සනාල ශාක වලට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම හා පරිවහනය 2 Flashcards

(53 cards)

1
Q

අරීය පරිවහනය යනු කුමක්ද?

A

පසෙන් අවශෝෂණය කරගත් ජලය හා ඛනිජ ලවණ මුලේ බාහිකය ඔස්සෙ ශෛලම දක්වා පරිවහනය කිරීම.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

අරීය පරිවහනය සිදුවීමේදී ජල ඛනිජ අඩංගු ද්‍රාවණය පිළිවෙලින් පසු කරන පටක මොනවාද?

A

අපිචර්මය → බාහිකය → අන්තශ්චර්මය → පරිචක්‍රය → ශෛලමය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

බාහිකයේ සිට සනාල සිලින්ඩරය දක්වා ජල ඛනිජ පරිවහනය වීමේදී ඛනිජ අයන වරණයට ලක්වීමට හේතු වන්නේ කුමක්ද?

A
  1. බාහිකයේ ඇතුළතින්ම වන්නට අන්තශ්චර්මය පිහිටයි.
  2. ජල ඛනිජ අඩංගු ද්‍රාවණයට අන්තශ්චර්මයේ මං සෛල හරහා ගමන් කිරීමට සිදුවේ.
  3. එහිදී එම සෛල වල ප්ලාස්ම පටලය හරහා ඛනිජ අයන හා ජලය ගමන් කරයි. පටලය මඟින් ඛනිජ අයන වරණයට ලක් කරයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

පාංශු ද්‍රාවණයේ සිට ශාක මුල් තුළට ජලය හා ඛනිජ චලනය

මූලකේශ මඟින් අවශෝෂණය

A
  1. ජලය හා ඛනිජ අයන අවශෝෂණය කරනුයේ මුල් වල මූලකේශ මඟින් පාංශු ද්‍රාවණයෙනි.
  2. මූලකේශ යනු මුලේ අග ප්‍රදේශයට වන්නට පිහිටි අපිචර්මයෙන් හටගන්නා ඒකසෛලික ප්‍රසර වේ.
  3. මෙමඟින් පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩිවේ.
  4. මූල කේශ වල මෙන්ම මුලේ අනිකුත් අපිචර්මීය සෛල වල අපිචර්මයේ උච්චර්මය නැත. බිත්තිය ජලයට පාරගම්‍ය වේ.
  5. මෙහිදී මුලේ අග පිහිටි සෛල හරහා ජලය හා ඛනිජ අවශෝෂණය වැඩි ප්‍රමාණයක් සිදු වේ.
  6. පාංශු ද්‍රාවණය පස් අංශු අතර ඇත. එහි පස් අංශු සමඟ තදින් නොබැඳුණු ජල අණු හා ඛනිජ අයන ඇත.
  7. මූලකේශ වලින් මෙන්ම මූලකේශ නොමැති මුලේ අපිචර්මීය සෛල වලින්ද අවශෝෂණය සිදු වේ.
  8. නමුත් අවශෝෂණය කාර්යක්ෂමය
  9. ජල ඛනිජ අවශෝෂණය එකවිට සිදුවන නමුත් එකිනෙකින් ස්වාධීනය.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

පාංශු ද්‍රාවණයේ සිට ශාක මුල් තුළට ජලය හා ඛනිජ චලනය

පරිවහනය

A
  1. සෛල බිත්ති පාරගම්‍ය බැවින් පාංශු ද්‍රාවණය සෛල බිත්තියේ නිදහස් අවකාශ තුළට ඇතුළු වී පවතී.
  2. එතැන් සිට සෛල ප්ලාස්මයට පාංශු ද්‍රාවණය අවශෝෂණය වන්නේ ප්ලාස්ම පටලය හරහාය.
  3. එය වරණ හා අන්තරපාරගම්‍ය පටලයක් නිසා, ඇතුළු වන ඛනිජ අයන වරණයකට ලක් වේ.
  4. පාංශු ද්‍රාවණයේ සිට මූලකේශය තුළට ජලය ඇතුළු වන්නේ ජලවිභව අනුක්‍රමණයක් ඔස්සේ සිදුවන අක්‍රිය පරිවහන ක්‍රමයක් වන ආස්‍රැතිය මඟිනි.
  5. එහෙත් මූලකේශ තුළ අඩංගු ඛනිජ අයන සාන්ද්‍රණය පාංශු ද්‍රාවණයේ සාන්ද්‍රණයට වඩා වැඩිය.
  6. මූලකේශ තුළ අඩංගු K+ අයන සාන්ද්‍රණය පාංශු ද්‍රාවණයේ K+ සාන්ද්‍රණයට වඩා සිය ගුණයකින් පමණ වැඩිය.
  7. මේ නිසා ඛනිජ අයන අවශෝෂණය සක්‍රිය පරිවහනය මඟින් සාන්ද්‍රණ අනුක්‍රමණයට එරෙහිව සිදුවේ.
  8. පාංශු ද්‍රාවණය අපිචර්මීය සෛලවල ජල කාමී සෛල බිත්ති තුළටද ඇතුළු වී, එම සෛල බිත්ති හරහා ද, බහිෂ්සෛලීය අවකාශ ඔස්සේ ද නිදහසේ මුලෙහි බාහිකය තුළට ගමන් කරයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

අරීය පරිවහනයේදී භාවිත වන මාර්ග තුන මොනවාද?

A
  1. ඇපොප්ලාස්ට මාර්ගය
  2. සිම්ප්ලාස්ට මාර්ගය
  3. පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ඇපොප්ලාස්ට මාර්ගය

ඇපොප්ලාස්ට මාර්ගය

A
  1. සජීවී සෛලයක ප්ලාස්ම පටලයට පිටතින් ඇති සියළු දේ; එනම් සෛල බිත්තිය, බහිෂ්සෛලීය අවකාශ සහ ශෛලම වාහිනී, වාහකාභ වැනි අජීවී සෛලවල අභ්‍යන්තරය ඇපොප්ලාස්ට මාර්ගයට අයත් ය.
  2. ජලය හා එහි ද්‍රාව්‍ය සන්තතිකව සෛල බිත්ති අවකාශ හා බහිෂ්සෛලීය අවකාශ ඔස්සේ ගලා යන අතර, එය ඇපෝප්ලාස්ට මාර්ගය ලෙස හැඳින්වේ.
  3. මූලකේශවල ජලකාමී සෛල බිත්ති මඟින් පාංශු ද්‍රාවණය ඉහළට ගැනීම ද ඇපොප්ලාස්ටය සඳහා ප්‍රවේශ මාර්ගය සපයයි.
  4. එවිට ජලය හා ඛනිජ මේ සෛල බිත්ති පූරකය තුළින් හා බහිෂ්සෛලීය අවකාශ ඔස්සේ බාහිකය තුළට විසරණය වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ඇපොප්ලාස්ට මාර්ගය

අන්තශ්චර්මය මඟින් සිදුවන වරණය

A
  1. අන්තශ්චර්මීය සෛලවල තිරස් හා අරීය බිත්තිවල පවතින කැස්පාරීය පටිය නැමැති බාධකය මඟින් අන්තශ්චර්මය, ඇපෝප්ලාස්ට මාර්ගය අවහිර කරයි.
  2. මේ කැස්පාරීය පටිය සුබෙරීන්වලින් සෑදී ඇති අතර, එය ජලයට හා ඛනිජ ලවණවලට අපාරගම්‍ය වේ.
  3. එනිසා ජලය හා ඛනිජ අන්තශ්චර්මය තුළින් ඇපොප්ලාස්ටය ඔස්සේ සනාල සිලින්ඩරයට ඇතුළු විය නොහැකිය.
  4. මෙහිදී අන්තශ්චර්මයේ මං සෛල හරහාම ගමන් කිරීමට සිදු වේ.
  5. එනිසා ජලය හා ඛනිජ සනාල පටකයට ඇතුළු වීමට පෙර වරණීය පාරගම්‍යතාවෙන් යුත් ප්ලාස්ම පටලය හරහා ගමන් කළ යුතු බැවින්, අනවශ්‍ය ද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය සනාල පටකයට ඇතුළු වීමෙන් වළකයි.
  6. එසේම අන්තශ්චර්මය මඟින් ශෛලමයට ඒකරාශි වන ද්‍රව්‍ය ආපසු පාංශු ද්‍රාවණයට වෑස්සීමද වළක්වයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ඇපොප්ලාස්ට මාර්ගය

පරිවහනයේදී ඇතිවන ප්‍රතිරෝධය

A

පරිවහනයේදී අවම ප්‍රතිරෝධයක් ඇත්තේ ඇපෝප්ලාස්ට මාර්ගයේය.
එයට හේතුව පටල හරහා ගමන් නොකිරීමයි.

මේ නිසා ජලය හා ඛනිජ වැඩිම ප්‍රමාණයක් ගමන් කරනුයේ මෙම මාර්ගයේය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ඇපොප්ලාස්ට මාර්ගය

ජලය පරිවහනය වන ක්‍රම

A

මෙම පථයේ ජලය ගමන් කරනුයේ තොග ප්‍රවාහයෙන් හා විසරනයෙනි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

සිම්ප්ලාස්ට මාර්ගය

සිම්ප්ලාස්ට මාර්ගය

A
  1. සිම්ප්ලාස්ටයට සියලු සජීවී සෛලවල සම්පූර්ණ සයිටොසොලය හා ඒවා එකිනෙක බැඳී ඇති සෛල ප්ලාස්ම නාලිකා වන ප්ලාස්මබන්ධ යන සියල්ල අයත් වේ.
  2. සිම්ප්ලාස්ට මාර්ගය මඟින් ජලය හා ජලයේ දිය වූ ද්‍රව්‍ය සෛල ප්ලාස්ම පූරකය ඔස්සේ සන්තතිකව ගමන් කරයි.
  3. මේ ගමන් මාර්ගයේදී, ද්‍රව්‍ය මුලින් ම ශාකය තුළට ඇතුළු වන විට ඒවා එක් වරක් ප්ලාස්ම පටලය හරහා ගමන් කළ යුතු වේ.
  4. එලෙස එක සෛලයකට ඇතුළු වීමෙන් පසු ඒවා සෛලයෙන් සෛලයට ප්ලාස්ම බන්ධ ඔස්සේ ගමන් කරයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

සිම්ප්ලාස්ට මාර්ගය

පරිවහනයේදී ඇතිවන ප්‍රතිරෝධය

A

යම් ප්‍රතිරෝධයක් ඇති බැවින් ගමන් කරන ජල ඛනිජ ප්‍රමාණය ඇපෝප්ලාස්ට මාර්ගයට වඩා අඩුය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

සිම්ප්ලාස්ට මාර්ගය

ජලය පරිවහනය වන ක්‍රම

A

මෙම පථයේ ජලය ගමන් කරනුයේ විසරණය හා ආස්‍රැතියෙනි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය

පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය

A

පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගයේදී ජලය හා ඛනිජ අයන එක් සෛලයකින් ප්ලාස්ම පටලය ඔස්සේ පිටතට පැමිණ, ඊළඟ සෛලයේ ප්ලාස්ම පටලය හරහා නැවත ඇතුළතට ගමන් කරයි.

එහි දී නැවත නැවත ප්ලාස්මපටලය හරහා ජලය හා ද්‍රාව්‍ය ගමන් කරයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය

පරිවහනයේදී ඇතිවන ප්‍රතිරෝධය

A

මෙහිදී පටල කීපයක් හරහා ගමන් කරන බැවින් ජල ගමනට ප්‍රතිරෝධය අධිකය.

අඩුම ජල ප්‍රමාණයක් ගමන් කරන මාර්ගයයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය

ජලය පරිවහනය වන ක්‍රම

A

මෙහිදී ආස්‍රැතියෙන් ජලය ගමන් කරයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

රසෝද්ගමනය යනු කුමක්ද?

A

සනාල සිලින්ඩරයට ඇතුළු වන ජලය හා ඛනිජ අයන ශාකයේ ඉහළ කොටස් වලට පරිවහනය වීම.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

රසෝද්ගමනයේදී ජලය හා ඛනිජ පරිවහනය වන ක්‍රමය කුමක්ද?

A

තොග ප්‍රවාහය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

සංසක්ති ආතති කල්පිතයේ මූලධර්ම මොනවාද?

A
  1. ජල අණුවල ප්‍රබල සංසක්ති බල
  2. ජලයේ ආසක්ති බල
  3. පාංශු ද්‍රාවණයේ සිට වායුගෝලය දක්වා ශාකය තුළින් ඇති ජල විභව අනුක්‍රමනය
  4. උත්ස්වේදන චූෂණය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

ශාකය තුළ ජලය හා ඛනිජ වල උඩුකුරු පරිවහනය

සංසක්තිය හා ආසක්තිය

A
  1. ජල අණු අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන හේතුවෙන් ජල අණු වල සංසක්තිය අසාමාන්‍ය ලෙස ඉහළ යයි.
  2. ඉහළ ආසක්තිය නිසා ශෛලමයේ බිත්තිවල පිහිටි සෙලියුලෝස් අණුවලට ජල අණු ආකර්ෂණය වී පවතී.
  3. මේ නිසා ශෛලම් වාහිනී ඒකක හා වාහකාභ කුහර තුළ අඛණ්ඩ ජල කඳක් සෑදේ.
  4. උත්ස්වේදන චූෂණය ශාකයේ ඉහළ සිට මුල දක්වා පැතිර යා හැක්කේ නොකැඩුණු ජල කඳක් පැවතියහොත් පමණි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

ශාකය තුළ ජලය හා ඛනිජ වල උඩුකුරු පරිවහනය

උත්ස්වේදන චූෂණය

A
  1. උත්ස්වේදනයේදී පත්‍ර මධ්‍ය සෛල වලින් ජලය වාෂ්ප වීම සිදුවේ.
  2. මේ නිසා පත්‍ර මධ්‍ය සෛලවල ජල විභවය අඩුවේ.
  3. එවිට පත්‍ර වෘන්ත වල ශෛලමයේ සිට පත්‍ර මධ්‍ය සෛල කරා ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ ජලය ඇදී යයි.
  4. එවිට පත්‍ර වෘන්තයේ ශෛලමයේ ජල විභවය අඩු වේ.
  5. ඊට සාපේක්ෂව ශාකයේ පහල කොටස්වල ශෛලමයේ ජල විභවය අධික වේ.
  6. ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ අඛන්ඩ ජල කඳ ඉහළට ඇඳී එයි.
  7. මෙය උත්ස්වේදන චූෂණය නම් වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

