03. ව්‍යාපාර සංවිධාන Flashcards

(66 cards)

1
Q

ව්‍යාපාර සංවිධානයක් යනු කුමක් ද?

A

අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඒකරාශී වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන ආකාර මොනවා ද?

A
  • හිමිකාරීත්වය අනුව
  • අරමුණ අනුව
  • පරිමාණය අනුව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

හිමිකාරිත්වය මත ව්‍යාපාර සංවිධාන බෙදා දැක්වෙන කොටස් දෙක මොනවා ද?

A
  • පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන
  • රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන හඳුන්වන්න

A

ව්‍යාපාරයක හිමිකාරිත්වය පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් සතුවන ව්‍යාපාර වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන නම් කරන්න

A
  • ඒක පුද්ගල ව්‍යාපාර
  • හවුල් ව්‍යාපාර
  • සංස්ථාපිත සමාගම්
  • සමූපකාර සමිති
  • සමිති සංවිධාන
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන යනු මොනවා ද?

A

ප්‍රාග්ධනය රජය විසින් සපයා ඇති, හිමිකාරිත්වය රජය සතු වූ ව්‍යාපාර වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

රාජ්‍ය අංශයේ ව්‍යාපාරයන්ට අයත් වන්නේ කුමන ආයතන යටතේ පවතින ව්‍යාපාර ද?

A
  • මධ්‍යම රජය
  • පළාත් සභා
  • පළාත් පාලන ආයතන
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන වර්ග මොනවා ද?

A
  • රාජ්‍ය දෙපාර්තමේන්තු
  • රාජ්‍ය සංස්ථා
  • රාජ්‍ය සමාගම්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේ ආකාර දෙක කුමක් ද?

A
  • ලාභ අරමුණු කරගත් ව්‍යාපාර
  • ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ලාභ ඉපැයීම අරමුණු කරගත් ව්‍යාපාර යන්න හඳුන්වන්න

A

ලාභ ඉපැයීම ප්‍රධාන අරමුණ කරගත් ව්‍යාපාර වේ, රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේ ම දක්නට ලැබේ
The question is literally the answer XD

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර යන්න හඳුන්වන්න

A

ලාභ ඉපැයීම අරමුණු කර නොගත්, සාමාජිකයන්ගේ සහ සමාජයීය සුභ සාධනය වෙනුවෙන් පවත්වා ගෙන යන ව්‍යාපාර වේ. පෞද්ගලික මෙන් ම රාජ්‍ය අංශයේ ද ක්‍රියාත්මක වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

පරිමාණය අනුව ව්‍යාපාර වර්ග කිරීම සඳහා යොදා ගන්නා නිර්ණායක මොනවා ද?

A
  • ව්‍යාපාරයේ ප්‍රාග්ධන ප්‍රමාණය
  • සේවක සංඛ්‍යාව
  • භාවිත කරන බලශක්ති ප්‍රමාණය
  • ව්‍යාපාරයට හිමි වෙළෙඳපොළ කොටස
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ව්‍යාපාර සංවිධාන පරිමාණය අනුව වර්ග කෙරෙන කොටස් දෙක මොනවා ද?

A
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
  • මහා පරිමාණ ව්‍යාපාර
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යනු මොනවා ද?

A

මහා පරිමාණ ව්‍යාපාරවලට සාපේක්ෂ ව සැලකීමේ දී කුඩා ප්‍රාග්ධනයක් ආයෝජනය කර ඇති, අඩු සේවක සංඛ්‍යාවක් සිටින, වෙළෙඳපොළ කොටස කුඩා වූ ව්‍යාපාර වේ

  • Amount of energy used is not mentioned
  • According to Census and Statistics Department, businesses with less than 25 employees are considered as Small and Medium Scale Businesses
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ලෙස සැලකෙන්නේ සේවක සංඛ්‍යාව කීයට අඩු ව්‍යාපාර ද?

A

25 ට අඩු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

මහා පරිමාණ ව්‍යාපාරයක් යනු කුමක් ද?

A

වැඩි ප්‍රාග්ධනයක් ආයෝජනය කර ඇති, විශාල සේවක සංඛ්‍යාවක් සේවය කරන, විශාල වෙළෙඳපොල කොටසක් හිමි වූ, අදාළ ක්ෂේත්‍රය තුළ විශාල බලපෑමක් කළ හැකි ව්‍යාපාර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

ඒක පුද්ගල ව්‍යාපාර යනු මොනවා ද?

A

හිමිකාරිත්වය තනි පුද්ගලයෙකු සතු ව්‍යාපාර්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

ලොව සෑම රටක ම පාහේ දැකිය හැකි බහුලත ම ව්‍යාපාර සංවිධානය කුමක් ද?

A

ඒක පුද්ගල ව්‍යාපාර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

ඒක පුද්ගල ව්‍යාපාරවල සුලබතාවයට හේතු මොනවා ද?

A
  • පහසුවෙන් ආරම්භ කළ හැකි වීම
  • කුඩා ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම
  • ස්වාධීන තීරණ ගත හැකි වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ මොනවා ද?

A
  • ප්‍රාග්ධනය අයිතිකරු වන තනි පුද්ගලයෙකු විසින් යෙදවීම
  • ලාභ හෝ අලාභ තනි ව භුක්ති විඳීම
  • අයිතිකරුගේ වගකීම අසීමිත වීම
  • නීතිමය පුද්ගලභාවයක් නොමැති වීම
  • අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම
  • ලියාපදිංචිය අනිවාර්‍යය නොවීම
  • තනි ව තීරණ ගත හැකි වීම
  • පාලනය අයිතිකරු විසින් සිදු කිරීම
  • අයිතිකරුගේ කැමැත්ත පරිදි ව්‍යාපාරය අවසන් කළ හැකි වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසි මොනවා ද?

A
  • පහසුවෙන් ආරම්භ කළ හැකි වීම
  • සියලු ම ලාභ අයිතිකරු සතු වීම
  • ව්‍යාපාරික තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා වීම
  • තම දක්ෂතා උපරිම ව යෙදවිය හැකි වීම
  • තීරණ ගැනීමේ ස්වාධීන බව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ අවාසි මොනවා ද?

A
  • අයිතිකරුගේ වගකීම අසීමිත වීම
  • ප්‍රාග්ධනය රැස් කර ගැනීමේ දුෂ්කරතා පැවතීම
  • අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම
  • නෛතික පුද්ගලභාවයක් නොමැති වීම
  • අයිතිකරු තනි ව ගන්නා ඇතැම් තීරණ අසාර්ථක විය හැකි වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

හවුල් ව්‍යාපාර යනු මොනවා ද?

A

ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවතින සබඳතාවය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

හවුල් ව්‍යාපාර සඳහා බලපාන ආඥා පනත කුමක් ද?

A

1890 හවුල් ව්‍යාපාර ආඥා පනත
The partnership ordinance of 1890

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
**හවුල් ව්‍යාපාරවල ලක්ෂණ** මොනවා ද?
- සාමාජික සංඛ්‍යාව - අවමය : 02, උපරිමය : 20 - හවුල් ගිවිසුම හා හවුල් ඔප්පුවක් තිබීම - හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම - හවුල් ව්‍යාපාර ලියාපදිංචිය අනිවාර්‍යය නොවීම - නෛතික පුද්ගලභාවයක් නොමැති වීම - අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම
26
හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ **වාසි** මොනවා ද?
- පහසුවෙන් ආරම්භ කළ හැකි වීම - වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගත හැකි වීම - හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගත හැකි වීම - වගකීම හවුල්කරුවන් අතර බෙදී යාම - සාමූහික තීරණ ගත හැකි වීම
27
හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ **අවාසි** මොනවා ද?
- අසීමිත වගකීම - ලාභය හවුල්කරුවන් අතර බෙදී යාම - හවුල්කරුවන් අතර මත භේද ඇතිවිය හැකි වීම - අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම - නෛතික පුද්ගලභාවයක් නොමැති වීම
28
**සංස්ථාපිත සමාගම්** යන්න හඳුන්වන්න
**2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු, නෛතික පුද්ගලභාවයක් සහිත, කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය සපයා ගත හැකි කොටස් හිමියන්ගේ වගකීම සීමිත වූ සමාගම්**
29
සංස්ථාපිත සමාගම්වල **ලක්ෂණ** මොනවා ද?
- සමාගම් පනත යටතේ සංස්ථාපනය කිරීම - නෛතික පුද්ගලභාවයක් හිමි වීම - අඛණ්ඩ පැවැත්මක් තිබීම - සීමිත වගකීම සහිත ව ලියාපදිංචි කළ හැකි වීම - කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය රැස් කර ගත හැකි වීම
30
සංථාපිත සමාගම්වල **වාසි** මොනවා ද?
- වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම - නෛතික පුද්ගලභාවයක් හිමි වීම - අඛණ්ඩ පැවැත්මක් තිබීම - වගකීම සීමා සහිත වීම අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් කළමනාකරණය කිරීම
31
සංස්ථාපිත සමාගම්වල **අවාසි** මොනවා ද?
- ලාභය සහ අයිතිය බෙදී යාම - නීතිමය විධි විධාන අධික වීම
32
**සංස්ථාපිත සමාගම්** සඳහා බලපාන පනත කුමක් ද?
2007 අංක 07 දරන සමාගම් පනත Companies act No.07 of 2007
33
හවුල් ව්‍යාපාරයක උපරිම සහ අවම සාමාජිකයන් ගණන ලියන්න
අවමය : 02 උපරිමය : 20
34
හවුල් ව්‍යාපාරයක සාමාජිකයන් සංඛ්‍යාව තීරණය කර ඇත්තේ කුමන පනතෙන් ද?
2007 අංක 07 දරන සමාගම් පනත
35
**හවුල් ගිවිසුම** යනු කුමක් ද?
හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හවුල්කරුවන් අතර ඇති කර ගන්නා එකඟතාව
36
**හවුල් ඔප්පුව** යනු කුමක් ද?
හවුල් ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය රු. 1 000 ට වඩා වැඩි නම් වංචා වැලැක්වීමේ ආඥා පනතට අනුව ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වා ගෙන යා යුතු ය. මෙම ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුව වේ
37
**සමූපකාර සමිතියක්** යන්න හඳුන්වන්න
**ස්වේච්ඡාවෙන් එකට එකතු වී සාමූහික අයිතියක් භුක්ති විඳින පුද්ගල කණ්ඩායමක පොදු අවශ්‍යතා ඉටු කර ගැනීම අරමුණු කර ගත් ව්‍යාපාරයකි**
38
සමූපකාර සමිතියක අවම සාමාජිකයන් ගණන කීය ද?
10 යි
39
**සමූපකාර සමිති** ලියාපදිංචි කළ යුතු පනත කුමක් ද?
1972 අංක 05 දරන සමූපකාර සමිති පනත Cooperative Societies act No.05 of 1972
40
සමූපකාර සමිතිවල **ලක්ෂණ** මොනවා ද?
- ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම - ස්වේච්ඡා හා විවෘත සාමාජිකත්වය - සාමාජිකයන්ගේ සාමූහික අයිතිය - පොදු අවශ්‍යතා හා අරමුණුවලින් යුක්ත වීම
41
**සමූපකාර සමිතිවල** වාසි මොනවා ද?
- ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම - සාමාජිකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම - සමූපකාර සමිති පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය හිමි වීම - ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම
42
සමූපකාර සමිතිවල **අවාසි** මොනවා ද?
- ප්‍රාග්ධනය සීමිත වීම - සමූපකාර ප්‍රතිපත්ති මත ම කටයුතු කළ යුතු වීම
43
**සමිති** යනු මොනවා ද?
සමාජ සුභසාධනය අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන වේ
44
**රාජ්‍ය සංස්ථා** යනු මොනවා ද?
**සමාගම් පනත යටතේ හැර වෙනත් නීතියක් යටතේ සංස්ථාපනය කළ, පූර්ණ අයිතිය රජය සතු වන හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රජය සතු වන ව්‍යාපාර වේ**
45
රාජ්‍ය සංස්ථා ආරම්භ කරන්නේ කුමක් මගින් ද?
විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් මගින්
46
**රාජ්‍ය සංස්ථා** හැඳින්වෙන වෙනත් නම් මොනවා ද?
- රාජ්‍ය නීතිගත සංස්ථාව - කොමිසම - අධිකාරිය - මණ්ඩලය - කාර්‍යාංශය
47
රාජ්‍ය සංස්ථාවල **ලක්ෂණ** මොනවා ද?
- අයිතිය හා පාලනය රජය සතු වීම - නෛතික පුද්ගලභාවයක් තිබීම - විශේෂ පනතක් හෝ පවත්නා පොදු පනතක් යටතේ ආරම්භ කළ හැකි වීම - අඛණ්ඩ පැවැත්මක් තිබීම
48
රාජ්‍ය සංස්ථාවල **වාසි** මොනවා ද?
- අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කිරීම සඳහා උචිත වීම - පෞද්ගලික අංශයේ ඒකාධිකාරි බලපෑම් අවම කිරීමට දායක වීම - ලාභය මහජනතාව සතු වීම *Credits a part of earnings to the Consolidated Fund of the Government*
49
රාජ්‍ය සංස්ථාවල **අවාසි** මොනවා ද?
- තීරණ ගැනීමේ ස්වාධීනත්වය නැති වීම - රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වීම
50
**රාජ්‍ය දෙපාර්තමේන්තුවක්** යනු කුමක් ද?
**අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන මුළුමනින් ම රජයේ ඍජු පාලනයට යටත් ආයතන වේ**
51
රාජ්‍ය දෙපාර්තමේන්තුවල **ලක්ෂණ** මොනවා ද?
- අයිතිය හා පාලනය රජය සතු වීම - නීතිමය කටයුතුවල දී දෙපාර්තමේන්තු ප්‍රධානිය සිය නිල නාමයෙන් පෙනී සිටිය යුතු වීම - අරමුදල් රජය මගින් සැපයීම - අඛණ්ඩ පැවැත්ම
52
රාජ්‍ය දෙපාර්තමේන්‍තුවල **වාසි** මොනවා ද?
- ජනතාවට අවශ්‍ය සේවා සැපයීම - විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය දිගුකාලීන සංවර්ධනය සඳහා හේතුවන කටයුතු සඳහා මැදිහත් වීම - විශාල සේවක පිරිසක් සඳහා රැකියා අවස්ථා සැලසීම - ජනතාවගේ සුභසිද්ධිය සඳහා ලාභ අපේක්ෂාවෙන් තොර ව සේවා සැපයීම
53
රාජ්‍ය දෙපාර්තමේන්තුවල **අවාසි** මොනවා ද?
- රජයේ මූල්‍ය නීති සංග්‍රහය, ආයතන සංග්‍රහය හා විවිධ චක්‍රලේඛවලට අනුව කටයුතු කළ යුතු වීම - සේවයේ නියුතු අතිරික්ත සේවකයන් ප්‍රමාණය වැඩි වීම නිසා ශ්‍රම පිරිවැය අධික වීම
54
