බාහිර හා අභ්‍යන්තර උත්තේජවලට ශාක දක්වන ප්‍රතිචාර Flashcards

(28 cards)

1
Q

ප්‍රභාරූපජනනය යනු කුමක්ද?

A

ශාක වර්ධනය හා විකසන ක්‍රියාවලියේදී ආලෝකය මඟින් ප්‍රේරණය වන මූලික ක්‍රියාවලි සියල්ලේ එකතුව යි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ශාකවල ඇති ප්‍රධාන ප්‍රභා ප්‍රතිග්‍රාහක ආකාර දෙක මොනවාද?

A
  1. නිල් ආලෝක ප්‍රභා ප්‍රතිග්‍රාහක

2. ෆයිටොක්‍රෝම් ප්‍රභා ප්‍රතිග්‍රාහක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

නිල් ප්‍රභා ප්‍රතිග්‍රාහක වල කාර්යය කුමක්ද?

A

නිල් ආලෝක ප්‍රභා ප්‍රතිග්‍රාහක මඟින් ශාකවල සිදුවන විවිධ ප්‍රතිචාර ආරම්භ කරයි. එනම්,

  1. ප්‍රභාවර්තනය
  2. ආලෝක ප්‍රේරණයෙන් පූටිකා විවර වීම.
  3. බීජ පැළය පස මතුපිටට පැමිණි විට ආලෝක ප්‍රේරණයෙන් බීජාධරය දික් වීම නිශේධනය.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ෆයිටොක්‍රෝම් ප්‍රභා ප්‍රතිග්‍රාහක වල කාර්යය කුමක්ද?

A
  1. බීජ ප්‍රරෝහණය යාමනය

2. සෙවණ මඟහැරීම යාමනය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

බීජ ප්‍රරෝහණය කෙරෙහි ආලෝකයේ බලපෑම

A

ආහාර සංචිත සීමිත බැවින් ආලෝක පරිසරය හා අනෙක් තත්ත්ව ප්‍රශස්තව පවතියි නම් පමණක් බොහෝ වර්ගවල බීජ (ව්ශේෂයෙන් කුඩා බීජවල) ප්‍රරෝහණය ඇරඹේ.

ආලෝක තත්වය වෙනස් වෙනස් වන තුරු එවැනි බීජ ප්‍රරෝහණය නොවී වසර ගණනාවක් සුප්තව පවතී.
උදා : ක්ෂේත්‍රය සී සෑම මඟින් හෝ සෙවණ දී තිබුණ ශාකයක මිය යෑම මඟින් බීජ ප්‍රරෝහණයට උචිත ආලෝක තීව්‍රතාව ළඟා වෙයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ශාක පරතරය පවත්වා ගැණීම කෙරෙහි ආලෝකයේ බලපෑම

A

ෆයිටොක්‍රෝම් මඟින් ආලෝකයේ තත්ත්වය පිළිබඳ ශාකයට තොරතුරු ලබා දෙයි.

එමඟින් ශාකයට පිටත ඇති ආලෝක තත්ත්වයේ වෙනස්වීම්වලට අනුව අනුවර්තනය විය හැකිය.
උදා : වනාන්තරයක වියන් ස්තරයට යටින් ඇති සාපේක්ෂව ඉහළ ආලෝක තීව්‍රතාවක් අවශ්‍ය ශාකයක සෙවණ මඟ හැරීමේ ප්‍රතිචාරය දැක්වීම.

වනාන්තරයේ වියන රතුආලෝකය විශාල වශයෙන් අවශෝෂණය කිරීම හේතුවෙන් ධුර රක්ත කිරණ පමණක් ඒ හරහා ගමන් කිරීමට ඉඩ සලසයි.

එම ධුර රක්ත කිරණ හේතුවෙන් වියනට යටින් ඇති ශාකය උසින් වර්ධනය වීමට වැඩි සම්පත් ප්‍රමාණයක් වෙන් කරයි.

මීට සාපේක්ෂව, ආලෝකයට ඍජුව ම නිරාවරණය වීමෙන්, ධුර රක්ත කිරණවලට : රතු ආලෝකය අනුපාතය වැඩිවේ.

එමඟින් අතු බෙදීම උත්තේජනය වී ශාකයේ උස වැඩි වීම නිශේධනය වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

පුෂ්ප හට ගැනීම සඳහා ආලෝකයේ බලපෑම

A

පැය 24 ක කාලපරිච්ඡේදයක් තුළ ශාක ආලෝකයට නිරාවරණය වී පවතින කාල ප්‍රාන්තරය “ප්‍රකාශ අවධිය” නම් වේ. මෙය පුෂ්පීකරණයට බලපායි.

උදා :

  1. දිගු දිවාකාල ශාක - පුෂ්ප පිපීම සඳහා දිගු දිවා කාලයක් අවශ්‍යයයි.
  2. කෙටි දිවාකාල ශාක - පුෂ්ප පිපීම සඳහා කෙටි දිවා කාලයක් අවශ්‍යයයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

කඳන් දික් වීම හා ප්‍රභාවර්තනය

A

ශාක ප්‍රරෝහය ආලෝකය දෙසට (ධන) හෝ ආලෝකයෙන් ඉවතට (ඍණ) හෝ වර්ධනය වීම ප්‍රභාවර්තනයයි.

ධන ප්‍රභාවර්තනය ප්‍රභාසංස්ලේෂණය කාර්යක්ෂම කිරීමට හේතුවේ.

ප්‍රරෝහයේ ප්‍රතිවිරුද්ධ පැතිවල සෛල විෂමාකාර වර්ධනය හේතුවෙන් මේ ප්‍රතිචාරය පවත්වා ගනියි.

ආලෝකය නොලැබෙන පැත්තේ සෛල දික්වන වේගයට වඩා ආලෝකය ලැබෙන පැත්තේ සෛල දික් වන වේගය වඩා වැඩිය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ගුරුත්වාවර්තනය යනු කුමක්ද?

A

ගුරුත්වයට ප්‍රතිචාරයක් ලෙස ශාකයක කඳ ඉහළට වර්ධනය වන විට මුල පහළට වර්ධනය වෙයි. එය ගුරුත්වාවර්තනයකි.

ගුරුත්වාවර්තනය ධන හෝ ඍණ විය හැකිය.
උදා : මුල ධන ගුරුත්වාවර්තනයත්, ප්‍රරෝහය ඍණ ගුරුත්වාවර්තනයත් දක්වයි.

බීජ ප්‍රරෝහනය වූ විගසම ගුරුත්වාවර්තනය ආරම්භ වේ. මේ මඟින් මුල පස තුළට ගමන් කිරීමත්, කඳ ආලෝකය දෙසට ගමන් කිරීමත් තහවුරු වේ.

ශාක ගුරුත්වය හඳුනා ගන්නේ, තුළාශ්ම තැන්පත් වීම මඟිනි.

තුළාශ්ම යනු සනාල ශාකවල හමු වන විශේෂණය වූ ලව වර්ගයක් වන අතර, ඒවායේ පිෂ්ට කණිකා ගහන වේ.

තුළාශ්මවලට ගුරුත්වය යටතේ සෛලයේ පහළ කොටස්වල තැන්පත් විය හැකිය.

මුලෙහි මූලාග්‍ර කොපුවේ සමහර සෛලවල මේවා ස්ථානගත වී ඇත.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

තුලාශ්ම කල්පිතය

A

මූලාග්‍ර කොපුවේ සෛලවල පහළ ප්‍රදේශවල තුලාෂ්ම සමූහනය වීමෙන් Ca²⁺ නැවත ව්‍යාප්තවීම ප්‍රේරණය කරයි.

එමඟින් මුල තුළ ඔක්සීන පාර්ශ්විකව පරිවහනය කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මුලේ සෛල දික්වන කලාපයේ යටි පැත්තේ Ca²⁺ හා ඔක්සීන ඒකරාශී වීම සිදුවේ.

අධික ඔක්සීන සාන්ද්‍රණය මඟින් මුලේ සෛල දික්වීම නිශේධනය වේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස යටිපැත්තේ සෙමින් වර්ධනයක් ද උඩුපැත්තේ වඩා ශීඝ්‍ර දිගු වීමක් ද සිදු වේ. ඒ අනුව මුල පහළට වර්ධනය වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ස්පර්ශරූපජනණය යනු කුමක්ද?

A

යාන්ත්‍රික බාධා නිසා ශාක ආකාරවල ඇතිවන වෙනස්වීම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

යාන්ත්‍රික උත්තේජවලට දක්වන ප්‍රතිචාර

ආරෝහක ශාක

A

මේවාට ආධාරක වටා එතෙන පහුරු නම් ව්‍යූහ ඇත.
ආධාරකය සම්ඟ ස්පර්ශ වන තුරු පහුරු ඍජුව වර්ධනය වේ.
ස්පර්ෂ වූ පසු ප්‍රතිවිරුද්ධ දිශාවල වර්ධනයේ වෙනස්කම් උත්තේජනය වේ.
ස්පර්ෂ වූ පැත්තේ සෛල දික්වීම අඩු වේගයකින් ද විරුද්ධ පැත්තේ සෛල දික්වීම වැඩි වේගයකින්ද සිදුවේ.
පහුරු දක්වන මෙම දිශාත්මක වර්ධනය ස්පර්ශාවර්තනයයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

යාන්ත්‍රික උත්තේජවලට දක්වන ප්‍රතිචාර

Mimosa pudica පත්‍රවල ශීඝ්‍ර චලන

A

නිදිකුම්බා පත්‍ර ස්පර්ෂ කළ විට හැකිලී යයි. උත්තේජයේ බලපෑම නැති වූ විට නැවත මුල් තත්ත්වයට පත් වේ.

මෙම පත්‍ර හා පත්‍රිකා පාදයේ “උපධානය” නම් වූ විශේෂිත චාලක උපාංගයක් ඉදිමුමක් ලෙස පිහිටයි.

එහි යටි පැත්තේ සෛල සාමාන්‍ය අවස්ථා වල ශුනව පවතී. එවිට පත්‍රය ඍජුව පිහිටයි.

උත්තේජය ලැබුණු විට එම සෛලවල ශුනතාව ක්ෂණිකව නැතිවී යයි. එවිට පත්‍රිකා හැකිලී යයි.

මේ ප්‍රතිචාරය ස්පර්ශසන්නමනය නම් වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ශාක හෝමෝන හා සත්ත්ව හෝමෝන අතර වෙනස්කම් මොනවාද?

A
  1. සත්ත්ව හෝමෝන නිර්නාල ග්‍රන්ථිවල නිපදවන නමුත් ශාකවල විභාජක වල, අංකුර වල, ළපටි පත්‍රවල හා ඉදෙන ඵලවල නිපදවීම.(ග්‍රන්ථි නොමැත)
  2. සත්ත්ව හෝමෝන රුධිරය හරහා පරිවහනය වන නමුත් ශාක හෝමෝන සෛල හරහා විසරනය හෝ ප්ලෝයමය තුළින් හෝ ශෛලමය තුළින් ගමන් කිරීම.
  3. සත්ත්ව හෝමෝන නිපදවන ස්ථානයේ ක්‍රියාත්මක නොවේ. නමුත් ශාක හෝමෝන නිපදවන ස්ථානයේම ක්‍රියා කරයි.
  4. සත්ත්ව හෝමෝන සංකීර්ණ කාබනික සං‍යෝග වන අතර ශාක වර්ධක ද්‍රව්‍ය සරල කාබනික සං‍යෝග වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ඔක්සීන වල කෘත්‍ය

A
  1. අඩු සාන්ද්‍රණයකදී කඳ දික් වීම උත්තේජනය කරයි.
  2. පාර්ශ්වික හා ආගන්තුක මුල් සෑදීම දිරි ගන්වයි.
  3. ඵල විකසනය යාමනය කරයි.
  4. අග්‍රස්ථ ප්‍රමුඛතාව දිරි ගන්වයි.
  5. ප්‍රභාවර්තනය සිදු කරයි.
  6. ගුරුත්වාවර්තනය සිදු කරයි.
  7. සනාල පටක විභේදනය දිරි ගන්වයි.
  8. පත්‍ර ඡේදනය වළක්වයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

ගිබරලීන වල කෘත්‍ය

A
  1. කඳ දික් වීම උත්තේජනය කරයි.
  2. පරාග විකසනය උත්තේජනය කරයි.
  3. පරාග නාළයේ වර්ධනය උත්තේජනය කරයි.
  4. ඵල වර්ධනය උත්තේජනය කරයි.
  5. බීජ විකසනය හා ප්‍රරෝහණය උත්තේජනය කරයි.
  6. ලිංග නිර්ණය හා යොවුන් අවධිවල සිට පරිණත අවධි දක්වා සංක්‍රමණය යාමනය කරයි.
17
Q

සයිටොකයිනීන් වල කෘත්‍ය

A
  1. කඳන් හා මුල් වල සෛල විභාජනය යාමනය කරයි.
  2. අග්‍රස්ථ ප්‍රමුඛතාව විකරණය කිරීම හා කක්ෂීය අංකුර වර්ධනය දිරි ගන්වයි.
  3. අපායන පටක වලට පෝෂක චලනය දිරි ගන්වයි.
  4. බීජ ප්‍රරෝහණය උත්තේජනය කරයි.
  5. පත්‍ර වෘද්ධතාව පමා කරයි.
18
Q

ඇබ්සිසික් අම්ලයේ කෘත්‍ය

A
  1. වර්ධනය නිශේධනය කරයි.
  2. නියං ආතති තත්ත්ව වලදී පූටිකා වැසීයෑම දිරි ගන්වයි.
  3. බීජ සුප්තතාව දිරි ගන්වමින් බීජ ප්‍රරෝහණය කලින් සිදුවීම නිශේධනය කරයි.
  4. පත්‍ර වෘද්ධතාව දිරි ගන්වයි.
  5. වියළීම දරා ගැනීම දිරි ගන්වයි.
19
Q

එතිලීන් වල කෘත්‍ය

A
  1. බොහෝ ඵල වර්ග ඉදීම දිරි ගන්වයි.
  2. පත්‍රවල ඡේදනය දිරි ගන්වයි.
  3. බීජ පැළවල ත්‍රිත්ව ප්‍රතිචාර දිරි ගන්වයි. (කඳ දික් වීම නිශේධනය කරයි, පාර්ශ්වික වර්ධනය දිරි ගන්වයි, තිරස් වර්ධනය දිරි ගන්වයි.)
  4. වෘද්ධතාව වේගවත් කරයි.
  5. මුල් හා මූලකේශ වර්ධනය දිරි ගන්වයි.
  6. අන්නාසි කුලයේ ශාකවල මල් හටගැනීම ප්‍රේරණය කරවයි.
20
Q

කෘෂිකර්මාන්තයේදී වර්ධක ද්‍රව්‍ය භාවිතය

A

මේ සඳහා සංස්ලේශණය කරන ලද කෘතීම වර්ධක ද්‍රව්‍ය භාවිතා කෙරේ.

  1. ඔක්සීන වන
    1. IBA - කැපූ කඳන් වලින් මුල් හට ගැන්වීම.
    2. 2,4 - D/MCPA - වල් පැලෑටි නාශක ලෙස
    3. වෙනත් කෘතීම ඔක්සීන - පාතනෝඵලනය හා ඵල විකසනය උත්තේජනය.
  2. සයිටොකයිනින් - කැපූ පත්‍ර හා මල් පර නොවී වැඩි කාලයක් තබා ගැනීම.
  3. ගිබරලින් - කඳන් දිගින් වැඩි කිරීම හා බීජ ප්‍රරෝහනය උත්තේජනය.
  4. එතිලින් - ඵල ඉදීම උත්තේජනය, පුෂ්පීකරණය උත්තේජනය.
21
Q

නියං ආතති වලට අනුගත වීම සඳහා ශාක තුළ ඇති පාලන පද්ධති මොනවාද?

