ශාක ව්‍යුහය වර්ධනය හා විකසනය 2 Flashcards

(39 cards)

1
Q

ශාක මුලක ප්‍රාථමික වර්ධනය

අපිචර්මය

A
  1. ප්‍රාථමික මුලෙහි පිටතින්ම ඇති සෛල ස්තරය අපිචර්මයයි.
  2. අපිචර්මය තනි සෛල ස්ථරයකි.
  3. මෙම සෛලවල පිටතට වැඩෙන ඒක සෛලික ප්‍රසර දැකිය හැකිය, ඒවා මූලකේශ නම් වේ.
  4. අපිචර්මය මත උච්චර්මයක් නැත.
  5. අපිචර්මය මඟින් මුලෙහි අභ්‍යන්තර කොටස් ආරක්ෂා කරන අතර, මූලකේශ ජලය හා ඛනිජ අවශෝෂණයට දායක වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ශාක මුලක ප්‍රාථමික වර්ධනය

බාහිකය

A
  1. අපිචර්මය හා සනාල සිලින්ඩරය අතර, බාහිකය ලෙස හඳුන්වන පූරක පටකය දක්නට ලැබෙයි.
  2. එය ප්‍රධාන වශයෙන් ම, අන්තර් සෛලීය අවකාශ සහිත මෘදුස්තර සෛලවලින් සෑදී ඇත.
  3. බාහිකය ප්‍රධාන වශයෙන්ම කාබෝහයිඩ්‍රේට සංචිත කරයි.
  4. ඊට අමතරව එය මඟින් ජලය හා ඛනිජ අයන ශාකයේ අන්තශ්චර්මය දෙසට පරිවහනය කරනු ලබයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ශාක මුලක ප්‍රාථමික වර්ධනය

අන්තශ්චර්මය

A
  1. බාහිකයේ ඇතුළතම ස්තරය අන්තශ්චර්මය නම් වේ.
  2. එය තනි සෛල ස්ථරයකින් යුක්තය.
  3. පීප්පාකාර සෛල වලින් යුක්තය.
  4. අන්තශ්චර්මය කැස්පාරියන් පටිය නමැති සුබරිනීභවනය වූ පටියක් දරන අතර,
  5. අන්තර්සෛලීය අවකාශ නොදරයි.
  6. මේ නිසා අන්තශ්චර්මය මඟින් බාහික ඇපෝප්ලාස්ටය, සනාල ඇපෝප්ලාස්ටයෙන් වෙන් කරනු ලබයි.
  7. තවදුරටත් පරිනත වෙත්ම සමහර අන්තශ්චර්මීය සෛල වල ඇතුළු ස්පර්ශක බිත්තිය මුළුමනින්ම සහ අරීය බිත්තියේ කැස්පාරීය පටිය දක්වා ද සුබරීන් තැන්පත් වේ.
  8. මෙය ද්විතීක සුබරීන් ඝනවීම නම් වේ.
  9. මෙම ඝනවීම නොමැති අන්තශ්චර්මීය සෛල මං සෛල නම් වේ. තිරස් ජල ඛනිජ පරිවහනය සිදුවන්නේ මෙම මංසෛල හරහාය.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ශාක මුලක ප්‍රාථමික වර්ධනය

පරිචක්‍රය

A
  1. අන්තශ්චර්මය ඇතුළතින් මෘදුස්තර සෛල ස්තර දෙකකින් හෝ තුනකින් සෑදුණු පරිචක්‍රය පිහිටයි.
  2. ද්වීබීජපත්‍රී ශාක මුල්වල ඇති මේ සෛලවලට විභාජනය වීමේ හැකියාව ඇති අතර,
  3. ශාක මුලෙහි පාර්ශ්වික මුල් හටගැනීමටත්, එහි ද්විතීක වර්ධනයක් සිදු කිරීමටත් දායක වේ.
  4. ඒකබීජපත්‍රී මුලේ පරිචක්‍රයට විභාජක හැකියාව නැත.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ශාක මුලක ප්‍රාථමික වර්ධනය

සනාල පටකය

A
  1. පරිචක්‍රයට ඇතුළතින් සනාල පටකය ඝන මධ්‍ය හරයක් ලෙස දක්නට ලැබේ.
  2. සනාල කැම්බියමක් නැත. එබැවින් නිමි සනාල කලාප නම් වේ.
  3. ද්වීබීජ පත්‍රී ශාක මුලක හරස්කඩ මධ්‍යයෙහි ශෛලම, තරුවක හැඩයට දක්නට ලැබේ.
  4. ශෛලම පටකයේ බාහු අතර, පිහිටි ඇලියක් බඳු ප්‍රදේශයේ ප්ලෝයම පටකය පිහිටයි.
  5. ඒකබීජපත්‍රී මුල්වල සනාල පටකය මධ්‍යයෙහි මෘදුස්තර සෛලවලින් සෑදුණු හරයක් ඇති අතර, එය වට කරමින් මාරුවෙන් මාරුවට පිහිටි ශෛලම හා ප්ලෝයම මඟින් සෑදුණු වළයක් දැකිය හැකිය.
  6. ඒකබීජ විට මජ්ජාවක් ඇත.
    https: //i.imgur.com/bHWiA9f.png?1
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ශාක මුලක ප්‍රාථමික වර්ධනය

අපිචර්මයේ කෘත්‍ය

A
  1. ඇතුළත පිහිටි කොටස් ආරක්ෂා කිරීම.

2. මූලකේෂ මඟින් ජලය හා ඛනිජ අවශෝෂණය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ශාක මුලක ප්‍රාථමික වර්ධනය

බාහිකයේ කෘත්‍ය

A
  1. කාබෝහයිඩ්‍රේට ලෙස ආහාර සංචිත කරයි.

2. ජලය හා ඛනිජ ලවණ අන්තශ්චර්මය දෙසට තිරස් පරිවහනය සිදු කරයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ශාක මුලක ප්‍රාථමික වර්ධනය

අන්තශ්චර්මයේ කෘත්‍ය

A
  1. සනාල සිලිංඩරයේ ඇපෝප්ලාස්ටය බාහිකයේ ඇපෝප්ලාස්ටයෙන් වෙන් කරයි.
  2. ඛනිජ අයන වරණයට ලක් කරයි.
  3. ජලය හා ඛනිජ නිදහසේ ඇතුළුවීම වළක්වයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ශාක මුලක ප්‍රාථමික වර්ධනය

පරිචක්‍රයේ කෘත්‍ය

A
  1. ද්වීබීජ මුලේ පාර්ශ්වික මුල් හටගැන්වීම.
  2. ද්වීබීජ මුලේ ද්විතීක වර්ධනයේදී වල්ක කැම්බියම නිපදවීම.
  3. තිරස් ජල හා ඛනිජ පරිවහනයට දායක වීම.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ශාක මුලක ප්‍රාථමික වර්ධනය

ශෛලම් පටකයේ කෘත්‍ය

A
  1. ජල හා ඛනිජ අයන සිරස් ලෙස මුලේ ඉහළට පරිවහනය

2. යාන්ත්‍රික සංධාරනය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

1. ජල හා ඛනිජ අයන සිරස් ලෙස මුලේ ඉහළට පරිවහනය 2. යාන්ත්‍රික සංධාරනය

ප්ලෝයම් පටකයේ කෘත්‍ය

A

කාබනික ආහාර සුක්‍රෝස් ලෙස පරිවහනය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ද්වීබීජපත්‍රී කඳක ප්‍රාථමික ව්‍යූහය

අපිචර්මය

A
  1. පිටතින්ම අපිචර්මය පිහිටයි.
  2. අපිචර්මය තනි සෛල ස්ථරයකි. අන්තර්සෛලීය අවකාශ නැත.
  3. අපිචර්මය අඛණ්ඩ නැත. තැනින් තැන පූටිකා පිහිටයි. ඒවා අන්වීක්ෂීය සිදුරු වේ.
  4. අපිචර්මය මත උච්චර්මය පිහිටයි. එය කියුටීන් ය.
  5. අපිචර්මයෙන් බාහිරයට කේෂර තිබිය හැක.
  6. සාමාන්‍ය අපිචර්මීය සෛල වල හරිතලව නැත. පූටිකා පාලක සෛල තුළ හරිතලව ඇත.
  7. අපිචර්මය මඟින් ඇතුළත කොටස් වියළී යෑමෙන් හා ආසාදන වලින් ආරක්ෂා කරයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ද්වීබීජපත්‍රී කඳක ප්‍රාථමික ව්‍යූහය

බාහිකය

A
  1. අපිචර්මයට වහාම ඇතුළතින් බාහිකය පිහිටයි.
  2. බාහිකය සෛල ස්ථර ගණනාවකින් යුක්තය.
  3. අපිචර්මයට වහාම ඇතුළතින් බාහිකයේ පර්‍යන්තයේ සෛල ස්ථර කීපයක් අධඃචර්මය නම් වේ.
  4. අධඃචර්මය ස්ථුලකෝනාස්ථර සෛල වේ. ඒවායේ හරිතලවද තිබිය හැකිය. ඒවා මඟින් සන්ධාරණය සපයයි.
  5. අධඃචර්මයට ඇතුළතින් බාහික සෛලවල හරිතලව අඩංගු විය හැක. එය හරිතස්තරය නම් වේ.
  6. බාහිකයේ අනෙකුත් සෛල මෘදුස්තර වේ.
  7. බාහිකයේ මෘදුස්තර අතර අන්තර්සෛලීය අවකාශ බහුලය.
  8. බාහිකයේ දෘඪස්තර තන්තුද පිහිටිය හැකි අතර, ඒවා මඟින් අවශ්‍ය අමතර සන්ධාරණයක් සපයයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ද්වීබීජපත්‍රී කඳක ප්‍රාථමික ව්‍යූහය

සනාල පටකය

A
  1. සනාල කලාප වලයක් ලෙස පිහිටයි.
  2. සනාල කලාපයක ප්‍රාථමික ප්ලෝයම බාහිකය දෙසටත් ප්‍රාථමික ශෛලම මජ්ජාව දෙසටත් මුහුණලා පිහිටයි.
  3. ප්‍රාථමික ශෛලම හා ප්‍රාථමික ප්ලෝයම අතර අන්තඃකලාපීය කැම්බියම පිහිටයි.
  4. සනාල කලාපයට පිටතින් ප්‍රාථමික ප්ලෝයමය මත දෘඪස්තර සෛල ගොනුවක් පිහිටයි.
    https: //i.imgur.com/tERoOLj.png
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ද්වීබීජපත්‍රී කඳක ප්‍රාථමික ව්‍යූහය

මජ්ජාව

A
  1. සනාල කලාප වලට ඇතුළතින් මෘදුස්තර සෛල වලින් සෑදුණු විශාල මජ්ජාවක් දැකිය හැකිය.
  2. මජ්ජා මෘදුස්තර අතර අන්තර්සෛලීය අවකාශ ඇත.
  3. මජ්ජාවෙන් බාහිකය දෙසට විහිදෙන, සනාල කලාප අතර පිහිටන මෘදුස්තර ප්‍රාථමික මජ්ජා කිරණ නම් වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

ද්වීබීජපත්‍රී කඳක ප්‍රාථමික ව්‍යූහය

පාර්ශ්වික ශාඛා

A
  1. පාර්ශ්වික ශාඛා හටගැනීම මතුපිට පෘෂ්ඨයේ පවතින කක්ෂීය අංකුර මඟින් සිදු කරයි.
  2. කක්ෂීය අංකුර බාහිකයෙන් විකසනය වේ.
  3. බහිර්ජන්‍ය සම්භවයකි. පහසුවෙන් ගැලවී යයි.
17
Q

ඒකබීජපත්‍රී කඳක ප්‍රාථමික ව්‍යූහය

අපිචර්මය

A
  1. පිටතින්ම තනි සෛල ස්ථරයකින් යුත් අපිචර්මය පිහිටයි.
  2. අපිචර්මය මත කියුටීනමය උච්චර්මයකි.
  3. අපිචර්මය තනි සෛල ස්ථරයකි. අන්තර්සෛලීය අවකාශ නැත.
  4. අපිචර්මයෙන් බාහිරයට කේෂර තිබිය හැක.
  5. සාමාන්‍ය අපිචර්මීය සෛල වල හරිතලව නැත. පූටිකා පාලක සෛල තුළ හරිතලව ඇත.
  6. අපිචර්මය මඟින් ඇතුළත කොටස් වියළී යෑමෙන් හා ආසාදන වලින් ආරක්ෂා කරයි.
18
Q

ඒකබීජපත්‍රී කඳක ප්‍රාථමික ව්‍යූහය

පූරක පටකය

A
  1. අපිචර්මයට ඇතුළතින් ඇත්තේ පූරක පටකයයි.

2. පූරක පටකය බාහිකය හා මජ්ජාව බවට විභේදනය වී නැත.

19
Q

ඒකබීජපත්‍රී කඳක ප්‍රාථමික ව්‍යූහය

සනාල කලාප

A
  1. පූරක පටකය තුළ සනාල කලාප අක්‍රමවත්ව ව්‍යාප්තව පවතී.
  2. සනාල කලාප විවිධ ප්‍රමාණ වේ.
  3. සනාල කලාපයක ඇතුළු දෙසට ප්‍රාථමික ශෛලමය ද බාහිර දෙසට ප්‍රාථමික ප්ලෝයමයද පිහිටයි.
  4. ප්‍රාථමික ශෛලම හා ප්‍රාථමික ප්ලෝයම අතර කැම්බියමක් නැත.
  5. සෑම සනාල කලාපයක් ම දෘඪස්තර කොපුවකින් වටවී ඇත.
  6. සනාල කලාපයක ප්‍රාථමික ශෛලමය තුළ,
    1. V හැඩයට පිහිටන විශාල වාහිනී 2ක් හා කුඩා වාහිනියක් ඇත.
    2. ප්‍රාක් ශෛලම බිඳවැටී සෑදුණු භංගජාත කුහරයක් පිහිටයි.
  7. සනාල කලාපයක, ප්‍රාක්ශෛලම තුඩ ප්‍රදේශයේත් ප්‍රති ශෛලම ඊට ඇතුලතිනුත් පිහිටයි.
    https: //i.imgur.com/vnn1RFq.png
    https: //i.imgur.com/C9gZUeF.png
20
Q

ශාකවල ද්විතීක වර්ධනය යනු කුමක්ද?

A

පාර්ශ්වික විභාජක වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් සෑදෙන නව සෛල එකතුවීම නිසා ශාක කඳේ හා මුලේ විශ්කම්භය වැඩි වීම.

21
Q

ද්විතීක වර්ධනය දැකිය හැකි ශාක මොනවාද?

A
  1. සියළු විවෘත බීජක ශාක

2. බොහෝ ද්වීබීජ පත්‍රී ශාක (කාෂ්ඨීය බහුවාර්ෂික ශාක)

22
Q

දර්ශීය කාෂ්ඨීය ශාක කඳක සනාල කැම්බියම

A

තනි සෛල ස්ථරයක ඝනකම සහිත විභේදනය නොවූ සෛල වලින් සෑදුනු අඛණ්ඩ සිලින්ඩරයක් ලෙස පිහිටයි.

එම සෛල මෞලික සෛල නම් වේ.

එය මජ්ජාවට හා ප්‍ර්‍රාථමික ශෛලමයට පිටතින්ද බාහිකයට හා ප්‍රාථමික ප්ලෝයමයට ඇතුලතින්ද පිහිටයි.
https://i.imgur.com/b7rXJPA.png

23
Q

දර්ශීය කාෂ්ඨීය මුලක සනාල කැම්බියම

A

පාර්ශ්විකව ප්‍රාථමික ශෛලමයට පිටතින් ද ප්‍රාථමික ප්ලෝයමයට හා පරිචක්‍රයට ඇතුළතින් ද පිහිටයි.

හරස්කඩක නිරීක්ෂණය කළවිට සනාල කැම්බියම මෞලික සෛල වලයක් ලෙස දිස් වේ.

24
Q

දිගැටි මෞලික සෛල

A

කඳට හා මුලට සමාන්තරව දික් අක්ෂය ඔස්සේ පිහිටයි.

මෙම මෞලික සෛල විභාජනයෙන් ද්විතීක ශෛලම හා ද්විතීක ප්ලෝයම නිපදවයි.

25
කෙටි මෞලික සෛල
කඳේ හා මුලේ දික් අක්ෂයට ලම්බක දිශාවකට පිහිටයි. සනාල කිරණ/ද්විතීක මජ්ජා කිරණ නිපදවයි.
26
ද්විතීක මජ්ජා කිරණ වල කෘත්‍ය
ද්විතීක ශෛලම හා ද්විතීක ප්ලෝයම සම්බන්ධ කරන මෘදුස්තර ලෙස ක්‍රියාකරයි. තිරස් පරිවහනයට දායක වේ. කාබෝහයිඩ්‍රේට සංචිත කිරීම හා හානි වූ ස්ථාන අළුත්වැඩියා කිරීමට දායක වීම.
27
කඳක හා මුලක ද්විතීක වර්ධනයේ වෙනස්කම් මොනවාද?
කඳක ද්විතීක වර්ධනයේදී සනාල කැම්බියම හටගන්නේ අන්තඃකලාපීය කැම්බියම, අන්තර් කලාපීය කැම්බියමට ඒකාබද්ධ වීමෙනි. මුලක ද්විතීක වර්ධනයේ දී සනාල කැම්බියම හටගන්නේ ශෛලම හා ප්ලෝයම අතර මෘදුස්තර වලිනි. කඳක ද්විතීක වර්ධනයේදී ඇතිවන සනාල කැම්බියම මිශ්‍ර විභාජකයකි. මුලක ද්විතීක වර්ධනයේදී ඇතිවන සනාල කැම්බියම ද්විතීක විභාජකයකි. කඳක ද්විතීක වර්ධනයේදී ඇතිවන සනාල කැම්බියම වලයාකාරය. මුලක ද්විතීක වර්ධනයේදී ඇතිවන සනාල කැම්බියම ආරම්භයේ තරු ආකාරය. පසුව වලයාකාර වේ. කඳක ද්විතීක වර්ධනයේදී වල්ක කැම්බියම සම්භවය වන්නේ බාහිකයේ පර්යන්ත සෛල වලිනි. මුලක ද්විතීක වර්ධනයේදී වල්ක කැම්බියම සම්භවය වන්නේ පරිචක්‍රයෙනි. කඳක ද්විතීක වර්ධනයේදී වල්කය නිසා අපිචර්මය පමණක් ගැලවී යයි. මුලක ද්විතීක වර්ධනයේදී වල්කය නිසා අන්තශ්චර්මය, ප්‍රාථමික බාහිකය හා අපිචර්මය ගැලවී යයි. කඳක ද්විතීක වර්ධනයේදී ද්විතීක ශෛලම නිසා ප්‍රාථමික ශෛලම හා මජ්ජාව කේන්ද්‍රය දෙසට තෙරපී යයි. මුලක ද්විතීක වර්ධනයේදී ප්‍රාථමික ශෛලම පමණක් කේන්ද්‍රය දෙසට තෙරපී යයි.
28
පොත්ත යනු කුමක්ද?
ද්විතීක වර්ධනය වූ කඳක/මුලක සනාල කැම්බියමෙන් පිටත පිහිටි සියළු පටක එක්ව ගත්කළ පොත්ත නම් වේ. ඒ අනුව පොත්තට අයත්වන ප්‍රධාන පටක වන්නේ, 1. ද්විතීක ප්ලෝයම 2. ද්විතීක බාහිකය 3. වල්ක කැම්බියම 4. වල්කය ළපටි ද්විතීක ප්ලෝයමය පමණක් ප්ලෝයම් පරිසංක්‍රමණයට දායක වේ. පරිනත ද්විතික ප්ලෝයම ගැලවී යයි.
29
පොත්ත මඟින් ඉටු කරන කෘත්‍යන් මොනවාද?
කාබනික ආහාර සුක්‍රෝස් ලෙස පරිවහනය - ළපටි ද්විතීක ප්ලෝයම මඟින් ආරක්ෂාව හා සංධාරණය - වල්කය 1. ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වීම වැළැක්වීම. 2. ජල හානිය වැළැක්වීම. 3. භෞතික හානි වැළැක්වීම. වායු හුවමාරුව - වා සිදුරු
30
අරටුව හා එළය යනු මොනවාද?
කාෂ්ඨීය ශාක ක්‍රමයෙන් වයස්ගත වීමේදී මුලින් ඇතිවූ පැරණි ද්විතීයික ශෛලම පටක තවදුරටත් ජලය හා ඛනිජ පරිවහනය සිදු නොකරයි. මේ අක්‍රීය ස්තර අරටුව ලෙස හඳුන්වනු ලැබේ. ඒවා ශාක කඳ හෝ මුල මධ්‍යයට ආසන්නව පිහිටයි. මෙයට පිටතින් ඇති තවදුරටත් ශෛලම් යුෂය පරිවහනය කරන නව ද්විතීක ශෛලම පටක එළය ලෙස හඳුන්වනු ලැබේ. සාමාන්‍යයෙන් අරටුව එළයට වඩා තද පැහැයෙන් යුක්තයි. එයට හේතුව අරටුවේ සෛල අවකාශ පුරා ඇති රෙසීන හා අනෙකුත් කාබනික සං‍යෝගයි. රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා ශාකයේ හරය දිලීර ආසාදන හා දැව සිදුරු කරන කෘමීන්ගෙන් ආරක්ෂා වේ.
31
දැඩිදැව යනු මොනවාද?
ආවෘත බීජක ශාකවල ද්විතීක ශෛලම දැඩි දැව ලෙස හඳුන්වයි. මේවායේ ශෛලම් වාහිනී අඩංගුය. දෘඪ භාවය සාපේක්ෂව අධිකය.
32
මෘදු දැව යනු මොනවාද?
විවෘත බීජක ශාකවල ද්විතීක ශෛලම මෘදු දැව ලෙස හඳුන්වයි. මේවායේ ශෛලම් වාහිනී නැත.
33
වර්ධක වල යනු මොනවාද?
වර්ෂයක් තුළදී සාමාන්‍ය වර්ධක කාලවලට වඩා ද්විතීයික ශෛලමේ ඝනකම හා ශෛලම වාහිනී කුහරවල විශාලත්වය, තෙත් උණුසුම් කාල තුළදී වැඩිය. මේ වෙනස ශාක කඳක ළා පාට හා තද පාට වලයන් මඟින් දැක ගත හැකි ය. මේවා වර්ධක වල ලෙස හඳුන්වයි.
34
# වර්ධක වල වසන්ත කාෂ්ඨය
සෞම්‍ය කලාපික ප්‍රදේශවල වසන්ත කාලය තුළ දී ඇති වන කාෂ්ඨය (ද්විතීක ශෛලම) වසන්ත කාෂ්ඨය ලෙස හඳුන්වයි. මෙම කාලය තුළදී සනාල කැම්බියම වේගයෙන් ක්‍රියාත්මක වේ. නිපදවෙන සෛල ස්තර ගණනද අධිකය. මෙහි සෛලයේ ඇති ශෛලම වාහිනී විශාල කුහර හා තුනී බිත්ති සහිතය. මේ ව්‍යූහය ශාකයේ හටගන්නා නව පත්‍රවලට උපරිම ජල ප්‍රමාණයක් පරිවහනයට දායක වේ. ලා පැහැති පළල් වළලු ලෙස හඳුනාගත හැක.
35
# වර්ධක වල ගිම්හාන කාෂ්ඨය
ඉතිරි වර්ධක ඍතුව පුරා හටගන්නා කාෂ්ඨය ගිම්හාන කාෂ්ඨය ලෙස හඳුන්වයි. මෙම ඍතුවේ පරිසර තත්ත්ව අයහපත් බැවින් ද්විතීක වර්ධනයේදී සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය දුර්වලය. විභාජනය සෙමින් සිදුවේ. මේ කාලයේ හට ගන්නා ශෛලම වාහිනීවල කුහර කුඩා අතර බිත්තියේ ඝනකම ඉතා වැඩිය. මේ නිසා මේවා තුළින් වැඩිපුර ජලය පරිවහනය නොවන නමුත් ශාක තුළ වැඩිපුර සංධාරක ශක්තිය සපයයි. තද පැහැති පටු වළලු ලෙස දිස්වේ.
36
# වර්ධක වල වාර්ෂික වලය
වසන්ත කාෂ්ඨය සහ ගිම්හාන කාෂ්ඨය එක්ව ගත් කල වාර්ෂික වලයක් ලෙස හඳුන්වයි. ශාක කඳක හෝ මුලක වර්ෂයක් පුරා වර්ධනය හරස්කඩක ඇති පැහැදිලි වලයක් ලෙස දැකගත හැකිය. මේ නිසා සෞම්‍ය කලාපික ප්‍රදේශවල වැවෙන ශාකයක වයස ගණනය කිරීම වාර්ෂික වල ගණන් කිරීම මඟින් සිදු කළ හැකිය.
37
පාර්ශ්වික අතු :
අග්‍රස්ථ විභාජකයෙන් ඇතිවන කක්ෂීය අංකුර මූලාකෘති වලින් සම්භවය වේ. එබැවින් බහිජන්‍ය ව්‍යූහයකි. බහිර්ජන්‍ය සම්භවයක් ඇතැයි කියනු ලැබේ.
38
පාර්ශ්වික මුල් :
පරිචක්‍රයෙන් විකසනය වේ. එබැවින් අන්තර්ජන්‍ය සම්භවයකි.
39
ඒකවාර්ෂික ශාකයක් බහුවාර්ෂික ශාකයකින් වෙනස්වන ආකාර මොනවාද?
ඒකවාර්ෂික ශාක එක් වර්ෂයක්/එක් ඍතුවක් තුළදී ජීවන චක්‍රය සම්පූර්ණ කරයි. පරිමිත වර්ධනයක් පෙන්වයි. ද්විතීයික වර්ධනයක් නැත.