04. සමාධිගත සිතක මහිම Flashcards

1
Q

සිත අපිරිසිදු වන්නේ කුමන සිතිවිලි නිසා ද?

A

වෛරය, ක්‍රෝධය හා පළිගැනීම වැනි අකුසල් සිතිවිලි නිසා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

‘දූරංගමං ඒකචරං’ යන ගාථාව හා එහි තේරුම ලියා දක්වන්න

A

දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා

දුර ගමන් කරන, තනි ව හැසිරෙන, ශරීරයක් නැති, ගුහාවක වෙසෙන සිත දමනය කර ගන්නා තැනැත්තෝ මාරයාගේ බැම්මෙන් මිදෙති
- ධම්මපදය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

බුදුරජාණන් වහන්සේ විසින් දිවා රෑ භාවනා කරන පුද්ගලයන් පිළිබඳ ව පවසා ඇත්තේ කුමක් ද?

A

'’දිවා රෑ දෙකෙහි ම භාවනාවට යොමු කළ සිත් ඇති බුදු සව්වෝ නිරතුරු ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරති’‘

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ප්‍රබුද්ධ ජීවිතය යනු කුමක් ද?

A

අලසකමින්, උදාසීනමින් හා අසහනයෙන් තොර ජීවිතයකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

බුදු දහමෙහි භාවනාව ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

A
  • කුසල් දහම් වැඩි කරන මානසික අභ්‍යාසය
  • මානසික නිරෝගිතාවය, මානසික නිවැරදි බව, මානසික දක්ෂතාව දියුණු කරන විධිමත් ක්‍රියා පිළිවෙළ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

කුසල් යන්නෙහි අදහස් තුන මොනවා ද?

A
  • නිරෝගි
  • නිවැරදි
  • දක්ෂ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

බුදු දහමේ සඳහන් වන දෙයාකාර භාවනා මොනවා ද?

A
  1. සමථ භාවනාව
  2. විපස්සනා භාවනාව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

සමථය යන්නෙහි අර්ථය කුමක් ද?

A

සංසිඳුවීම, සංවර කිරීම, සමාදාන කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

සමථ භාවනාව යනු කුමක් ද?

A

කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

සමථ භාවනාව හැඳින්වෙන අනෙක් නම කුමක් ද?

A

චිත්ත භාවනාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

පංච නීවරණ නම් කරන්න

A
  1. කාමච්ඡන්ද : කම් සැප විඳීමට ඇති කැමැත්ත
  2. ව්‍යාපාද : තරහව
  3. ථිනමිද්ධ : සිත කය දෙකෙහි උදාසීන බව
  4. උද්ධච්ච කුක්කුච්ච : සිතෙහි නොසන්සුන්කම සහ පසුතැවිල්ල
  5. විචිකිච්ඡා : සැකය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

කාමච්ඡන්ද නීවරණය ණයගැතියෙකු ණයහිමිට ඇතිවන බැඳීමකට සමාන කර දක්වා ඇති සූත්‍ර දේශනාව කුමක් ද?

A

සාමඤ්ඤඵල සූත්‍රය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

සාමඤ්ඤඵල සූත්‍රයේ කාමච්ඡන්ද නීවරණය පෙන්වා දී ඇත්තේ කෙසේ ද?

A

’‘ණයගැතියකු ණයහිමිට යම් බැඳීමක් ඇති ද, එවිට වහලෙකු මෙන් යටත් වේ’’ ලෙස

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ව්‍යාපාද යනු කුමක් ද?

A

යම් කිසි පුද්ගලයෙක්, වස්තුවක් හෝ ක්‍රියාවක් පිළිබඳ ව ඇති අප්‍රිය ස්වභාවය, විරුද්ධ ස්වභාවය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ව්‍යාපාදය දුරු කළ හැක්කේ කෙසේ ද?

A
  • ව්‍යාපාද වශයෙන් සිතෙහි ඇති වන දූෂිත ස්වාභාවය මනා කොට මෙනෙහි කිරීම
  • එවැනි තත්ත්වයක් ඇති වීමට හේතු හා
  • ඉන් දුරු වීම පිළිබඳ සිතීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

ව්‍යාපාදය පහළ වීම දුරු කළ හැක්කේ කෙසේ ද?

