07. සීලය හා භෞතික සංවර්ධනය Flashcards
(16 cards)
සසර දුක් මොනවා ද?
- ඉපදීම (ජාති)
- වයසට යාම (ජරා)
- ලෙඩ වීම (ව්‍යාධි)
- මරණය (මරණ)
- කැමැති දේ නො ලැබීම (ඉච්ඡාභංගත්වය)
- ප්‍රියයන්ගෙන් වෙන් වීම (ප්‍රිය විප්පයෝගය)
- අප්‍රියයන් හා එක් වීම (අප්‍රිය සම්පයෝගය)
සීලය අර්ථ දක්වා ඇති ආකාර මොනවා ද?
- යහපත් චරිත සංවර්ධනය
- කායික වාචසික සංවරය
- බාහිර හැදියාව
ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ එන සීල ශික්ෂාවට අයත් කරුණු මොනවා ද?
- සම්මා වාචා
- සම්මා කම්මන්ත
- සම්මා ආජීව
සීලයේ ආකාර දෙක කුමක් ද?
- කායික සීලය
- වාචසික සීලය
වාචසික සීලය යනු කුමක් ද?
- මුසාවාදා, පිසුනාවාචා, පරුසාවාචා, සම්පප්ඵලාපා යන සාවද්‍ය හැසිරීම් හැරදමා සත්‍යවාදී වීම, මිනිසුන් සමගි වන වචන කතා කිරීම, මිහිරි බස් කීම හා අර්ථවත් වූ දැහැමි වචනයෙන් යුක්ත වීම
- වාචසික වශයෙන් නො කළ යුතු විරිත් හැරපියා සිරිත අනුගමනය කිරීම
කායික සීලය යනු කුමක් ද?
ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන සාවද්‍ය ක්‍රියාවන්ගෙන් වැළකී කරුණාව මෛත්‍රිය දැක්වීම, දුන් දේ ගැනීම හා විරුද්ධ ලිංගිකයන් ශිෂ්ට සම්මත පරිදි ඇසුරු කිරීම
- කායික වශයෙන් නොකළයුත්ත හෙවත් විරිත් හැර පියා සිරිත් අනුගමනය කිරීම
බුදුරජාණන් වහන්සේ සීලය ඇතුළත් කර ඇති බෞද්ධ ඉගැන්වීම් මොනවා ද?
- ආර්‍ය ධන හත
- දස පින් කිරියවත්
- දස රාජ ධර්ම
- පාරමිතා
- ත්‍රිශික්ෂාව
ශික්ෂා පද ගණන අනුව ශීලය බෙදා ඇති ප්‍රභේද මොනවා ද?
- පන්සිල්
- උපෝසථ අෂ්ටාංග සීලය
- ආජීව අෂ්ටමක සීලය
- දස සීලය
පොහොය අටසිල් රැකීමට අදාළ සීලය කුමක් ද?
උපෝසථ අෂ්ටාංග ශීලය
පංච ශීලයට අමතර ව පොහොය අටසිල්වල අඩංගු ශික්ෂාපද මොනවා ද?
- අබ්‍රහ්මචර්‍යාවෙන් වැළකී බ්‍රහ්මචර්‍යාවේ යෙදීම
- විකාල භෝජනයෙන් වැළකීම
- නැටුම් ගැයුම් කිරීමෙන්, මල් සුවඳ ආදිය දැරීමෙන්, විවිධ සැරසිල්ලෙන් වැළකීම
- උස් අසුන් සහ මහ අසුන් නොදැරීම
ආජීව අෂ්ටමක සීලයට අයත් වන ශික්ෂා පද මොනවා ද?
- ප්‍රාණඝාතයෙන් වැළකීම
- අදත්තාදානයෙන් වැළකීම
- කාමමිත්‍යාචාරයෙන් වැළකීම
- මුසාවාදයෙන් වැළකීම
- පිසුනාවාචයෙන් වැළකීම
- පරුසාවාචයෙන් වැළකීම
- සම්පප්ඵලාපයෙන් වැළකීම
- මිච්ඡා ආජීවය හැර සම්‍යක් ආජීවයෙන් යුක්ත වීම
උපෝසථ අෂ්ටාංග සීලයට සාපෙක්ෂව දස සීලයේ දක්නට ලැබෙන වෙනස්කම් මොනවා ද?
- නච්ච ගීත වාදිත… යන ශික්ෂා පදය ශික්ෂා පද දෙකක් ලෙස ගැනීම
- ජාත රූප රජත පටිග්ගහණ… නම් වූ රන්, රිදී, මසු, කවවණු ආදී මූල්‍ය සම්පත් භාවිත කිරීමෙන් වැළකීමේ ශික්ෂා පදයක් තිබීම
ලෝවැඩ සඟරාව රචනා කළේ කවු ද?
වීදාගම ආනන්ද මෛත්‍රේය හිමි
කාලා රසමුසු බෝජන කර පෙම් යන කවිය සම්පූර්ණ කරන්න
කාලා රසමුසු බෝජන කර පෙම්
ගාලා සුවඳැති සඳුනුත් මනරම්
ලාලා අබරණ නිසි ලෙස සැරහුම්
පාලා ගිය වැනි බහුරූ කෝලම්
- ලෝවැඩ සඟරාව
සූජීවං අහිරිකේන යන ගාථාව අයත් ධම්මපද වග්ගය කුමක් ද?
මල වග්ගය
සුජීවං අහිරිකේන යන ගාථාව හා එහි තේරුම ලියන්න
සුජීවං අහිරිකේන
කාක සූරේන ධංසිනා
පක්ඛන්දිතා පගබ්භේන
සංකිලිට්ඨේන ජීවිතං
කවුඩෙකු මෙන් ගසා කෑමෙහි ශූර වූ, එබඳු හැකියාවන් ඇති, පවෙහි ලජ්ජා නැති, අනුන්ගේ ගුණ මකන, ගෙන් ගෙට දුවන කිලිටි ගති පැවතුම් ඇති තැනැත්තාට ජීවත් වීම ඉතා ලෙහෙසි ය.
- ධම්මපදය : මල වග්ගය