01. වෙළෙඳාම හා උපකාරක සේවා Flashcards

(95 cards)

1
Q

ව්‍යාපාරයක් යනු කුමක් ද?

A

මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන ඕනෑ ම ආර්ථික කටයුත්තකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

වෙළෙඳාම යනු කුමක් ද?

A

භාණ්ඩ හා සේවා මිලට ගැනීම හා විකිණීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

වෙළෙඳාම බෙදෙන ආකාර දෙක කුමක් ද?

A
  • දේශීය වෙළෙඳාම
  • විදේශීය වෙළෙඳාම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

දේශීය වෙළෙඳාමේ ආකාර දෙක කුමක් ද?

A
  • සිල්ලර වෙළෙඳාම
  • තොග වෙළෙඳාම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

විදේශීය වෙළෙඳාමේ ආකාර දෙක කුමක් ද?

A
  • ආනයන වෙළෙඳාම
  • අපනයන වෙළෙඳාම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

දේශීය වෙළෙඳාම යනු කුමක් ද?

A

රටක් ඇතුළත විවිධ පාර්ශව අතර සිදුවන වෙළෙඳ කටයුතු සියල්ල

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

සිල්ලර වෙළෙඳාම යනු කුමක් ද?

A

අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා විකිණීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

සිල්ලර වෙළෙඳාමේ ලක්ෂණ මොනවා ද?

A
  • අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා විකිණීම
  • පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට සැපයීම
  • පාරිභෝගිකයාට සමීප වීම
  • භාණ්ඩ වර්ග රාශියක් ඉදිරිපත් කිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

සිල්ලර වෙළෙඳාමේ වැදගත්කම් මොනවා ද?

A
  • පාරිභෝගිකයාට තම දෛනික අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම
  • අලෙවියට තබා ඇති නව භාණ්ඩ හඳුන්වා දීම
  • ඇතැම් විට භාණ්ඩ ණයට සැපයීම
  • නිෂ්පාදිත පිළිබඳ ව පාරිභෝගිකයා දක්වන ප්‍රතිචාරය නිෂ්පාදකයාට දැක්වීම මගින් භාණ්ඩවල ගුණත්වය වැඩි කිරීමට උපකාරී වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

සිල්ලර වෙළෙඳ ව්‍යාපාර වර්ග සඳහා උදාහරණ මොනවා ද?

A
  • ස්ථාවර මහා පරිමාණ
    • සුපිරි වෙළෙඳසැල්
  • ස්ථාවර සුළු පරිමාණ
    • ග්‍රොසරිය, රූපලාවණ්‍ය ආයතන
  • සංචාරක සුළු පරිමාණ
    • ජංගම රථ, ගෙන් ගෙට ගොස් අලෙවිකරන්නන්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

තොග වෙළෙඳාම යනු කුමක් ද?

A

නැවත විකිණීමේ අරමුණින් නිෂ්පාදිත මිලට ගැනීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

තොග වෙළෙඳාමේ ලක්ෂණ මොනවා ද?

A
  • නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ මිල දී ගැනීම
  • බොහෝ විට භාණ්ඩ විශාල ප්‍රමාණයක් එක විට විකිණීම
  • භාණ්ඩ වර්ග කිහිපයක් පමණක් අලෙවි කිරීම
  • සාපේක්ෂ ව විකුණුම් ඒකකයක මිල අඩු වීම
  • බහුල ව වෙළෙ‍‍ඳ වට්ටම් ලබා දීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

විදේශීය වෙළෙඳාම යනු කුමක් ද?

A

රටවල් දෙකක් හෝ කිහිපයක් අතර සිදුවන වෙළෙඳාම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ආනයන වෙළෙඳාම යනු කුමක් ද?

A

කිසියම් රටක් විදේශීය රටකින් හෝ රටවලින් භාණ්ඩ තම රටට ගෙන්වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

අපනයන වෙළෙඳාම යනු කුමක් ද?

A

කිසියම් රටක් විදේශ රටකට හෝ රටවලට දේශීය නිෂ්පාදිත විකිණීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

උපකාරක සේවා යනු මොනවා ද?