A
  1. ජල ඌනත්වය යටතේ ABA සංස්ලේශණය කිරීම හා නිදහස් කිරීම උත්තේජනය වේ.
    ABA පාලක සෛලවල ප්ලාස්ම පටලය මත ක්‍රියාකර පූටිකා වැසීම සිදු කරයි. උත්ස්වේදනය අඩුවේ.
  2. තෘණ ශාක වල පත්‍ර වල බුද්බුධාකාර සෛල භාවිතයෙන් පත්‍රය නාලයක් ආකාරයට රෝල් වේ. එවිට බාහිරයට නිරාවරණය වී ඇති පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය අඩුවේ. උත්ස්වේදනය අඩුවේ.
  3. ඇතැම් වියළි කාල වලදී පත්‍ර පතනය සිදු වේ.
  4. අමතරව ශුෂ්ක රූපී අනුවර්තන දරයි.
22
Q

නියං ආතති වලට අනුගත වීම සඳහා ශාක තුළ ඇති පාලන පද්ධති මොනවාද?

A
  1. ජල ඌනත්වය යටතේ ABA සංස්ලේශණය කිරීම හා නිදහස් කිරීම උත්තේජනය වේ.
    ABA පාලක සෛලවල ප්ලාස්ම පටලය මත ක්‍රියාකර පූටිකා වැසීම සිදු කරයි. උත්ස්වේදනය අඩුවේ.
  2. තෘණ ශාක වල පත්‍ර වල බුද්බුධාකාර සෛල භාවිතයෙන් පත්‍රය නාලයක් ආකාරයට රෝල් වේ. එවිට බාහිරයට නිරාවරණය වී ඇති පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය අඩුවේ. උත්ස්වේදනය අඩුවේ.
  3. ඇතැම් වියළි කාල වලදී පත්‍ර පතනය සිදු වේ.
  4. අමතරව ශුෂ්ක රූපී අනුවර්තන දරයි.
23
Q

ශීත ආතති වලට ශාක ප්‍රතිචාර දක්වනුයේ කෙසේද?

A
  1. සෛල ප්ලාස්ම පටලයේ ලිපිඩ සං‍යුතිය වෙනස් කර ගැනීම

2. මිදීම මඟින් ඇති වන හානි වැළැක්වීමට ද්‍රාව්‍ය සාන්ද්‍රණ වැඩි කිරීම

24
Q

ශීත ආතති වලට ශාක දක්වන ප්‍රතිචාර

සෛල ප්ලාස්ම පටලයේ ලිපිඩ සං‍යුතිය වෙනස් කර ගැනීම

A

සෛල පටලයේ උෂ්ණත්වය යම් අවධි උෂ්ණත්ව මට්ටමකට වඩා අඩු වන විට එහි තරලමය ස්වභාවය නැතිවේ.

එයට හේතුව පටලයේ ඇති ලිපිඩ අණු ස්ඵටික ව්‍යූහයක් බවට පත් වෙමින් අවහිර වීමයි.

එවිට පටලය හරහා ද්‍රව්‍ය පරිවහනය වීම වළකී, සෛලීය ක්‍රියා කෙරේ බලපෑම් ඇතිකරයි.

එහිදී සීතලට ප්‍රතිචාරයක් ලෙස ශාක සෛලවල ප්ලාස්ම පටලයේ ලිපිඩ සං‍යුතිය වෙනස් කරයි. අසංතෘප්ත මේද අම්ල අනුපාතය වැඩි කර, අඩු උෂ්ණත්වයේදීත් පටලය වැඩි තරලමය බවකින් පවත්වා ගනී.

25
# ශීත ආතති වලට ශාක දක්වන ප්‍රතිචාර මිදීම මඟින් ඇති වන හානි වැළැක්වීමට ද්‍රාව්‍ය සාන්ද්‍රණ වැඩි කිරීම
ජලය මිදීමද සීතල ආතතියකි. ද්‍රාව්‍යවලින් සරු සයිටොසොලයේ ජලය මිදීමට පෙර, සෛල බිත්තියේ හා අන්තර්සෛලීය අවකාශවල ජලය මිදෙයි. සෛල බිත්ති තුළ ද්‍රව ජලය අඩු වීම මඟින් බහිෂ්සෛලීය ජල විභවය අඩු කර බහිෂ්සෛලීය ජල විභවය අඩු කර සයිටොසොලයෙන් ජලය පිට වීමට හේතු වේ. එහි ප්‍රතිඵලය ලෙස සෛල ප්ලාස්මයේ අධික ද්‍රව්‍ය සාන්ද්‍රණයක් ඇති වේ. මේ තත්ත්වය හානිකර වී සෛල මිය යෑමට හේතු විය හැක. මිදීමට ඔරොත්තු දෙන ශාක වල, ශීත ඍතුවේ ආරම්භයට පෙර සීනි වැනි විශේෂිත ද්‍රාව්‍යවල සෛල ප්ලාස්මීය මට්ටම් ඉහළ නංවා ජල හානිය අඩුකර සෛලය විජලනයට ලක් වීම වළකයි.
26
ශාක, ලවණ ආතති වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
පස තුළ ලවණ ඇති විට පාංශු ද්‍රාවණයේ ජල විභවය අඩුවේ. ඒ හේතුවෙන් පසේ සිට මුල් දක්වා ජල විභව අනුක්‍රමණය අඩු වෙයි. මෙය මුල් මඟින් ජලය අවශෝෂණය අඩු වීමට මඟ පාදයි. සාමාන්‍යයෙන් පස තුළ ඉතා වැඩි ලවණතාව ශාක වලට විෂ වේ. බොහෝ ශාක ඉහළ සාන්ද්‍රණ හොඳින් දරාගත හැකි ද්‍රාව්‍ය නිපදවා, මධ්‍යස්ථ පාංශු ලවණතාවයට ප්‍රතිචාර දක්වයි. ඒවා කාබනික සං‍යෝග වන අතර, ඒවා මඟින් සෛලයේ ජල විභවය, පාංශු ද්‍රාවණයේ ජල විභවයට වඩා, වැඩි ඍණ අගයක පවත්වා ගනී. ඇතැම් ශාක වල ලවණ ග්‍රන්ථි හරහා වැඩිපුර ඇති ලවණ පත්‍ර පෘෂ්ඨය හරහා ශාකයෙන් බැහැර කරයි. මේවා ලවණ දරා ගන්නා ශාකවල දැකිය හැකිය. උදා : බොහෝ කඩොලාන ශාක
27
# ශාක වල පවතින ජෛව ආතති ප්‍රතිරෝධී යාන්ත්‍රණ පෙර සිට පැවති ව්‍යූහමය හා රසායනික ආරක්ෂක යන්ත්‍රණ
1. අපිචර්මීය සෛල ආවරණය කරන ඉටි සහ උච්චර්මයේ ප්‍රමාණය සහ තත්ත්වය 2. අපිචර්මීය සෛල බිත්තිවල ව්‍යූහය හා ඝනකම 3. පූටිකාවල ප්‍රමාණය, ස්ථානය හා හැඩය 4. විෂ සං‍යෝග, ඇල්කොලොයිඩ (උදා: නිකොටි), පීනෝල (උදා: ෆ්ලැවනොයිඩ,ලිග්නීන් සහ ටැනීන්), ටර්ෆිනොයිඩ (ඇසඩ්රැක්ටින්) සහ ලෙක්ටීන් 5. කටු, තුණ්ඩ සහ ට්‍රිකෝම
28
# ශාක වල පවතින ජෛව ආතති ප්‍රතිරෝධී යාන්ත්‍රණ ප්‍රේරිත ව්‍යූහමය හා රසායනික ආරක්ෂක යන්ත්‍රණ
1. සෛල බිත්තියේ රූප විද්‍යාත්මක වෙනස් වීම් 2. වල්කය හා ඡේදස්තරය සෑදීම 3. පිනෝලික සං‍යෝග 4. විෂ සං‍යෝග 5. දිලීර සෛල බිත්ති බිඳ හෙළන හෝ කෘමි අවයව වලට හානි කරන එන්සයිම