08. දියුණුවේ හා පිරිහීමේ දොරටු Flashcards

1
Q

ත්‍රිපිටක දේශනාව තුළ හමුවන මෙලොව දියුණුව ප්‍රමුඛස්ථානයෙහි තබමින්, පරලොව දියුණුව පිළිබඳ සරල ව දේශිත සූත්‍ර මොනවා ද?

A
  • ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
  • පරාභව සූත්‍රය
  • මහා මංගල සූත්‍රය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

බුදුරජාණන් වහන්සේගෙන් මෙලොව හිත සුව පිණිස ධර්මයක් දේශනා කරන ලෙස ඉල්ලා සිටියේ කවු ද?

A

කක්කරපත්ත නම් කෝලිය ගමේ වැඩසිටි ව්‍යග්ඝපජ්ජ වංශික දීඝජාණු නම් කෝලිය පුත්‍රයා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

දීඝජාණු කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ හමු වී පැවසුවේ කුමක් ද?

A

’‘ස්වාමීනී අපි පස්කම් සුව අනුභව කරමින් අඹු දරුවන් නිසා වන කරදර සහිත ව ගිහි ගෙදර වාසය කරමු; කසී රට සුවඳ සඳුන් පරිභෝග කරමු; මල් ගඳ විලවුන් භාවිත කරමු; රන් රිදී මසු කහවණු ඉවසමු; ස්වාමීනී, මෙසේ ජීවත්වන අපට මෙලොව හිතසුව පිණිස උපකාර වන්නා වූ ධර්මයක් දේශනා කරන සේක්වා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

බුදුරජාණන් වහන්සේ කක්කරපත්ත ගමේ සිටි දිඝජාණු කෝලිය පුත්‍රයාට දේශනා කළ මෙලොව දියුණුවට හේතුවන කරුණු මොනවා ද?

A
  1. උට්ඨාන සම්පදා
  2. ආරක්ඛක සම්පදා
  3. කල්‍යාණ මිත්තතා
  4. සමජීවිකතා
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

උට්ඨාන සම්පදා යනු කුමක් ද?

A

තමන් කරන කවර ම හෝ රැකියාවක්,
- උත්සාහයෙන් (උට්ඨාන විරියාධිගතා)
- දෑතේ මහන්සියෙන් (බහාබල පරිචිතා)
- දහදිය හෙළා (සේදාවක්ඛිත්තා)
- ධාර්මික ව (ධම්මිකා)
- ධාර්මික ක්‍රියා අනුගමනයෙන් (ධම්ම ලද්ධා)
ක්‍රියාත්මක කළ යුතු බව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

බුදුරජාණන් වහන්සේ උට්ඨාන සම්පදාවට අයත් ධාර්මික රැකියා ලෙස දේශනා කර ඇති රැකියා මොනවා ද?

A
  1. කෘෂි කර්මාන්තය
  2. වෙළෙඳාම
  3. ගවයන් රැක බලා ගැනීම
  4. දුනු ශිල්පය හෙවත් ආරක්ෂක සේවාව
  5. රාජ්‍ය සේවය
  6. වෙනත් ශිල්ප කර්මාන්ත
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ආරක්ඛක සම්පදා යනු කුමක් ද?

A

ධනය විනාශවීමට ඉඩ නො දී මැනැවින් ආරක්ෂා කර ගැනීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ ආරක්ඛක සම්පදාවට අයත් ධනය විනාශ වී යා හැකි ක්‍රම මොනවා ද?

A
  1. රජයට අයත් වීම
  2. සොරුන් විසින් පැහැර ගනු ලැබීම
  3. ගින්නෙන් හෝ ජලයෙන් විනාශයට පත් වීම
  4. තමා ප්‍රිය නො කරන අයට අයත් වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

කල්‍යාණ මිත්තතා යනු කුමක් ද?

A

යහපත් මිත්‍රයන් ඇසුරු කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රයෙන් ප්‍රමුඛත ම කරුණ වන්නේ ඔවුන්ගේ කුමන ගුණ ජීවිතයට එක් කර ගැනීම ද?

A
  • සද්ධා
  • සීල
  • ත්‍යාග
  • ප්‍රඥා
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

සමජීවිකතා යනු කුමක් ද?

A

ආදායමට වඩා වියදම වැඩි නො කිරීම හෙවත් අය-වැය මනා ව තුලනය කර ගැනීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

අඩු ආදායමක් ඇති ව වැඩියෙන් වියදම් කරන්නා උපමා කර ඇත්තේ කුමකට ද?

A

උදුම්බරඛාදික හෙවත් අවිචාරයෙන් අත්තික්කා කන්නෙකුට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

මහා මංගල සූත්‍රයේ පුද්ගල දියුණුව සඳහා දේශනා කර ඇති කරුණු ගණන කීය ද?