A
  • මෛත්‍රී භාවනාවේ යෙදීමෙන්
  • කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

පෙළ දහමට අනුව පිත් රෝගයෙන් පෙළෙන්නෙකුට ආහාරයක කිසිඳු රසයක් නොදැනෙන්නා සේ, සිතට හොඳ නරක හඳුනා ගත නොහැක්කේ කුමක් උපන් විට ද?

A

ව්‍යාපාදය හෙවත් තරහව උපන් විට

18
Q

ථිනමිද්ධ යන්නෙහි අර්ථය කුමක් ද?

A

ථින : සිත කය දෙකෙහි අලස බව
මිද්ධ : සිතෙහි අකර්මණ්‍ය බව, රෝගී බව

19
Q

ථිනමිද්ධය දුරු කිරීමට කළ හැක්කේ කුමක් ද?

A
  • ආරම්භ, නික්කම, පරක්කම ධාතු යන තෙයාකාර වීර්‍යයෙන් කටයුතු කිරීම
  • පමණ දැන ආහාර ගැනීම
  • ඉරියවු වෙනස් කිරීම
20
Q

උද්ධච්ච කුක්කුච්ච යන්නෙහි අර්ථය කුමක් ද?

A

උද්ධච්ච : සිතෙහි පවතින නිසන්සුන් බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය

කුක්කුච්ච : කළ නොකළ වරද පිළිබඳ තැවෙන ස්වභාවය

21
Q

සාමඤ්ඤඵල සූත්‍රයෙහි නොසන්සුන් වූ සිත උපමා කර ඇත්තේ කුමකට ද?

A

සිර ගෙයක දුක් විඳින්නෙකු ලෙසට

22
Q

නොසන්සුන් වූ සිත, සිරගෙයක දුක් විඳින්නෙකු මෙන් බව දක්වා ඇති සූත්‍රය කුමක් ද?

A

සාමඤ්ඤඵල සූත්‍රය

23
Q

උද්ධච්ච කුක්කුච්ච නීවරණය යටපත් කළ හැක්කේ කෙසේ ද?

A

සිතෙහි සංසිඳීම හෙවත් සමාධිය ඇති වීම නුවණින් මෙනෙහි කිරීම

24
Q

විචිකිච්ඡාව යනු කුමක් ද?

A

සැකය

(අතීත පැවැත්ම, අනාගත පැවැත්ම, අතීත හා අනාගත පැවැත්ම පිළිබඳ සිතෙහි ඇතිවන සැකය - G10)

25
Q

විචිකිච්ඡාව යනු කුමන අට තැන්හි සැක කිරීම ද?

A
  • බුදුන්
  • දහම්
  • සඟුන්
  • පෙර, අපර භව
  • ත්‍රිශික්ෂාව
26
Q

විචිකිච්ඡාව හෙවත් කුතුහලය ඇත්තා සාමඤ්ඤඵල සූත්‍රයේ උපමා කර ඇත්තේ කුමකට ද?

A

වනයක අතරමං වූවෙකුට

27
Q

විචිකිච්ඡා නීවරණය ප්‍රහීණ කළ හැක්කේ කෙසේ ද?

A
  • ත්‍රිපිටක ධර්මය හොඳින් ඉගෙනීම
  • තෙරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාව ඇතිකර ගැනීම
28
Q

සමථ භාවනාව සඳහා කමටහන් ලබා දෙන ආචාර්‍යවරයා හඳුන්වන නම කුමක් ද?

A

කම්මට්ඨානාචාර්‍යවරයා

29
Q

සමථ භාවනාවෙහි ලබා දෙන කමටහන්වලට අනුව ඇති පුද්ගල චරිත ගණන කීය ද?

A

හයකි

30
Q

පුද්ගල චරිත වර්ග හය නම් කරන්න

A
  1. රාග චරිත : ආශාව අධික චරිත
  2. ද්වේශ චරිත : ද්වේශය අධික චරිත
  3. මෝහ චරිත : මුළාව, මෝඩකම අධික චරිත
  4. සද්ධා චරිත : ශ්‍රද්ධාව මූලික වූ චරිත
  5. බුද්ධි චරිත : බුද්ධිය මූලික ව කටයුතු කරන චරිත
  6. විතක්ක චරිත : තර්කානුකූල ව විමසුම් සිතින් කටයුතු කරන චරිත
31
Q

සමථ භාවනාව සඳහා යොදා ගත හැකි කමටහන් ගණන කීය ද?

A

හතළිහකි

32
Q

කමටහන් හැඳින්වෙන අනෙක් නම කුමක් ද?

A

කර්මස්ථාන

33
Q

සම සතළිස් කර්මස්ථාන නම් කරන්න

A
  • දස කසිණ : 10
  • දස අසුභ : 10
  • දස අනුස්සති : 10
  • චතු අප්පමඤ්ඤා : 4
  • ආහාරෙ පටික්කූල සඤ්ඤා : 1
  • චතුධාතු වවත්ථාන : 1
  • සතර ආරුප්ප : 04
34
Q

සමථ භාවනාවෙන් ලැබෙන උසස් ම ඵල දෙක කුමක් ද?

A
  • පංච අභිඥා
  • අෂ්ට සමාපත්ති
35
Q

සමථ භාවනාවෙන් ශිෂ්‍ය ජීවිතයට ලැබෙන ප්‍රයෝජන මොනවා ද?

A
  1. මතක ශක්තිය දියුණු වීම
  2. එක අරමුණක සිටීමට හැකි වීම
  3. ගැටලු විසඳීමේ ශක්තිය දියුණු වීම
  4. වහා අවබෝධ කර ගැනීමේ ශක්තිය දියුණු වීම
  5. ඉවසීමේ ශක්තිය දියුණු වීම
  6. පිළිවෙළින් යමක් ඉදිරිපත් කිරීමට හැකි වීම
36
Q

පංචස්කන්ධය දෙස ගැඹුරින් බලන භාවනාව කුමක් ද?

A

විපස්සනා භාවනාව

37
Q

විපස්සනා භාවනාව හඳුනවන අනෙක් නම් මොනවා ද?

A
  • විදර්ශනා භාවනාව
  • ප්‍රඥා භාවනාව
  • ත්‍රිලක්ෂණ භාවනාව
38
Q

විදර්ශනා භාවනාව තුළ ජීවිතය විස්තර කර ඇත්තේ කෙසේ ද?

A
  1. රූප - ශරීරය
  2. වේදනා - විඳීම (දුක/ සැප/ මධ්‍යස්ථ)
  3. සඤ්ඤා - හඳුනා ගැනීම
  4. සංඛාර - හඳුනාගෙන රැස් කරන දේ
  5. විඤ්ඤාණ - (සිත) අරමුණු දැන ගැනීම
39
Q

පංචස්කන්ධය බෙදා ඇති කොටස් දෙක නම් කරන්න

A
  1. රූප සංඥා
  2. නාම සංඥා
40
Q

පංචස්කන්ධය අතරින් නාම ගණයට අයත් ස්කන්ධයන් මොනවා ද?

A
  • වේදනා ස්කන්ධය
  • සඤ්ඤා ස්කන්ධය
  • සංඛාර ස්කන්ධය
  • විඤ්ඤාණ ස්කන්ධය
41
Q

විදර්ශනා භාවනාවේ ආනිශංස මොනවා ද?

A
  • දූෂිත සිටිවිලි පාලනය කරගෙන ඉවසීමෙන් හා බුද්ධිමත් ව කටයුතු කිරීම
  • අසහනය නැති වී සිතෙහි ප්‍රබෝධය ඇති වීම
  • අටලෝ දහමෙන් කම්පා නොවීම
  • මැදහත් භාවය ඇති වීම
42
Q

විදර්ශනා භාවනාවේ දී සිදු කෙරෙනුයේ කුමක් ද?

A
  • අරමුණුවල සැබෑ තත්ත්වය නුවණින් විග්‍රහ කොට බැලීම