සනාල ශාක වලට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම හා පරිවහනය Flashcards

(53 cards)

1
Q

ආලෝකය ලබාගැනීම සඳහා ශාක කඳ දක්වන අනුවර්තන

ශාක කඳේ උස

A

ශාකය උස අධික විට අසල ඇති ශාක වලින් ආලෝකය ලබාගැනීමේදී ඇතිවන බාධා මඟහැරේ.

බොහෝ උස ශාක වලට ශක්තිමත් යාන්ත්‍රික සන්ධාරණයක් සහිත ඝනකම් කඳක් ඇත.

කාෂ්ඨීය ශාකවල උස කඳන් ද්විතීක වර්ධනය නිසා ශක්තිමත් වේ.

වැල් ඉහළ ආලෝක ප්‍රමාණයක් අධිග්‍රහණය සඳහා අනෙකුත් වස්තු මත යැපෙමින් ඉහළ ස්තර වලට ළඟා වෙයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ආලෝකය ලබාගැනීම සඳහා ශාක කඳ දක්වන අනුවර්තන

ශාක අතු බෙඳී ඇති ආකාරය

A

විවිධාකාර ලෙස ශාකවල අතු බෙදීමේ රටා ඇත.

සමහර ශාක අතු බෙදී නැති අතර සමහර ඒවා හොඳින් අතු බෙදී පවතී.

විවිධාකාර ශාක අතු බෙදීමේ රටා නිසා ඒවා තම පාරිසරික නිකේතනවලින් උපරිම ආලෝක ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමට හැඩ ගැසී ඇත.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ආලෝකය ලබාගැනීම සඳහා ශාක පත්‍ර දක්වන අනුවර්තන

පත්‍රයේ ප්‍රමාණය

A

ශාක පත්‍රයේ ප්‍රමාණය එය වැඩෙන පරිසරය අනුව වෙනස් වේ.

වර්ෂා වනාන්තර තුළ වැඩෙන ශාකවලට විශාලතම පත්‍ර ඇත.

ඉතා වියළි හෝ තද ශීත පරිසර වල වැඩෙන ශාකවලට කුඩාම පත්‍ර ඇත.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ආලෝකය ලබාගැනීම සඳහා ශාක පත්‍ර දක්වන අනුවර්තන

පත්‍ර වින්‍යාසය

A

කඳ මත පත්‍ර සැකසී ඇති ආකාරය පත්‍ර වින්‍යාසයයි.

කඳ මත ඇති ගැටයකට (පර්වයකට) පත්‍ර එකක්, දෙකක් හෝ කීපයක් සවිවී ඇත.

පත්‍ර වින්‍යාසය මඟින් උපරිම ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීමට හැඩ ගැසී තිබේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ආලෝකය ලබාගැනීම සඳහා ශාක පත්‍ර දක්වන අනුවර්තන

පත්‍ර දිශානතිය

A

පත්‍ර තිරස්ව සකස් විය හැකිය.

එවිට අඩු ආලෝක තත්ත්ව යටතේ වුවද ඒවා කාර්යක්ෂමව ආලෝකය ග්‍රහණය කරයි.

සමහර ශාකවල සිරස්ව සැකසුණු පත්‍ර පිහිටයි. උදා : තෘණ

මෙලෙස පත්‍ර සැකසී ඇත්තේ තීව්‍ර ආලෝකයට නිරාවරණය වීමෙන් පත්‍ර තලයට සිදුවිය හැකි හානිය මඟ හරවා ගැනීමටය. එනම් පත්‍ර ආසන්න වශයෙන් සිරස්ව තිබීමෙන් පත්‍ර තලයට ආලෝක කිරණ සමාන්තරව පතිත වීමෙන් වැඩිපුර ආලෝකය පත්‍ර මතට නොලැබේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

දර්ශීය ද්වීබීජපත්‍රී පත්‍රය

අපිචර්මය

A
  1. පිටතින්ම පිහිටනුයේ අපිචර්මයයි.
  2. අපිචර්මය සාමාන්‍යයෙන් තනි සෛල ස්තරයකි. එම සෛල පැතලිය සජීවීය.
  3. ඉහළින් උඩු අපිචර්මය හා පහළින් යටි අපිචර්මය පිහිටයි.
  4. උඩු හා යටි අපිචර්මයේ පිහිටන පූටිකා හරහා වායු හුවමාරුව සිදුවෙයි.
  5. ද්වීබීජපත්‍රී ශාක වල යටි අපිචර්මයේ පූටිකා සංඛ්‍යාව අධිකය. උඩු අපිචර්මයේ පූටිකා සංඛ්‍යාව අඩුය.
  6. සාමාන්‍ය අපිචර්මීය සෛල වල හරිතලව නැත. පාලක සෛල තුළ හරිතලව ඇත.
  7. උඩු හා යටි අපිචර්ම වල බාහිර කියුටීනමය උච්චර්මයක් ඇත.
    https: //i.imgur.com/ZJXdVOL.gif
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

දර්ශීය ද්වීබීජපත්‍රී පත්‍රය

පත්‍ර මධ්‍ය

A
  • උඩු හා යටි අපිචර්මය අතර පිහිටන පූරක පටකය පත්‍ර මධ්‍යය නම් වේ. එහි ප්‍රභාසංශ්ලේෂණයට විශේෂණය වූ මෘදුස්තර ඇත.
  • පත්‍ර මධ්‍ය සෑදී ඇත්තේ සෛල වර්ග දෙකකිනි.
  1. ඉනි මෘදුස්තර සෛල
    • දිගැටි සෛල වේ. සිරස් ලෙස ලඟ ලඟ ඇසිරී ඇත.
    • අන්තර්සෛලීය අවකාශ ඇත.
    • සෛල ස්තර එකක් හෝ කිහිපයකි.
    • උඩු අපිචර්මයට වහාම පහළින් පත්‍රයේ ඉහළ කොටසේ පිහිටයි.
    • හරිතලව බහුලය.
  2. සවිවර මෘදුස්තර සෛල
    • ඉනි මෘදුස්තර ස්තරය හා යටි අපිචර්මය අතර පිහිටයි.
    • ලිහිල්ව ඇසිරුණු සෛල ඇත.
    • අන්තර්සෛලීය අවකාශ බහුලය.
    • අඩංගු හරිතලව සංඛ්‍යාව ඉනි සෛල වලට වඩා අඩුය.
    • පූටිකා වලට වහාම ඇතුලතින් මෘදුස්තර අතර ඇති කුටීරය අධඃපූටිකා කුටීරය නම් වේ.
      https: //i.imgur.com/ZJXdVOL.gif
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

දර්ශීය ද්වීබීජපත්‍රී පත්‍රය

සනාල පටක

A
  1. පත්‍රයේ නාරටි තුළ සනාල පට අඩංගුය.
  2. පත්‍රයේ සනාල පටකය කඳේ සනාල පටකය හා සම්බන්ධය.
  3. පත්‍ර මධ්‍ය ප්‍රදේශයේදී නාරටි අතිශයින් ශාඛනය වී ජාලයක් සාදයි.
  4. නාරටිය තුළ ශෛලම හා ප්ලෝයම අඩංගුය.
  5. සෑම නාරටියක්ම කලාප කොපු සෛල ස්තරයකින් ආවරණය වී ආරක්ෂා වී පවතී.
    එය කලාප කොපුව නම් වේ.
  6. නාරටි ජාලාභ නාරටි වින්‍යාසය පෙන්වයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

දර්ශීය ද්වීබීජපත්‍රී පත්‍රය;

රූප සටහන

A

https://i.imgur.com/Wd8Ebix.png

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

දර්ශීය ඒකබීජ පත්‍රී පත්‍රය

A
  1. සම ද්වීපාර්ශ්වීය පත්‍ර වේ. උඩු හා යටි පැති සමාන ව්‍යූහ දරයි.
  2. උඩු අපිචර්මයේ හා යටි අපිචර්මයේ අඩංගු පූටිකා සංඛ්‍යාව සමානය.
  3. උච්චර්මය, උඩු හා යටි අපිචර්ම, ද්වීබීජ පත්‍රී පත්‍ර වලට සමානය.
  4. පත්‍ර මධ්‍ය, ඉනි මෘදුස්තර හා සවිවර මෘදුස්තර ලෙස විභේදනය වී නැත. පොදුවේ පත්‍ර මධ්‍ය සෛල ලෙස හැඳින්වේ.
  5. පත්‍ර මධ්‍ය සෛලවල හරිතලව බහුලය.
  6. අන්තර්සෛලීය අවකාශද බහුලය.
  7. නාරටි සමාන්තර වින්‍යාසය පෙන්වයි.
  8. තෘණ ශාක වල පූටිකා පාලක සෛල ඩම්බෙල් හැඩැතිය.
    පොල්, තල් වැනි ශාක වල පූටිකා වෘක්කාකාර හැඩැතිය.
  9. සමහර ශාකවල අපිචර්මයේ බුද්බුදාකාර සෛල ඇත. එමඟින් පත්‍ර රෝල් වීමේ හැකියාව ඇත.
    https://i.imgur.com/Ii1s48a.png
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ද්වීබීජ පත්‍රී හා ඒකබීජ පත්‍රී ව්‍යූහ අතර වෙනස්කම් මොනවාද?

A
  1. ද්වීබීජපත්‍රී පත්‍ර බහුලවම වෘන්ත සහිතය. ඒකබීජපත්‍රී පත්‍ර නිර්වෘන්තය.
  2. ද්වීබීජපත්‍රී පත්‍ර පැතලි පළල් පත්‍ර වේ. ඒකබීජපත්‍රී පත්‍ර පැතලි රේඛීය පත්‍ර වේ.
  3. ද්වීබීජපත්‍රී පත්‍ර ජාලාකාර නාරටි වින්‍යාසය දරයි. ඒකබීජපත්‍රී පත්‍ර සමාන්තර නාරටි වින්‍යාසය දරයි.
  4. ද්වීබීජපත්‍රී පත්‍ර වල පත්‍ර මධ්‍යය ඉනි හා සවිවර මෘදුස්තර ලෙස විභේදිතය. ඒකබීජපත්‍රී පත්‍රවල පත්‍ර මධ්‍යය විභේදනය වී නැත.
  5. ද්වීබීජපත්‍රීපත්‍රවල උඩු අපිචර්මයේ පූටිකා අඩුය. යටි අපිචර්මයේ පූටිකා වැඩිය.
    ඒකබීජපත්‍රී පත්‍ර වල උඩු හා යටි අපිචර්මවල පුටිකා සමාන ප්‍රමාණ වලින් ඇත.
  6. ද්වීබිජපත්‍රී පත්‍රවල පූටිකා පාලක සෛල වෘක්කාකාර හැඩ වේ. ඒකබීජපත්‍රී සමහර ශාකවල පූටිකා සෛල වෘක්කාකාර වන අතර තෘණවල ඩම්බෙල් හැඩ වේ.
  7. ද්වීබීජපත්‍රී පත්‍රවල පත්‍ර පාදය කොපුවක් නොසාදයි. ඒකබීජපත්‍රී පත්‍රවල පත්‍ර පාදය කඳ වටා පත්‍ර කොපුවක් සාදයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

පූටිකාවක් යනු කුමක්ද?

A

විවෘත වීමට හා වැසීමට හැකියාව ඇති, ශාක පත්‍ර හා කඳන්වල අපිචර්මයේ පිහිටන පාලක සෛල යුගලකින් වටවූ අන්වීක්ෂීය සිදුරු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

පූටිකාවක ව්‍යූහය

පූටිකා යනු

A

පූටිකා යනු ශාක කඳන් හා පත්‍ර වල අපිචර්මයේ දක්නට ලැබෙන වැසීමට හා විවෘත වීමට හැකියාව ඇති සිදුරු විශේෂයකි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

පූටිකාවක ව්‍යූහය

පාලක සෛල

A
  1. මේ සිදුර පාලක සෛල ලෙස හඳුන්වනු ලබන විකරණය වූ අපිචර්මීය සෛල දෙකකින් වට වී පවතී.
  2. එම පාලක සෛල විශේෂ හැඩයක් දරයි. සපුෂ්ප ශාකවල පාලක සෛල දර්ශීය වශයෙන් බෝංචි බීජ හැඩයක් ගනී.
    සමහර ඒකබීජපත්‍රී ශාකපත්‍ර වල පාලක සෛල ඩම්බෙල් හැඩ වේ. උදා : තෘණ කුලය
  3. හරිතලව දරන එකම අපිචර්මීය සෛල වර්ගයද පාලක සෛල වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

පූටිකාවක ව්‍යූහය

පාලක සෛලවල ව්‍යූහික අනුවර්තන

A
  1. පාලක සෛලවල විශේෂිත ලක්ෂණය වන්නේ ශුනතාවයේ වෙනස්වීම මත එකිනෙක ලංවීම හා ඈත් වීම මඟින් පූටිකා විවරයේ තරම වෙනස් කළ හැකිවීමයි.
  2. ඒ සඳහා ව්‍යූහික අනුවර්තන පාලක සෛල තුළ ඇත.
  3. පාලක සෛල දෙකේ දෙකෙළවර එකිනෙක තඳින් බැඳී ඇත.
  4. පාලක සෛලවල බිත්ති අසමාකාර ලෙස සෙලියුලෝස්වලින් ඝන වී ඇත.
  5. මෙහි ඇතුළත සෙලියුලෝස් බිත්තිය, පිටත බිත්තියට වඩා ඝනකමින් වැඩි අතර, ප්‍රත්‍යාස්ථ බවෙන් අඩුය.
  6. පාලක සෛල වටා සෙලියුලෝස් ක්ෂුද්‍ර කෙඳිති අරීය ආකාරයට සැකසී අප්‍රත්‍යස්ථ වළලු සාදයි. මෙය සෙලියුලෝස් අරීය ඝන වීම නම් වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

පූටිකාවක ව්‍යූහය

පාලක සෛලවල කාර්යය

A

පාලක සෛල තම හැඩය වෙනස් කරමින් පූටිකා සිදුරේ විෂ්කම්භය පාලනය කරන අතර, පරතරය පළල් හෝ පටු කරයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

පූටිකාවක ව්‍යූහය;

රූප සටහන්

A

https: //i.imgur.com/ZnQ85qJ.png
https: //i.imgur.com/pdSSnYT.png

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

ශාක වල වායු හුවමාරුව සිදුවන්නේ කුමන ව්‍යූහ හරහාද?

A
  1. පූටිකා හරහා
  2. වා සිදුරු හරහා
  3. උච්චර්මය හරහා
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

විසරණය මඟින් වායු හුවමාරුව සිදුකිරීම සඳහා ශාක වල ඇති අනුවර්තන මොනවාද?

A

නිදහසේ වායු විසරනයට හැකිවන පරිදි පටක තුළ අන්තර් සෛලීය අවකාශ බහුල වීම.

ශ්වසනය සිදු කරන සෛල, පෘෂ්ඨයට ආසන්නව පිහිටීම.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

පූටිකා විවෘත වීමේ හා වැසීමේ යන්ත්‍රණය

විවෘත වීම

A
  1. පූටිකා පාලක සෛල තුළට ආස්‍රැතිය මඟින් ජලය ඇතුළු වීමේදී පාලක සෛල තුළ ශුනතාවය වැඩිවේ.
  2. මේ නිසා පාලක සෛල ප්‍රසාරණයට ලක්වේ.
  3. නමුත් ඒවා සියළු දිශාවලට ඒකාකාරී ලෙස ප්‍රසාරණය නොවේ.
  4. සාපේක්ෂව අප්‍රත්‍යාස්ථ ඝන ඇතුලත සෛල බිත්ති නැමී පාලක සෛල දෙක එකිනෙකින් ඈත් වේ.
  5. නමුත් දෙකෙළවරවල් තදින් එකිනෙක බැඳී පවතී මෙහි ප්‍රතිඵලයක් ලෙස පූටිකා විවරය විශාල වේ. පූටිකාව විවෘත වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

පූටිකා විවෘත වීමේ හා වැසීමේ යන්ත්‍රණය

වැසීම.

A
  1. පාලක සෛල තුළින් ජලය ඉවත් වුව හොත් එම සෛලවල ශුනතාව අඩු වේ.
  2. එවිට ඇතුළත බිත්තිවල වක්‍රතාව අඩුවී හෝ කෙළින් වී පූටිකා සිදුරු වැසී යයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

පූටිකා විවෘත වීමේ හා වැසීමේ යන්ත්‍රණය

K+ ස්‍යන්දය ;

පූටිකා විවෘත වීම

A
  1. දිවාකාලයේ ප්‍රභාසංස්ලේෂණය ඇරඹීමත් සමඟම පාලක සෛල වල කාබන්ඩයොක්සයිඩ් වැයවන නිසා pH වැඩි වේ.
  2. එවිට පාලක සෛල මඟින් යාබද අපිචර්මීය සෛල වලින් සක්‍රීයව K+ ලබා ගනී.
  3. මැලේට්, Cl- වැනි අයනද ලබාගනී.
  4. මේ නිසා පාලක සෛල වල ද්‍රාව්‍ය විභවය වැඩි වේ.
  5. එනිසා පාලක සෛල තුළ ජල විභවය අඩුවේ.
  6. ඇතිවන ජලවිභව අනුක්‍රමනය ඔස්සේ යාබද අපිචර්මීය සෛල වල සිට පාලක සෛල තුළට ආස්‍රැතිය මඟින් ජලය ඇතුළු වේ.
  7. මෙහි ප්‍රථිඵලය ලෙස පාලක සෛල ශුන වේ. ශුනතා පීඩනය වැඩිවේ.
  8. පාලක සෛල යුගල එකිනෙක ඈත්වේ.
  9. පූටිකාව විවෘත වේ.
  10. සක්‍රියව K+ ලබාගැනීමට අවශ්‍ය ATP පාලක සෛල තුළ හරිතලව වල ප්‍රභාසංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන පරිවහනයේදී නිපද වේ.
23
Q

පූටිකා විවෘත වීමේ හා වැසීමේ යන්ත්‍රණය

K+ ස්‍යන්දය ;

පූටිකා වැසීම

A
  1. අඳුර වැටීමේදී පාලක සෛල වල සිට K+ අයන සක්‍රීයව යාබද අපිචර්මීය සෛල තුළට ගමන් කරයි.
  2. අනෙකුත් අයනද ඉවත් වේ.
  3. පාලක සෛල තුළ ද්‍රාව්‍ය විභවය අඩුවේ. ජල විභවය වැඩිවේ.
  4. ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ ජලය බාහිරාස්‍රැතියෙන් පාලක සෛලවල සිට යාබද අපිචර්මීය සෛල තුළට ගමන් කරයි.
  5. පාලක සෛල වල ශුනතා පීඩනය අඩුවේ.
  6. පාලක සෛල දෙක එකිනෙක ලංවේ.
  7. පූටිකාව වැසේ.
24
Q

පූටිකා විවෘත වීමේ හා වැසීමේ යන්ත්‍රණය

වියළි තත්ත්ව යටතේ පූටිකා වැසීමේ ක්‍රියාවට ඇබ්සිසික් අම්ලයේ දායකත්වය

A
  1. පසේ ජලය ඌන විට ඊට ප්‍රතිචාර ලෙස ශාක මුල්වල සහ පත්‍ර වල ඇබ්සිසික් අම්ලය නිපදවේ.
  2. මුල්වල නිපදවූ ඇබ්සිසික් අම්ලය ශෛලම් පටකය ඔස්සේ ඉහළට ගමන් කරයි.
  3. අවසානයේ ඇබ්සිසික් අම්ලය පාලක සෛල තුළට ඇතුල් වේ.
  4. එමඟින් පාලක සෛල වලින් K+ පිටවීමට සලස්වා, පූටිකා වැසීමට ක්‍රියාකරයි.
  5. මෙමඟින් ශාක මැලවීම වළක්වයි.
25
පූටිකා ක්‍රියාකාරීත්වයට බලපාන සාධක මොනවාද?
1. දිවාකාලයේ පූටිකා විවෘත වන අතර, බොහෝ විට රාත්‍රී කාලයට වැසී යයි. ආලෝකය පාලක සෛල තුළ K+ එක් රැස් වීම උත්තේජනය කරනු ලබයි. 2. අධඃපූටිකා කුටීරය තුළ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු වීම නිසා පූටිකා විවෘත වෙයි. 3. පාලක සෛලවල අභ්‍යන්තර ඝටිකාව මඟින් පූටිකා සිදුරු විවෘත වීමේ හා වැසීමේ දෛනික රිද්මය පාලනය කරනු ලබයි. 4. නියඟය, අධික උෂ්ණත්වය සහ සුළං වැනි පාරිසරික ආතති තත්ත්ව මඟින් දිවා කාලය තුළ පූටිකා වැසී යාම සිදු කෙරේ.
26
වා සිදුරු යනු මොනවාද?
1. ද්විතියික වර්ධනය සිදු වූ කඳන් හා මුල් වල, පරිචර්මයේ පිහිටන, විවරයේ තරම පාලනය කළ නොහැකි, අන්වීක්ෂීය හෝ මහේක්ෂීය සිදුරු. 2. වල්ක කැම්බියමෙන් පිටතට ලිහිල්ව බැඳුණු අනුපූරක සෛල නිපදවයි. 3. ඒවා හරහා වායු ගෝලය හා ශාක අභ්‍යන්තරය අතර ශ්වසන වායු හුවමාරුව සිදු වේ. 4. සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ O2 ලබාගැනීම හා CO2 පිටකිරීම සිදු වේ.
27
වා සිදුරු හා පූටිකා අතර වෙනස්කම් මොනවාද?
1. පූටිකා අපිචර්මයේ පිහිටයි. වා සිදුරු පරිචර්මයේ පිහිටයි. 2. පූටිකා පාලක සෛල යුගලකින් සෑදී ඇත. වා සිදුරු අනුපූරක සෛල රැසකින් සෑදී ඇත. 3. පූටිකාවල විවරයේ තරම පාලනය කල හැක. වා සිදුරු වල විවරයේ තරම පාලනය කළ නොහැක. 4. පූටිකා අන්වීක්ෂීයයි. වා සිදුරු අන්වීක්ෂීය හෝ මහේක්ෂීය වෙයි. 5. පූටිකා සෑදීම ප්‍රාථමික වර්ධනයේ ප්‍රතිඵලයකි. වා සිදුරු සෑදීම ද්විතීක වර්ධනයේ ප්‍රතිඵලයකි. 6. පූටිකා බොහෝ භෞමික/මධ්‍ය ශාක වල පමණක් ඇත. වා සිදුරු සමහර ශාක වල පමණ ඇත.
28
සක්‍රීය පරිවහනය යනු කුමක්ද?
ATP ලෙස පරිවෘත්තීය ශක්තිය වැය කරමින් පටල හරහා සිදුවන පරිවහනය
29
අක්‍රීය පරිවහනය යනු කුමක්ද?
ATP ලෙස පරිවෘත්තීය ශක්තිය වැය නොකොට සිදුවන පරිවහනය. | මෙය ස්වයංසිද්ධ ක්‍රියාවලියකි.
30
විසරණය යනු කුමක්ද?
1. වෙනත් කිසිදු බාහිර බලයක් භාවිතා නොකරමින් ද්‍රව්‍ය අණුවල සිදුවන අහඹු චලනය හේතුවෙන්, එහි සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට සාන්ද්‍රණය අඩු ස්ථානයක් කරා අණු චලනය වීම විසරණය ලෙස හඳුන්වයි. 2. අණු නිරතුරුවම චලනය වෙමින් පැවතීම හේතුවෙන් අණුවලට තාප ශක්තිය නම් ශක්තියක් පවතී. මේ චලනයේ ප්‍රතිඵලයක් ලෙස අණුවල විසරණය සිදුවේ. 3. අණු අහඹු ලෙස චලනය වූවද විසරණය මඟින් අණු සමූහයක චලනය දිශානතියක් ඇතිව සිදුවේ. 4. විසරණය ස්වයංසිද්ධව, පරිවෘත්තී ශක්තිය (ATP) භාවිත නොකරමින්, සාණ්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ සිදු වෙයි. 5. විසරණය පටල හරහා ද සිදු විය හැකි ය. එසේ වන්නේ ගම කරන අණු සඳහා එම පටලය පාරගම්‍ය වන්නේ නම් පමණි. 6. උදා : - ජලය සහ ජල ද්‍රාවී සං‍යෝග සෙලියුලෝස් සෛල බිත්තිය හරහා විසරණය වේ. - ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් ප්ලාස්ම පටලය හරහා විසරණය වේ.
31
ආස්‍රැතිය යනු කුමක්ද?
1. වරණීය පාරගම්‍ය පටලයක් හරහා නිදහස් ජල අණු විසරණය වීම ආස්‍රැතිය ලෙස හඳුන්වයි. 2. නිදහස් ජල අණු යනු ද්‍රාව්‍ය අණුවලට හෝ පෘෂ්ඨයට බැඳී නැති අණු ය. 3. ආස්‍රැතිය විශේෂ විසරණ ක්‍රමයකි. 4. උදා : එක් සෛලයක සිට යාබද සෛලයකට ජලය ගමන් කිරීම.
32
නිපානය යනු කුමක්ද?
ජල කාමී ද්‍රව්‍ය මඟින් ජල අණු භෞතිකව අධිශෝෂණය කර ගැනීම නිපානය ලෙස හඳුන්වයි. උදා : ජල අණු සෙලියුලෝස් සෛල බිත්ති මඟින් අධිසෝෂණය කිරීම.
33
බීජ ප්‍රරෝහනයේදී වියළි බීජ ජලය අවශෝෂණය කරන්නේ කෙසේද?
බීජ ප්‍රරෝහණයේදී වියළි බීජ මුලින්ම නිපානයෙන්ද පසුව ආස්‍රැතියෙන්ද ජලය අවශෝෂණය කරයි.
34
පහසු කළ විසරණය යනු කුමක්ද?
1. ජලය හා ජලකාමී ද්‍රාව්‍ය, පටලයක් හරහා පිහිටා ඇති පරිවාරක ප්‍රෝටීන අණුවල ආධාරයෙන් අක්‍රීයව පටලය හරහා ගමන් කිරීම පහසුකළ විසරණය නම් වේ. 2. එම පරිවාරක ප්‍රෝටීන ඉතා විශේෂ වේ. එනම් ඒවා මඟින් ඇතැම් ද්‍රව්‍ය පරිවහනය කරනු ලබන අතර, ඇතැම් ද්‍රව්‍ය පරිවහනය නොකරනු ලබයි. 3. මෙහිදී සිදුවන පරිවහනයද සාන්ද්‍රණ අනුක්‍රමණය ඔස්සේ සිදු වෙයි. 4. මෙය අක්‍රීය පරිවහනයකි. 5. මෙය කෙටි දුර පරිවහන ක්‍රමයක් වේ.
35
තොග ප්‍රවාහය යනු කුමක්ද?
1. පීඩන අනුක්‍රමණයක් ඔස්සේ ද්‍රව හා ද්‍රාව්‍ය අංශු ද සමඟ (සම්පූර්ණ ද්‍රාවණයම) එක් දිශාවකට ගමන් කිරීම තොග ප්‍රවාහයයි. 2. මෙහි දී සැම විට ම පීඩනය වැඩි ස්ථානයක සිට අඩු පීඩනයක් ඇති ස්ථානයකට ද්‍රව්‍ය පරිවහනය සිදු වෙයි. 3. මෙය දිගු දුරකට ද්‍රව්‍ය පරිවහනය කරන් ක්‍රමයකි. 4. මෙය පටලයක් හරහා සිදු නොවෙයි. 5. මේ පරිවහනය විසරණයට වඩා වැඩි වේගයකින් සිදු වේ. 6. මේ පරිවහන ක්‍රමය, ද්‍රාව්‍ය සාන්ද්‍රණ අනුක්‍රමණයෙන් ස්වාධීනව සිදු වේ. 7. උදා : ප්ලෝයම් පරිසංක්‍රමණය
36
ජල විභවය යනු කුමක්ද?
1. ජලය ගමන් කරන දිශාව තීරණය කරනු ලබන, ද්‍රාව්‍ය සාන්ද්‍රණය සහ යොදනු ලබන පීඩනය මඟින් පාලනය වන භෞතික ගුණාංගයක් ජල විභවය ලෙස හැඳින්වේ. 2. ජල විභවය ජල අණු වල විභව ශක්තිය හා සම්බන්ධ මිනුමකි. 3. ජලය සහිත ඕනෑම පද්ධතියක ජල විභවයක් පවතී. 4. ජල ගමනට බාධකයක් නොපවතීනම් ජල විභවය වැඩි ස්ථානයක සිට ජල විභවය අඩු ස්ථානයකට නිදහස් ජල අණු ගමන් කරයි. 5. ජල විභවය ψ මඟින් සංකේතවත් කරයි.
37
ආසන්න වශයෙන් සම්මත තත්ත්ව යටතේ භාජනයක ඇති වායුගෝලයට නිරාවරණය වූ සංශුද්ධ ජලයේ ජල විභවය කොපමණද?
0 MPa
38
ජල විභවය නිරූපනය කරන සමීකරණය කුමක්ද?
ψ = ψ(s) + ψ(p) ජල විභවය = ψ ද්‍රාව්‍ය විභවය = ψ(s) පීඩන විභවය = ψ(p)
39
ජල විභවය සඳහා බලපාන සාධක මොනවාද?
1. ද්‍රාව්‍ය සාන්ද්‍රණය 2. පීඩනය 3. උෂ්ණත්වය 4. ජලකාමී ද්‍රව්‍ය
40
# ජල විභවය සඳහා බලපාන සාධක ද්‍රාව්‍ය සාන්ද්‍රණය
ද්‍රාව්‍ය සාන්ද්‍රනය වැඩිවන විට ජල විභවය අඩුවේ. හේතුව : ජල අණු හා ද්‍රාව්‍ය අණු අතර අන්තර් අණුක ආකර්ෂණ ඇති වීම. එමඟින් ජල අණු වල ශක්තිය අඩු වේ.
41
# ජල විභවය සඳහා බලපාන සාධක පීඩනය
පීඩනය වැඩිවන විට ජල විභවය වැඩි වේ. හේතුව : පීඩනය යනු බලයකි. බලයක් මඟින් ශක්තිය ඇතිවේ. ශක්තිය වැඩි විට ජල විභවය අධිකය.
42
# ජල විභවය සඳහා බලපාන සාධක උෂ්ණත්වය
උෂ්ණත්වය වැඩි විට ජල විභවය වැඩිය. හේතුව : ජල අණුවල ශක්තිය වැඩිවීම.
43
# ජල විභවය සඳහා බලපාන සාධක ජලකාමී ද්‍රව්‍ය
ජලකාමී ද්‍රව්‍ය වැඩි විට ජල විභවය අඩු ය. හේතුව : ජල අණු ඒවාට බැඳේ එවිට චලනය වීමේ හැකියාව අඩුවේ.
44
ද්‍රාව්‍ය විභවය යනු කුමක්ද?
1. අඩංගු ද්‍රාව්‍ය නිසා ජල විභවයට ඇතිවන බලපෑම එනම් අඩු වන ජල විභව ප්‍රමාණය. 2. ද්‍රාව්‍ය විභවය ද්‍රාවණයක මවුලිකතාවට අනුලෝමව සමානුපාතික වේ. 3. සංශුද්ධ ජලයේ ජල විභවය 0 MPa වේ. ද්‍රාව්‍ය දිය කරන විට ජලාණු එම ද්‍රාව්‍ය අණු සමඟ බැඳීමෙන් නිදහස් ජල අණු ප්‍රමාණය අඩු වීමෙන් ජලයේ චලනය සහ කාර්යය කිරීමේ හැකියාවද අඩු කරයි. 4. මෙලෙස ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩිවන විට ජල විභවය කෙරෙහි ඍණ බලපෑමක් ඇතිවේ. 5. එ නිසා හැම විට ම ψ(s) ඍණ අගයක් ලෙස ප්‍රකාශ කරයි. 6. ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩිවත් ම එය වඩාත් ඍණ අගයක් ගනී.
45
පීඩන විභවය යනු කුමක්ද?
1. ද්‍රාවණයක් මත යෙදෙන භෞතික පීඩනය පීඩන විභවය නම් වේ. 2. වායුගෝලීය පීඩනයට සාපේක්ෂව ධන හෝ ඍණ අගයක් ගනී. 3. උදා : ශෛලම වාහිනීවල ψ(p) සාමාන්‍යයෙන් -2MPa ට වඩා අඩුය. එයට හේතුව ශෛලම වාහිනී ආතතියක් (ඍණ පීඩනයක්) යටතේ පැවතීමය. 4. සජීවී සෛල ආස්‍රැතිය මඟින් අවශෝෂණය කරගනු ලබන නිසා එම සෛල තුළ හැම විටම ධන පීඩනයක් පවතී. එනිසා ඒවායේ ψ(p) ධන අගයක් ගනී. 5. සෛලයක අන්තර්ගතය මඟින් ප්ලාස්ම පටලය සෛල බිත්තිය මතට තෙරපීමක් ඇති කරයි. එවිට ප්‍රාක්ප්ලාස්මය ප්‍රතිවිරුද්ධ දෙසට තෙරපවයි. ඒ හේතුවෙන් ශුනතා පීඩනය ලෙස හැඳින්වෙන පීඩනයක් ඇති වේ. 6. මේ ශුනතා පීඩනය වැඩිවත්ම සෛලයේ ජල විභවයද වැඩිවේ. 7. ද්‍රාවණයකට සාමාන්‍යයෙන් පීඩන විභවයක් නැත. (පීඩනයක් නොයෙදෙන බැවින්)
46
උපරි අභිසාරක ද්‍රාවණයක් යනු කුමක්ද?
සෛලයේ ජල විභවයට සාපේක්ෂව අඩු ජල විභවයක් සහිත ද්‍රාවණයක්
47
සෛලයක් උපරි අභිසාරක ද්‍රාවණයක ගිල්වූ විට කුමක් සිදු වේද?
1. බාහිරාස්‍රැතිය සිදුවේ. 2. සෛලයේ ශුනතාව අඩු වී විශුන වේ. 3. අවසානයේ සමතුලිත වේ. 4. එවිට සෛලය විශුනය. 5. ψ(p) = 0 කි. 6. ψ(w) = ψ(s) වේ.
48
උප අභිසාරක ද්‍රාවණයක් යනු කුමක්ද?
සෛලයේ ජල විභවයට සාපේක්ෂව වැඩි ජල විභවයක් සහිත ද්‍රාවණයක්
49
සෛලයක් උප අභිසාරක ද්‍රාවණයක ගිල්වූ විට කුමක් සිදුවේද?
1. අන්තරාස්‍රැතිය සිදුවේ. 2. සෛලය තවදුරටත් ශුන වේ. 3. අවසානයේ සමතුලිත වේ. 4. එවිට සෛලය ශුන ය. 5. ψ(p) ධන අගයකි. 6. ψ = ψ(s) + ψ(p)
50
සමාභිසාරක ද්‍රාවණයක් යනු කුමක්ද?
සෛලයේ ජල විභවයට සමාන ජල විභවයක් සහිත ද්‍රාවණ
51
සෛලයක් සමාභිසාරික ද්‍රාවණයක ගිල්වූ විට කුමක් සිදුවේද?
1. අන්තරාස්‍රැතිය හෝ බාහිරාස්‍රැතිය සිදු නොවේ. 2. සමාන ජල අණු ප්‍රමාණයක් එහා මෙහා යයි. 3. ආරම්භයේ සිටම සමතුලිතය. 4. සෛලය ආරම්භයේ සිට තිබූ තත්වයේම පවතී.
52
විශුනතාව යනු කුමක්ද?
සෛලයකින් ජලය පිටවී ප්‍රාක් ප්ලාස්ටය සෛල බිත්තියෙන් වෙන්වී අභ්‍යන්තරයට හැකිලී යාම.
53
ආරම්භක විශුනතාව යනු කුමක්ද?
සෛලයක් බාහිරාස්‍රැතියට ලක්වීමේ දී ප්‍රාක් ප්ලාස්ටය සෛල බිත්තියෙන් වෙන්වීම ඇරඹෙන මොහොත. එනම් ψ(p) = 0 වන මොහොත. මෙහිදී ψ(p) = 0 නිසා ψ = ψ(s)