09. බුදු දහමින් හෙළිවන සිතීමේ හා විමසීමේ නිදහස Flashcards

1
Q

බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කළේ කොහේ දී ද?

A

කොසොල් රට කේසපුත්ත නම් නියම් ගමේ දී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

මහණ බමුණන් අතරින් කවුරු සත්‍ය ප්‍රකාශ කරන්නේ දැයි සැකයක් හා විමතියක් උපදින බව බුදුරදුන්ට ප්‍රකාශ කළේ කවු ද?

A

කේසපුත්ත නියම්ගම් වැසි කාලාමයන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

බුදුරජාණන් වහන්සේ විසින් කාලාමයන්ට දේශනා කරන ලද, යමක් නොපිළිගත යුතු හේතු මොනවා ද?

A
  1. ආරංචි මාත්‍රයෙන් හෝ
  2. පරම්පරාවෙන් පැවත එන නිසා හෝ
  3. මෙය මෙසේ වී යැයි කටකතා මගින් හෝ
  4. අපගේ ඉගැන්වීම් සමග ගැළපේ යැයි කියා හෝ
  5. මෙය තර්කානුකූල යැයි කියා හෝ
  6. න්‍යායානුකූල යැයි කියා හෝ
  7. මතුපිට ස්වරූපය අනුව හෝ
  8. තම දෘෂ්ටිය අනුව සැසඳෙන්නේ යැයි කියා හෝ
  9. සුදුසු බව පෙනේ යැයි කියා හෝ
  10. මේ ශ්‍රමණයා අපගේ ගුරුවරයා යැයි කියා හෝ යමක් නො පිළිගත යුතු ය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

බුදුරජාණන් වහන්සේ විසින් යමක් පිළිගැනීමට පෙර විමසා බැලිය යුතු කරුණු ලෙස දේශනා කර ඇත්තේ මොනවා ද?

A

යම් ක්‍රියාවක්,
1. කුසල් ද අකුසල් ද
2. නිරවද්‍ය ද සාවද්‍ය ද
3. නුවණත්තවුන් විසින් ගරහන ලද්දේ ද පසසන ලද්දේ ද
4. පිරිපුන් කොට සමාදන් කොට ගත් තැනැත්තාගේ අහිත පිණිස, දුක් පිණිස වේ ද? හිතසුව පිණිස වේ ද?

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

කාලාම සූත්‍රය අයත් වන නිකාය කුමක් ද?

A

අංගුත්තර නිකාය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

වීමංසක සූත්‍රය අයත් වන නිකාය කුමක් ද?

A

මජ්ඣිම නිකාය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

වීමංසකේන භික්ඛවේ භික්ඛුනා යන ගාථාව ඇතුළත් සූත්‍රය කුමක් ද?

A

වීමංසක සූත්‍රය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

වීමංසකේන භික්ඛවේ භික්ඛුනා යන ගාථාව හා එහි තේරුම ලියා දක්වන්න

A

වීමංසකේන භික්ඛවේ භික්ඛුනා
පරස්ස චේතෝපරියායං
අජානන්තේන තථාගතේ
සමන්නේසනා කාතබ්බා
සම්මාසම්බුද්ධෝ වා නෝ වා
ඉති විඤ්ඤාණාය

මහණෙනි, අනුන්ගේ සිත් හසර නො දන්නා විමසන සුලු භික්ෂුව විසින් සම්මා සම්බුද්ධ වේ ද නො වේ දැයි තථාගතයන් වහන්සේ වුව ද විමසා බැලිය යුතු වෙයි.
- වීමංසක සූත්‍රය - මජ්ඣිම නිකාය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly