P Block Elements Flashcards

(63 cards)

1
Q

13 කාණ්ඩය

A

පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය - [උච්ච වායු වින්‍යාසය] ns2 np1

B - ලෝහාලෝහ
Al - උභයගුණී ලෝහ
Ga -
In - ලෝහ
Ti -

සියල්ල +3 ඔ’කරණ අංකය පෙන්වයි. Ga, In, Ti අමතරව +1ද සුළුවෙන් පෙන්වයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

B - බෝරෝන්

A

ලෝහාලෝහයකි.
කුඩා පරමාණුක අරය හේතුවෙන් කාණ්ඩයේ අනෙක් සාමාජිකයන්ගෙන් වෙනස් වේ.
සාදන බොහොමයක් සං‍යෝග සහසං‍යුජ වේ.
Si සමග විකර්ණ සම්බන්ධතාවක් පෙන්වයි.
කාණ්ඩයේ අනෙක් මුලද්‍රව්‍ය ලෝහක දැලිස් ලෙස පවතිද් දී B සහසං‍යුජ දැලිසක් ලෙස පවතී. එනිසා කාණ්ඩයේ ඉහළම ද්‍රවාංක තාපාංක ඇත්තේ Bට වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

Al - ඇලුමිනියම්

A

Be සමග විකර්ණ සම්බන්ධතා පෙන්වයි.
උභයගුණී ලෝහයකි.
සැහැල්ලු හා ශක්තිමත් වේ.
සැහැල්ලු බව හා පහසුවෙන් විඛාදනයට ලක් නොවීම නිසා වාහන නිපදවීමේ දී, ගුවන්යානා බඳ කොටස් සෑදීමේ දී හා ඉදිකිරීම් කටයුතුවල දී භාවිත කරයි.
පෘථිවි කබොලෙහි 3වෙනියට සුලබතම මූලද්‍රව්‍ය වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

Al වල ප්‍රතික්‍රියා

A

s block මූලද්‍රව්‍යවලට සාපේක්ෂව ප්‍රතික්‍රියාශීලීතාවය අඩු ය.

O2, N2, Cl2(හැලජන) සමග ප්‍රතික්‍රියා කරයි.
4Al + 3O₂ → 2Al₂O₃
2Al + N₂ → 2AlN
2Al + 3Cl₂ → 2AlCl₃
Al වාතයට නිරාවරණය වී ඇති පෘෂ්ඨය මත Al₂O₃ ස්තරයක් නිපදවේ. එමගින් Al තවදුරටත් O₂ සමග ප්‍රතික්‍රියා වීම කෙරෙහි ප්‍රතිරෝධයක් ඇති කරයි. Al₂O₃ තුනී පටලය මල බැඳීම වළකන ස්වයං ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කරයි. එනිසා වාතය සමග ප්‍රතික්‍රියා නොකරන මුලද්‍රව්‍යයක් ලෙස ඇලුමිනියම් හැඳින්විය හැක.

අම්ල සමග ප්‍රතික්‍රියා
2Al + 6HCl → 2AlCl₃ + 3H₂↑
Al₂O₃ + 6HCl → 2AlCl₃ + 3H₂O
Al(OH)₃ + 3HCl → AlCl₃ + 3H₂O

භෂ්ම සමග ප්‍රතික්‍රියා
2Al + 2NaOH + 2H₂O → 2NaAlO₂ + 3H₂↑
Al₂O₃ + 2NaOH → 2NaAlO₂ + H₂O
Al(OH)₃ + NaOH → NaAlO₂ + 2H₂O

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

Al special

A

13 කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ns2 np1 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිසා සහ බන්ධන 3ක් සාදමින් 6e සිය සං‍යුජතා කවචයේ පවත්වාගත හැක. එහි ප්‍රතිඵල ලෙස 13 කාණ්ඩයේ බොහෝ සහසං‍යුජ සං‍යෝග සතුව ඇත්තේ අසම්පූර්ණ e අෂ්ටකයකි. එනිසා ලුවිස් අම්ල ලෙස ක්‍රියා කරයි. B හා Al යන දෙවර්ගයම සාදන අසම්පූර්ණ අෂ්ටක සහිත සං‍යෝග බහුතරය නිර්ජලීය අවස්ථාවේ දී අෂ්ටක නියමය සපුරාලීමට දායක බන්ධනවලින් බැඳෙමින් ද්විඅවයවික සාදයි.

3 ආවර්තයේ ලෝහයක් වන Al සාදන Al³⁺ අයනයේ d කාක්ෂික ඇති නිසා එකසර e යුගල පවතින H2O වැනි අණු සමග දායක බන්ධන සාදමින් සංගත සංකීර්ණ සෑදීමට හැක. Al³⁺ ජලීය ද්‍රාවණවල දී [Al(H₂O)₆]³⁺ ලෙස ඇතැයි අපේක්ෂා කෙරේ. පහත පරිදි Al³⁺ ජල විච්ඡේදනය වෙමින් [Al(H₂O)₅(OH)]²⁺ නිපදවා අනතුරුව [Al(H₂O)₄(OH)₂]⁺ නිපදවයි.
[Al(H₂O)₆]³⁺ ⇌ [Al(H₂O)₅(OH)]²⁺ + H⁺
[Al(H₂O)₅(OH)]²⁺ ⇌ [Al(H₂O)₄(OH)₂]⁺ + H⁺
මෙසේ H⁺ නිදහස් කරමින් මාධ්‍යය ආම්ලික කරවයි.

Al³⁺ ජලීය ද්‍රාවණයකට ක්‍රමයෙන් භස්මයක් යෙදීමේ දී,
Al³⁺(aq) + 3OH⁻(aq) → Al(OH)₃(s) ↓ සුදු ජෙලටිනීමය
තවදුරටත් භස්ම යෙදීමේ දී,
Al(OH)₃(s) + OH⁻(aq) → [Al(OH)₄]⁻(aq) (AlO₂⁻+2H₂O)
[Al(OH)₄]⁻(aq)ට ක්‍රමයෙන් අම්ල යෙදීමේ දී ආරම්භක ප්‍රතික්‍රියක ලැබේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

14 කාණ්ඩය

A

පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය - [උච්ච වායු වින්‍යාසය] ns2 np2
ප්‍රධාන ඔ’කරණ අංක - +2, +4
C - අලෝහ
Si - ලෝහාලෝහ
Ge - ලෝහාලෝහ
Sn - උභයගුණී ලෝහ
Pb - උභයගුණී ලෝහ

සහසං‍යුජ බන්ධන ජාල ව්‍යුහයක් තැනීම නිසා කාණ්ඩයේ පළමු මූලද්‍රව්‍ය 3 සතුව ඉහළ ද්‍රවාංක පවතී.
C ජීවයේ පදනම වන අතර කාබනික රසායනයේ දී වැදගත්ම මූලද්‍රව්‍යයයි.
Si හා Ge අර්ධ සන්නායක කර්මාන්තයේ දී ප්‍රධාන වශයෙන් භාවිත කෙරේ.
අකාබනික බහුඅවයවික කර්මාන්තයේ දී Si විශාල වශයෙන් භාවිත වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

C - කාබන්

A

-4 සිට +4 දක්වා සියලු ඔ’කරණ අංක 9ක් ඇත.

