04. ගිණුම්කරණය හැඳින්වීම Flashcards

1
Q

ගිණුම්කරණය යනු කුමක් ද?

A

ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශවවල තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ගිණුම්කරණයේ අරමුණු මොනවා ද?

A
  • ඇල්මැති පාර්ශවවලට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීම
  • ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේ දැයි දැන ගැනීම
  • ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකදැයි දැන ගැනීම
  • නීතිමය අවශ්‍යතා ඉටු කිරීම
  • ගනුදෙනු අමතක වීම සහ අතපසු වීම තුළින් ඇති විය හැකි අවාසි අවම කර ගත හැකි වීම
  • මූල්‍ය කටයුතු ක්‍රමවත් කිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

මූල්‍ය ප්‍රකාශ යනු මොනවා ද?

A

ව්‍යාපාර විසින් ඇල්මැති පාර්ශවයන් වෙත සපයන විවිධ වාර්තා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ව්‍යාපාරික ගනුදෙනුවක් යනු කුමක් ද?

A

ව්‍යාපාරය සහ වෙනත් පාර්ශවයක් අතර සිදු වන සම්පත් හුවමාරුවක්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ව්‍යාපාර ගනුදෙනුවල ප්‍රතිඵල වශයෙන් බිහිවන සංරචක මොනවා ද?

A
  • වත්කම්
  • ආදායම්
  • වියදම්
  • හිමිකම්
  • වගකීම්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

වත්කමක් යනු කුමක් ද?

A

අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වන, අනාගතයේ දී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ, ව්‍යාපාරය විසින් පාලනය කෙරෙන සම්පත්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

වත්කමක ලක්ෂණ මොනවා ද?

A
  • අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වීම
  • ව්‍යාපාරයේ පාලනයට යටත් වීම
  • අනාගතයේ දී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

වගකීමක් යනු කුමක් ද?

A

අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

වගකීමක ලක්ෂණ මොනවා ද?

A
  • අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වීම
  • වර්තමාන බැඳීමක් තිබීම
  • බේරුම් කිරීමේ දී ව්‍යාපාරයේ සම්පත්වලින් කොටසක් පිටතට ගලා යාම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

හිමිකම යනු කුමක් ද?

A

ව්‍යාපාරයක හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ආදායම් යනු කුමක් ද?

A

අයිතිකරුවන් විසින් ප්‍රාග්ධනය යෙදීම නිසා සිදුවන හිමිකමෙහි වැඩි වීම හැරුණු විට හිමිකමෙහි සිදු වන අනෙකුත් වැඩි වීම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

වියදම් යන්න හඳුන්වන්න

A

ගැනිලි නිසා සිදු වන හිමිකමෙහි අඩු වීම හැරුණු කොට හිමිකමෙහි සිදුවන අනෙකුත් අඩුවීම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly