S Block Elements Flashcards
(27 cards)
Introduction of S block elements
අවසානයට S උපශක්ති මට්ටමකට e පිරෙන මූලද්‍රව්‍ය
S1 e වින්‍යාසයකින් අවසන් වන මූලද්‍රව්‍ය - 1 කාණ්ඩය / ක්ෂාර ලෝහ
S2 e වින්‍යාසයකින් අවසන් වන මූලද්‍රව්‍ය - 2 කාණ්ඩය / ක්ෂාරීය පාංශු ලෝහ
විද්‍යුත් ධන මූලද්‍රව්‍ය වේ.
ලෝහ වේ.(H හැර)
ස්වභාවයේ ලෝහක දැලිස් ලෙස පවතී.
ක්ෂාර ලෝහ
අනෙකුත් ලෝහවලට සාපේක්ෂව අඩු ඝනත්ව ඇති ලෝහ වේ.
ප්‍රතික්‍රියාශීලීත්වයෙන් ඉහළ ලෝහ වේ.
ns1 වින්‍යාසයක් දරන නිසා +1 ඔ’කරණ අංකය පමණක් පෙන්වයි.
සියල්ල දිලිසෙන සුළු මෘදු ලෝහ වේ.
Li
Na
K
Rb
Cs
Fr - විකිරණශීලී මූලද්‍රව්‍ය
Fr හැර අනෙක් ක්ෂාර ලෝහ මූලද්‍රව්‍යවල සංයෝග සියල්ල අයනික වේ.
ක්ෂාරීය පාංශු ලෝහ
1කාණ්ඩයට සාපේක්ෂව වැඩි ඝනත්ව පෙන්වන ලෝහ වේ.
1කාණ්ඩයට සාපේක්ෂව ප්‍රතික්‍රියාශීලීත්වය අඩු ය.
ns2 වින්‍යාසයක් දරන නිසා +2 ඔ’කරණ අංකය පමණක් පෙන්වයි.
Be හා Mg අළු පැහැ ලෝහ වන අතර අනෙක් ලෝහ දිලිසෙන සුළු මෘදු ලෝහ වේ.
Be - උභයගුණී ලෝහයකි. බහුතරයක් සංයෝග අයනික වේ. BeCl2 වැනි සුලු ප්‍රමාණයක් සංයෝග සහසංයුජ වේ.
Mg - බහුතරයක් සංයෝග අයනික වේ. ග්‍රීනාඩ් ප්‍රතිකාරකය වැනි සහසංයුජ සංයෝග ඉතාම කලාතුරකින් සාදයි.
Ca -
Sr - සියලු සංයෝග අයනික වේ.
Ba-
Ra - විකිරණශීලී මූලද්‍රව්‍ය
කාණ්ඩයක් දිගේ පහළට යාමේ දී,
පරමාණුක අරය වැඩි වේ.
අයනීකරණ ශක්තිය අඩු වේ.
විද්‍යුත් ධනතාවය වැඩි වේ.
විද්‍යුත් ඍණතාවය අඩු වේ.
ලෝහක ගුණ වැඩි වේ.
ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වේ.
ඔක්සිකරණ හැකියාව වැඩි වේ.
ඔක්සිහාරක ගුණ වැඩි වේ.
ලෝහක දැලිස දුර්වල වේ.
ද්‍රවාංක, තාපාංක, දෘඩතාවයන් අනුපිළිවෙළින් අඩු වේ. (Mg හි ද්‍රවාංක හා තාපාංක අසාමාන්‍ය අඩු වීමක් ඇත.)
පොදුවේ ඝනත්ව වැඩි වේ.
පළමු හා දෙවන කාණ්ඩවල අනුයාත මූලද්‍රව්‍ය සංසන්දනය
අයනීකරණ ශක්තිය
1 කාණ්ඩය < 2 කාණ්ඩය
ප්‍රතික්‍රියාශීලීත්වය
1 කාණ්ඩය > 2 කාණ්ඩය
ලෝහක දැලිසේ ප්‍රබලතාව
1 කාණ්ඩය < 2 කාණ්ඩය
ද්‍රවාංක, තාපාංක, දෘඩතාවයන්
1 කාණ්ඩය < 2 කාණ්ඩය
ස්වභාවික පැවැත්ම
Na - NaCl (පාෂාණ ලුණු)
- Na2B2O7.10H2O (බොරැක්ස්)
K - KCl (සිල්වයිට්)
- KCl.MgCl2.6H2O / KMgCl3.6H2O (කානලයිට්)
Mg - MgCO3 (මැග්නසයිට්)
- MgSO4.2H2O (කිසරයිට්)
- KCl.MgCl2.6H2O (කානලයිට්)
- CaCO3.MgCO3 (ඩොලමයිට්)
Ca - CaCO3.MgCO3 (ඩොලමයිට්)
- CaSO4.2H2O (ජිප්සම්)
- [3Ca3(PO4)2CaF2] (ෆ්ලුවොරො ඇපටයිට්)
පහන්සිළු පරීක්ෂාව
එක් එක් ලෝහය බන්සන් දැල්ලට අල්ලා ලැබෙන වර්ණය මගින් ලෝහය හඳුනා ගනී.
- මිනිරන් කුර හෝ ප්ලැටිනම් තුඩ සාන්ද්‍ර HCl වලින් පිසදා බන්සන් දැල්ලට අල්ලයි. පෙර භාවිත කළ අවස්ථාවල දී ඉතිරි වූ ලෝහ කොටස් ඇත්නම් එමගින් අදාළ වර්ණ ඇති වේ. එම වර්ණ ඉවත් වන තෙක් තාප කරයි.
- නැවත සාන්ද්‍ර HCl වලින් පිසදා ලෝහයෙන් ස්වල්පයක් ලබාගනී. ක්ලෝරයිඩවල තාපාංක සාපේක්ෂව අඩු නිසා ලෝහ ක්ලෝරයිඩයක් සාදා ගැනීම අපේක්ෂාවයි.
- බන්සන් දැල්ලට ඇල්ලූ විට ලෝහ පරමාණුවල පහළ ශක්ති මට්ටම්වල ඇති e උත්තේජිත ඉහළ ශක්ති මට්ටම් කරා ගමන් කර යළි පහළ ශක්ති මට්ටම්වලට සංක්‍රමණය වේ. එහි දී විවිධ කිරණ පිටවන අතර ඒවායින් දෘශ්‍ය කලාපයට අයත් කිරණ ලැබුණොත් ඒවාට අදාළ වර්ණ දිස් වේ.
Li - ක්‍රිම්සන් රතු
Na - කහ
K - ලිලැක්
Rb - රතු දම්
Cs - නිල් දම්
Be, Mg - අවර්ණ (පාරජම්බුල කිරණ)
Ca - තැඹිලි/ රතු තැඹිලි/ ගඩොල් රතු
Sr - ක්‍රිම්සන් රතු
Ba - කහ කොළ/ ඇපල් කොළ
Cu - නිල් කොළ
Reactions with water
Be, Mg හැර ඉතිරි ලෝහ 8 සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරයි.
Be හැර ඉතිරි ලෝහ 9 උණු ජලය සමග ප්‍රතික්‍රියා කරයි.
ලෝහ 10ම හුමාලය සමග ප්‍රතික්‍රියා කරයි.
සිසිල්/උණු ජලය සමග ප්‍රතික්‍රියාවෙන් OH- & H2 ලැබේ.
හුමාලය සමග ප්‍රතික්‍රියාවෙන් O2- & H2 ඵල ලෙස ලැබේ.
Li - සිසිල් ජලය සමග සෙමෙන්
Na - සිසිල් ජලය සමග වේගයෙන් ප්‍රබල ලෙස
K - සිසිල් ජලය සමග ගිනි ගනිමින් ඉතා ඉහළ සීඝ්‍රතාවයකින්
Rb හා Cs - සිසිල් ජලය සමග පිපුරුම් සහිතව
ක්ෂාර ලෝහ ජලය සමග ප්‍රතික්‍රියාවෙන් සෑදෙන ඔක්සයිඩ හා හයිඩ්‍රොක්සයිඩ සියල්ල භාෂ්මික වේ.
Reactions with O2
S ගොනුවේ මූලද්‍රව්‍ය සියල්ලම වායුගෝලීය වාතයේ ඇති O2 සමග ප්‍රතික්‍රියා කර ඔක්සයිඩ සාදයි. Be ඉතා සෙමෙන් / ඉහළ උෂ්ණත්වයක දී O2 සමග ප්‍රතික්‍රියා කරයි.
වැඩිපුර O2 සමග
Li - ඔක්සයිඩය
Na - ඔක්සයිඩය, ප්‍රධාන ඵලය ලෙස පර්ඔක්සයිඩය
K, Rb, Cs - ඔක්සයිඩ, පර්ඔක්සයිඩ සහ ප්‍රධාන ඵලය ලෙස සුපර්ඔක්සයිඩ
Be, Mg, Ca, Sr - ඔක්සයිඩ
Ba - ඔක්සයිඩය, ප්‍රධාන ඵලය ලෙස පර්ඔක්සයිඩය
BeO හා MgO ජලයේ දිය නොවේ. අනෙකුත් ඔක්සයිඩ ජලයේ දිය වී - හයිඩ්‍රොක්සයිඩ
පර්ඔක්සයිඩ ජලයේ දිය වී - හයිඩ්‍රොක්සයිඩ, H2O2
සුපර් ඔක්සයිඩ ජලයේ දිය වී - හයිඩ්‍රොක්සයිඩ, H2O2, O2
Reactions with N2
N2 සමග ප්‍රතික්‍රියා කරවීමට රත් කිරීම අනිවාර්ය වේ.
Li & 2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය පමණක් N2 සමග තාප කිරීමේ දී ප්‍රතික්‍රියා කර නයිට්‍රයිඩ සාදයි.
Li3N රතු පැහැතිය. අනෙක් s block nitrides සුදු පැහැතිය.
මේ නයිට්‍රයිඩ සියල්ල ජලය සමග ප්‍රතික්‍රියා කරමින් හයිඩ්‍රොක්සයිඩ හා NH3 ලබා දේ.
Reactions with H2
Be හැර s ගොනුවේ අනෙකුත් මූලද්‍රව්‍ය සියල්ලම H2 වායුව සමග තාප කළ විට ඝන අයනික හයිඩ්‍රයිඩ ලබා දේ.
මේ හයිඩ්‍රයිඩ සියල්ල ජලය සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රොක්සයිඩ හා H2 ලබා දේ.
Reactions with Cl2
S ගොනුවේ ලෝහ සියල්ල Cl2 සමග තාප කළ විට ක්ලෝරයිඩ සාදයි.
BeCl2 පමණක් සහසංයුජ වන අතර අනෙක් ක්ලෝරයිඩ් සියල්ල අයනික වේ.
මෙම ක්ලෝරයිඩ ජලය සමග ප්‍රතික්‍රියා නොවේ. ජලයේ දිය වේ.
Reactions with NH3
1 කාණ්ඩය
Li හැර අනෙක් මූලද්‍රව්‍ය NH3 සමග තාප කළ විට ලෝහ ඇමයිඩ සහ H2 ලබා දේ.
2 කාණ්ඩය
සියලු මූලද්‍රව්‍ය සහ Li, NH3 සමග තාප කළ විට නයිට්‍රයිඩ හා H2 ලබා දේ.
Reactions with acids
Acids සමග අදාළ ලවණය හා H2 ලබා දේ.
සාන්ද්‍ර H2SO4 සමග අදාළ ලවණය, SO2 හා H2O ලබා දේ.
සාන්ද්‍ර HNO3 සමග අදාළ ලවණය, NO2 හා H2O ලබා දේ.
1 කාණ්ඩයේ ලෝහවල ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා ඉහළ නිසා සාන්ද්‍ර අම්ල සමග ප්‍රතික්‍රියා පරීක්ෂා කර නොබලයි.
Reactions with bases
ලෝහ = භෂ්ම නිසා භෂ්ම සමග ප්‍රතික්‍රියා නොකරයි.
නමුත් Be, Al, Zn, Sn, Pb යන ලෝහ උභයගුණික ලෝහ වන අතර ඒවා භෂ්ම සමග ද ප්‍රතික්‍රියා කරයි.
නමුත් Na කැබැල්ලක් ජලීය NaOH භෂ්මයකට යෙදූ විට වේගවත් ප්‍රතික්‍රියාවක් සිදුවනු පෙනේ. එහි දී Na ප්‍රතික්‍රියා කරනුයේ NaOH සමග නොව මාධ්‍යයේ ඇති ජලය සමගිනි. විලීන NaOH ද්‍රාවණයකට Na කැබැල්ලක් යෙදූ විට ප්‍රතික්‍රියාවක් සිදු නොවේ.