A

38 කි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

මහා මංගල සූත්‍රයේ පුද්ගල දියුණුව සඳහා දේශනා කර ඇති කරුණු මොනවා ද?

A
  1. අනුවණයින් ඇසුරු නො කිරීම
  2. නුවණත්තන් ඇසුරු කිරීම
  3. පිදිය යුත්තන් පිදීම2
  4. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම
  5. පෙර කරන ලද පින් ඇති බව
  6. සීලාදී ගුණ ධර්මයන්හි පිහිටීම 3
  7. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව
  8. ශිල්ප ශාස්ත්‍රයෙහි ප්‍රගුණ බව
  9. විනයගරුක බව
  10. ප්‍රිය මනාප වචන කතා කිරීම4
  11. මවුපියන්ට සංග්‍රහ කිරීම
  12. දරුවන්ට සංග්‍රහ කිරීම
  13. භාර්‍යාවට සංග්‍රහ කිරීම
  14. නිවැරදි කාය කර්මයන්හි යෙදීම5
  15. දන් දීම
  16. ධර්මානුකූල ව හැසිරීම
  17. ඥාතීන්ට සංග්‍රහ කිරීම
    18.නිවැරදි ජීවන වෘත්තීන්හි යෙදීම6
  18. පාපයෙහි නො ඇලීම
  19. මදයටහා ප්‍රමාදයට හේතු වන මත්ද්‍රව්‍ය පානය නො කිරීම
  20. කුසල කර්මයන්හි අප්‍රමාද වීම7
  21. තෙරුවන්, මවුපියන් හා වැඩිහිටියන් කෙරෙහි ගරු කිරීම
  22. යටහත් පැවතුම් ඇති ව විසීම
  23. ලද දෙයින් සතුටු වීම
  24. කළගුණ දන්නා බව
  25. සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය කිරීම8
  26. ඉවසීම
  27. උත්තමයන්ගේ අවවාද පිළිගැනීම
  28. ශ්‍රමණයන් වහන්සේලා දැකීම
  29. සුදුසු කල්හි ධර්ම සාකච්ඡා පැවැත්වීම9
  30. තපස
  31. බ්‍රහ්මචර්‍යාව
  32. ආර්‍ය සත්‍යය් දැකීම
  33. නිවන පසක් කිරීම10
  34. ලෝක ධර්මයන්ගෙන් ගැටෙන විට කම්පා නො වීම
  35. ශෝක රහිත බව
  36. කෙලෙස් නැති බව
  37. නිර්භය වීම11
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

පරාභව සූත්‍රය දේශනා කළේ කවුරුන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස ද?

A

‘පුද්ගලයන් පිරිහීමට හේතු කවරේදැ යි’ දෙවියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

පරාභව සූත්‍රයෙහි එන, ගාථා දොළහකින් දේශනා කර ඇති පුද්ගල පරිහානියට අදාළ කරුණු මොනවා ද?

A
  1. ධර්මයට අකමැති වීම
    • අසත්පුරුෂයන් ප්‍රිය වීම
    • සත්පුරුෂයන් ප්‍රිය නො කිරීම
    • අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කිරීම
    • නිතර ම නිදන සුලු බව
    • කතාවෙන් ම දවස ගෙවීම
    • උත්සාහයෙන් තොර වීම
    • අලසකම
    • ක්‍රෝධ කරන බව
  2. මහලුවියට පත් මවුපියන්ට හැකියාව තිබිය දී ත් නොසැලකීම
  3. බමුණන්, පැවිද්දන් හෝ වෙනත් තවුසන් බොරුවෙන් රැවටීම
  4. බොහෝ ධනය, ආහාරපාන තිබිය දී ත් ඒවා හුදෙකලා ව භුක්ති විඳීම
  5. ජාතිය, ධනය, ගෝත්‍රය පිළිබඳ මානයෙන් උදම් වී ස්වකීය ඥාතීන් පහත් කොට සිතීම
  6. ස්ත්‍රීන් කෙරෙහි, සුරාව කෙරෙහි, දූ කෙළියෙහි ලොල් ව ලත් ධනය විනාශ කිරීම
  7. ස්වකීය භාර්‍යාවගෙන් තෘප්තිමත් නො වී වෛශ්‍යාවන් හා පර අඹුවන් කරා යාම
  8. ඉක්ම ගිය යොවුන් බව ඇති මිනිසෙකු ළාබාල තරුණියක සරණ පාවාගෙන ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නො නිදා ඇය රැකීමට වෙහෙසීම
  9. රසයෙහි ගිජු වූ නාස්තිකාර ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ආධිපත්‍යයෙහි තැබීම
  10. ක්ෂත්‍රිය කුලයෙහි ඉපදුණු ධනයෙන් හීන, මහත් වූ වස්තු තෘෂ්ණාවෙන් යුක්ත අයකු රජකම පැතීම