01. ව්‍යාපාර පසුබිම Flashcards

(27 cards)

1
Q

භාණ්ඩ අතිරික්තය අනෙකුත් පුද්ගලයන් සමග හුවමාරු කර ගනිමින් අවශ්‍ය අනෙකුත් භාණ්ඩ ලබා ගැනීමේ ක්‍රමය හඳුන්වන නම කුමක් ද?

A

බාටර් ක්‍රමය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ව්‍යාපාරයක් යනු කුමක් ද?

A

මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ව්‍යාපාර හා ගනුදෙනු කිරීමේ දී පාරිභෝගිකයාගේ අරමුණු මොනවා ද?

A
  • තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක් සාධාරණ මිලට ලබා ගැනීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල අරමුණු මොනවා ද?

A
  • ලාභ ඉපැයීම
  • පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල ඉලක්ක මොනවා ද?

A
  • භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම
  • රැකියා උත්පාදනය
  • සේවක සුභ සාධනය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

අවශ්‍යතා යනු මොනවා ද?

A

ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්‍යයෙන් සපුරා ගත යුතු දෑ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

මූලික මිනිස් අවශ්‍යතා මොනවා ද?

A
  • ආහාර
  • නිවාස
  • ඇඳුම්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

මූලික මිනිස් අවශ්‍යතාවන්ට අමතර ව වර්තමාන සමාජයේ දැකිය හැකි වෙනත් අවශ්‍යතා මොනවා ද?

A
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ආරක්ෂාව
  • ප්‍රවාහනය
  • සන්නිවේදනය
  • විනෝදය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

අවශ්‍යතාවල ලක්ෂණ මොනවා ද?

A
  • අත්‍යවශ්‍ය වීම
  • පොදු වීම
  • නිර්මාණය කළ නො හැකි වීම
  • සීමිත වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

වුවමනා යනු කුමක් ද?

A

මිනිසා අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

වුවමනාවල ලක්ෂණ මොනවා ද?

A
  • අත්‍යවශ්‍ය නො වීම
  • විවිධ වීම
  • නිර්මාණය කළ හැකි වීම
  • සංකීර්ණ වීම
  • අසීමිත වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කර දැක්වෙන කොටස් මොනවා ද?

A
  • භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර
  • සේවා සැපයීමේ ව්‍යාපාර
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ව්‍යාපාර වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ දී සලකා බලන කරුණු මොනවා ද?

A
  • පාරිභෝගිකයන්ගේ රුචිකත්වය
  • පාරිභෝගිකයන්ගේ ආදායම් මට්ටම
  • පාරිභෝගිකයන්ගේ සමාජ තත්ත්වය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

සේවා සැපයීමේ ව්‍යාපාර සඳහා උදාහරණ මොනවා ද?

A
  • වෙළෙඳ ආයතන
  • රූපලාවණ්‍ය ආයතන
  • අධ්‍යපන ආයත
  • රක්ෂණ ආයතන
  • බැංකු ආයතන
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

සේවාවක් යනු කුමක් ද?

A

ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

භාණ්ඩ යනු මොනවා ද?

A

ස්පර්ෂ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දේ

17
Q

නිෂ්පාදන සාධක යනු කුමක් ද?

A

භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරවලට අවශ්‍යවන සම්පත්

18
Q

මූලික නිෂ්පාදන සාධක නම් කරන්න

A
  • භූමිය
  • ශ්‍රමය
  • ප්‍රාග්ධනය
  • ව්‍යවසාය
19
Q

භූමිය යන කොටසට අයත් වන නිෂ්පාදන සාධක මොනවා ද?

A
  • ස්වභාවධර්මයෙන් ලැබී ඇති සියලු සම්පත්
20
Q

ව්‍යාපාරයක නිෂ්පාදන සාධක අතුරින් ශ්‍රමය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

A

ව්‍යාපාරය සඳහා යෙදවෙන කායික, මානසික දායකත්වය

21
Q

නිෂ්පාදන සාධක අතරින් ප්‍රාග්ධනය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

A

නිෂ්පාදනයේ දී ආධාර කර ගන්නා මිනිසා විසින් සකස් කරන ලද දේ

22
Q

ව්‍යවසාය යනු කුමක් ද?

A

නිෂ්පාදනය සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය හා ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වා ගෙන යාම

23
Q

ව්‍යාපාරයක ඇල්මැති පාර්ශව යනු කවු ද?

A

ව්‍යාපාරයක කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශව

24
Q

ව්‍යාපාරයක විවිධ ඇල්මැති පාර්ශව කරන්න

A
  • අයිතිකරුවෝ
  • කළමනාකරුවෝ
  • සේවකයෝ
  • ගනුදෙනුකරුවෝ
  • සැපයුම්කරුවෝ
  • තරගකරුවෝ
  • මූල්‍ය ආයතන
  • රජය
  • ප්‍රජාව
  • අනාගත ආයෝජකයෝ
25
ව්‍යාපාරයක **තරඟකරුවන්** ලෙස හැඳින්වෙන්නේ කවු ද?
යම් ව්‍යාපාරයක නිෂ්පාදනය කරන නිෂ්පාදිතවලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ අලෙවි කිරීම සිදු කරන්නෝ
26
ව්‍යාපාරවල ඇල්මැති පාර්ශවවල අරමුණු දක්වන්න
1. අයිතිකරුවෝ - ආයෝජනයේ සුරක්ෂිතතාව - ප්‍රමාණවත් ලාභයක් ලැබීම - ව්‍යාපාරයේ අනාගත සංවර්ධනය 2. කළමනාකරුවෝ - ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරණ තීරණ ගැනීම හා එම තීරණ ක්‍රියාත්මක කිරීම - රැකියා වර්ධනය හා රැකියා තෘප්තිය 3. සේවකයෝ - සාධාරණ වැටුප් ලබා ගැනීම - රැකියා සුරක්ෂිතතාව 4. ගනුදෙනුකරුවෝ - නිෂ්පාදිත සාධාරණ මිලට ලබා ගැනීම - ගුණාත්මක නිෂ්පාදිත ලබා ගැනීම 5. සැපයුම්කරුවෝ - අඛණ්ඩ ව ඇණවුම් ලබා ගැනීම - නිසි පරිදි මුදල් ලබා ගැනීම 6. මූල්‍ය ආයතන - දෙන ලද ණය අයකර ගැනීම - තව දුරටත් ණය සැපයීම 7. රජය - ලැබිය යුතු බදු ආදායම් නිසි ලෙස ලබා ගැනීම - රැකියා අවස්ථා උත්පාදනය කිරීම - ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම 8. තරගකරුවෝ - තම නිෂ්පාදිතවල මිල තීරණය කිරීම - තරගයට මුහුණ දීම 9. ප්‍රජාව - පරිසර හිතකාමී ව ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යන්නේ දැයි විමසා බැලීම - සමාජ සුභ සාධනයට දායක වන්නේ දැයි විමසා බැලීම 10. අනාගත ආයෝජකයෝ - ආයෝජන පිළිබඳ තීරණ ගැනීම සඳහා
27
ඇල්මැති පාර්ශව මගින් ව්‍යාපාර අපේක්ෂිත දායකත්වය සඳහා උදාහරණ මොනවා ද?
1. අයිතිකරුවෝ - ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වයක් ලබා දීම - ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුව හා කැපවීම - ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය 2. කළමනාකරුවෝ - ව්‍යාපාර සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම - නිවැරදි තීරණ ගැනීම 3. සේවකයෝ - පවරන ලද කාර්‍යය නිසි ලෙස ඉටු කිරීම - ශ්‍රම ඵලදායීතාව වැඩි කිරීම 4. සැපයුම්කරුවෝ - ගුණාත්මක අමුද්‍රව්‍ය දිගින් දිගට ම සැපයීම - කලට වේලාවට අමුද්‍රව්‍ය සැපයීම 5. රජය - ව්‍යාපාර ස‍ඳහා හිතකර විවිධ දිරි ගැන්වීම් ලබා දීම