ශාක ව්‍යුහය වර්ධනය හා විකසනය 1 Flashcards

(47 cards)

1
Q

පටකයක් යනු කුමක්ද?

A

විශේෂිත කාර්යයක් හෝ කාර්‍ය කිහිපයක් ඉටු කිරීම සඳහා විශේෂණය වූ එක් සෛල වර්ගයකට හෝ සෛල වර්ග කීපයකට අයත් සෛල එකතු වීමෙන් සෑදෙන සෛල කාණ්ඩයකි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

විභාජක පටක යනු මොනවාද?

A

සුදුසු තත්ත්ව යටතේ අඛණ්ඩව විභාජනය වෙමින් නව සෛල නිපදවිය හැකි විභේදනය නොවූ සෛල සමූහයකි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

විභාජක පටක සෑදී ඇත්තේ මොනවාගෙන්ද?

A

විභාජක සෛල වලින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

විභාජක සෛල වල ලාක්ෂණික ලක්ෂණ මොනවාද?

A
  1. සජීවී සෛල වේ.
  2. සමවිශ්කම්භිතය.
  3. ව්‍යූහමය හෝ කෘත්‍යමය වශයෙන් විභේදනය වී නැත.
  4. විශාල න්‍යෂ්ටියක් සෛලයේ මධ්‍යයේ ඇත.
  5. ඝන සෛල ප්ලාස්මයක් ඇත.
  6. ගුණනය වීමේ හැකියාව දරයි.
  7. ප්‍රාථමික සෛල බිත්තියක් පමණක් ඇත. ඒවා ඉතා තුනීය. සෙලියුලෝස් හා පෙක්ටීන් ඇත.
  8. අන්තර්සෛලීය අවකාශ නැත.
  9. ලව හෝ රික්තක නැත.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

අග්‍රස්ථ විභාජකය යනු කුමක්ද?

A
  • මේ විභාජක ශාක මූලාග්‍රස්ථ හා ප්‍රරෝහ අග්‍රස්ථවල පිහිටයි.
  • මේවායෙන් නව සෛල එකතු වීම නිසා ශාක කොටස්වල දිග වැඩිවීම සිදු වේ.
  • මෙම ක්‍රියාවලිය ප්‍රාථමික වර්ධනය නම් වේ.
  • උදා :
    1. ප්‍රරෝහාග්‍ර විභාජකය
    2. මූලාග්‍ර විභාජකය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

පාර්ශ්වික විභාජක යනු මොනවාද?

A
  • කඳේ හා මුල්වල පාර්ශ්විකව පිහිටයි.
  • කාෂ්ඨීය ශාක වල දක්නට ලැබෙන සනාල කැම්බියම හා වල්ක කැම්බියම පාර්ශ්වික විභාජක ලෙස සැලකේ.
  • මේවා කාෂ්ඨීය ශාකවල ද්විතීක වර්ධනයට දායක වී කාෂ්ඨීය ශාක කඳන් හා මුල්වල පරිධිය වැඩි කිරීම සිදු කරයි.
  • සනාල කැම්බියම මඟින් ශාක දේහයේ ද්විතීයික ශෛලමත්, ද්විතීක ප්ලෝයමත් නිපදවනු ලබයි.
  • වල්ක කැම්බියම මඟින් ශාකයේ ඝනකම් පරිචර්මය සාදයි. එය අපිචර්මය ප්‍රතිස්ථාපනය කරනු ලබයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

අන්තරස්ථ විභාජක යනු මොනවාද?

A
  • තෘණ ශාක වැනි ඇතැම් ඒකබීජ පත්‍රි ශාක කඳන් (පර්ව) පාදස්ථයේ හා පත්‍ර පාදස්ථයේ (ගැට) විභාජක පටක ආදිය දක්නට ලැබෙන අතර, ඒවා අන්තරස්ථ විභාජක නම් වේ.
  • ඒවා කැඩී-බිඳී යන පත්‍ර කොටස් නැවත ශීඝ්‍ර වර්ධනයට දායක වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ප්‍රාථමික විභාජක පටක යනු මොනවාද?

A
  • කලල අවධියේ පටන් පවතින විභාජක
  • මේවා ක්‍රියාත්මක වීමෙන් ඇතිවන වර්ධනය ප්‍රාථමික වර්ධනය නම් වේ.
  • එය රේඛීය වර්ධනයකි.
  • උදා :
    1. කඳේ අග්‍රස්ථ විභාජකය
    2. මුලේ අග්‍රස්ථ විභාජකය
    3. අන්තරස්ථ විභාජකය
    4. අන්තඃකලාපීය කැම්බියම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ද්විතීක විභාජක පටක යනු මොනවාද?

A
  • කලල අවධියේ නොතිබී වර්ධනයේ පසු අවධියකදී ඇති වී ක්‍රියාත්මක වන විභාජක පටක
  • මේවායින් සිදුවන වර්ධනය ද්විතීක වර්ධනය නම් වේ.
  • එහිදී අරීය වර්ධනයක් සිදුවේ.
  • උදා :
    1. කඳේ අන්තර් කලාපීය කැම්බියම
    2. කඳේ වල්ක කැම්බියම
    3. මුලේ සනාල කැම්බියම
    4. මුලේ වල්ක කැම්බියම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ශාක කඳෙහි ප්‍රාථමික වර්ධනය

ශාක කඳෙහි ප්‍රාථමික වර්ධනය යනු කුමක්ද?

A

කඳේ අග්‍රස්ථයේ පිහිටන ප්‍රාථමික විභාජකයේ ක්‍රියාකාරීත්වය නිසා කඳ දික්වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ශාක කඳෙහි ප්‍රාථමික වර්ධනය

සෛල විභාජනය වන කලාපය

A
  1. ඉහළින්ම පිහිටයි.
  2. මෙහි ඉහළ ප්‍රරෝහාග්‍ර විභාජකය පිහිටයි.
  3. ප්‍රරෝහාග්‍ර විභාජකය යනු ප්‍රරෝහාග්‍රයේ පිහිටි බුබ්බුලාකාර හැඩැති විභාජක සෛල ස්කන්ධයකි.
  4. ප්‍රරෝහාග්‍ර විභාජකය ආරක්ෂා වන්නේ ළපටි පත්‍ර හා පත්‍ර මූලාකෘති වලිනි.
  5. අග්‍රස්ථ විභාජකයේ දෙපසින් ඇඟිලි වැනි ප්‍රසර ලෙස පත්‍ර මූලාකෘති ඇතිවේ.
  6. පසුව පත්‍ර මූලාකෘති වර්ධනය වී ළපටි පත්‍ර ද ඉන්පසු පත්‍ර ද විකසනය වේ.
  7. ප්‍රරෝහාග්‍ර විභාජකය අනූනන විභාජනය මඟින් පහළ දෙසට නව සෛල නිපදවයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ශාක කඳෙහි ප්‍රාථමික වර්ධනය

සෛල දික්වන කලාපය

A
  1. සෛල විභාජනය වන කලාපයට වහාම පහළින් පිහිටයි.

2. විභාජනය වූ කලාපයෙන් නිපදවෙන සෛල ක්‍රමයෙන් මෙම කලාපයට තල්ලු වී දිග් වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ශාක කඳෙහි ප්‍රාථමික වර්ධනය

සෛල විභේදනය වන කලාපය

A
  1. සෛල දික්වන කලාපයට පහළින් පිහිටයි.
  2. සෛල දික්වීමෙන් පසුව විභේදනය වීම සිදුවේ.
  3. සෛල විභේදනයෙන් ප්‍රාථමික පටක නිපදවේ.
  4. එහි අග්‍රස්ථ විභාජකයේ සිට හඳුනාගත හැකි අග්‍රස්ථ විභාජකයෙන් හටගෙන විභේදනය වන මූලික පටක වර්ග 3ක් හඳුනාගත හැකිය.
  5. ප්‍රාක් චර්මය
    2. පූරක විභාජකය
    3. ප්‍රාක් කැම්බියම
  6. ප්‍රාක් චර්මයෙන් අපිචර්මය විභේදනය වේ.
  7. පූරක විභාජකයෙන් බාහිකය, මජ්ජාව හා මජ්ජාකිරණ විභේදනය වේ.
  8. ප්‍රාක්කැම්බියමෙන් සනාල කලාප විභේදනය වේ.
    එහි ප්‍රාථමික ශෛලම, ප්‍රාථමික ප්ලෝයම හා අන්තඃකලාපීය කැම්බියම විභේදනය වේ.
  9. සනාල කලාප රැසක් ඇති බැවින් ප්‍රාක්කැම්බියමේ රැහැන් කීපයක් පවතී.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ශාක මුලේ ප්‍රාථමික වර්ධනය

සෛල විභාජනය වන කලාපය

A
  1. පහළින්ම පිහිටයි.
  2. මෙම කලාපයේ මදක් ඉහළ දෙසට වන්නට මූලාග්‍ර විභාජකය පිහිටයි.
  3. මූලාග්‍ර කොපුවෙන් මූලාග්‍ර විභාජකය ආරක්ෂා වේ - පස හරහා වර්ධනයේදී ඝර්ෂණයෙන් ඇතිවන හානි වළක්වයි.
  4. මූලාග්‍ර විභාජකය පිටත දිශාවට හා ඇතුලත දිශාවට යන දෙකටම සෛල නිපදවයි.
  5. මූලාග්‍ර විභාජකයේ පිටත දෙසට එක්කරන සෛල විභේදනය වී මූලාග්‍ර කොපුව සාදයි.
  6. මූලාග්‍ර කොපුවේ පස සමඟ ගැටෙන සෛල විනාශ වන නිසා දිගින් දිගටම මෙම ක්‍රියාව සිදුවේ.
  7. මූලාග්‍ර විභාජකයෙන් ඇතුලත දිශාවට නිපදවන සෛල ඉන්පසු සෛල දික්වන කලාපයට තල්ලු වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ශාක මුලේ ප්‍රාථමික වර්ධනය

සෛල දික්වන කලාපය

A
  1. සෛල විභාජනය වන කලාපයට ඇතුලතින් පිහිටයි.
  2. අග්‍රස්ථ විභාජකය මඟින් ඇතුළු දෙසට එකතු කරන නව සෛල දික්වීම මෙහිදී සිදුවේ.
  3. ඇතැම් විට ඒවා මුල් අවස්ථාවේ තිබූ දිග මෙන් දහගුණයක් දක්වා දිග වැඩිවේ.
  4. මේ නිසා පස් තුළින් මුල් ඉදිරියට තල්ලු වෙමින් ගමන් කරයි.
  5. ඉන්පසු සෛල විභේදනය වන කලාපයට තල්ලු වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

ශාක මුලේ ප්‍රාථමික වර්ධනය

සෛල විභේදනය වන කලාපය

A
  1. සෛල ව්‍යූහමය හා කෘත්‍යමය ලෙස විශේෂනය වීම ඇරඹේ.
  2. අග්‍රස්ථ විභාජකයෙන් හටගෙන විභේදනය වන මූලික පටක වර්ග 3ක් හඳුනාගත හැකිය.
    1. ප්‍රාක් චර්මය
    2. පූරක විභාජකය
    3. ප්‍රාක් කැම්බියම
  3. ප්‍රාක් චර්මයෙන් අපිචර්මය විභේදනය වේ.
  4. පූරක විභාජකයෙන් බාහිකය හා අන්තශ්චර්මය විභේදනය වේ.
  5. ප්‍රාක් කැම්බියමෙන් පරිචක්‍රය, ප්‍රාථමික ප්ලෝයම, ප්‍රාථමික ශෛලම හා ඒකබීජ විට මජ්ජාව විභේදනය වේ.
  6. මුලේ ප්‍රාථමික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික ව්‍යූහය ඇතිවේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

මූලාග්‍ර විභාජකය හා ප්‍රරෝහාග්‍ර විභාජකය අතර ඇති වෙනස්කම් මොනවාද?

A
  1. ප්‍රරෝහාග්‍ර විභාජකය ශාක කඳේ අග්‍රස්ථයේ පිහිටයි.
    මූලාග්‍ර විභාජකය ශාක මුලේ අග්‍රස්ථයේ පිහිටයි.(තරමක් මධ්‍යයට වන්නට)
  2. ප්‍රරෝහාග්‍ර විභාජකය ඇතුළත දිශාවට පමණක් නව සෛල එක් කරයි.
    මූලාග්‍ර විභාජකය ඇතුළත දිශාවට මෙන්ම පිටත දිශාවටද නව සෛල එක් කරයි.
  3. ප්‍රරෝහාග්‍ර විභාජකය පත්‍ර මූලාකෘති මඟින් ආරක්ෂා වේ.
    මූලාග්‍ර විභාජකය මූලාග්‍ර කොපුවෙන් ආරක්ෂා වේ.
  4. ප්‍රරෝහාග්‍ර විභාජකයේ ප්‍රාක් කැම්බියම් පට කීපයක් ඇත.
    මූලාග්‍ර විභාජකයේ ඇත්තේ තනි ප්‍රාක් කැම්බියමකි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

සනාල ශාකයක ඇති ප්‍රධාන පටක පද්ධති 3 මොනවාද?

A
  1. චර්මීය පටක පද්ධතිය
  2. පූරක පටක පද්ධතිය
  3. සනාල පටක පද්ධතිය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

චර්මීය පටක පද්ධතිය

අපිචර්මය

A
  1. ශාකයේ පිටතින්ම පිහිටයි.
  2. තදින් ඇසිරී ඇති සෛල ස්ථරයකි.
  3. වායව ශාක වල ප්‍රරෝහ කොටස් වල අපිචර්මය, උච්චර්මය නම් කියුටින් ස්ථරයකින් ආවරණය වී පවතී.
  4. ශාකයේ ප්‍රාථමික දේහයේ, ශාක පත්‍රවල, ශාක කඳේ හා මුලේ ආරක්ෂක ස්ථරය ලෙස ක්‍රියා කරයි.
  5. අපිචර්මය තුළ ඇතැම්විට විශේෂිත සෛල දක්නට ලැබේ.
    උදා : පාලක සෛල, මූලකේෂ, ට්‍රිකෝම
  6. අවශෝෂනයට දායක වන බැවින් මුලේ අපිචර්මයේ උච්චර්මයක් නැත.
  7. භෞමික ශාක වල අපිචර්මයේ හරිතලව අඩංගු නොවේ.
20
Q

චර්මීය පටක පද්ධතිය

අපිචර්මයේ කෘත්‍ය

A
  1. භෞතිකව සිදුවන යාන්ත්‍රික හානි, ව්‍යාධිජනකයන්ගෙන් සිදුවන හානි වළක්වා ආරක්ෂා කිරීම.
  2. උච්චර්මය මඟින් ශාකයෙන් ජලය හානි වීම වළක්වයි.
  3. මූලකේෂ මඟින් පසෙන් ජලය හා ඛනිජ අයන අවශෝෂණය කරයි.
  4. පාලක සෛල වායු හුවමාරුවට ආධාර වේ.
  5. කේසර වැනි ට්‍රිකෝම මඟින් ජලය හානි වීම අඩුකරයි. දිලිසෙන සුළු රෝම මඟින් වැඩිපුර පතිතවන ආලෝකය පරාවර්තනය කර යවයි.
  6. සමහර ට්‍රිකෝම වලින් ස්‍රාවය වන රසායනික, කෘමීන්/ ව්‍යාධිජනකයන්/ ශාක භක්ෂකයන්ගෙන් ආරක්ෂාවට දායක වෙයි.
21
Q

චර්මීය පටක පද්ධතිය

පාලක සෛල

A
  1. පත්‍රවල හා අකාෂ්ඨීය ශාක ළපටි කඳන් වල අපිචර්මයේ පිහිටන විශේෂණය වූ සෛල වර්ගයකි.
  2. සෛල යුගල ලෙස පිහිටමින් එම සෛල දෙක අතර පූටිකා නැමැති අන්වීක්ෂීය විවර සාදයි.
  3. පාලක සෛල යුගලේ ක්‍රියාකාරීත්වය නිසා පූටිකා විවරයේ තරම වෙනස් කළ හැකිය.
  4. පූටිකා විවරය හරහා ශාකවල බාහිර හා අභ්‍යන්තර පරිසරය අතර වායු හුවමාරුව සිදුවේ.
  5. පාලක සෛල තුළ හරිතලව දරන බැවින් ප්‍රභාසංස්ලේෂණය සිදුවේ.
  6. පූටිකා දිවා කාලයේදී විවෘතව පවතින අතර අඳුරේදී වැසේ.
  7. ද්වීබීජපත්‍රී හා සමහර ඒකබීජපත්‍රී ශාකවල පූටිකා පාලක සෛල වෘක්කාකාර හැඩයක් ගන්නා අතර ඒකබීජපත්‍රී තෘණ ශාකවල පාලක සෛල ඩම්බෙල් හැඩ වේ.
22
Q

චර්මීය පටක පද්ධතිය

මූලකේෂ සෛල

A
  1. මුල්වල සමහර අපිචර්මීය සෛල බාහිර නෙරුම් ඇතිකරගනිමින් මූලකේෂ බවට පත්වී ඇත.
  2. එම අපිචර්මීය සෛල අංගුලිකාකාර ප්‍රසරයක් ලෙස වර්ධනය වී ඇත.
  3. අන්වීක්ෂීය වන මේවා මිලියන ගණනක් මුලේ මතුපිට පෘෂ්ඨයෙන් බාහිරයට නෙරා පිහිටයි.
  4. පස තුළට නෙරා පාංශු ද්‍රාවනයෙන් ජලය හා ඛනිජ අවශෝෂණයට ක්‍රියාකරයි.
  5. අවශෝෂනය සඳහා පෘෂ්ඨික ක්ෂේත්‍ර ඵලය වැඩිවීම මෙහිදී සිදුවේ.
23
Q

චර්මීය පටක පද්ධතිය

ට්‍රිකෝම

A
  1. ප්‍රරෝහ කොටස් වල අපිචර්මීය සෛලවල පිටතට නෙරීම්.
  2. කේෂර ග්‍රන්ථි වැනි අපිචර්මයෙන් පිටතට වර්ධනය වන ව්‍යූහ අයත් වේ.
  3. පත්‍ර හා කඳන් වල පිහිටයි.
  4. වැඩිපුර ආලෝකය පරාවර්තනය කරමින් ජල හානිය අඩු කරයි.
  5. කේෂර ග්‍රන්ථි මඟින් ස්‍රාවය කරන ඇලෙනසුළු විෂ රසායනික ද්‍රව්‍ය කෘමින්ගෙන් / ව්‍යාධිජනකයන්ගෙන්/ශාක භක්ෂකයන්ගෙන් ශාකය ආරක්ෂා කරයි.
24
Q

ප්‍රාථමික වර්ධනයේදී චර්මීය පටක පද්ධතිය සම්භවය වන්නේ කුමකින්ද?

A

ප්‍රාක්චර්මයෙන්

25
# පූරක පටක පද්ධතිය පූරක පටක පද්ධතිය යනු කුමක්ද?
චර්මීය පටක හා සනාල පටක අතර අවකාශය පුරවා දමන පටක පූරක පටක නම් වේ. චර්මීය හෝ සනාල නොවන පටක පූරක පටක පද්ධතියට අයත් වේ. ප්‍රධාන වශයෙන් බාහිකය සහ මජ්ජාව අයත් වේ.
26
# පූරක පටක පද්ධතිය ප්‍රාථමික වර්ධනයේදී පූරක පටකය සම්භවය වන්නේ කුමකින්ද?
පූරක විභාජකයෙන්
27
# පූරක පටක පද්ධතිය පූරක පටකයට අයත් සෛල විශේෂනය වී ඇති කෘත්‍යයන් මොනවාද?
1. සංචිත කිරීම 2. ප්‍රභාසංස්ලේෂණය 3. සංධාරනය 4. කෙටිදුර පරිවහනය
28
# පූරක පටක පද්ධතිය මෘදුස්ථර සෛල
1. කෘත්‍යමය ලෙස පරිනත අවස්ථාවේ වුවද සජීවී වේ. 2. තුනී නැමෙනසුළු ප්‍රාථමික බිත්ති ඇත. 3. බොහෝ විට ද්විතීක බිත්තියක් නැත. 4. විශාල මධ්‍ය රික්තකයක් ඇත. 5. සෛල සමවිශ්කම්භිතය. 6. සෛල බිත්ති සංඝටක සෙලියුලෝස් හා පෙක්ටීන් වේ. 7. හරිතලව බහුලව අඩංගු විය හැක. එවිට හරිතස්ථර නම් වේ. 8. සෛල අතර සෛලාන්තර අවකාශ ඇත. 9. විශේෂනය ඉතා අඩුය.
29
# පූරක පටක පද්ධතිය මෘදුස්ථර වල කෘත්‍ය
- ශාකවල බොහෝ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීම. උදා : විවිධ කාබනික අණු සංස්ලේෂණය - ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, එන්සයිම. - සංචිත කිරීම 1. ශාක කඳන් හා මුල්වල පිෂ්ඨය සංචිත කරන සෛල. මේවා තුළ ශ්වේතලව අඩංගුය. 2. ජලජ ශාකවල වාතය ගබඩා කිරීම. - විභාජනය හා වෙනත් සෛල බවට විභේදනය වීමේ හැකියාව. 1. ශාකවල ඇතිවන තුවාල සුව වීමේදී දායක වීම. 2. ද්විතීක වර්ධනයෙන් වල්ක කැම්බියම හා සනාල කැම්බියම හටගැනීම. 3. පටක රෝපණයේදී නව ශාක බිහි කිරීමේ හැකියාව.
30
# පූරක පටක පද්ධතිය මෘදුස්ථර සෛල පිහිටන ස්ථාන මොනවාද?
- ශාක දේහයේ ඕනෑම ස්ථානයක 1. පත්‍රවල සවිවර මෘදුස්තර හා ඉනි මෘදුස්තර 2. කඳන්වල මුල්වල බාහිකය හා මජ්ජාව 3. පුෂ්ප හා ඵල තුළ
31
# පූරක පටක පද්ධතිය ස්ථුල කෝණාස්තර සෛල
1. සාමාන්‍යයෙන් හරස්කඩ බහුඅශ්‍රාකාර දිගැටි සෛල වේ. 2. මෘදුස්තර සෛලවලට වඩා ඝනකමින් යුත් සෛල බිත්ති මේ සෛලවල ඇත. 3. මේ සෛලවල සෛල බිත්ති අසමාකාරව ඝන වී ඇත. 4. ළපටි ශාක කඳන්වල හා වෘන්තවල අපිචර්මයට යටින් බොහෝ විට ස්ථුලකෝණාස්තර සෛල, රැහැන් ආකාරයට පිහිටයි. 5. කෘත්‍යමය වශයෙන් පරිණත අවධියේදී පවා මේ සෛල සජීවී ය, නම්‍යශීලීය. 6. ඒවා මඟින් සන්ධාරණය සැපයෙන කඳන් හා මූල් සමඟ දික්වීම සිදුවේ. 7. සෛල බිත්තියේ සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස් හා පෙක්ටීන් අඩංගු වේ. 8. හරිතලව තිබිය හැකිය.
32
# පූරක පටක පද්ධතිය ස්ථුල කෝණාස්තර සෛල වල කෘත්‍ය
පත්‍ර හා කඳන් වල වර්ධනයට බාධාවක් නොවන පරිදි යාන්ත්‍රික සංධාරනය ලබාදීම.
33
# පූරක පටක පද්ධතිය ස්ථුල කෝණාස්තර සෛල පිහිටන ස්ථාන මොනවාද?
- කඳන් හා පත්‍ර වල ඇත. මුල් වල නැත. 1. අකාෂ්ඨීය ශාක කඳන් වල පර්‍යන්තයේ 2. පත්‍ර වෘන්ත වල
34
# පූරක පටක පද්ධතිය දෘඪස්තර සෛල
1. පරිනත අවස්ථාවේ අජීවී සෛල වේ. 2. සෛල දික්වීමෙන් අනතුරුව ද්විතීක සෛල බිත්ති සෑදේ. 3. ද්විතීක සෛල බිත්ති ඝනකම්ය. එහි විශාල ලිග්නින් ප්‍රමාණයක් තැම්පත් වී ඝන වේ. මෙම ක්‍රියාවලිය ලිග්නීභවනය නම් වේ. 4. ස්ථුලකෝණාස්තර වල සෛල බිත්ති වලට වඩා මේවායේ සෛල බිත්ති දෘඪය 5. සෛල අභ්‍යන්තරය කුහරයකි. එය පටුය. 6. සෛල බිත්ති හරහා පවතින සිදුරු හෙවත් කූ ඇත. 7. ප්‍රධාන සංධාරක පටකකි. 8. දෘඪස්තර සෛල වර්ග දෙකකි. 1. දෘඪස්තර තන්තු සෛල 2. දෘඪස්තර උපල සෛල
35
# පූරක පටක පද්ධතිය දෘඪස්තර සෛලවල කෘත්‍ය
තන්තු හා උපල සෛල ශාකයට සංධාරණය සහ ශක්තිය ලබා දීමට විශේෂණය වී ඇත.
36
# පූරක පටක පද්ධතිය දෘඪස්තර තන්තු සෛල සහ දෘඪස්තර උපල සෛල වල වෙනස්කම් මොනවාද?
- තන්තු සෛල දිගැටි තර්කුරූපී හැඩ වේ. උපල සෛල අක්‍රමවත් හැඩැතිය. තන්තු වලට වඩා කෙටි හා පළල් සෛල වේ. - තන්තු සෛල බිත්ති සාපේක්ෂව ඝනකම අඩුය. ද්විතීක බිත්ති ඇත. ලිග්නිභූතය. උපල සෛල වල ඉතා ඝන ලිග්නිභූත ද්විතීක සෛල බිත්ති ඇත. - තන්තු සෛල මිටි/පට ලෙස සමූහනය වී ඇත. උපල සෛල ස්ථර ලෙස පිහිටයි. - තන්තු සෛල වල හරස්කඩ බහුඅස්‍රාකාරය. උපල සෛල වල හරස්කඩ අක්‍රමවත් හැඩැතිය. - තන්තු සෛල වල සරල කූ ඇත. සාපේක්ෂව අඩුය. උපල සෛලවල ශාඛනය වූ හා සරල කූ ඇත. කූ බහුලය.
37
# ශෛලම පටකය වාහිනී ඒකක
1. කෘත්‍යමය වශයෙන් පරිනත අවස්ථාවේ අජීවී වේ. 2. සියලු ආවෘත බීජක ශාක සහ සමහර විවෘත බීජක ශාකවල වාහිනී ඒකක දක්නට ලැබේ. 3. මේවා දිගැටි සිලින්ඩරාකාර වේ. 4. වාහකාභවලට වඩා කෙටි හා පළල් වන අතර, තුනී බිත්ති දරයි. 5. මේවායේ ද්විතීක බිත්ති ලිග්නීන් වලින් ඝන වී ඇත. 6. මේ නිසා ආතතියක් යටතේ සිදුවන ජල පරිවහනයේදී සන්ධාරනය සපයමින් බිඳවැටීම වළක්වයි. 7. වාහිනී ඒකක එකිනෙක හා බැඳෙන හරස් බිත්තිවල සජිද්‍ර තල පිහිටන අතර, අනෙක් බිත්ති මත කූ පිහිටයි. 8. මේවායේ හරස් බිත්තිවල ඇති සජිද්‍ර තල අගින් අග පේළියට පිහිටමින් සෛලම වාහිනී සාදයි. 9. සජිද්‍ර තල ඔස්සේ ජලය නිදහසේ ගලා යයි. 10. ද්විතීක බිත්තියේ ලිග්නීන් තැම්පත් වීම විවිධ රටාවලට සිදුවේ. ඒවානම් වලයාකාර, සර්පිලාකාර, සෝපානරූපී, ජාලාභ හා සාවාට වේ. https: //i.imgur.com/KQ6IKxK.png
38
# ශෛලම පටකය වාහිනී ඒකක වල කෘත්‍ය
1. ජල හා ඛනිජ පරිවහනය : කඳේ හා මුලේ සිරස් පරිවහනයට දායක වේ. පත්‍ර තුළ ජල ඛනිජ බෙදා හරී. 2. යාන්ත්‍රික සංධාරනයට දායක වීම.
39
# ශෛලම පටකය වාහකාභ
1. සියලු සනාල ශාක වල දක්නට ලැබේ. 2. මේවා දිගැටි, සිහින්, දෙකෙළවර උල් හැඩයක් ගන්නා සෛල වේ. 3. මේවායේ ද්විතීයික බිත්ති ලිග්නීන්වලින් ඝන වී ඇත. ද්විතීක බිත්තිවල කූ පිහිටයි. 4. කූ හරහා ජලය එක් සෛලයක සිට අනෙකට ගමන් කරයි. 5. ලිග්නීන් වලින් ඝන වී තිබීම නිසා යාන්ත්‍රික සන්ධාරණය සපයන අතරම, ආතතියක් යටතේ ජලය ගමන් කිරීමේ දී බිඳවැටීම වළක්වයි. https: //i.imgur.com/KQ6IKxK.png
40
# ශෛලම පටකය වාහකාභ වල කෘත්‍ය
1. ජල ඛනිජ පරිවහනයට දායක වේ. | 2. යාන්ත්‍රික සංධාරනයට දායක වේ.
41
ශෛලම් පටකයේ සමස්ථ කෘත්‍ය කුමක්ද?
1. ජලය හා ඛනිජ අයන පරිවහනය | 2. යාන්ත්‍රික සංධාරණය
42
# ප්ලෝයම පටකය පෙනේර නළ ඒකක
1. කෘත්‍යමය වශයෙන් පරිනත විටද සජීවී සෛල වේ. 2. මේවා තුළ න්‍යෂ්ටිය, රයිබොසෝම, කැපී පෙනෙන රික්තකයක් හා සෛල සැකිලි කොටස් දැකිය නොහැකිය. 3. සෛල ප්ලාස්මය පර්‍යන්ත තුනී ස්තරයක් බවට ක්ෂීණ වී ඇත. 4. මෙවැනි සෛලගත ද්‍රව්‍ය නැති නිසා මේ සෛල තුළින් පෝෂක ද්‍රව්‍ය නිදහසේ ගලායෑමට ඉඩ සලසයි. 5. පෙනේර නළ ඒකක එක මත එක පිහිටීම මඟින් පෙනේර නළ සාදයි. 6. පෙනේර නළ ඒකක අතර, ඇති හරස් බිත්ති මත ජිද්‍ර සහිත තලයක් පිහිටන අතර, එය පෙනේර තලය නම් වේ. 7. එක් පෙනේර නළ ඒකකයක සිට අනෙක දක්වා ද්‍රව්‍ය ගලා යෑමට මේ පෙනේර තල ඉඩ සලස්වයි. 8. ප්‍රාථමික සෛල බිත්ති පමණි. ලිග්නිභවනය වී නැත. 9. හැමවිටම සහචර සෛලයක් පාර්ශ්විකව බැඳී ඇත. https: //i.imgur.com/Weayhlc.png https: //i.imgur.com/SXU7kwd.png?1
43
# ප්ලෝයම පටකය සහචර සෛල
1. කෘත්‍යමය වශයෙන් පරිනත විටද සජීවී වේ. 2. මේවා තුළින් ද්‍රව්‍ය ගමන් නොකරයි. 3. එක් එක් පෙනේර නළ ඒකකයට යාබදව පිහිටමින්, ඒවා සමඟ ප්ලාස්ම බන්ධ විශාල සංඛ්‍යාවක් මඟින් සම්බන්ධ වේ. 4. මේ සෛලය තුළ පවත්නා න්‍යෂ්ටිය හා රයිබොසෝම යාබද පෙනේර නළ ඒකකයේ කෘත්‍ය පාලනයටද සහභාගී වේ. 5. එකම මූලික සෛලයක් අසමානව බෙදීමෙන් පෙනේර නල ඒකකය හා සහචර සෛලය සෑදේ. 6. සාමාන්‍යයෙන් සෛලගත ඉන්ද්‍රයිකා සියල්ල පිහිටයි. රික්තකයක්ද ඇත. 7. ඝන සෛල ප්ලාස්මයක් ඇත. 8. ඍජුවම පරිවහනයට දායක නොවේ. 9. ශාක පත්‍රයේ ඇති ප්ලෝයම වල අඩංගු සමහර සහචර සෛල ප්ලෝයම බැර කිරීමේදී දායක වන අතර, සමහර අවයව තුළ පිහිටි අතැම් සහචර සෛල ප්ලෝයම හර කිරීමට උදව් වේ. 10. සාමාන්‍ය සහචර සෛලයක් පෙනේර නළ ඒකකයකට වඩා දිගින් අඩුය.
44
# ප්ලෝයම පටකය සහචර සෛල වල කෘත්‍ය
1. ප්ලෝයම් පරිසංක්‍රමණයේදී පෙනෙර නළ ඒකක තුළට කාබනික ආහාර ඇතුල් කිරීම. - ප්ලෝයම් බැර කිරීම. 2. පෙනේර නළ ැඑකක වලින් ආහාර ඉවත් කිරීම. - ප්ලෝයම් හර කිරීම. 3. පෙනේර නළ ඒකක වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම.
45
වර්ධනය යනු කුමක්ද?
විකසනයට අදාලව ජීවියෙකුගේ දේහයේ අප්‍රතිවර්ථීව සිදුවන වියළි ස්කන්ධයෙහි වැඩිවීම.
46
ප්‍රාථමික වර්ධනය හා ද්විතීක වර්ධනය අතර වෙනස්කම් මොනවාද?
1. ප්‍රාථමික වර්ධනය ප්‍රාථමික විභාජක පටක ක්‍රියාකාරීත්වය නිසා සිදුවේ. ද්විතීක වර්ධනය ද්විතීක විභාජක පටක ක්‍රියාකාරීත්වය නිසා සිදුවේ. 2. ප්‍රාථමික වර්ධනය රේඛීය වර්ධනයකි. එනම් උස වැඩිවේ. ද්විතීක වර්ධනය අරීය වර්ධනයකි. එනම් වට ප්‍රමාණය වැඩිවේ. 3. ප්‍රාථමික වර්ධනය කලල අවධියේ පටන් සිදුවේ. ද්විතීක වර්ධනය, වර්ධනයෙන් පසු අවධියකදී ආරම්භ වේ. 4. ප්‍රාථමික වර්ධනය ඕනෑම ශාකයක සිදුවේ. ද්විතීක වර්ධනය සමහර ශාක වල පමණක් සිදුවේ (ද්වීබීජ පත්‍රී හා සමහරක් විවෘත බීජක වල) 5. ප්‍රාථමික වර්ධනයේ ප්‍රතිඵල ලෙස එකතුවන පටක බොහෝමයක් ජීවීය. ද්විතීක වර්ධනයේ ප්‍රථිඵල ලෙස එකතුවන පටක බොහොමයක් අජීවීය.
47
ශාකවල වර්ධනය සත්ත්වයින්ගේ වර්ධනයෙන් වෙනස්වන ආකාර මොනවාද?
1. ශාකවල අපරිමිත වර්ධනය | 2. ශාකවල වර්ධනය විභාජක මඟින් සිදුවීම.