A

ව්‍යාපාරයක් සාර්ථක ලෙස පවත්වා ගෙන යාම සඳහා උපකාරී වන සේවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

උපකාරක සේවාවන් කිහිපයක් නම් කරන්න

A
  • බැංකු සේවා
  • රක්ෂණ සේවා
  • සන්නිවේදන සේවා
  • ප්‍රවාහන සේවා
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

වාණිජ බැංකුවක් යනු කුමක් ද?

A

ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු ගිණුම් මෙන් ම ජංගම ගිණුම් ද පවත්වා ගෙන යමින් ව්‍යාපාර කටයුතුවලට අවශ්‍ය විවිධ බැංකු සේවාවන් සපයනු ලබන ආයතන

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

වාණිජ බැංකු හඳුන්වන අනෙක් නම කුමක් ද?

A

බලපත්‍රලාභී වාණිජ බැංකු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

වාණිජ බැංකුවක් විසින් සපයනු ලබන තැන්පතු ගිණුම් වර්ග මොනවා ද?

A
  • ඉතිරි කිරීමේ ගිණුම්
  • ස්ථාවර තැන්පත් ගිණුම්
  • ජංගම ගිණුම්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

ඉතිරි කිරීමේ ගිණුමක් යන්න හඳුන්වන්න

A

ව්‍යාපාරිකයන්ට මෙන් ම ඕනෑ ම පුද්ගලයෙකුට කැමති විටෙක මුදල් තැන්පත් කිරීමටත් එම තැන්පතු ආපසු ලබා ගැනීමටත් හැකියාව ඇති ගිණුම් විශේෂයකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

ඉතිරි කිරීමේ ගිණුමක ප්‍රයෝජන මොනවා ද

A
  • මුදල්වලට ආරක්ෂිත බවක් ලැබීම
  • පොලී ආදායමක් ලැබීම
  • ඕනෑ ම අවස්ථාවක මුදල් තැන්පත් කළ හැකි වීම හා ආපසු ගැනීමට හැකි වීම
  • හදිසි අවස්ථාවල දී පහසුවෙන් මුදල් ආපසු ලබා ගත හැකි වීම
  • ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ගනුදෙනු කළ හැකි වීම
  • හරපත් මගින් ගෙවීම් කටයුතු කළ හැකි වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවා ද?

A
  • ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත්‍රය
  • ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු දැන ගැනීමේ පත්‍රය
  • දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශය
  • ජාතික හැඳුනුම්පත
  • මුදල් තැන්පත් කිරීමේ ප්‍රකාශය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

ස්ථාවර තැන්පතුවක් යන්න හඳුන්වන්න

A

නිශ්චිත කාල සීමාවක් සඳහා යම් නිශ්චිත මුදලක් ස්ථාවර පොලී ප්‍රතිශතයක් යටතේ තැන්පත් කර ආරම්භ කළ හැකි තැන්පතු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
**ස්ථාවර තැන්පතුවල ලක්ෂණ** මොනවා ද?
- යම් නිශ්චිත කාලසීමාවක් සඳහා තැන්පතු පවත්වා ගෙන යාම - තැන්පතු කාලය සහ මුදල අනුව පොලී ප්‍රතිශතය වෙනස් කිරීම - සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්වලට වඩා වැඩි ප්‍රතිශතයක් යටතේ පොළී හිමි වීම - ස්ථාවර තැන්පතුව ඇපයට තබා තැන්පතුවෙන් යම් ප්‍රතිශතයක් ණය මුදලක් ලෙස ලබාගත හැකි වීම - පොලිය මාසික ව හෝ කල් පිරුණු පසු ව හෝ ගිවිසගත් පරිදි ලබා ගත හැකි වීම - තැන්පත් කළ දිනය, තැන්පත් කළ මුදල, පොලිය සහ කල් පිරෙන දිනය යන විස්තර ඇතුළත් කර සහතිකයක් බැංකුව විසින් ලබා දීම
26
**ස්ථාවර තැන්පතුවක්** ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවා ද?
- තැන්පතු විවෘත කිරීමේ අයදුම්පත - දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශය - ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු දැන ගැනීමේ පත්‍රය - මුදල් තැන්පතු පත - ජාතික හැඳුනුම්පත
27
**ජංගම ගිණුමක්** යනු කුමක් ද?
චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි ගිණුමකි
28
ජංගම ගිණුමක් පවත්වා ගෙන යාමේ වාසි මොනවා ද?
- චෙක්පත් මගින් ගෙවීම් කළ හැකි වීම - බැංකු අයිරා පහසුකම් ලබා ගත හැකි වීම - ඍජු ප්‍රේෂණ රැස් කිරීම - ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම - බැංකු ප්‍රකාශය ලැබීම
29
**චෙක්පතක්** යන්න හඳුන්වන්න
**ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක් එහි නම් සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගය**
30
චෙක්පත සම්බන්ධ ගනුදෙනු හා සම්බන්ධ වන පාර්ශව මොනවා ද?
- අණකරු - අණලදු - ආදායකයා
31
**අණකරු** යනු කවු ද?
චෙක්පත් ලියා අත්සන් කරන්නා (ජංගම ගිණුම් හිමියා)
32
**අණලදු** යනු කවු ද?
අණකරුගේ බැංකුව (ජංගම ගිණුම පවත්වාගෙන යන බැංකුව)
33
**ආදායකයා** යනු කවු ද?
චෙක්පතෙන් කරනු ලබන ගෙවීම ලබා ගැනීමට හිමිකම් ඇති චෙක්පොතෙහි නම සඳහන් පුද්ගලයා
34
චෙක්පත් ලිවීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු මොනවා ද?
- නිවැරදි ව දිනය යෙදීම - ආදායකයාගේ නම පැහැදිලි අකුරින් නිවැරදි ව ලිවීම - ඉලක්කමෙන් හා අකුරෙන් ලියන වටිනාකම් නිවැරදි වීම - අණකරුගේ අත්සන නිවැරදි ව යෙදීම - චෙක්පතෙහි සංශෝධන ඇත්නම් ඒවා පැහැදිලි ව නිවැරදි කර අත්සන් මගින් සනාථ කළ යුතු වීම - පිළිපතෙහි අදාළ තොරතුරු සටහන් කිරීම - චෙක්පතෙහි ඇති චුම්බක තීන්ත හැඳුනුම් තීරුවෙහි කිසිවක් නොලිවීම - සුදුසු පරිදි රේඛනය කිරීම
35
**පිළිපත** යනු කුමක් ද?
චෙක්පත නිකුත් කළ පසු චෙක්පොතෙහි ඉතිරිවන කොටස
36
චෙක්පතක MICR තීරුවේ අඩංගු අංක මොනවා ද?
- චෙක්පත් අංකය - බැංකුවේ අංකය - බැංකුවේ ශාඛා අංකය - බැංකු ගිණුම් අංකය
37
**චෙක්පත් රේඛනය** කිරීම යනු කුමක් ද?
- චෙක්පතක මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇඳීම - සමාන්තර රේඛා දෙක තුළ හෝ සමාන්තර රේඛා නොමැති ව බැංකුවක නම සඳහන් කිරීම
38
**චෙක්පත් රේඛනය** සිදු කරන ආකාර දෙක කුමක් ද?
1. සාමාන්‍ය රේඛනය 2. විශේෂ රේඛනය
39
**සාමාන්‍ය රේඛනය** යනු කුමක් ද?
චෙක්පතක මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇඳ ඒ තුළ යම් කොන්දේසියක් ඇතුළත් කර හෝ නොකර සිදු කරන රේඛනය වේ
40
**විශේෂ රේඛනය** යනු කුමක් ද?
චෙක්පතක මුහුණත හරහා ඇඳ ඇති සමාන්තර රේඛා දෙකක් අතර හෝ සමාන්තර රේඛා නොමැති ව වාණිජ බැංකුවක නම සඳහන් කරමින් කරනු ලබන රේඛනය
41
**විශේෂ රේඛනය** කිරීමෙන් සිදුවන්නේ කුමක් ද?
එම චෙක්පත නම සඳහන් බැංකුවෙහි ම ගිණුමක තැන්පත් කළ හැකි ය
42
**චෙක්පත පිටසන් කිරීම** යනු කුමක් ද?
චෙක්පතේ මුහුණත සඳහන් ආදායකයාගේ නම ඒ ආකාරයට ම ඔහුගේ අත් අකුරින් චෙක්පත පිටුපස ලිවීම
43
චෙක්පතක් පිටසන් කිරීමෙන් තහවුරු වන්නේ කුමක් ද?
තමාට අදාළ චෙක්පත් පිළිබඳ අව්‍යාජ හිමිකමක් පැවති බව
44
චෙක්පතක් පිටසන් කරනු ලබන අවස්ථා මොනවා ද?
- චෙක්පට වෙනත් ව්‍යාපාරිකයෙකුට පැවරීමේ දී - බැංකු ගිණුමක තැන්පත් කිරීමේ දී
45
**විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා** යනු මොනවා ද?
විද්‍යුත් සන්නිවේදන තාක්ෂණය භාවිත කරමින් මුදල් ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ට හඳුන්වා දී ඇති විවිධ සේවා
46
විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවන් යටතේ වර්තමානයේ භාවිත වන කාඩ්පත් මොනවා ද?
- ණයපත් - හරපත් - ස්වය‍ංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත්
47
**ණයපත්** යනු මොනවා ද?
වාණිජ බැංකු විසින් ණය පදනම සඳහා ගනුදෙනු කිරීම සඳහා නිකුත් කරන කාඩ්පතකි
48
ප්‍රධාන ණය පත් ජාල නම් කරන්න
- වීසා - මාස්ටර් -ඇමරිකන් එක්ස්ප්‍රස් - ඩිස්කවර්
49
**හරපත්** යනු මොනවා ද?
ඍජුව ම බැංකු ගිණුමේ ඇති මුදල්වලින් ගෙවීම් කළ හැකි වන පරිදි වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන්ට නිකුත් කරන කාඩ්පත්
50
**ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත** යන්න හඳුන්වන්න
සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකින් ගනුදෙනුකරුවන්ට ලබා ගත හැකි සේවාවන්ට සමාන සේවයක් ලබා ගැනීමට හැකි වාණිජ බැංකු විසින් නිකුත් කරන ලද කාඩ්පත් විශේෂයකි
51
විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවේ වැදගත්කම් මොනවා ද?
- ක්ෂණික බව - අවදානම අඩු වීම - සියලු තොරතුරු ස්වයංක්‍රීය ව වාර්තා වීම - දවසේ ඕනෑ ම වෙලාවක ගනුදෙනු කළ හැකි වීම
52
විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවාවේ ඇති සීමාවන් මොනවා ද?
- දත්ත විනාශ වීමේ අවධානමක් පැවතීම - නව ආකාරයේ විද්‍යුත් වංචාවලට භාජනය වීමේ අවධානමක් පැවතීම - අමතර පිරිවැයක් දැරීමට සිදු වීම - ඇතැම් වෙළෙඳසැල් වල දී ගෙවීම් කිරීම සඳහා භාවිත කළ හැකි නොවීම
53
රක්ෂණයේ පදනම කුමක් ද?
අවදානම් ඒකරාශී කිරීම
54
**රක්ෂණය** යනු කුමක් ද?
අවදානම් ඒකරාශී කර එක් පාර්ශවයකට සිදුවන හානිය හෝ පාඩුව සාමූහික ව බෙදා ගැනීම
55
රක්ෂණයට සම්බන්ධ වන පාර්ශව මොනවා ද?
- පළමු පාර්ශවය : රක්ෂණ ආවරණය ලබන තැනැත්‍තා හෙවත් **රක්ෂකයා** - දෙවන පාර්ශවය : රක්ෂණය ලබා දෙන තැනැත්තා (රක්ෂණ ආයතනය) හෙවත් **රක්ෂකයා** - තෙවන පාර්ශවය : රක්ෂණ ගිවිසුමෙන් බලපෑමට පත්වන අනෙක් සියලුම පාර්ශව
56
**රක්ෂණ මූලධර්ම** මොනවා ද
- රක්ෂ්‍ය හිමිකම - උපරිම විශ්වාසය - හානි පූරණය
57
**රක්ෂ්‍ය හිමිකම** යනු කුමක් ද?
ජීවිතයක් හෝ දේපළක් රක්ෂණය කිරීම සඳහා යම් පාර්ශවයකට ඇති නීත්‍යනුකූල අයිතිය
58
රක්ෂ්‍ය හිමිකම සඳහා නිදසුන් මොනවා ද?
- ස්වාමිපුරුෂයා හා භාර්‍යාව අතර පවතින එකිනෙකාගේ ජීවිතය පිළිබඳ රක්ෂ්‍ය හිමිකම - ණයහිමියෙකුට දෙන ලද ණය ප්‍රමාණය දක්වා ණයගැතියාගේ ජීවිතය රක්ෂණය කිරීමට ඇති අයිතිය - දේපළෙහි නීත්‍යනුකූල අයිතිකරුට දේපළ රක්ෂණය කිරීම පිළිබඳ ඇති රක්ෂ්‍ය හිමිකම
59
**උපරිම විශ්වාසය** යන රක්ෂණ මූලධර්මයෙන් කියවෙන්නේ කුමක් ද?
රක්ෂණ ගිවිසුමට එළෙඹෙන දෙපාර්ශවය ම එම ගිවිසුමට අදාළ නිවැරදි තොරතුරු ඔවුනොවුන්ට හෙළි කළ යුතු බව
60
**හානි පූරණය** යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?
රක්ෂිත දේපළට යම් හානියක් සිදු වුවහොත් එම හානිය යථා තත්ත්වයට පත් කර ගැනීමට සරිලන වන්දියක් පමණක් ගෙවිය යුතු බව
61
**ජීවිත රක්ෂණය** යනු කුමක් ද?
යම් රක්ෂිත පුද්ගලයෙකුගේ ජීවිත අකාලයේ නැති වුවහොත් ඔහුගෙන් යැපෙන්නන්ට වන්දි මුදල් ලබා ගැනීමේ හැකියාව ලැබෙන රක්ෂණය
62
**ජීවිත රක්ෂණයේ** වැදගත්කම ලියන්න
- ඉතිරි කිරීමේ ක්‍රමයක් හෝ ආයෝජන මාර්ගයක් ලෙස යොදා ගත හැකි වීම - ඔප්පුව කල් පිරෙන තෙක් ජීවත් වුවහොත් රක්ෂිත මුදල හා අනෙකුත් ප්‍රතිලාභ රක්ෂිතයාට ලබා ගත හැකි වීම - රක්ෂිතයා අකල් මරණයකට පත් වුවහොත් නම් කරන අයට වන්දි ලබා ගත හැකි වීම - දූ දරුවන්ගේ විවාහ, අධ්‍යාපන කටයුතුවල දී මූල්‍ය සහන ලබා ගත හැකි වීම - මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමේ දී ඇපයක් ලෙස භාවිත කළ හැකි වීම
63
**දේපළ රක්ෂණය** යනු කුමක් ද?
ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, රථ වාහන, බඩු තොග වැනි දේපළවලට සිදු විය හැකි අවධානම් ආවරණය කරන රක්ෂණය
64
භාවිත කිරීම සඳහා බැංකු ගිණුමක් අවශ්‍ය නැති කාඩ්පත් වර්ගය කුමක් ද?
ණය කාඩ්පත්
65
**දේපළ රක්ෂණ ඔප්පු** සඳහා උදාහරණ මොනවා ද?
- ගිනි රක්ෂණ ඔප්පු - රථවාහන රක්ෂණ ඔප්පු - මුහුදු උවදුරු රක්ෂණ ඔප්පු - ස්වාභාවික විපත් සඳහා රක්ෂණ ඔප්පු - බඩු තොග රක්ෂණය
66
දේපළ රක්ෂණයේ වැදගත්කම ලියන්න
- ව්‍යාපාර දේපළවලට සිදුවිය හැකි විව්ධ අවධානම් තුළින් පැන නගින මූල්‍ය අලාභ ආවරණය කර ගත හැකි වීම - ව්‍යාපාර කටයුතු අඛණ්ඩ ව කරගෙන යාමට උපකාරී වීම - දේශීය මෙන් ම විදේශීය වෙළෙඳාම් කටයුතු වල දී උපකාරී වීම
67
ජීවිත රක්ෂණය හා දේපළ රක්ෂණය අතර ඇති වෙනස්කම් මොනවා ද?
- ජීවිත රක්ෂණ ඔප්පුවේ වටිනාකම අවදානම හා රක්ෂිතයාගේ ගෙවීමේ හැකියාව මත තීරණය වන අතර දේපළ රක්ෂය අදාළ දේපළවල වටිනාකම අනුව තීරණය වේ - හානි පූරණ මූලධර්මය දේපළ රක්ෂණ සඳහා පමණක් බලපායි - ජීවිත රක්ෂණයේ දී රක්ෂිත මුදලට අමතර ව ප්‍රසාද දීමනා හා පොලී වැනි ප්‍රතිලාභ හිමි වන අතර දේපළ රක්ෂනයේ දී වෙනත් අමතර ප්‍රතිලාභ හිමි නොවේ
68
**සන්නිවේදනය** යනු කුමක් ද?
පණිවුඩ, තොරතුරු සහ අදහස් විවිධ පාර්ශව අතර යම් මාධ්‍යයක් මගින් හුවමාරු කර ගැනීම
69
ව්‍යාපාර ආයතන විසින් පවත්වන සන්නිවේදනය බෙදා ඇති ආකාර දෙක කුමක් ද?
01. අභ්‍යන්තර සන්නිවේදනය 02. බාහිර සන්නිවේදනය
70
**අභ්‍යන්තර සන්නිවේදනය** යනු කුමක් ද?
ආයතනය තුළ විවිධ පාර්ශව අතර මාධ්‍ය හරහා පණිවුඩ, තොරතුරු හා අදහස් හුවමාරු කර ගැනීම
71
අභ්‍යන්තර සන්නිවේදනයේ ලක්ෂණ මොනවා ද?
- සිදුවන වාර ගණන වැඩි වීම - යවන්නා හා ලබන්නා අතර දුර අවම වීම
72
බාහිර සන්නිවේදනය යනු කුමක් ද?
ව්‍යාපාර ආයතනයක් බාහිර පුද්ගලයන් හා බාහිර ආයතන සමග සිදු කරන සන්නිවේදනය
73
බාහිර සන්නිවේදනයේ ලක්ෂණ මොනවා ද?
- පවත්වන වාර ගණන අඩු වීම - යවන්නා සහ ලබන්නා අතර දුර අඩු වීම
74
ව්‍යාපාර විසිම් භාවිත කරන සන්නිවේදන මාධ්‍ය මොනවා ද?
- වාචික - ලිඛිත - විද්‍යුත් - සංඥා හා සංකේත
75
**සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග** ලියා දක්වන්න
- යවන්නා - පණිවිඩය - මාධ්‍යය - ලබන්නා - ප්‍රතිචාරය - ප්‍රතිපෝෂණය
76
සන්නිවේදන මූලිකාංග අතර **ප්‍රතිපෝෂණය** යනු කුමක් ද?
ලැබුණු පණිවුඩය ලැබුණු බවට හා තේරුම් ගත් බවට ලබන්නාගෙන් යවන්නා වෙත වාචික ව හෝ වාචික නොවන මාර්ගයකින් ලැබෙන ප්‍රතිචාරය
77
සුදුසු සන්නිවේදන මාධ්‍යක් තෝරා ගැනීමේ දී සැලකිය යුතු කරුණු මොනවා ද?
- සුදුසු බව - වේගවත් බව - පිරිවැය - පැහැදිලි බව - භාවිත කිරීමේ පහසුව
78
**ප්‍රවාහනය** යනු කුමක් ද?
කිසියම් ස්ථානයක සිට තවත් ස්ථානයකට භාණ්ඩ හා මගීන් ගෙනයාම
79
ප්‍රවාහනයේ මූලිකාංග නම් කරන්න
- මාර්ගය - මාධ්‍යය - බලය - පර්‍යන්තය
80
ප්‍රවාහන මූලිකාංග අතර **මාර්ගය** යනු කුමක් ද?
ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා විවිධ මාවත්
