ශාක පෝෂණ ක්‍රියාවලි Flashcards

(31 cards)

1
Q

පෝෂණය යනු කුමක්ද?

A

ජීවියෙකුගේ පරිවෘතීය ක්‍රියා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා ශක්තිය පරිසරයෙන් ලබාගන්නා ක්‍රියාවලිය පෝෂණයයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ශාක දක්වන විෂමපෝෂී පෝෂණ ක්‍රමය කුමක්ද?

A

සහජීවනය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

සහජීවනය යනු කුමක්ද?

A

විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු , සමීපව ජීවත් වෙමින් පවත්වාගන්නා පාරිසරික සබඳතාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

සහජීවනය ආකාර 3 මොනවාද?

A
  1. අන්‍යෝන්‍යාධාරය
  2. සහභෝජීතාව
  3. පරපෝෂිතාව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

අන්‍යෝන්‍යාධාරය යනු කුමක්ද?

A

සාමාජිකයන් දෙදෙනාටම වාසි සැලසෙන පරිදි ජීවී විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු අතර ඇති වන කිට්ටු සම්බන්ධතාවය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

අන්‍යෝන්‍යධාරය සඳහා උදාහරණ මොනවාද?

A
  1. රනිල ශාක මූලගැටිති හා එහි ජීවත්වන නයිට්‍රජන් තිරකරන බැක්ටීරියාව (Rhizobium) අතර
    රනිල ශාකයට - තිරකල නයිට්‍රජන් ලැබේ
    බැක්ටීරියාවට - කාබනික ආහාර හා වාසස්ථාන ලැබේ.
  2. දිලීරක මූල - දිලීර හා උසස් ශාක මුල් අතර
    දිලීරයට - කාබනික ආහාර ලැබේ.
    බීජශාක මුලට - ඛනිජ අවශෝෂණය/පොස්පේට් අවශෝෂණය කාර්යක්ෂම වේ.
  3. Cycas කොරල් මුල් හා Anabaena සයනොබැක්ටීරියාව අතර
    කොරල් මුලට - තිරකල නයිට්‍රජන් ලැබේ.
    Anabaena ට - වාසස්ථාන හා කාබනික ආහාර ලැබේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

පරපෝෂීතාවය යනු කුමක්ද?

A

එක් විශේෂයක ජීවියෙකුට වාසි සැලසෙන හා අනික් විශේෂයේ ජීවියාට අවාසි/හානි සිදුවන ජීවී විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු අතර ඇතිවන කිට්ටු සම්බන්ධතාවය.

පූර්ණ පරපෝෂී : පරපෝෂිතයා ධාරකයාගෙන් ජලය, ඛනිජ සහ කාබනික ආහාර සියල්ල එනම් සම්පූර්ණ පෝෂණ අවශ්‍යතා ලබාගනී.
උදා: Cuscuta හා ධාරක ශාකය

අර්ධ පරපෝෂී : පරපෝෂිතයා ධාරකයාගෙන් ජලය සහ ඛනිජ අයන ලබාගනී. කාබනික ආහාර ලබා නොගනී.
උදා: Loranthus (පිලිල) හා ධාරක ශාකය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

සහභෝජීත්වය යනු කුමක්ද?

A

එක් විශේෂයක ජීවියෙකුට වාසි සැලසෙන හා අනෙක් විශේෂයේ ජීවියාට කිසිදු බලපෑමක් ඇති නොකරන එකිනෙකට වෙනස් ජීවී විශේෂ දෙකක ජීවීන් දෙදෙනෙකු අතර ඇතිවන කිට්ටු අන්තර් සබඳතාවය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

මාංශ භක්ෂක ශාක

A

ප්‍රභාසංශ්ලේෂී ශාක වේ. ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් සහ වෙනත් ඛනිජ ලවණ ලබාගැනීම සඳහා කෘමීන් හා වෙනත් සතුන් ග්‍රහනය කර නයිට්‍රජන් හා ඛනිජ අයන අවශෝෂණය කරයි.

මෙම ශාක විශේෂයෙන් නයිට්‍රජන් ඌන වාසස්ථානවල වැඩේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

මාංශ භක්ෂක ශාක සඳහා උදාහරණ මොනවාද?

A
  1. Nepenthes (බාඳුරා) - පත්‍රය විකරනය වී කෙන්ඩියක් සාදා ඇත.
  2. Drosera (කඳුලැස්ස) - පත්‍ර පෘෂ්ඨයේ ඉහළට ග්‍රන්ථිමය කේෂර ඇත. ඒවායින් කෘමීන් සිරකර ගනී. භෞමිකය.
  3. Utricularia (නිල්මොනරැස්ස) - පත්‍ර විකරනය වී සෑදුනු “ආශය” නම් වූ මළු තුල ජලජ කුඩා ජීවීන් අල්ලාගනී. ජලජ ශාකයකි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

අධිමාත්‍ර මූලද්‍රවය යනු මොනවාද?

A

ජීවීදේහ වලට සාපේක්ෂව බහුල ප්‍රමාණවලින් අවශ්‍යය වන වියළි බරෙන් 0.01% වඩා වැඩිපුර අඩංගු මූලද්‍රව්‍ය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ශාක සඳහා අධිමාත්‍ර මූලද්‍රව්‍ය මොනවාද?

A

C,H,O,N,P,K,S,Ca,Mg

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

අංශුමාත්‍ර මූලද්‍රව්‍ය යනු මොනවාද?

A

ජීවී දේහ තුළට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වන වියළි බරෙන් 0.01% වඩා අඩුවෙන් අඩංගුවන මූලද්‍රව්‍ය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ශාක සඳහා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය මොනවාද?

A

Cl, Fe, Mn, B, Zn, Cu, Ni, Mo

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ

කාබන්

A
  • අවශෝෂණය කර ගන්නා ආකාරයCO2
  • ප්‍රභවයවායුගෝලීය වාතය
  • කෘත්‍යයශාකවල කාබනික අණුවල මූලික සංඝටක වලින් එකකි.
  • ඌනතා ලක්ෂණදුර්වල වර්ධනය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ

ඔක්සිජන්

A
  • අවශෝෂණය කර ගන්නා ආකාරයCO2H2O
  • ප්‍රභවයවායුගෝලීය වාතයපාංශු ද්‍රාවණය
  • කෘත්‍යශාකයේ අඩංගු කාබනික අණුවල ප්‍රධාන සංඝටකයකි.
  • ඌනතා ලක්ෂණවර්ධනය දුර්වල වීම.
17
Q

අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ

හයිඩ්‍රජන්

A
  • අවශෝෂණය කර ගන්නා ආකාරයH2O
  • ප්‍රභවයපාංශු ද්‍රාවණය
  • කෘත්‍යශාකයේ අඩංගු කාබනික අණුවල ප්‍රධාන සංඝටකයකි.
  • ඌනතා ලක්ෂණවර්ධනය ඌන වීමමැලවීම
18
Q

අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ

නයිට්‍රජන්

A
  • අවශෝෂණය කරගන්නා ආකාරයNO3-NH4+
  • ප්‍රභවයපාංශු ද්‍රාවණය
  • කෘත්‍ය
    ඇමයිනෝ අම්ලවල,
    ප්‍රෝටීන,
    න්‍යෂ්ටික අම්ල,
    නියුක්ලියෝටයිඩ,
    හරිතප්‍රද
    එන්සයිම,
    සහ-එන්සයිම වල සංඝටක
  • ඌනතා ලක්ෂණකුරු වර්ධනයඋග්‍ර හරිතක්ෂය-විශේෂයෙන් වියපත් පත්‍රවල
19
Q

අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ

පොටෑසියම්

A
  • අවශෝෂණය කරගන්නා ආකාරයK+
  • ප්‍රභවයපාංශු ද්‍රාවණය
  • කෘත්‍යපූටිකා ක්‍රියාකාරීත්වයබොහෝ එන්සයිමවල සහසාධක
  • ඌනතා ලක්ෂණපත්‍ර මායිම් කහ දුඹුරු වීමකඳන් දුර්වල වීමමුල්වල දුර්වල විකසනය
20
Q

අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ

කැල්සියම්

A
  • අවශෝෂණය කරගන්නා ආකාරයCa 2+
  • ප්‍රභවයපාංශු ද්‍රාවණය
  • කෘත්‍යසෛල බිත්තියේ හා මධ්‍ය සූස්තරයේ සංඝටකපටල ව්‍යූහය හා පාරගම්‍යතාව පවත්වා ගැනීම.සංඥා ගමන් කිරීම.
  • ඌනතා ලක්ෂණළපටි පත්‍ර හැකිලීමඅග්‍රස්ථ අංකුර මිය යෑම
21
Q

අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ

මැග්නීසියම්

A
  • අවශෝෂණය කරගන්නා ආකාරයMg 2+
  • ප්‍රභවයපාංශු ද්‍රාවණය
  • කෘත්‍යක්ලෝරොෆිල් අණුවල සංඝටකයකි.බොහෝ එන්සයිම වර්ග සක්‍රීය කිරීම.
  • ඌනතා ලක්ෂණමේරූ පත්‍රවල නාරටි අතර හරිතක්ෂය
22
Q

අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ

පොස්පරස්

A
  • අවශෝෂණය කරගන්නා ආකාරයH2PO4 2-HPO4 2-
  • ප්‍රභවයපාංශු ද්‍රාවණය
  • කෘත්‍යATP,
    න්‍යෂ්ටික අම්ල,
    පොස්ෆොලිපිඩ වල සංඝටකයකි.
  • ඌනතා ලක්ෂණනිරෝගී පෙනුමෙන් ඇති නමුත් ඉතා සෙමින් විකසනයකඳන් තුනී වීම.නාරටි දම් පාට වීමමල් හා ඵල හටගැනීම අඩාළ වීම.
23
Q

අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ

සල්ෆර්

A
  • අවශෝෂණය කරගන්නා ආකාරයSO4 2-
  • ප්‍රභවයපාංශු ද්‍රාවණය
  • කෘත්‍යසමහර ඇමයිනෝ අම්ල සහ සමහර ප්‍රෝටීනවල සංඝටකයකි.
  • ඌනතා ලක්ෂණළපටි පත්‍ර වල හරිතක්ෂය
24
Q

අංශුමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ

ක්ලෝරීන්

A
  • අවශෝෂණය කරගන්නා ආකාරයCl-
  • කෘත්‍යප්‍රභාසංශ්ලේෂණයේදී ආස්‍රැතිය හා අයනික තුල්‍යතාව පවත්වා ගැනීම.
  • ඌනතා ලක්ෂණපත්‍ර මැලවීමපත්‍ර හැලී යාම (සුලබ නොවේ)කෙටි මහත මුල්පත්‍රවල පුල්ලි ඇතිවීම
25
# අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ අයන්
- අවශෝෂණය කර ගන්නා ආකාරය Fe2+ Fe 3+ - කෘත්‍ය ප්‍රභාසංශ්ලේෂණයේදී ක්ලෝරොෆිල් සංස්ලේෂණය නයිට්‍රජන් තිර කිරීම - ඌනතා ලක්ෂණ ළපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය
26
# අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ සින්ක්
- අවශෝෂණය කර ගන්නා ආකාරය Zn 2+ - කෘත්‍ය බොහෝ එන්සයිම සක්‍රීයකයකි ක්ලෝරොෆිල් සංස්ලේෂණය සක්‍රීය කරවීම DNA පිටපත් ප්‍රතිලේඛනයට අවශ්‍යය - ඌනතා ලක්ෂණ පත්‍ර රැළි වැටීම පර්වවල දිග අඩුවීම
27
# අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ බෝරෝන්
- අවශෝෂණය කරගන්නා ආකාරය H2BO3 - - කෘත්‍ය ක්ලෝරොෆිල් සංශ්ලේෂණයේ සහසාධකයකි සෛල බිත්තිවල ක්‍රියාකාරීත්වයට දායක වේ පරාග නාල වර්ධනයට - ඌනතා ලක්ෂණ විභාජක මිය යෑම ඝන චර්මල ඇතිවීම පත්‍ර අවපැහැ ගැන්වීම
28
# අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ කොපර්
- අවශෝෂණය කර ගන්නා ආකාරය Cu 2+ Cu + - කෘත්‍ය සමහර එන්සයිම වල සංඝටක හෝ සක්‍රීයක - ඌනතා ලක්ෂණ ළපටි පත්‍ර ළා කොළ පැහැති වීම පත්‍ර අග්‍රය වියළීම මුල්වල වර්ධනය බාල වීම හා අධිකව බෙදීයාම
29
# අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ මොලිබ්ඩීනියම්
- අවශෝෂණය කරගන්නා ආකාරය MoO4 2- - කෘත්‍ය නයිට්‍රජන් පරිවෘත්තිය - ඌනතා ලක්ෂණ කඳේ සහ මුලේ අග්‍රය මිය යාම මේරූ පත්‍රවල හරිතක්ෂය
30
# අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ නිකල්
- අවශෝෂණය කරගන්නා ආකාරය Ni 2+ - කෘත්‍ය නයිට්‍රජන් පරිවෘත්තිය - ඌනතා ලක්ෂණ පත්‍ර අග්‍රය මිය යෑම මේරූ පත්‍රවල හරිතක්ෂය
31
# අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය සහ ඌනතා ලක්ෂණ මැංගනීස්
- අවශෝෂණය කරගන්නා ආකාරය Mn 2+ - කෘත්‍ය ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය සමහර එන්සයිම සක්‍රීය කරයි. - ඌනතා ලක්ෂණ නාරටි අතර හරිතක්ෂය ළපටි පත්‍රවල දක්නට ලැබේ