ස්වභාවිකව හමුවන ප්‍රභව
ගල් අඟුරු, බොරතෙල්, වායුගෝලීය CO2,
කැල්සයිට් (CaCO3), මැග්නසයිට් (MgCO3), ඩොලමයිට් (CaCO3.MgCO3)

බහුරූපී ආකාර
1. මිනිරන්
2. දියමන්ති
3. ෆුලරීන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

මිනිරන්

A

C වල ස්ථායීම බහුරූපී ආකාරයයි.
සෑම C පරමාණුවක්ම තවත් C පරමාණු තුනක් සමග සම්බන්ධව පවතී. (තලීය ත්‍රිකෝණාකාර)
C පරමාණු සියල්ල sp2 මුහුම්කරණයට ලක්වී ඇත. එනිසා තලීය ව්‍යුහයකි.
සෑම කාබන් පරමාණුවකටම වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් බැගින් ඇත. එම පයි ඉලෙක්ට්‍රෝන විස්ථානගතව පවතී.
එනිසා විද්‍යුතය මෙන්ම තාපය ද සන්නයනය කරයි.
අට්ටි ගැසුණු ද්විමාන කාබන් ස්තරවලින් සමන්විත වේ.
ස්ථර අතර ඇති අන්තර්ක්‍රියා දුර්වල බැවින් ලිහිසි ගුණ දක්වයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

දියමන්ති

A

ඉතා දෘඩ ත්‍රිමාණ ව්‍යුහයකි.
සෑම C පරමාණුවක්ම තවත් C පරමාණු 4ක් සමග සම්බන්ධව පවතී. (චතුස්තලීය)
C පරමාණු sp3 මුහුම්කරණයට ලක්වී ඇත.
විද්‍යුත් හෝ තාප සන්නායකතාවයක් නොපෙන්වයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ෆුලරීන්

A

C පරමාණු ගෝලාකාරව එකිනෙක සම්බන්ධ වීමෙන් ඇති වේ.
ෆුලරීන් මෑත දී සොයාගත් අතර වඩාත් සුපතළ ෆුලරීන් ආකාරය C60 හෙවත් බක්මිනිස්ටර් ෆුලරීන් (බකී බෝල්) වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

CO - carbon monoxide

A

අවර්ණය.
ගන්ධයක් නැත.
උදාසීනය.
ඉතා විෂ වායුවකි. රුධිරයේ ඇති හිමොග්ලොබීන් සමග ස්ථායී සංකීර්ණයක් සාදමින් O2 පරිවහනය දුර්වල කරයි.

ඉහළ උෂ්ණත්වයේ දී ස්ථායී වුවද උෂ්ණත්වය අඩු වීමේ දී අස්ථායී වී CO2 බවට ඔ’කරණය වේ. එනිසා ප්‍රබල ඔ’හාරකයකි.
යකඩ නිෂ්පාදනයේ දී CO ඔ’හාරකයක් ලෙස සුලබව භාවිත කෙරේ.
C පරමාණුව මත ඇති එකසර e යුගල නිසා බොහෝ උත්ප්‍රේරක ප්‍රතික්‍රියා සඳහා ලිගනයක් ලෙසින් කටයුතු කරයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

CO2 - carbon dioxide

A

අවර්ණය.
දුබල ආම්ලිකය.
ජලයේ දිය වී දුබල කාබොනික් අම්ලය නිපදවයි.
CO₂ + H₂O ⇌ H₂CO₃
ලන්ඩන් බල හේතුවෙන් පහළ උෂ්ණත්වවල දී හෝ අධික පීඩනවල දී ඝනීභවනය වේ. සාමාන්‍ය වායුගෝලීය පීඩනයේ දී සහ උෂ්ණත්වයේ දී CO2 (වියළි අයිස්) ඌර්ධවපාතනය වෙමින් CO2 gas සාදයි.
ආහාර කර්මාන්තයේ දි හිමායනකාරකයක් ලෙසත් කෘත්‍රිම වැසි ඇති කිරීමටත් සුලබව යොදා ගනී.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

H2CO3 - carbonic acid

A

C සාදන එකම ඔක්සොඅම්ලය වේ.
දුබල අම්ලයකි.
ඉහළ පීඩනයක් යටතේ CO2 වායුව ජලයේ දිය කර නිපදවිය හැක.
CO₂ + H₂O ⇌ H₂CO₃
ද්විභාෂ්මික වේ.
H₂CO₃ ⇌ H⁺ + HCO₃⁻
HCO₃⁻ ⇌ H⁺ + CO₃²⁻

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

භෂ්මයකට CO2 බුබුලනය

A

භෂ්ම සමග ප්‍රතික්‍රියා කර කාබනේට් අයන නිපදවමින් CO2 සිය ආම්ලික ලක්ෂණ පෙන්නුම් කරයි. එසේ නිපදවූ S block carbonates වැඩිපුර CO2 හමුවේ බයිකාබනේට සාදයි.
CO₂ + 2NaOH → Na₂CO₃ + H₂O
Na₂CO₃ + H₂O + CO₂ → 2NaHCO₃

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

හුණුදියර වලට CO2 බුබුලනය

A

CO₂ + Ca(OH)₂ → CaCO₃ + H₂O
(CaCO₃)—a white precipitate—and water. That milky/cloudy white stuff.

