අංක අනුව ජලීය ද්‍රාවණවල දී වර්ණ
+5 - කහ
+4 - නිල්
(+3) - කොළ
(+2) - දම්
V2O5 දීප්තිමත් තැඹිලි පැහැ ඝන ඔක්සයිඩයකි. සල්ෆියුරික් නිපදවීමේ දී උත්ප්‍රේරක ලෙස භාවිත වේ.
Ti - ටයිටේනියම්
1S2 2S2 2P6 3S2 3P6 3d2 4S2
ජලීය අයන - Ti3+දම්, Ti4+අවර්ණ
TiO2 සුදු පැහැ ඔක්සයිඩයකි. සුදු තීන්ත නිපදවීමට යොදාගනී.
Sc - ස්කැන්ඩියම්
1S2 2S2 2P6 3S2 3P6 3d1 4S2
ජලීය අයන - Sc3+ අවර්ණ
[Sc(H2O)6]3+