81
ප්‍රවාහනයේ දී යොදා ගන්නා විවිධ මාර්ග මොනවා ද?
- ජල මාර්ග - ගුවන් මාර්ග - මහා මාර්ග - දුම්රිය මාර්ග
82
ප්‍රවාහන මූලිකාංග අතර **මාධ්‍යය** යනු කුමක් ද?
ප්‍රවාහන මාර්ගවල ප්‍රවාහනය සඳහා යොදා ගන්නා යාන වාහන
83
ප්‍රවාහන මූලිකාංග අතර **බලය** යනු කුමක් ද?
ප්‍රවාහන මාධ්‍යයන් ධාවනය කිරීමට භාවිත කරන ශක්තිය
84
ප්‍රවාහන මූලිකාංගයන් අතර **පර්‍යන්තය** යනු කුමක් ද?
ප්‍රවාහන මාධ්‍යය හැසිරවීම සඳහා යොදා ගන්නා ස්ථානය
85
සුදුසු **ප්‍රවාහන මාධ්‍යයක්** තෝරා ගැනීමේ දී සැලකිය යුතු සාධක මොනවා ද?
- භාණ්ඩයේ ස්වභාවය - ප්‍රවාහන පිරිවැය - ධාරිතාව - ආරක්ෂාව - වේගය - සුලභතාව
86
ප්‍රවාහන සේවාව ඔස්සේ ව්‍යාපාර සිදු කරන කටයුතු මොනවා ද?
- නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සම්පත් ලබා ගැනීමට - භාණ්ඩ වෙළෙඳපොළ කරා බෙදා හැරීමට - සේවකයන් ප්‍රවාහනයට - භාණ්ඩ පාරිභෝගිකයන් වෙත ප්‍රවාහනය කිරීම සඳහා
87
මහා මාර්ග ප්‍රවාහනයේ **වාසි** මොනවා ද?
- ගමනාන්තය දක්වා ම යොදාගත හැකි වීම - ඕනෑ ම වෙලාවක යොදා ගත හැකි වීම
88
මහා මාර්ග ප්‍රවාහනයේ **අවාසි** මොනවා ද?
- මාර්ග තදබදය ඇති වීම - රිය අනතුරු බහුල වීම - පරිසර දූෂණයට ඇති බලපෑම
89
ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය මාර්ග මොනවා ද?
- මුහුදුබඩ දුම්රිය මාර්ගය - උඩරට දුම්රිය මාර්ගය - උතුරු දුම්රිය මාර්ගය - කැලණි වැලි දුම්රිය මාර්ගය
90
දුම්රිය මාර්ග ප්‍රවාහනයේ **වාසි** මොනවා ද?
- විශාල මගීන් හා භාණ්ඩ ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කළ හැකි වීම - දුම්රිය මාර්ග තදබදයක් ඇති නොවීම - දුර ගමන් සඳහා විශේෂ සේවාවන් තිබීම
91
දුම්රිය මාර්ග ප්‍රවාහනයේ **අවාසි** මොනවා ද?
- ගමනාන්තය දක්වා යොදා ගත නොහැකි වීම - ඕනෑ ම වෙලාවක යොදා ගත නොහැකි වීම - මාර්ග අනතුරක් සිදු වුවහොත් පිළිසකර කිරීම සඳහා දිගු කාලයක් ගත වීම
92
ගුවන් මාර්ග ප්‍රවාහනයේ වාසි මොනවා ද?
- වේගය වැඩි වීම - මගී සුවපහසුව වැඩි වීම - ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා පිටුවහලක් වීම
93
ගුවන් මාර්ග ප්‍රවාහනයේ **අවාසි** මොනවා ද?
- ප්‍රවාහන වියදම අධික වීම - අනතුරක දී සිදුවන විනාශය වැඩි වීම - බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කළ නො හැකි වීම
94
ජල මාර්ග ප්‍රවාහනයේ වාසි මොනවා ද?
- එකවර භාණ්ඩ හා මගීන් විශාල පිරිසක් ප්‍රවාහනය කළ හැකි වීම - බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි වීම - අඩු පිරිවැය - ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා පිටුවහලක් වීම
95
ජල මාර්ග ප්‍රවාහනයේ **අවාසි** මොනවා ද?
- ප්‍රවාහනයට වැඩි කාලයක් ගත වීම - සෑම ගමනාන්තයක් සඳහා ම යොදා ගත නොහැකි වීම