ශාකවල ප්‍රජනනය Flashcards
(50 cards)
භෞමික ශාකයකට භෞමික පරිසරයේදී ඇතිවන පොදු ගැටළු මොනවාද?
- ශාකයෙන් ජලය වාෂ්ප වීම
- සන්ධාරනය ලබාගැනීමේ ගැටළුව
- පරිවහනය ලබා දීමේ ගැටලුව
- ලිංගික ප්‍රජනනයේදී සංසේචනය සිදුකර ගැනීමේ ගැටළුව
- වායු හුවමාරු කරගැනීමේ ගැටළුව
- අහිතකර පරිසර තත්ත්ව වලින් ආරක්ෂාවීමේ ගැටළුව
- උපරිම ආලෝකයක් ලබාගැනීමේ ගැටළුව
භෞමික ශාකයකට භෞමික පරිසරයේදී ඇතිවන ගැටළු මඟහරවා ගැනීමට පොදුවේ දක්වන අනුවර්තන මොනවාද?
- බීජාණු ශාකය ප්‍රමුඛ වීම හා මුල, කඳ ,පත් වලට විභේදනය වීම
- මුල් මඟින් සවි වීම, සන්ධාරණය හා අවශෝෂණය කාර්යක්ෂමව සිදු කරයි.
- කඳ මඟින් පරිවහනය හා සන්ධාරණය කාර්යක්ෂමව ඉටු කරයි.
- පත්‍ර මඟින් ප්‍රභාසංශ්ලේෂණය සහ පූටිකා හරහා වායු හුවමාරුව කාර්යක්ෂමව සිදු කරයි.
- සනාල පටක විකසනය වීම
- ශෛලමය මඟින් ජලය හා ඛනිජ අයන කාර්යක්ෂමව පරිවහනය කරයි.
- ප්ලෝයමය මඟින් කාබනික ආහාර කාර්යක්ෂමව පරිවහනය කරයි.
- කාර්යක්ෂම සන්ධාරක පටක විකසනය වීමශෛලම් පටකය, දෘඪස්තර පටකය සහ ල්ග්නිභූත සෛල බිත්ති දරයි.
- ප්‍රරෝහ කොටස් වටා කියුටීනමය උච්චර්ම දැරීම
ලිපිඩ බැවින් ජලය වාෂ්ප වීම වළකී. - ජලයේ අවශ්‍යතාව බහුලවන ජන්මාණු ශාකය ක්ෂීන වීම හා බීජාණු ශාක පටක තුළ පැවතීම.
- සංසේචනයට බාහිර ජලය භාවිතා නොකිරීම.
එවිට ජලය රහිත පරිසරවලදී පවා සංසේචනය සිදුවේ. - බීජ හා ඵල ව්‍යාප්තියට කාර්යක්ෂම යාන්ත්‍රන ඇතිකර ගැනීම.
- කාර්යක්ෂම පරාග අනුවර්ථන ඇති කර ගැනීම.
- කාර්යෂම කාලතරණ ඒකක ඇතිකර ගැනීම - බීජ/ඵල
Pogonatum ජීවන චක්‍රය
පරම්පරා ප්‍රත්‍යාවර්තනය
විෂමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය පෙන්වයි.
Pogonatum ජීවන චක්‍රය
ජන්මාණු ශාකය
- ජන්මාණු ශාකය ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකයයි.
- ඒකගුණය (n)
- බීජාණු ශාකයට වඩා වැඩි කාලයක් ජීවත් වේ.
- ප්‍රභාසංස්ලේෂීය
- ‘කඳ’(ව්‍යාජ කඳ) , ‘පත්‍ර’(ව්‍යාජ පත්‍ර) හා මූලාභ ලෙස විභේදනය වී ඇත.
- ඒකලිංගිකය
Pogonatum ජීවන චක්‍රය
සංසේචනය
- පරිණත වූ විට පුංජන්මාණු ශාකයේ ශුක්‍රාණුධානි හට ගනියි.
- ඒවා තුළ ශුක්‍රාණු විශාල ගණනක් අනූනනයෙන් නිපදවයි.
- ශුක්‍රාණු ද්වීකශිකාධරය
- පරිණත ඡායා ජන්මාණු ශාකයේ අණ්ඩාණුධානි නිපදවයි.
- අණ්ඩාණුධානිය තුළ තනි ඩිම්බයක් නිපදවේ.
- එම ඩිම්බය බාහිරයට නිදහස් නොවේ.
- රසායනික ආකර්ෂකවලට ප්‍රතිචාරයක් ලෙස කශිකාධර චල ශුක්‍රාණු බාහිර ජලයේ පිහිනාවිත් අණ්ඩාණුධානිය තුළට ගමන් කර, ඩිම්බය සමඟ එක් වී ද්වීගුණ යුක්තාණුව සාදයි.
- සංසේචනය අණ්ඩාණුධානිය තුළ සිදුවේ.
- සංසේචනයට පසු ද්වීගුණ යුක්තාණුව කලලයක් බවට විකසනය වේ.
Pogonatum ජීවන චක්‍රය
බීජාණු ශාකය
- අණ්ඩාණුධානිය තුළ රැඳී තිබෙන කලලය තවදුරටත් විකසනය වීමෙන් ද්වීගුණ බීජාණු ශාකය හට ගනියි. එය පෝෂණය ලබාගන්නේ ජන්මාණු ශාකයෙනි.
- බීජාණු ශාකය ඡායා ජන්මාණු ශාකයේ ඉහළ කෙළවරට සම්බන්ධ වී පවතී.
- ලපටි විට ප්‍රභාසංශ්ලේෂීය.
- බීජාණු ශාකය කොටස් තුනකින් යුක්තය
- පාදය - ඡායා ජන්මාණු ශාකයට සවි වීමට දායක වේ. ජලය හා පෝෂ්‍ය ද්‍රව්‍ය අවශෝෂනයධ ඉටු කරයි.
- තන්ත්‍රය - පෝෂ්‍ය හා ජලය පරිවහනය කරයි.
- ස්පෝටිකාව -(බීජාණුධානිය) මෙහි අඩංගු බීජාණු මාතෘ සෛල(2n) ඌනනයට ලක් වී බීජාණු නිපදවයි.
Pogonatum ජීවන චක්‍රය
ප්‍රරෝහණය
- බීජාණු සම බීජාණුකය
- හිතකර තත්ත්ව යටතේ බීජාණුධානිය පුපුරා නිදහස් වන බීජාණු හිතකර තත්ත්ව සහිත වාසස්ථානයකට එනම් තෙතපස, කඳන් වල පොතු මත පතිත වී ප්‍රරෝහනය වේ.
- බීජාණු ප්‍රරෝහණයෙන් ප්‍රාක්තන්ත්‍රය නම් වූ කොළ පැහැති ශාඛනය වූ සූත්‍රිකාකාර ව්‍යූහය වර්ධනය වේ.
- මේ ප්‍රාක්තන්ත්‍රයෙන් හටගන්නා අංකුර මඟින් ජන්මාණු ශාක හට ගනී.
Pogonatum හි භෞමික අනුවර්තන මොනවාද?
- ‘කඳ’ ‘පත්‍ර’ හා මූලාභ ලෙස යම් තරමක විභේදනයක් පෙන්වයි.
2. බීජාණු විසිරීයාම වාතය මඟින් සිදුවීම.
Nephrolepis ජීවන චක්‍රය
පරම්පරා ප්‍රත්‍යාවර්තනය
විෂමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය
Nephrolepis ජීවන චක්‍රය
බීජාණු ශාකය
- ප්‍රමුඛ ශාකය බීජාණු ශාකයයි.
- ප්‍රභාසංශ්ලේෂී වේ.
- බීජාණු ශාකය වඩාත් සංකීර්ණ ව්‍යූහයක් දරයි.
- ශාක දේහය මුල, කඳ හා පත්‍ර ලෙස විභේදනය වී ඇත.
- ශාක දේහයේ වායව කොටස් වල උච්චර්මය පිහිටයි.
- වායව කොටස් වලින් වායු හුවමාරුව සඳහා පූටිකා විකසනය වී ඇත.
- සනාල පටක වර්ග දෙක වන ශෛලම හා ප්ලෝයම විකසනය වී ඇත. නමුත් දුර්වලය.
- ළපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රනය දක්වයි.
- කඳ භූගත රයිසෝමයකි.
- පත්‍රය පත්‍රිකා වලින් සමන්විත සංයුක්ත පක්ෂවත් පත්‍රයකි.
- රයිසෝමයෙන් පැන නඟින ශාඛා වන භූගත ධාවකවලින් නව පැලෑටි හට ගනියි.
- පරිණත පත්‍රිකාවල යටි පැත්තේ සෝරස ලෙස හඳුන්වන බීජාණුධානි සමූහ ඇතිවේ. ඒවා වියළීමෙන් ආරක්ෂා කර ගැනීමට කසුව නමැති ව්‍යූහය පවතී.
Nephrolepis ජීවන චක්‍රය
බීජාණු ව්‍යාප්තිය
- බීජාණුධානියක් තුළ ඌනන විභාජනය සිදු වීමෙන් ඒකගුණ බීජාණු හට ගනියි.
- ඒවා සම බීජාණුකය.
- සොරස පරිණත වූ විට කසුව වියළී හැකිලීමට ලක්වෙයි.
- එවිට පරිණත බීජාණුධානි පිටතට විවෘත වෙයි.
- වියළි පරිසර තත්ත්ව යටතේ බීජාණුධානිය පුපුරා බීජාණු පිටතට නිදහස් වෙයි.
- ඉන්පසු බීජාණු සුලඟෙන් ව්‍යාප්ත වෙයි.
- උචිත ස්ථානයක බීජාණු පතිත වූ පසු එම බීජාණු ප්‍රරෝහණයෙන් ජන්මාණු ශාකය හට ගනියි.
Nephrolepis ජීවන චක්‍රය
ජන්මාණු ශාකය
- ජන්මාණු ශාකය ක්ෂීනය පැවැත්ම කෙටිකාලීනය.
- ජන්මාණු ශාකය කුඩාය. හෘදාකාර ප්‍රාක් තලසකි.
- මහේක්ෂීයයි.
- ඒකගුණය.
- කොළ පැහැතිය. ප්‍රභාසංස්ලේෂීය.
- උදරීය පෘෂ්ඨයේ මූලාභ විකසනය වී ඇත.
- ද්වී ලිංගිකය.
- තලසේ උදරීය පැත්තේ ශුක්‍රාණුධානි හා අණ්ඩාණුධානි හට ගනියි.
Nephrolepis ජීවන චක්‍රය
සංසේචනය
- ශුක්‍රාණුධානිය තුළ බහුකෂිකාධර ශුක්‍රාණු නිපදවයි.
- පසුව ශුක්‍රාණුධානි විවෘත වී ශුක්‍රාණු බාහිර පරිසරයට නිදහස් වේ.
- අණ්ඩාණුධානිය තුළ එක් ඩිම්බ සෛලය බැගින් නිපදවේ. එය අණ්ඩාණූධානිය තුළම රැඳී පවතී.
- ශුක්‍රාණු බාහිර ජලයේ පිහිනන අතර, අණ්ඩාණුධානියෙන් නිකුත්වන රසායන ද්‍රව්‍ය වෙත ආකර්ෂණයෙන් එය තුළ ඇති ඩිම්බ සෛලය කරා ගමන් කරයි.
- අණ්ඩාණුධානිය තුළ දී ඩිම්බය හා ශුක්‍රාණුව එකිනෙක සම්බන්ධ වී ද්වීගුණ යුක්තාණුව නිපදවයි.
Nephrolepis ජීවන චක්‍රය
බීජාණු ශාකයේ විකසනය
- යුක්තාණුව අන්ඩාණුධානිය තුළ රැඳෙමින් ආරක්ෂාව හා පෝෂණය ලබමින් අනූනනයෙන් බෙදෙමින් කලලයක් බවට විකසනය වේ.
- කලලයද අණ්ඩාණුධානිය තුළ රැඳෙමින් ළපටි බීජාණු ශාකය බවට ජන්මාණු ශාකය තුළදීම විකසනය වේ.
- සියළුම වර්ධක අවධි ජන්මාණු ශාකයෙන් පෝෂණය ලබාගනී.
- ක්‍රමයෙන් බීජාණු ශාකයේ ප්‍රභාසංස්ලේෂක පටක විකසනය වීමත් සමඟම ළපටි බීජාණු ශාකය ස්වාධීන ශාකයක් බවට පත් වේ.
- මේ අවධියේ ජන්මාණු ශාකය ක්ෂය වී යයි.
Nephrolepis හි භෞමික අනුවර්තන මොනවාද?
- බීජාණු ශාකය ප්‍රමුඛ වීම. මුල, කඳ, පත්‍ර වලට විභේදනය වීම.
- ශෛලම ප්ලෝයම යන සනාල පටක දැරීම.
- ප්‍රරෝහ කොටස උච්චර්මය දැරීම.
- වායව කොටස් පූටිකා දැරීම.
- ළපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාක්පත්‍රනය පෙන්වීම.
- සොරස්/බීජාණුධානි කසුවකින් ආවරණය වීම හා පත්‍රයේ යටි පැත්තේ පිහිටීම.
- කඳ රයිසෝමයක් වීම.
- ධාවක මඟින් අලිංගික ප්‍රජනනය සිදුකළ හැකිවීම.
- බීජාණු නිදහස් වීම වියළි තත්ත්ව යටතේ සිදුවීම.
- බීජාණු ව්‍යාප්ත වීම සුලඟ මඟින් සිදුවීම.
- ජන්මාණු ශාකය කෙටි ජීවිත කාලයක් දැරීම.
Nephrolepis භෞමික පරිසරයට පෙන්වන දුර්වලතා මොනවාද?
- ජන්මාණු ශාකය තලසක් වීම.
- මූලාභ අකාර්යෂම වීම.
- ජන්මාණු ශාකයේ සනාල පටක සහ සන්ධාරක පටක නොතිබීම.
- සංසේචනයට බාහිර ජලය අත්‍යවශ්‍ය වීම.
- ජන්මාණු ශාකය උච්චර්ම නොදැරීම.
Selaginella ජීවන චක්‍රය
පරම්පරා ප්‍රත්‍යාවර්තනය
විෂමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය
Selaginella ජීවන චක්‍රය
බීජාණු ශාකය
- බීජාණු ශාකය ප්‍රමුඛයි. ප්‍රභාසංශ්ලේෂකයි.
- බීජාණු ශාකය මුල, කඳ, පත්‍ර ලෙස විභේදනය වී ඇත.
- ශෛලම් හා ප්ලෝයම් යන සනාල පටක දරයි.
- අකාෂ්ඨීය ශාක වේ. (සන්ධාරක පටක අඩුය)
- වායව කඳ පෘෂ්ඨෝදරීයව පැතලිය.
- විෂම පත්‍රී වේ. විශාල පත්‍ර හා කුඩා පත්‍ර යුගල් ලෙස සකස් වී ඇත.
Selaginella ජීවන චක්‍රය
බීජාණු නිපදවීම
- බීජාණුධානි හට ගන්නේ විශේෂණය වු පත්‍ර වර්ගයක් වන බීජාණු පත්‍රවලයි.
- බීජාණු පත්‍ර සුසංහිතව සැකසීමෙන් හටගත් සංකේතුව නමැති ව්‍යූහය කඳ අග්‍රස්ථයේ පිහිටා තිබේ.
- මහා බීජාණු පත්‍ර හා ක්ෂුද්‍ර බීජාණු පත්‍ර ලෙස හඳුන්වනු ලබන බීජාණු පත්‍ර දෙවර්ගය ම එක් සංකේතුවක සැකසී ඇත.
- මහා බීජාණු පත්‍රයේ තනි මහා බීජාණුධානියක් ද, ක්ෂුද්‍ර බීජාණු පත්‍රයේ තනි ක්ෂුද්‍රබීජාණුධානියක් ද හට ගනියි.
- මහා බීජාණුධානිය තුළ ඌනනයෙන් ප්‍රමාණයෙන් විශාල මහා බීජාණු හතරක් හට ගනියි.
- ක්ෂුද්‍ර බීජාණුධානිය තුළ ඌනනයෙන් ප්‍රමාණයෙන් කුඩා ක්ෂුද්‍ර බීජාණු විශාල සංඛ්‍යාවක් හටගනියි.
- මේ බීජාණු වර්ග දෙකම ඝනකම් බිත්තියකින් ආවරණය වී පවතී.
- මෙලෙස රූපීය වශයෙන් වෙනස් බීජාණු ආකාර දෙකක් හට ගැනීම සිදුවේ. මේ ස්වභාවය විෂමබීජාණුකතාව ලෙස හැඳින්වේ.
Selaginella ජීවන චක්‍රය
පුංජන්මාණු ශාකය
- ක්ෂුද්‍ර බීජාණු ක්ෂුද්‍ර බීජාණුධානිය තුලම විකසනය වී, පුං ජන්මාණු ශාකය බවට පත්වෙයි.
- ක්ෂුද්‍ර බීජාණුවේ පිත්තියෙන් පුං ජන්මාණු ශාකය වටවී පවතී.
- එය ක්ෂුද්‍ර බීජාණුධානියෙන් නිදහස් වේ.
- ඒවා බාහිර පරිසරයේදී පරිණත පුං ජන්මාණු ශාකය බවට පත්වේ.
- පුං ජන්මාණු ශාකය ප්‍රභාසංශ්ලේෂී නොවේ. සංචිත ආහාර මත යැපේ. අන්වීක්ෂීයයි.
- ශුක්‍රාණුධානියක් නිපදවා එය තුළ ද්වීකශිකාධර ශුක්‍රාණු රාශියක් නිපදවයි.
Selaginella ජීවන චක්‍රය
ඡායා ජන්මාණු ශාකය
- සංකේතුව තුළ ඇති මහාබීජාණුව ඡායා ජන්මාණු ශාකය බවට විකසනය වේ. එය බාහිර පරිසරයට නිදහස් වේ.
- ඡායා ජන්මාණු ශාකය බහුසෛලිකය.
- මහා බීජාණුවේ ඝන බිත්තියෙන් වටව පවතින, මූලාභ විකසනය වූ, ප්‍රභාසංස්ලේෂක හැකියාව ඇති නමුත් සංචිත ආහාර මත අර්ධව යැපෙන ව්‍යූහයකි.
- ඡායා ජන්මාණු ශාකයේ ඉහළ මතුපිට ප්‍රදේශයේ අණ්ඩාණුධානි හටගනියි.
- ඒවා ජන්මාණු පටකයේ සම්පූර්ණයෙන් ගිලී පවතී.
- අණ්ඩාණුධානි තුළ තනි ඩිම්බ සෛලයක් නිපදවයි.
Selaginella ජීවන චක්‍රය
සංසේචනය හා බීජාණු ශාකය බවට විකසනය වීම.
- පුං ජන්මාණු ශාකයෙන් බාහිර ජලයට නිදහස් වන ශුක්‍රාණු කෂිකා ආධාරයෙන් බාහිර ජලයේ පිහිනා අණ්ඩාණුධානි තුළට ඇතුළු වී ඩිම්බ සෛලය සංසේචනය කරයි.
- සංසේචනයේ ප්‍රතිඵලය ද්වීගුණ යුක්තාණුවයි.
- යුක්තානුව අණ්ඩාණුධානිය තුළ රැඳෙමින් පෝෂණය හා ආරක්ෂාව ලබමින් අනූනනයෙන් බෙදෙමින් කලලය බවට විකසනය වේ.
- කලලය ළපටි බීජාණු ශාකය බවට විකසනය වේ. අවශ්‍ය පෝෂණය ඡායා ජන්මාණු ශාකයෙන් ලැබේ.
- තවදුරටත් වර්ධනය වී ස්වාධීන පරිනත බීජාණු ශාකය නිපදවයි.
Selaginella හි භෞමික අනුවර්ථන මොනවාද?
- බීජාණු ශාකය ප්‍රමුඛ වීම හා මුල, කඳ,පත්‍ර වලට විභේදනය වීම.
- සනාල පටක දැරීම.
- සංධාරක පටක දැරීම.
- ප්‍රරෝහ කොටස් උච්චර්ම දැරීම.
- වායව කොටස් පූටිකා දැරීම.
- විෂම බීජාණුකතාව.
- බීජාණුධානි සංකේතුව තුළ වියළීමෙන් ආරක්ෂාවීම.
- බීජාණු ප්‍රරෝහනය බීජාණුඪ්ඃආනි තුළම ඇරඹීම.
- ජන්මාණු ශාක බීජාණුවේ බිත්ති මඟින් ආරක්ෂා වීම.
Selaginella හි භෞමික පරිසරයට දුර්වලතා
- සන්ධාරක පටක දුර්වල වීම.
- සනාල පටක කාර්යක්ෂම නොවීම.
- සංසේචනයට බාහිර ජලය අවශ්‍ය වීම.
- ජන්මාණු ශාකය නිදහස් වීම. (අනුවර්තන නොමැතිව බාහිර පරිසරයට නිරාවරනය වීම.