යෝග්‍ය ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගැනීමේ දී සැලකිල්ලට ගනු ලබන සාධක මොනවා ද?
- අරමුණ අනුව - හිමිකාරිත්වය අනුව - කළමනාකරණ කටයුතු සිදු කරනුයේ කවු ද යන්න අනුව
55
අරමුණ අනුව ව්‍යාපාර ස‍ංවිධානයක් තෝරා ගැනීමේ දී සැලකෙන ප්‍රධාන අරමුණු මොනවා ද?
- ලාභ ලැබීමේ අරමුණ - සමාජ සුභසාධන අරමුණ
56
ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපාර සංවිධාන මොනවා ද?
- ඒක පුද්ගල ව්‍යාපාර - හවුල් ව්‍යාපාර - සංස්ථාපිත සමාගම් - රාජ්‍ය සමාගම්
57
සමාජ සුභසාධනය අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන මොනවා ද?
- සමූපකාර සමිති - වෙනත් සමිති (ක්‍රීඩා, ගොවි, යෞවන) - රාජ්‍ය දෙපාර්තමේන්තු
58
ව්‍යාපාරයක පරිමාණය තීරණය කිරීම සඳහා බලපාන සාධක මොනවා ද?
- අයිතිකරුගේ මූල්‍ය ශක්තිය - අයිතිකරුගේ කුසලතා සහ පළපුරුද්ද - ව්‍යාපාරය නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය - නිෂ්පාදනයට අදාළ වෙළෙඳපොළ කොටස
59
සුළු පරිමාණ ව්‍යාපාරයක් තෝරා ගැනීම සඳහා හේතු මොනවා ද?
- අඩු ප්‍රාග්ධනය - අවම නීතිමය බලපෑම - තම දක්ෂතා උපරිම ලෙස යොදා ගත හැකි වීම
60
මහා පරිමාණ ව්‍යාපාරයක් ඇරඹීම තීරණය වන සාධක මොනවා ද?
- අයිතිකරු සතු ව විශාල සම්පත් ප්‍රමාණයක් තිබීම - අයිතිකරුගේ පළපුරුද්ද - ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් ලබා දෙන සබඳතා පැවතීම - රජයෙන් සැපයෙන් යටිතල පහසුකම්
61
**කළමනාකරණය** යනු කුමක් ද?
**ව්‍යාපාරයක් සතු සම්පත් සැලසුම් කිරීම, සංවිධානකරණය, මග පෙන්වීම සහ පාලනය කිරීම තුළින් ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීමේ ක්‍රියාවලියයි**
62
ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු පුද්ගලයන් කිහිප දෙනෙකු මගින් සිදු කිරීමට අවශ්‍ය නම් ගැළපෙන ව්‍යාපාර සංවිධාන වර්ග මොනවා ද?
- හවුල් ව්‍යාපාර - සංස්ථාපිත සමාගම්
63
ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කළ යුත්තේ ව්‍යාපාරය ආරම්භ කර දින කීයක් ගත වීමට පෙර ද?
දින 14 කට පෙර
64
ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා අදාළ බලධරයා කවු ද?
අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාවරයා
65
ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා අදාළ ක්‍රියා පටිපාටිය ලියා දක්වන්න
1. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් අදාළ ඉල්ලුම් පත්‍ර ලබා ගැනීම - ඒක පුද්ගල ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය - ග්‍රාම නිලධාරි වාර්තාව ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍රය 2. ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද වාර්තාව, නිවැරදි ව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය හා ලියාපදිංචි ගාස්තුව ද සමග ප්‍රාදේශීය ලේකම් වෙත භාර දීම 3. ලේඛන සලකා බැලීමෙන් අනතුරු ව ප්‍රාදේශීය ලේකම් විසින් ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කිරීම *Must be displayed in the business place*
66
ව්‍යාපාරික නාමය ලියාපදිංචි කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවා ද?
- අනන්‍යතාවයක් ලැබීම - ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වීම - රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වීම - ණය ලබා ගැනීමේ දී පහසුවක් වීම