ශාකය තුළ ජලය හා ඛනිජ වල උඩුකුරු පරිවහනය

ජල විභව අනුක්‍රමණය

A
  1. ශෛලම් යුෂය ගමන් කරනුයේ පීඩන විභවයේ වෙනස නිසාය.
  2. ඒ අනුව ශෛලම තුළ ඇතිවන ජල විභව අනුක්‍රමණය අත්‍යාවශ්‍යයෙන්ම පීඩන අනුක්‍රමණයකි.
  3. මෙසේ ශෛලම් යුෂය මත ඇතිවන ආතන්‍ය බලය ශාක පත්‍ර වල සිට මුලේ අග්‍රයට මෙන්ම පස දක්වාද සම්ප්‍රේෂණය වේ.
  4. පාංශු ද්‍රාවණයේ සිට බාහිර වායුගෝලය දක්වා ශාක දේහය තුළින් ගොඩනැගී ඇති ජල විභව අනුක්‍රමණය, ගුරුත්වයට එරෙහිව රසෝද්ගමනය පවත්වා ගැනීමට උපකාරී වේ.
  5. මේ නිසා ශෛලම් යුෂය දරා සිටීමට හා ඉහළට ගෙනයාමට ශක්තිය වැය නොවේ.
23
Q

ශාක මුල් තුළට ඛනිජ අයන ඇතුළු වන අවශෝෂණ යන්ත්‍රණය

A
  1. ශාක මුල් තුළට ඛනිජ අයන ප්‍රධාන වශයෙන් ඇතුළු වන්නේ පාංශු ද්‍රාවණයේ සිටයි.
  2. අපිචර්මීය සෛල ජලයට පාරගම්‍ය වේ.
  3. බොහෝ අපිචර්මීය සෛල මූලකේශ සෑදීමට විකරණය වී ඇත.
  4. මූලකේශ ඒක සෛලික ව්‍යූහ වන අතර, පාංශු ද්‍රාවණයේ දියවූ ඛනිජ අයන අවශෝෂණය කරයි.
  5. මූලකේශ සෛලවල සෛල යුෂයේ ඇති අයන සාන්ද්‍රණයට වඩා අඩු අයන සාන්ද්‍රණයක් පාංශු ද්‍රාවණයේ ඇත.
  6. එනිසා අයන අවශෝෂණය සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව සිදුවේ.
  7. එබැවින් එය සක්‍රීය පරිවහනයකි.
24
Q

ප්ලෝයම පරිසංක්‍රමණය යනු කුමක්ද?

A

ප්‍රභාසංස්ලේෂණයේ අන්තඵල සුක්‍රෝස් ජලීය ද්‍රාවණයක් ලෙස, ප්ලෝයමය ඔස්සේ ප්‍රභවයේ සිට අපායනය දක්වා රටාවකට, ද්වි දිශාත්මකව, සක්‍රීයව, පීඩන ප්‍රවාහයක් යටතේ, ගමන් කිරීම.

25
ප්ලෝයමයේ පෙනේර නළ ඒකක ඔස්සේ පරිවහනය වන ද්‍රාවණය හඳුන්වන නම කුමක්ද?
ප්ලෝයම් යුෂ
26
ප්ලෝයම් යුෂයේ සං‍යුතිය,
1. සුක්‍රෝස් - බරෙන් 30% ක් 2. ඇමයිනෝ අම්ල 3. ශාක වර්ධක ද්‍රව්‍ය (ශාක හෝමෝන) 4. ඛනිජ අයන - NH4^+ / K + / PO4^3- / Cl- 5. ජලය 6. ශාකයට බාහිරින් එකතුවන ද්‍රව්‍ය - වල් පැලෑටි නාශක හා කෘමිනාශක
27
ප්ලෝයම් පරිසංක්‍රමණයේ ප්‍රභවය යනු කුමක්ද ?
ප්‍රභාසංශ්ලේෂණය මඟින් හෝ පිෂ්ඨය බිඳ හෙලීම මඟින් සීනි සංස්ලේෂණය කරන අවයවයකි. උදා : 1. ශාක පත්‍ර 2. මුල් වැනි සංචිත ස්ථාන
28
ප්ලෝයම් පරිසංක්‍රමණයේ අපායනය යනු කුමක්ද ?
ප්ලෝයම් පරිසංක්‍රමණය කෙළවර වන අවයවය උදා : 1. විභාජක අග්‍ර / අංකුර වැනි සීනි භාවිතා වන ස්ථාන 2. වර්ධනය වන මුල් කඳන් වැනි සංචිත ස්ථාන
29
ප්ලෝයම් යුෂය පරිවහනය වන දිශාව තීරනය වන්නේ කුමක් මතද ?
සීනි ප්‍රභවය හා අපායනය පිහිටන ස්ථානය ස්ථානය මත
30
ප්ලෝයම් යුෂය ප්‍රභවයේ සිට අපායනයට පරිවහනය වන වේගය කොපමණද?
1 m/hour වේගයකින් තොග ප්‍රවාහයක් ලෙස ධන පීඩනයක් යටතේ ගමන් කරයි.
31
ප්ලෝයම පරිසංක්‍රමණයේ පීඩන ප්‍රවාහ කල්පිතයේ ප්‍රධාන පියවර මොනවාද?
1. පෙනේර නළ තුළට සීනි බැර වීම නිසා ප්‍රභවය අසල පෙනේර නළ ඒකක තුළ ජල විභවය අඩු වේ. 2. මෙය පෙනේර නළ තුළට ශෛලමයේ සිට ආස්‍රැතිය මඟින් ජලය ඇතුළු වීමට හේතු වේ. 3. මේ ජලය ඇතුළු වීමෙන් ධන පීඩනයක් ඇති වී, එමඟින් යුෂය පෙනේර නළය ඔස්සේ තල්ලු වී ගලා යයි. 4. අපායනයේදී සීනි හර කිරීම (ප්ලෝයමය හර කිරීම) හා ඒ සමඟ ජලය ප්ලෝයමයේ සිට ශෛලමය වෙත ඉවත් වීමත් නිසා පීඩනය අඩු වේ. https://i.imgur.com/mXh8aRC.png
32
# ප්ලෝයම් පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය ප්ලෝයම් බැර කිරීම
1. පත්‍ර මධ්‍ය සෛල වල නිපදවෙන ග්ලූකෝස් හෝ සංචිත පිෂ්ඨය ජලවිච්ඡේදනයෙන් නිපදවෙන ග්ලූකෝස්, සුක්‍රෝස් බවට පත්වී ජලීය ද්‍රාවණයක් සාදයි. 2. මෙම සුක්‍රෝස් ජලීය ද්‍රාවණය පත්‍ර මධ්‍ය සෛල වල සිට ප්ලෝයමය දක්වා ප්ලාස්ම බන්ධ ඔස්සේ සිම්ප්ලාස්ට මාර්ගය හරහා පරිවහනය වේ. 3. මෙම සුක්‍රෝස් පෙනේර නළ ඒකක තුළට ඇතුළු කිරීම හෙවත් ප්ලෝයම බැර කිරීම පළමු ප්‍රධාන පියවරයි. 4. එහිදී ප්‍රභවයේ විශේෂණය වූ සහචර සෛල වන පරිවර්තක සෛල මඟින් මෙම සුක්‍රෝස් ATP ලෙස පරිවෘත්තීය ශක්තිය වැය කර එනම් සක්‍රීයව යාබද පෙනේර නළ ඒකකයට යවයි. 5. මෙසේ සක්‍රීය පරිවහනයක් අවශ්‍ය වන්නේ පත්‍ර මධ්‍ය සෛල/ප්ලෝයම් මෘදුස්තර සෛල වලට වඩා පෙනේර නළ ඒකක හා සහචර සෛලවල සුක්‍රෝස් සාන්ද්‍රණය අධික වීම නිසාය. 6. එබැවින් සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව සක්‍රීය පරිවහනය සිදු වේ.
33
# ප්ලෝයම් පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය ද්‍රවස්ථිතික පීඩන විභව අනුක්‍රමණය
1. සුක්‍රෝස් ඇතුළු වීම නිසා ප්‍රභවයේ පෙනේර නළ ඒකක තුළ ද්‍රාව්‍ය විභවය වැඩිවේ. 2. මේ නිසා පෙනේර අළ ඒකක තුළ ජල විභවය අඩුවේ. 3. එවිට යාබද ශෛලම් වාහිනිය සමඟ ජල විභව අනුක්‍රමණයක් ඇතිවේ. 4. ජලය ගමන් කරනුයේ ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ වැඩි ජල විභවයක සිට අඩු ජල විභවයක් දක්වාය. 5. ඒ අනුව ශෛලම් වාහිනී කුහරය තුළ සිට ජලය පෙනේර නළ ඒකකය තුළට ආස්‍රැතියෙන් ඇතුළු වේ. 6. එවිට ප්‍රභවයේ පෙනේර නළ ඒකක තුළ ද්‍රවස්ථිතික පීඩනය වැඩි වේ. ධන පීඩනයක් ඇතිවේ. 7. මේ අවස්ථාවේ අපායනයේ පෙනේර නළ ඒකකය තුළ පවතින්නේ ඊට සාපේක්ෂව අඩු ද්‍රවස්ථිතික පීඩනයකි. 8. මේ නිසා ප්‍රභවය හා අපායනය අතර ද්‍රවස්ථිතික පීඩන විභව අනුක්‍රමණයක් ඇති වේ. 9. ඒ ඔස්සේ ජලය, සුක්‍රෝස්, ඇමයිනෝ අම්ල ඇතුළු අනෙකුත් ද්‍රව්‍යය තොග ප්‍රවාහයක් ඔස්සේ ප්‍රභවයේ සිට අපායනය දක්වා පෙනේර නළයේ සිම්ප්ලාස්ටය ඔස්සේ ගමන් කරයි. 10. මේ සඳහා ATP වැය නොවේ. එනම් අක්‍රීය පරිවහනයකි.
34
# ප්ලෝයම් පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය ප්ලෝයම් හර කිරීම
1. අපායනයේදී, සුක්‍රෝස් පෙනේර නළ ඒකක වල සිට සහචර සෛල/පරිවර්තක සෛල මඟින් ලබාගෙන යාබද මෘදුස්තර වලට ඉවත් කෙරේ. මෙය ප්ලෝයම් හර කිරීම නම් වේ. 2. මේ සඳහා ATP වැය නොවේ. එනම් අක්‍රීය පරිවහනයකි. 3. එයට හේතු වන්නේ අපායන පටක වල මෘදුස්තර වල සීනි සාන්ද්‍රණය හැමවිටම පෙනේර නළ ඒකක වල සීනි සාන්ද්‍රණයට වඩා අඩුවීම. ඊට හේතු වන්නේ, 1. එම සෛල වල වර්ධනය හා පරිවෘත්තීය ක්‍රියාවලට සීනි භාවිතා වීම. 2. පිෂ්ඨය වැනි ජලයේ අද්‍රාව්‍ය බහු අවයවික බවට පරිවර්තනය කර සංචිත කිරීම. 4. අපායනයේ සුක්‍රෝස් ඉවත්වීම නිසා පෙනේර නළ තුළ ද්‍රාව්‍ය විභවය අඩුවේ. 5. එවිට පෙනේර නළ තුල ජල විභවය වැඩිවේ. 6. මේ නිසා ශෛලම් වාහිනී සමඟ ජල විභව අනුක්‍රමණයක් ඇතිවේ. 7. පෙනේර නළ තුළ සිට ජලය ශෛලම් වාහිනී කුහරය තුළට ආස්‍රැතියෙන් ගමන් කරයි. 8. ජලය ඉවත් වීම නිසා ද්‍රවස්ථිතික පීඩනය අඩුවේ.
35
ශෛලම් පරිවහනයේ සහ ප්ලෝයම පරිවහනයේ දැකියහැකි වෙනස්කම් මොනවාද?
1. ශෛලම් පරිවහනය අක්‍රිය පරිවහනයකි. ප්ලෝයම් පරිවහනය සක්‍රිය පරිවහනයකි. 2. ශෛලම් පරිවහනය ඒක දිශාත්මකය. ප්ලෝයම් පරිවහනය ද්වී දිශාත්මකය. 3. ශෛලම් පරිවහනය ඍණ පීඩනයක්/චූෂණයක් යටතේ ඇතිවේ. ප්ලෝයම පරිවහනය ධන පීඩනයක් නිසා ඇතිවේ. 4. ශෛලම් පරිවහනය සඳහා උත්ස්වේදනය උපකාරී වේ. ප්ලෝයම් පරිවහනය සඳහා උත්ස්වේදනය උපකාරී නොවේ.
36
උත්ස්වේදනය යනු කුමක් ද?
ශාක පත්‍ර හා ශාක දේහයේ අනෙකුත් වායව කොටස් වලින් සරල විසරණය මඟින් ජලය වාෂ්ප ලෙස ශාකයෙන් ඉවත් වීම.
37
උත්ස්වේදනය ප්‍රධාන ආකාර 3 මොනවාද?
38
උත්ස්වේදනය ප්‍රධාන ආකාර 3 මොනවාද?
1. පූටිකා උත්ස්වේදනය - පූටිකා හරහා 2. වා සිදුරු උත්ස්වේදනය - වා සිදුරු හරහා 3. උච්චර්මීය උත්ස්වේදනය - උච්චර්මය හරහා
39
විසරණ කවච යනු මොනවාද?
පූටිකාවකට බාහිරින් වායුගෝලයට විවෘතව පවතින ජල වාෂ්ප වලින් සෑදුණු අර්ධ කවාකාර කවචය
40
# පූටිකා උත්ස්වේදනය පත්‍රය තුළින් ජලය පරිවහනය
1. සනාල කලාප වල ශෛලම ඔස්සේ පත්‍ර කරා රැගෙන එන ජලය හොඳින් ශාඛනය වූ නාරටි ජාලයක් මඟින් පත්‍රය පුරා බෙදා හැරේ. 2. මෙම ශාඛා කෙළවර වන්නේ ශෛලම් වාහිනී ඒකක හෝ වාහකාභ එකකින් හෝ කිහිපයකිනි. 3. ඒවායේ ලිග්නීභවනය ඉතා අඩුය. 4. එබැවින් ඒවා තුළ අඩංගු ජලය පහසුවෙන් සෙලියුලෝස් සෛල බිත්ති හරහා පත්‍ර මධ්‍ය සෛල තුළට නිදහස් කළ හැකි වේ. 5. එම ජලය ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ ඇපොප්ලාස්ට, සිම්ප්ලාස්ට සහ පටල හරහා සම්ප්‍රේෂණ මාර්ග ඔස්සේ ගමන් කරයි. 6. පත්‍ර මධ්‍ය සෛලවල තෙත බිත්තිවල සිට ජලය වාෂ්ප වී අන්තර්සෛලීය අවකාශවලටද විශේෂයෙන් විශාල අධඃපූටිකා වාත අවකාශය තුළටද පැමිණේ.
41
# පූටිකා උත්ස්වේදනය බාහිර වායුගෝලයට විසරණය
1. අධඃපුටිකා කුටීර වල සිට පූටිකා හරහා ජලවාෂ්ප බාහිර වායුගෝලයට විසරණය වේ. 2. ශාක පත්‍රයකට වහාම පිටතින් තුනී ස්ථාවර වාත ස්ථරයක් ඇත. මෙය හරහා ජල වාෂ්ප බාහිර වායුගෝලයට විසරණය වේ. ඒවා චලනය වන වාතය මඟින් ඉවත් කෙරේ. 3. පත්‍ර මධ්‍ය සෛල හා පිටතින් වූ තුනී ස්ථාවර වාත ස්ථරය අතර විසරණ අනුක්‍රමණයක් පවතී. 4. සෑම පූටිකාවකටම විසරණ අනුක්‍රමණයක් හෝ විසරණ කවචයක් ඇත. 5. යාබද පූටිකාවල ඇති වන මේ විසරණ කවච එකිනෙක අතිපිහිත වීමෙන්, නිසල වාතයේ දී එක් සම්පූර්ණ විසරණ කවචයක් ඇතිවේ. 6. මෙසේ ඇතිවන විසරණ කවචයේ ඝනකම පත්‍රය මතු පිට ඇති ව්‍යූහ ලක්ෂණ හා සුළඟේ වේගය මත රඳා පවතී. 7. නිශ්චල වාතයේදී විසරණ කවච පිහිටියත් චලනය වන වාතය සහිහ විට ඒවා ගසාගෙන යයි.
42
# උත්ස්වේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක ආලෝක තීව්‍රතාව
1. පූටිකා සාමාන්‍යයෙන් ආලෝකය ඇති විට විවෘත වන අතර අඳුරේදී වැසේ. 2. ආලෝක තීව්‍රතාව වැඩිවීමත් සමඟම උත්ස්වේදන ශීඝ්‍රතාව ද වැඩි වේ. 3. එසේම ආලෝක තීව්‍රතාව අඩුවීමත් සමඟම උත්ස්වේදන ශීඝ්‍රතාව අඩු වේ. 4. බාහිර සාධකයකි.
43
# උත්ස්වේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක උෂ්ණත්වය
1. ආලෝකය ඇති විට දී, උත්ස්වේදන ශීඝ්‍රතාවට වැඩි ම බලපෑමක් ඇති කරන බාහිර සාධකය උෂ්ණත්වයයි. 2. උෂ්ණත්වය වැඩිවන විට පත්‍ර මධ්‍ය සෛල වෙතින් ජලය වාෂ්පීභවනය වන වේගය ඉහළ යමින් පත්‍රය අවට වායුගෝලය ජල වාෂ්ප වලින් සංතෘප්ත කරයි. 3. එමෙන්ම උෂ්ණත්වය ඉහළ නගින විට පත්‍රයෙන් බාහිර වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව අඩුවෙයි. 4. මේ ක්‍රියා දෙක ම නිසා පත්‍රයේ සිට බාහිර වායුගෝලය දක්වා ජල අණුවල වැඩි සාන්ද්‍රණ අනුක්‍රමණයක් හටගනියි. 5. මෙම සාන්ද්‍රණ අනුක්‍රමණය වැඩි වන විට විසරණ ශීඝ්‍රතාව වැඩි වේ.
44
# උත්ස්වේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක ආර්ද්‍රතාව
1. පත්‍රයේ බාහිර පරිසරයේ ආර්ද්‍රතාව අඩුවන විට තෙත් පත්‍ර අභ්‍යන්තර පරිසරයේ සිට වියළි බාහිර වායුගෝලය දක්වා ජල වාෂ්ප විසරණ අනුක්‍රමණයක් හටගනී. 2. එමඟින් උත්ස්වේදන ශීඝ්‍රතාවේ වැඩි වීම සිදු වේ. 3. එමෙන්ම ආර්ද්‍රතාව වැඩි වන විට බාහිර වායුගෝල ජල වාෂ්ප සාන්ද්‍රණයද වැඩි වන නිසා විසරණ අනුක්‍රමණය ද අඩු වෙයි. 4. එවිට උත්ස්වේදන සීඝ්‍රතාවද අඩුවෙයි.
45
# උත්ස්වේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක සුලඟේ වේගය
නිසල වාතයේදී පත්‍ර අවට ජලවාෂ්ප වලින් අධිකව සංතෘප්ත විසරණ කවච පැවතීමෙන් පත්‍රය හා බාහිර වායුගෝලය අතර, විසරණ අනුක්‍රමණය අඩුය. එවිට උත්ස්වේදන ශීඝ්‍රතාව ද අඩු ය. සුලඟ ඇති විට විසරණ කවච ඉවතට ගසා ගෙන යෑම නිසා උත්ස්වේදන ශීඝ්‍රතාව වැඩි වෙයි.
46
# උත්ස්වේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක පාංශු ජල සැපයුම
1. පස වියළි විට ජලය පස් අංශුවලට තදින් බැඳී පවතියි. 2. එවිට පසේ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය අඩු වේ. 3. එමඟින් පාංශු ද්‍රාවණයේ සාන්ද්‍රනය ඉහළ නංවයි. 4. එවිට පාංශු ද්‍රාවණයේ ජල විභවය අඩු වෙයි. 5. එමඟින් පාංශු ද්‍රාවණයේ සිට මූලකේශ තුළට ආස්‍රැතිය මඟින් ජලය ඇතුළු වීමට ඇති හැකියාව අඩු වෙයි. 6. එනිසා උත්ස්වේදන වේගය අඩුවෙයි. 7. එනම් පසේ සිට ශාකය තුළින් වායුගෝලය තෙක් ජලය ගමන් කිරීමට ඇති ජල විභව අනුක්‍රමණය අඩුවී, වැඩි ප්‍රතිරෝධයක් හට ගනියි.
47
ශාකවලට උත්ස්වේදනයේ වැදගත්කම
1. ශාක දේහය පුරා ජලය හා ඛනිජ අයන බෙදා හැරීම. 2. ශෛලමය ඔස්සේ ජලය රසෝද්ගමනයට 3. පාංශු ද්‍රාවණයේ සිට ජලය හා ඛනිජ අයන මුල් මඟින් අවශෝෂනයට 4. ශාක ප්‍රරෝහවල පෘෂ්ඨ සිසිල් කිරීමට
48
බිංදුදය යනු කුමක්ද?
මූල පීඩනය හේතුවෙන් ශාක පත්‍ර වල ජිද්‍ර තුළින් ජලය ද්‍රව ලෙස බැහැර වීම.
49
මූල පීඩනය යනු කුමක්ද?
මුල් මඟින් අධිකව අවශෝෂණය වී එම ජලය මුලේ මධ්‍යයේ ශෛලමය තුළ එක් රැස් වී ශෛලමය දිගේ ඉහළට ඇතිකරනු ලබන ද්‍රවස්ථිතික පීඩනය.
50
# මූලපීඩනය හා බින්දුදය මූලපීඩනය
1. රාත්‍රී කාලයේදී වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩිවන විට එනම්, 100% පමණ වන විට උත්ස්වේදනය ඉතා අවම වීම හෝ නතර වීම සිදුවෙයි. 2. මුල්වල සෛල මඟින් ජලය සහ ඛනිජ ශෛලම තුළට අඛණ්ඩව පොම්ප කරනු ලබයි. 3. ඒවා බාහිකයට හෝ පසට ආපසු කාන්දුවීම අන්තශ්චර්මය මඟින් වළක්වයි. 4. එනිසා විශාල ඛනිජ අයන ප්‍රමාණයක් සනාල සිලින්ඩරය තුළ ඒකරාශී වීමෙන් එතුළ ජල විභවය අඩුවෙයි. 5. එනිසා බාහිකයේ සිට ජලය ඇතුළු දෙසට ශෛලමයට ඇතුළු වේ. 6. මේ හේතුවෙන් මූල පීඩනයක් ජනනය කරයි. 7. එනිසා ශෛලම් යුෂය ඉහළට තල්ලු කෙරේ.
51
උත්ස්වේදනය හා බිංදුදය අතර වෙනස්කම් මොනවාද?
``` 1. උත්ස්වේදනයේදී ජලය වාෂ්ප ලෙස පිටවේ. බිංදුදයේදී ජලය ද්‍රව ලෙස පිටවේ. 2. උත්ස්වේදනය පූටිකා, වාසිදුරු හා උච්චර්මය හරහා සිදුවේ. බිංදුදය ජලජිද්‍ර හරහා සිදුවේ. 3. උත්ස්වේදනය මඟින් ඛනිජ අයන රහිත ජලය පිටවේ. බිංදුදය මඟින් ඛනිජ අයන සහිත ජලය පිටවේ. 4. උත්ස්වේදනයට මූලපීඩනය බල නොපායි. බිංදුදයට මූලපීඩනය දායක වේ. 5. උත්ස්වේදනය දිවා කාලයේ සිදුවේ. බිංදුදය රාත්‍රී කාලයේ සිදුවේ. 6. උත්ස්වේදනය ඕනෑම භෞමික ශාකයක සිදුවේ. බිංදුදය අකාෂ්ඨීය ජලකාමී ශාකවල සිදුවේ. ```
52
ජල අණුවක් පසෙන් අවශෝෂණය කරනු ලැබූ ස්ථානයේ සිට පූටිකාවක් හරහා වායුගෝලයට නිදහස් වන තෙක් ශාකයක් තුළදී පසු කරන සෛල වර්ග නිවැරදි අනුපිළිවෙලින් නම් කරන්න.
මූලකේශ සෛල→බාහිකයේ සෛල→අන්තශ්චර්මයේ සෛල→පරිචක්‍රයේ සෛල→ශෛලම වාහකාභ→ශෛලම වාහිනී ඒකක→ශෛලම වාහකාභ→කලාප කොපු සෛල→පත්‍ර මධ්‍ය සෛල
53
වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අණුවක C පරමාණුවක් C4 ප්‍රභාසංශ්ලේෂක ශාකයක මුලක ඇති පිෂ්ට අණුවක තැන්පත්වන තෙක් ගමන් කරන සෛල නිවැරදි අනුපිළිවෙලින් නම් කරන්න.
පත්‍ර මධ්‍ය සෛල→කලාප කොපු සෛල→ප්ලෝයම මෘදුස්තර සෛල→සහචර සෛල→පෙනේර නළ ඒකක→සහචර සෛල→මෘදුස්තර සෛල/සංචායක සෛල