If you keep pumping in more CO₂, the drama continues:
CaCO₃ + CO₂ + H₂O → Ca(HCO₃)₂ අවර්ණ

SO2 does the same by making CaSO3 and then Ca(HSO3)2. But it can be recognized due to its unique smell.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

Pb - lead

A

PbCl₂ - සුදු
PbBr₂ - සුදු
PbI₂ - රන්වන් කහ

Lead halides අවක්ෂේප වන අතර උණුජලයේ දියවී අවර්ණ ද්‍රාවණ ලබා දේ. යළි සිසිල් කිරීමේ දී ඉඳිකටු තුඩු වැනි ස්වරූපයකින් මුල් අවක්ෂේපයම ලැබේ.

PbCl₂ අවක්ෂේපය සාන්ද්‍ර HCl වල පහත පරිදි දිය වේ.
PbCl₂ (s) + 2HCl (aq) → [PbCl₄]²⁻ (aq) + 2H⁺ (aq)

PbCrO4 කහ අවක්ෂේපයකි.

Pb4+ ඉතා ප්‍රබල ඔ’කාරකයකි.
Pb4+ ———-> Pb2+

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

15 කාණ්ඩය

A

පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය - [උච්ච වායු වින්‍යාසය] ns2 np3

N - අලෝහ
P - අලෝහ
As - ලෝහාලෝහ
Sb - ලෝහාලෝහ
Bi - ලෝහ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

N - නයිට්‍රජන්

A

වායුගෝලයේ 78%
ස්වභාවයේ N2 ලෙස ඇත. N2හි ත්‍රිත්ව බන්ධනය ශක්තිමත් බැවින් ප්‍රතික්‍රියාශීලීත්වය අඩු ය. (942kJ mol-)
අල්ප වශයෙන් ජල ද්‍රාව්‍ය නමුත් පීඩනය සමග විශාල වශයෙන් ද්‍රාව්‍යතාවය වැඩිවන වායුවකි.
බහුරූපීආකාර නැත.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

N පෙන්වන විචල්‍ය ඔ’කරණ අංක

A

-3 – NH₃ (ammonia) , NH₄+
-2 – N₂H₄ (hydrazine)
-1 – NH₂OH (hydroxylamine) , N₂H₂
0 – N₂ (nitrogen gas)
+1– N₂O (nitrous oxide)
+2 – NO (nitric oxide)
+3 – NO₂⁻ (nitrite ion), N₂O₃
+4 – NO₂ (nitrogen dioxide), N₂O₄
+5 – NO₃⁻ (nitrate ion), N₂O₅ (dinitrogen pentoxide)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

Nහි ඔක්සයිඩ

A

+ 1 – N2O උදාසීන
+ 2 – NO උදාසීන
+ 3 – N2O3 දුබල අම්ල
+ 4 – NO2 , N2O4 ප්‍රබල අම්ල
+ 5 – N2O5 ප්‍රබල අම්ල

අලෝහ ඔක්සයිඩවල ඔ’කරණාංකය වැඩි වීමේ දී අම්ලිකතාව වැඩි වේ.

NO2 රතු දුඹුරු පැහැති වායුවකි. ස්වභාවයේ ඇතිවිට ද්විඅවයවික සාදාගනිමින් සමතුලිතතාවක සිටී.
2 NO2 ⇌ N2O4
NO2 හැර ඉහත අනෙක් වායු අවර්ණ වේ.

N2O (සිනහ වායුව) දහන පෝෂකයක් හා නිර්වින්දකයක් ලෙස භාවිත වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

Nහි ඔක්සයිඩ ජලය සමග

A

N2O – ප්‍රතික්‍රියා නැත
NO – ප්‍රතික්‍රියා නැත
N2O3 – HNO2
NO2 – HNO3 + NO
N2O5 – HNO3

N2O3 + H2O ——> 2 HNO2
3 NO2 + H2O —–> 2 HNO3 + NO
N2O5 + H2O ——> 2 HNO3

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

Nහි ප්‍රතික්‍රියා

A
  1. Li, Al & 2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය සමග තාප කිරීමේ දී ප්‍රතික්‍රියා කර නයිට්‍රයිඩ සාදයි.
    N2 + 3Mg ——> Mg3N2
  2. ඉතා ඉහළ තත්ත්ව යටතේ දී O2 සමග ප්‍රතික්‍රියා කරයි. (විද්‍යුත් පුළිඟුපේනු, අකුණු ගැසීම)
    N2 + O2 ——> 2NO
    2NO + O2 –150℃↓–> 2NO2
  3. Cl2 සමග පහත පරිදි ප්‍රතික්‍රියා කරයි.
    N2 + Cl2 ——> NCl3
  4. හේබර් ක්‍රමයේ දී N2, H2 සමග ප්‍රතික්‍රියා කරවමින් NH3 නිපදවයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

NH3 - ඇමෝනියා
(භෞතික ගුණ)

A

අවර්ණ වේ.
කටුක ගන්ධයක් සහිතය.
විෂ සහිතය.
ජලයේ හොඳින් ද්‍රාව්‍ය වේ. (H බන්ධන තැනීම)
දුබල භාෂ්මික වායුවකි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

විද්‍යාගාරයේ දී NH3 නිපදවීම

A
  1. සියලු ඇමෝනියම් ලවණවලට භෂ්ම යෙදීම.
    NH4+ + 𝐎𝐇− ———–> NH3 + H2O
    NH4Cl + NaOH ———–> NH3 + NaCl + H2O
  2. බහුතරයක් ඇමෝනියම් ලවණ තාප වියෝජනය
    NH4Cl ———> NH3 + HCl
    (NH4)2SO4 ———–> 2NH3 + H2SO4
    (NH4)2CO3 ———–> CO2 + H2O + 2NH3
    NH4I ———> NH3 + HI —-> H2 + I2 (දම්)
    (NH4)2C2O4 ———> 2NH3 + CO + CO2 + H2O (වායුමය ඵල 4කි)

තාප වියෝජනයෙන් NH3 පිට නොවන ලවණ
NH4NO2 ——–> N2 + 2H2O
NH4NO3 ———> N2O + 2H2O
(NH4)2Cr2O7(s) ——> N2 + Cr2O3 (s) + 4H2O
දීප්තිමත් තැඹිලි නිල් කොළ

  1. නයිට්‍රයිඩවලට ජලය යෙදීම
    N𝟑− + 3H2O ——–> NH3 + 3𝐎𝐇−
    Mg3N2 + 6H2O ——-> 2NH3 + 3Mg(OH)2
  2. ඇමයිඩවලට ජලය යෙදීම
    NH2− + H2O ——–> NH3 + 𝐎𝐇−
    NaNH2 + H2O ———> NH3 + NaOH
  3. NCl3ට ජලය යෙදීම
    NCl3 + 3H2O ———-> NH3 + 3 HOCl
  4. යූරියාවලට භෂ්ම යෙදීම
    CO(NH2)2 + 2NaOH ——–> Na2CO3 + 2NH3

7.නයිට්‍රේට හෝ නයිට්‍රයිටවලට භාෂ්මික මාධ්‍යයේ Al හෝ Zn යොදා උණුසුම් කිරීම.
NO2-/NO3- —–^—–> NH3 + AlO2− / ZnO2𝟐−
Al හෝ Zn වෙනුවට දේවදාර් මිශ්‍ර ලෝහය ද (Al, Zn, Cu) භාවිත කළ හැක.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
NH3 වල රසායනික ගුණ
ඔ'හාරක ගුණ ඔ'කාරක ගුණ ආම්ලික ගුණ භාෂ්මික ගුණ
26
NH3 වල ඔ'හාරක ප්‍රතික්‍රියා
NH3 ------> N2 හෝ NO (-3) (0) (+2) 1. O2 සමග 4NH3 + 5O2 --Cu or Pt /850℃--> 4NO + 6H2O 4NH3 + 3O2 --------> 2N2 + 6H2O (උත්ප්‍රේරක රහිතව) 2. Cu හා Ag වල ඔක්සයිඩ සමග 3CuO + 2NH3 --------> N2 + 3Cu + 3H2O කළු තඹ 3Ag2O + 2NH3 --------> N2 + 6Ag + 3H2O කළු රිදී විද්‍යාගාරයේ දී N2 නිපදවීමට මෙම ක්‍රම 2 යොදා ගනී. 3. Cl2 සමග 2NH3 + 3Cl2 --------> N2 + 6HCl 8NH3 + 3Cl2 -----> N2 + 6NH4Cl (වැඩිපුර NH3) NH3 + 3Cl2 ---------> NCl3 + 3HCl (වැඩිපුර Cl2)
27
NH3 වල ඔ'කාරක ප්‍රතික්‍රියා
ප්‍රභල ලෝහ/s block ලෝහ සමග ඔ'කාරක ගුණ පෙන්වයි. 2Na + 2NH3 ---------> 2NaNH2 + H2 3Mg + 2NH3 ---------> Mg3N2 + 3H2 6Li + 2NH3 ---------> 2Li3N + 3H2
28
NH3 වල ආම්ලික ප්‍රතික්‍රියා
ප්‍රභල ලෝහ/s block metals සමග ප්‍රතික්‍රියාම වේ. ප්‍රභල ලෝහ යනු ප්‍රභල භෂ්ම වේ.
29
NH3 වල භාෂ්මික ප්‍රතික්‍රියා
NH3 + HCl -----------> NH4Cl 2 NH3 + H2SO4 ----------> (NH4)2SO4
30
NH3 හඳුනාගැනීමේ පරීක්ෂා
1. රතු ලිට්මස් නිල් පැහැයට හරවයි. 2. සාන්ද්‍ර HCl තැවරූ වීදුරු කූරක් ඇල්ලූ විට සුදු ඝන දුමාරයක් ලබාදීම. HCl + NH3 ---------> NH4Cl 3. ලා කහ/අවර්ණ නෙස්ලර් ප්‍රතිකාරකය NH3 හෝ NH4+ සමග දුඹුරු පැහැ ආවිල්‍යතාවයක් ලබා දීම.
31
HNO2 - නයිට්‍රස් අම්ලය
දුබල අම්ලයකි. අස්ථායී අම්ලයකි. පහත පරිදි ස්වයං ද්විධාකරණයට ලක් වේ. 3 HNO2 -------> NO + 2 HNO3 + H2O O2 සමග NO වායුව වැඩිදුරටත් ප්‍රතික්‍රියා කර රතු දුඹුරු පැහැ වායුවක් වන NO2 නිපදවයි. **නිපදවීම** 2NaNO3 -----^------> 2NaNO2 + O2 NaNO2 + සාන්ද්‍ර HCl ---------> HNO2 + NaCl (අස්ථායී)
32
HNO3 - නයිට්‍රික් අම්ලය
උපද්‍රවකාරී තෛලමය ද්‍රව්‍යයකි. ස්ථායී ප්‍රභල අම්ලයක් හා ප්‍රභල ඔ'කාරකයකි. සංශුද්ධ විට අවර්ණ වේ. ආලෝකය හමුවේ පහත පරිදි විඝටනය වේ. 4HNO3 -------> 4NO2 + O2 + 2H2O මෙනිසා සාන්ද්‍ර HNO3 දුඹුරු (ලා කහ) පැහැයකින් යුතු වේ. ඉහත විඝටනය නිසා රසායනාගාර තුළ HNO3 ගබඩා කර තැබීමේ දී දුඹුරු පැහැ වීදුරු බඳුන් භාවිත කරයි.
33
HNO3 නිපදවීම (ඔස්වල්ඩ් ක්‍රමය)
4NH3 + 5O2 ----Pt/850℃----> 4NO + 6H2O 2 NO + O2 ---150℃↓--> 2NO2 4NO2 + O2 + 2H2O -------> 4HNO3
34
HNO3හි ප්‍රතික්‍රියා
සාන්ද්‍ර HNO3 ප්‍රභල ඔ'කාරකයකි. HNO3 ------> NO2 +5 +4 1. Mg --------> Mg2+ (ඕනෑම ලෝහයක්) 2. C -----------> CO2 3. S -----------> H2SO4 4. H2S --------> S 5. H2S ---ප්‍රභල තත්ත්ව---> H2SO4 6. 2𝐈− ------------> I2 2𝐁𝐫− ---------> Br2 𝐂𝐥− ----------> X 7. Fe2+ ---------> Fe3+ තනුක HNO3 ප්‍රභල අම්ලයකි. Ag or Cu සමග Cu + 50% 8HNO3 -------> 3Cu(NO3)2 + 2NO + 4H2O Ag + 50% 4HNO3 ---------> 3 AgNO3 + NO + 2H2O තනුක HNO3 අම්ලයේ සං‍යුතිය මත ඉහත ඵල වෙනස් විය හැක. වෙනත් ලෝහයක් සමග Mg + 2HNO3 -----------> Mg(NO3)2 + H2
35
ජල විච්ඡේදන මූලධර්ම
**පුර්ණ ජල විච්ඡේදන** ක්ලෝරයිඩයේ ධන ඔ'කරණ අංකය සහිත ප්‍රභේදය එම ඔ'කරණ අංකය සහිත ඔක්සොඅම්ලය ද ඍණ ඔ'කරණ අංකය සහිත ප්‍රභේදය එම ඔ'කරණ අංකය සහිත හයිඩ්‍රයිඩය ද ලබා දේ. **අර්ධ ජල විච්ඡේදන** ක්ලෝරයිඩයෙන් Cl 2ක් ඉවත් වී HCl සාදයි. එම Cl 2ට සරිලන පරිදි O පරමාණුවක් ක්ලෝරයිඩයට සම්බන්ධ වේ.
36
15 කාණ්ඩයේ ජල විච්ඡේදන
පූර්ණ ජල විච්ඡේදන 1. NCl3 + 3H2O → NH3 (භෂ්ම) + 3HOCl 𝐇𝐎𝐂𝐥 →𝐇𝐂𝐥+′𝐎′ ලෙස ස්වයං විඝටනය වේ. මෙම පරමාණුක O විෂබීජ නාශක ගුණ දරයි. මෙනිසා NCl3 ජලය පිරිසිදුකාරකයක් ලෙස භාවිත කරයි. 2. PCl3 + 3H2O → H3PO3 +3HCl 3. PCl5 + 4H2O → H3PO4 + 5HCl 4. AsCl3 + 3H2O ⇌ H3AsO3 +3HCl 5. AsCl5 + 4H2O ⇌ H3AsO4 +5HCl ----------------------------------------------------- අර්ධ ජල විච්ඡේදන 6. SbCl3 + H2O ⇌ SbOCl↓ + 2HCl (සුදු) 7. BiCl3 + H2O ⇌ BiOCl↓ + 2HCl (සුදු) 8. PCl5 + H2O → POCl3 + 2HCl (අඩුවෙන් ජලය ඇති විට)
37
ඔක්සො අම්ල ලැයිස්තුව
H2CO3 (+4) HNO2 (+3) HNO3 (+5) H3PO2 (+1) H3PO4 (+3) H3PO5 (+5) H2SO3 (+4) H2SO4 (+6) HOCl (+1) HClO2 (+3) HClO3 (+5) HClO4 (+7)
38
16 කාණ්ඩය
O - අලෝහ S - අලෝහ Se - අලෝහ Te - ලෝහාලෝහ Po - ලෝහාලෝහ කාණ්ඩයේ පහළට යත්ම ලෝහමය ස්වභාවය වැඩි වුවත් එකම මූලද්‍රව්‍යයක්වත් සැබෑ ලෝහ නොවේ. +6 හා -2 ඔ'කරණ අවස්ථාවන්හි ස්ථායීතාව කාණඩයේ පහළට යත්ම අඩු වන අතර +4 ඔ'කරණ අවස්ථාවේ ස්ථායීතාව වැඩි වේ.
39
O - ඔක්සිජන්හි බහුරුපී ආකාර
**ඩයිඔක්සිජන්** O2 අවර්ණ, ගන්ධයකින් තොර, ජලයේ මඳ වශයෙන් ද්‍රාව්‍ය වායුවකි. වාතයෙන් 21%ක් පමණ වේ. *විද්‍යාගාරයේ දී නිපදවීම* KClO3 ---^--> KCl + O2 උත්ප්‍රේරක- MnO2 or Pt H2O2 ----^----> H2O + O2 උත්ප්‍රේරක - MnO2 KMnO4 ----^----> K2MnO4 + MnO2 + O2 *දම්* *කොළ* *දුඹුරු* **ඕසෝන්** O3 කටුක ගන්ධයක් ඇති අතර පහළ වායුගෝලයේ දී වායු දූෂකයකි. වායු අවස්ථාවේ දී අවර්ණ වන අතර ද්‍රව අවස්ථාවේ දී නිල් පැහැතිය. බන්ධන කෝණය 111.5 O2 වලට වඩා ප්‍ර්‍රබල ඔ'කාරකයකි. සංවර්ධිත රටවල් රැසක ජලයේ ක්ෂුද්‍ර ජීවීන් නසන විෂබීජ නාශකයක් ලෙස භාවිත වේ. Cl2 මෙන් නොව විෂබීජ නාශක ක්‍රියාවලියේ දී කිසිදු හානිදායක අතුරු ඵලයක් නිපදවන්නේ නැත. O3 ----------> O2 + O (විෂබීජ නාශක හා විරංජක ගුණ)
40
O අඩංගු සං‍යෝග
**ජලය H2O** ස්වභාවයේ සුලබතම ද්‍රාවකයයි. පහත පරිදි ස්වයං අයනීකරණයට ලක් වීමෙන් H+ හා OH− ලබාදෙන නිසා අම්ලයක් මෙන්ම භෂ්මයක් ලෙස ද හැසිරීමට හැකියාව ඇත. එනම් උභයප්‍රෝටික ප්‍රභේදයකි. H2O (l) ⇌ H+ (aq) + OH− (aq) **H2O2** ඒක තලීය නොවේ. OH කාණ්ඩ 2 වෙනස් තලවල පිහිටයි. ප්‍රභල H බන්ධන ඇති නිසා කාමර උෂ්ණත්වයේ දී අවර්ණ දුස්ස්‍රාවී ද්‍රවයක් ලෙස පවතී. ජලයට වඩා තරමක් අම්ලිකය. ජලයට වඩා තාපාංකය වැඩි ය. හිරු එළිය හමුවේ පහත පරිදි ද්විධාකරනය වෙමින් විඝටනය වේ. එනිසා දුඹුරු පැහැ බෝතල් තුළ ගබඩා කරයි. H2O2 -----------> H2O + O2 විෂබීජනාශක හා විරංජනකාරක ගුණ පෙන්වයි.
41
H2O2 හි ප්‍රතික්‍රියා
ඔ'කාරක මෙන්ම ඔ'හාරක ගුණ ද දරයි. ඔ'කාරක ප්‍රතික්‍රියා 1. 4 H2O2 + PbS ----------> PbSO4 + 4 H2O *කළු* *සුදු* 2. 2 H+ + H2O2 + 2 I− ----------> I2 + 2 H2O 2 H+ + H2O2 + 2 Br− ----------> Br2 + 2 H2O 3. 2 H+ + H2O2 + 2 Fe2+ ------> 2 Fe3+ + 2 H2O 4. 10 OH− + 3 H2O2 + 2 Cr3+*කොළ*---------> 2 CrO42− *කහ* + 8 H2O 5. H2S ---------> S 6. SO2 ----------> H2SO4 ඔ'හාරක ප්‍රතික්‍රියා 1. 3 H2SO4 + 2 KMnO4 + 5 H2O2 -------> 2MnSO4 + 5O2 + K2SO4 + 8H2O MnO4- ------H+------> Mn2+ *අවර්ණ/ලාරෝස* MnO4- ------OH------> MnO2 *දම්* *කළු දුඹුරු* 2. 3 H2O2 + Cr2O7 2− *තැඹිලි* + 8 H+---------> 2Cr3+*කොළ* + 3 O2 + 7 H2O
42
S - සල්ෆර් බහුරූපී ආකාර
**ස්ඵටිකරූපී** රොම්බසීය සල්ෆර් (ඇල්ෆා S) - ද්‍රවාංකය 113 ඒකානති සල්ෆර් (බීටා S) - ද්‍රවාංකය 119 **අස්ඵටිකරූපී** ස්විකාර්ය කළිල කිරි වඩාත්ම සුලබ (ස්ථායීම) බහුරූපී ආකාරය - රොම්බසීය S රොම්බසීය S හා ඒකානති S, S පරමාණු 8කින් සමන්විත චක්‍රීය අක්වක් (zig-zag) සැකසුමකින් යුත් ඔටුන්නක හැඩයෙන් යුතු අණුවලින් සමන්විතය. උෂ්ණත්වය 95ට වැඩි වීමේ දී සුලබව හමුවන අනෙක් බහුරූපී ආකාරය වන ඒකානති S බවට සිය ඇසුරුම් ආකාරය වෙනස් කරගනී. සංවෘත දාම සහිත S ක්ෂණිකව සිසිල් කිරීමේ දී , විවෘත දාම සහිත තාප සුවිකාර්ය S බවට පරිවර්තනය වේ. Sවල අස්ඵටිකරූපී ආකාර අස්ථායී වේ. ඕනෑම බහුරූපී ආකාරයක් කල්ගත වූ විට රොම්බසීය S බවට පරිවර්තනය වේ. O මෙන් නොව S සිය පරමාණු සමග ද්විත්ව බන්ධන සාදනවාට වඩා ඒක බන්ධන සාදයි.
43
Sවල ප්‍රතික්‍රියා
1. S + O2 --------> SO2 2. S + 2Cl2 -----^----> SCl4 [S -----> SCl2 ------> SCl4] 3. S + 3F2 ------^-----> SF6 [S -----> SF2 ------> SF4 ------> SF6] ප්‍රභල අම්ල සමග (සාන්ද්‍ර) S + 6 HNO3 ------------> 6 NO2 + H2SO4 + 2H2O S + 2 H2SO4 -------------> 3 SO2 + 2H2O
44
S අඩංගු සංයෝග
S පෙන්වන සුලබ ඔ'කරණාංක −2 ,0 ,+2 ,+4 හා +6 H2S SO2 H2SO4
45
H2S - හයිඩ්‍ර්‍රජන් සල්ෆයිඩ්
නරක් වූ බිත්තර ගන්ධයක් සහිතය. අවර්ණය. විෂදායී ය. ජලයේ මඳ වශයෙන් ද්‍රාව්‍ය වේ. දුබල ආම්ලික වායුවකි. ජලීය ද්‍ර්‍රාවණවල් දී පහත පරිදි ආංශිකව විඝටනය වේ. H2S(aq) ⇌ H+(aq) + HS−(aq) HS−(aq) ⇌ H+(aq) + S2−(aq) ලෝහ සල්ෆයිඩ, ප්‍රභල අම්ල සමග ප්‍රතික්‍රියාවෙන් නිපදවාගත හැක. Na2S+2 HCl →H2S+2 NaCl
46
H2Sහි ප්‍රතික්‍රියා
**ආම්ලික ප්‍රතික්‍රියා** 2NaOH + H2S ---------> Na2S + 2H2O NaOH + H2S (වැඩිපුර) ---------> NaHS + H2O **ඔ'කාරක ප්‍රතික්‍රියා** 2Na + H2S ----------->Na2S + H2 Mg + H2S -------------> MgS + H2 2Na + 2H2S (වැඩිපුර) ---------->2NaHS + H2 **ඔ'හාරක ප්‍රතික්‍රියා** H2S ---------> S / (H2SO4) 1. 6H+ + 2MnO4 − + 5H2S ---------> 5 S + 2Mn2+ + 8H+ 2. 8H+ + Cr2O7 2− + 3H2S ---------> 3 S + 2Cr3+ + 7H2O 3. SO2 + 2H2S ---------->3 S + 2H2O (reverse ද්විධාකරණය) 4. Cl2 + H2S ----------> S + 2HCl 5. 2HNO3(සාන්ද්‍ර) + H2S ----------> S + 2NO2 + 2H2O 6. 8HNO3(සාන්ද්‍ර) + H2S -----------> H2SO4 + 8NO2 + 5H2O (ප්‍රභල තත්ත්ව) 7. H2SO4 (සාන්ද්‍ර) + H2S ---------> S + SO2 + 2H2O 8. 2FeCl3 + H2S ----------> S + 2FeCl2 + 2HCl
47
SO2 - සල්ෆර් ඩයොක්සයිඩ්
අවර්ණය. කටුක ගන්ධයක සහිතය. විෂ සහිතය. ජලයේ හොඳින් ද්‍රාව්‍ය වේ. දුබල ආම්ලික වායුවකි. ජලයේ දිය වීම පහත පරිදි සිදු වේ. SO2 + H2O → H2SO3 H2SO3 + H2O ⇌ H3O+ + HSO3 − HSO3 − + H2O ⇌ H3O+ + SO3 2− **නිපදවීම** SO3 2- + H+ ---------> SO2 + H2O Na2SO3 + 2HCl -----------> SO2 + H2O + 2NaCl
48
SO2 reactions
S <----------- SO2 ----------->SO4 2− **ඔ'කාරක ප්‍රතික්‍රියා** with s block metals 1. SO2 + 4Na ---------> 2Na2O + S SO2 + 6Na -----> 2Na2O + Na2S (වැඩිපුර Na) SO2 + 2Mg ---------> 2MgO + S SO2 + 3M--------> 2MgO + MgS (වැඩිපුර Mg) 3. SO2 + 2H2S ----------> 3S + 2H2O **ඔ'හාරක ප්‍රතික්‍රියා** 1. 2H2O + 2MnO4 − + 5SO2 ---------> 5 SO4 2− + 2 Mn2+ 2. 2H+ + Cr2O7 2− + 3SO2 ---------> 3 SO4 2− + 2 Cr3+ 3. 2H2O + 2FeCl3 + SO2 -------> H2SO4 + 2FeCl2 + 2 HCl 4. SO2 + NO2 ---------> SO3 + NO (all gases) 5. [SO2 + Cl2 ----------> SO2Cl2 () SO2Cl2 + 2H2O ----------> H2SO4 + 2 HCl]  SO2 + Cl2 + 2H2O --------> H2SO4 + 2 HCl  SO2 + Br2 + 2H2O --------> H2SO4 + 2 HBr **ආම්ලික ප්‍රතික්‍රියා** SO2 + 2NaOH ------------> Na2SO3 + H2O