හයිඩ්‍රොක්සයිඩවල තාප වියෝජනය
Li හැර 1 කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ තාප වියෝජනය නොවේ. එනම් තාප ස්ථායී වේ.
2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය හා Liවල හයිඩ්‍රොක්සයිඩ තාප වියෝජනය වී ඔක්සයිඩය හා H2O(g) ලබා දේ.
කාබනේටවල තාප වියෝජනය
Li හැර 1 කාණ්ඩයේ කාබනේට තාප වියෝජනය නොවේ. එනම් තාප ස්ථායී වේ.
2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය හා Liවල කාබනේට තාප වියෝජනය වී ඔක්සයිඩය හා CO2(g) ලබා දේ.
නයිට්‍රේටවල තාප වියෝජනය
Li හැර 1 කාණ්ඩයේ නයිට්‍රේට තාප කළ විට ඒවායේ නයිට්‍රයිටය හා O2 ලබා දේ.
2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය හා Liවල නයිට්‍රේට තාප කළ විට ඒවායේ ඔක්සයිඩ, NO2 හා O2 ලබා දේ.
NO2 රතු දුඹුරු පාට කටුක ගඳ වායුවයකි.
බයිකාබනේටවල තාප වියෝජනය
ස්ථායී බයිකාබනේට ඇත්තේ NH4 හා S block මූලද්‍රව්‍ය කැටායනවලට පමණි. ඒවා අතුරින් Li & 2 කාණ්ඩයේ බයිකාබනේට ඝන තත්ත්වයෙන් නොපවතී. ජලීය ද්‍රාවණ වශයෙන් පවතී.
අනෙකුත් කැටායනවල ජලීය ද්‍රාවණවලට බයිකාබනේට යෙදූ විට ඒවායේ කාබනේට බවට වියෝජනය වී CO2 හා ජලය පිට වේ.
Fe³⁺, Al³⁺, Cr³⁺ කැටායනවල ජලීය ද්‍රාවණයන්ට බයිකාබනේට යෙදූ විට ඒවායේ හයිඩ්‍රොක්සයිඩ බවට වියෝජනය වී CO2 හා ජලය පිට වේ. එම කැටායනවල කාබනේට ද අස්ථායී වීම හේතුවයි.
S block බයිකාබනේට සියල්ලම තාප කළ විට ඒවායේ කාබනේට, CO2 & H2O(g) ලබා දේ.
Li & 2 කාණ්ඩයේ කාබනේට තවදුරටත් තාප කිරීමෙන් ඔක්සයිඩය හා CO2 බවට වියෝජනය කරගත හැක.
ඔක්සලේට - C2O42-
S ගොනුවේ ඔක්සලේට සියල්ලම තාප කළ විට කාබනේට හා CO බවට වියෝජනය වේ.
2 කාණ්ඩයේ හා Li කාබනේට තවදුරටත් තාප කර ඒවායේ ඔක්සයිඩ හා CO2 ලබාගත හැක.
oxychlorides & oxybromides තාප වියෝජනය
S ගොනුවේ සියල්ලම ක්ලෝරයිඩ හා O2(g) ලබා දේ.
KMnO4 potassium permanganate - purple තාප වියෝජනය
K2MnO4 green+ MnO2 brown+ O2(g)
p & d block ලෝහවල සංයෝග තාප වියෝජනය
තාප වියෝජනය වන්නේ 2 කාණ්ඩයේ ආකාරයටම වේ.
Ag2O, HgO යන ඔක්සයිඩ තාප අස්ථායී වේ. එනිසා යම් සංයෝගයක් තාප කිරීමෙන් මෙම ඔක්සයිඩ ලැබුණහොත් ඒවා ද වියෝජනය වෙමින් අවසන් ඵල ලැබීම සිදු වේ.
2Ag2O(s) ——-> 4Ag(s) + O2(g)
2HgO(s) ——-> 2Hg(l) + O2(g)
විකර්ණ සම්බන්ධතා
ආවර්තිතා වගුවේ අනුයාත කාණ්ඩ 2ක විකර්ණ ඔස්සේ පවතින මූලද්‍රව්‍යවල ඇතැම් ලක්ෂණ සමාන වීම විකර්ණ සම්බන්ධතා ලෙස හැඳින්වේ.
ex-
Li & Mg
Be & Al
B & Si