49
H2SO4 - sulfuric acid
SO3 + H2O → H2SO4 ද්වි භාෂ්මික ප්‍රභල අම්ලයකි. H2SO4 + H2O → H3O+ + HSO4 − HSO4 −+ H2O → H3O+ + SO4 2− **නිපදවීම (ස්පර්ශ ක්‍රමය)** S + O2 ---------------------> SO2 2SO2 + O2 ------ V2O5(s)---------> 2 SO3 <--------450℃---------- SO3 + H2SO4 (98%) ------------> H2S2O7 (oliume/සධුම සල්ෆියුරික්) H2S2O7 + H2O ----------> 2H2SO4
50
H2SO4 reactions
**ඔ'කාරක ප්‍රතික්‍රියා** සාන්ද්‍ර H2SO4 ප්‍රභල ඔ'කාරකයක් වේ. 1. 2H2SO4 + Mg --------> MgSO4 + SO2 + 2H2O 2. 2H2SO4 + C -----------> CO2 + 2SO2 + 2H2O 3. 2H2SO4 + S ------------> 3SO2 + 2H2O 4. H2SO4 + H2S -----------> S + SO2 + 2H2O 5. 2H+ + H2SO4 + I− --------> I2 + SO2 + 2H2O 6. 2H+ + H2SO4 + Br− ------> Br2 + SO2 +2H2O 7. H2SO4 + Cl− ---------------> X 8. H2SO4 + Fe2+ -------------> X **ආම්ලික ප්‍රතික්‍රියා** තනුක H2SO4 ප්‍රභල අම්ලයක් ලෙස හැසිරේ. 1. H2SO4 + Mg ------------> MgSO4 + H2 2. H2SO4 + NaOH -----------> Na2SO4 + H2O **විජලකාරක ගුණ** සාන්ද්‍ර H2SO4 විජලකාරකයක් ලෙස ද හැසිරේ. C6H12O6 + H2SO4 --------> 6C + H2SO4.6H2O C2H6O + H2SO4 ---------> C2H4 + H2SO4.H2O CH3CH2OH + H2SO4 --------> CH2 = CH2 + H2SO4.H2O
51
H2SO3 - සල්ෆියුරස් අම්ලය
සල්ෆියුරික්ට වඩා දුබල අම්ලයකි. වායුමය SO2 ජලය සමග ප්‍රතික්‍රියා කර නිපදවයි. SO2 + H2O → H2SO3 ජලයේ ද්‍රාවිත O2 සමග ප්‍රතික්‍රියා කර සල්ෆියුරික් අම්ලය නිපදවයි. වාතය හමුවේ ඔ'කරණය වීම නිසා මෙහි සෑම විටම සුළු ප්‍රමාණයක් සල්ෆියුරික් අම්ලය අඩංගු වේ.
52
H2S2O3 - තයෝසල්ෆියුරික් අම්ලය
දුබල අම්ලයකි. අස්ථායී වන අතර එහි ලවණය පමණක් ස්ථායී වේ. එනිසා ජලීය ද්‍රාවණවල දී පහත පරිදි ස්වයං විඝටනය වේ. H2S2O3 →S+SO2+H2O තයෝසල්ෆේට් අයනයට ඔ'හාරකයක් ලෙස ක්‍රියා කළ හැක. 2S2O3 2−+I2 → 2 I−+ S4O6 2−
53
17 කාණ්ඩය
F2 - ලා කහ Cl2 - ලා කොළ Br2 - රතු දුඹුරු ද්‍රවයකි I2 - කළු දිලිසෙන සුලු ඝනයකි. වාෂ්පය දම් පාටයි. කාබනික ද්‍රාවක තුළ දී දම් පාටයි. ජලීය ද්‍රාවණවල දී ලා දුඹුරු පාටයි. At - විකිරණශීලී මූලද්‍රව්‍යයකි. සියල්ල අලෝහ වේ. හැලජන ප්‍රතික්‍රියාශීලී වන අතර ස්වභාවයේ සංයෝග ලෙස පමණක් ඇත. කුඩා පරමාණුක අරය නිසා අනෙක් මුලද්‍රව්‍යවල ඉහළ ඔ'කරණ අවස්ථා ස්ථායී කිරීමට Fට හැකිය. (SF6) වඩාත්ම විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය F වන අතර -1 හා 0 ඔ'කරණ අවස්ථා පෙන්නුම් කරයි. අනෙක් හැලජන -1 සිට +7 දක්වා පැවතිය හැකි සෑම ඔ'කරණ අවස්ථාවටම පාහේ අනුරූප වන ස්ථායී සං‍යෝග සාදයි. නමුත් Brහි +7 ඔ'කරණ අවස්ථාව සහිත සං‍යෝග අස්ථායී වේ. විද්‍යුත් ඍණතාවයේ විචලනය අනුව කාණ්ඩයේ පහළට ඔ'කාරක හැකියාව (ප්‍රතික්‍රියාශීලීත්වය) අඩු වේ. Cl2 + Br− → Br2 +Cl− Br2 +I− → I2 +Br−
54
ද්වි පරමාණුක හේලයිඩවල බන්ධන දිග හා ශක්තිය විචලනය
කාණ්ඩයේ පහළට පරමාණුක අරය වැඩිවන නිසා ද්වි පරමාණුක හේලයිඩවල බන්ධන දිග විචලනය පහත පරිදි වේ. 𝐅− 𝐅 < 𝐂𝐥 − 𝐂𝐥 < 𝐁𝐫−𝐁𝐫 < 𝐈−𝐈 බන්ධන දිගෙහි විචලනය මත F2 වැඩිම බන්ධන ශක්තියක් හා I2 අඩුම බන්ධන ශක්තියක් දැරිය යුතුය, නමුත් ප්‍රායෝගිකව බන්ධන ශක්ති විචලනය පහත පරිදි වේ. 𝐈 − 𝐈 < 𝐅 − 𝐅 < 𝐁𝐫 − 𝐁𝐫 < 𝐂𝐥 − 𝐂𝐥 (149 kJ mol−1) (155 kJ mol−1) (190 kJ mol−1) (240 kJ mol−1) F යනු පෘෂ්ඨික ඍණ ආරෝපණ ඝනත්වය වැඩි පරමාණුවකි. එවන් පරමාණු 2ක් කෙටි බන්ධනයකින් බැඳී ඇති විට පරමාණු දෙකෙහි ඇති එකසර e අතර ඉහළ විකර්ෂණ ක්‍රියාත්මක වේ. එනිසා අදාළ බන්ධනය තරමක් දුර්වල වේ. F2හි බන්ධන ශක්තිය අසාමාන්‍ය ලෙස අඩු වීමට හේතුව එයයි.
55
Cl2හි ප්‍රතික්‍රියා
ඉහළ විද්‍යුත් ඍණතාවය නිසා පහසුවෙන් ඔ'හරණය වෙමින් ප්‍රබල ඔ'කාරකයක් ලෙස ක්‍රියා කරයි.
56
Cl2 ජලය සමග ප්‍රතික්‍රියා
Cl2 + H2O --------> HCl + HOCl මෙහි දී Cl, 0 සිට +1 හා -1 ඔ'කරණාංක බවට ද්විධාකරණය වේ. මෙහි දී ලැබෙන HOCl, HOCl →HCl+′O′ ලෙස ස්වයං විඝටනය වේ. මෙම පරමාණුක O විෂබීජනාශක හා විරංජනකාරක ගුණ දරයි. මෙනිසා Cl2 ජලය පිරිසිදුකාරකයක් ලෙස භාවිත වේ.
57
Cl2 ජලීය භෂ්ම සමග ප්‍රතික්‍රියාව
සි.ත. Cl2 + 2 NaOH ------> NaCl + NaOCl + H2O උ.සා. 3Cl2 + 6NaOH -------> 5NaCl + NaClO3 +3 H2O පහළ උෂ්ණත්වවල දී ස්ථායී වුව ද රත් කිරීමේ දී OCl− පහත පරිදි ද්විධාකරණය වේ. OCl− -----80 ℃↑ ----> Cl− + ClO3 − කෙසේ වුවද OBr− හා OI− පහළ උෂ්ණත්වවලදී ද අස්ථායී නිසා ඒවා පහළ උෂ්ණත්වවලදී ද ද්විධාකරණය වීම සිදු වේ. එනම් සි.ත. උ.සා. දෙකටම එකම ආකාරයෙන් ඵල ලබා දේ. 3I2 + 6NaOH -------> 5NaI + NaIO3 +3 H2O ආම්ලික තත්ත්ව යටතේ HOClට වඩා ClO- ස්ථායී වේ. එනිසා භාෂ්මික තත්ත්ව යටතේ දී ද්විධාකරණ ප්‍රතික්‍රියා මූලික වේ.
58
Cl2 reactions with NH3 and H2S
**with NH3** 3Cl2 + 2NH3 -------> N2 + 6HCl 3Cl2 + NH3 --------> NCl3 + 3HCl (වැඩිපුර Cl) 3Cl2 + 8NH3 --------> N2 + 6NH4Cl (වැඩිපුර NH3) **with H2S** Cl2 + H2S ----------> S + 2HCl
59
Cl2 reactions with metals and non metals
**with metals** Mg + Cl ----------> MgCl2 Cu + Cl2 ---------> CuCl CuCl + Cl2 ----------> CuCl2 Fe + Cl2 -----------> FeCl2 2 FeCl2 + Cl2 ---------> 2 FeCl3 **with non metals** P + Cl ------> PCl3 ---වැ.Cl2---> PCl5 S + Cl2----> SCl2 ---වැ.Cl2---> SCl4 --වැ.Cl2--> X
60
හයිඩ්‍රජන් හේලයිඩ
**ආම්ලිකතාව** HF පමණක් දුබල ආම්ලික වේ. අනෙක්වා ප්‍රබල ආම්ලිකය. HF බන්ධනය සාපේක්ෂව කෙටි නිසා එම බන්ධන වඩාත් ශක්තිමත්ය. එනිසා එම බන්ධනය විඝටනය වී මාධ්‍යයට H+ නිදහස් කිරීම අඩුවෙන් සිදු වේ. ප්‍රබල අම්ලවල ද කාණ්ඩය දිගේ පහළට ආම්ලික ප්‍රභලතාව වැඩි වේ. නමුත් ප්‍රභල අම්ලවල H+ සාන්ද්‍රණ සමානය. දුබල අම්ලයට වඩා H+ සාන්ද්‍රණය වැඩිය. **ද්‍රවාංක තාපාංක විචලනය** HF හැර අනෙක් ප්‍රභේද අණුක ස්කන්ධය වැඩිවන පිළිවෙළට අපකිරණ බල ප්‍රභල වන නිසා ද්‍රවාංක ද එම පිළිවෙලට වැඩි වේ. HFහි H බන්ධන ඇති නිසා එහි ද්‍රවාංක තාපාංක අසාමාන්‍ය ලෙස වැඩි වී ඇත.
61
Cl හි ඔක්සොඅම්ල
HOCl HClO2 HClO3 HClO4 ඔ'කරණාංකය වැඩි වීමේ දී අම්ලික ප්‍රභලතාවය වැඩි වේ. ඔ'කාරක හැකියාව අඩු වේ. *ලුවිස් ව්‍යුහ*
62
18 කාණ්ඩය
සියල්ල ප්‍රතික්‍රියාශිලී නැති ඒක පරමාණුක වායු වේ. Xe පමණක් O හා F සමග සැලකිය යුතු සං‍යෝග ප්‍රමාණයක් සාදයි. සියලු මුලද්‍රව්‍ය + e ලබාගැනීමේ එන්තැල්පියක් දරයි.
63
Xe සාදන සරල සං‍යෝග
+2, +4, +6, +8 ඔ'කරණ අංක ඇත. ඒ අනුව මූලද්‍රව්‍යයක් විසින් පෙන්වන ඉහළම + ඔ'කරණාංකය පෙන්වන්නේ Xe වේ. XeF2 XeF4 XeF6 XeO3 XeO4