ඇනිමාලියා රාජධානිය Flashcards
(141 cards)
ඇනිමාලියා රාජධානියට අයත් ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද?
- සූන්‍යෂ්ටික ය
- බහුසෛලිකය
- රසායනික විෂමපෝෂීන් වේ. - ඔවුහු ආහාර අධිග්‍රහණය කරන අතර, එන්සයිම ආධාරයෙන් ඒවා ජීර්ණය කරති.
- පටක විභේදිතය.
- කලල සාදයි.
- සෛල බිත්ති නොදරයි.
- සංචිත ආහාර ග්ලයිකෝජන් හා තෙල්/මේද වේ.
- බොහෝ සාමාජිකයන් ලිංගික ප්‍රජනනය දරයි.
- අරීය හෝ ද්වීපාර්ශ්විය සමමිතිකය.
සමමිතිය යනු කුමක්ද?
දේහයේ මධ්‍ය අන්වායාම අක්ෂය ඔස්සේ බාහිරින් සමමිතික අර්ධ 2 ක් ලබාගත හැකි අක්ෂ එකක් හෝ කීපයක් සහිත වීම.
අරීය සමමිතිය යනු කුමක්ද?
දේහයේ මධ්‍ය අන්වායාම අක්ෂය ඔස්සේ සමමිතික භාග 2ක් ලබා ගත හැකි තල එකකට වඩා තිබීම.
උදා : Sea animani
ද්වීපාර්ශ්වීය සමමිතිය යනු කුමක්ද?
දේහයේ මධ්‍ය අන්වායාම අක්ෂය ඔස්සේ එක් තලයකින් පමණක් සමමිතික භාග දෙකකට වෙන්කළ හැකි වීම.
උදා : මිනිසා
ද්වී ප්‍රස්තරික ජීවීන් යනු කවුරුන්ද?
බහිෂ්චර්මය හා අන්තශ්චර්මය යන ප්‍රස්තර දෙකෙන් පමණක් දේහය සෑදී ඇති ජීවීන්
ත්‍රිප්‍රස්තරික ජිවීන් යනු කවුරුන්ද ?
බහිෂ්චර්මය, මධ්‍යචර්මය හා අන්තශ්චර්මය යන ජනක ප්‍රස්තර තුනෙන්ම දේහය සෑදී ඇති ජීවීන්
දේහ කුහරය යනු කුමක්ද?
බහුසෛලික ත්‍රිප්‍රස්තරික සතුන්ගේ ආහාර මාර්ග (අන්තශ්චර්මය) හා දේහ බිත්තිය (බහිෂ්චර්මය) අතර පිහිටන කුහරය.
අසීලෝමික බව යනු කුමක්ද?
බහුසෛලික, ත්‍රිප්‍රස්තරික සතුන්ගේ ආහාර මාර්ග බිත්තිය/අන්තස්චර්මය හා දේහ බිත්තිය/බහිෂ්චර්මය අතර කුහරයක් නොමැති වීම.
එම ප්‍රදේශය මධ්‍ය චර්මයෙන් සම්භවය වූ මැදි පිරවුම් පටකයකින් පිරී ඇත.
අවයව එම සෛල අතර පිහිටයි.
ව්‍යාජ සීලෝමික දේහ කුහරයක් යනු කුමක්ද?
බහුසෛලික ත්‍රිප්‍රස්තරික සතුන්ගේ දේහ බිත්තිය/බහිෂ්චර්මය හා ආහාරමාර්ග බිත්තිය/අන්තශ්චර්මය අතර අසම්පූර්ණ ලෙස මධ්‍ය චර්මයෙන් ආස්තරනය වූ දේහ කුහරය.
මෙම කුහරය තුළ පිරී ඇති තරලය “ව්‍යාජ සීලෝමික තරලය” නම් වේ.
අවයව එහි අවලම්බනය වී ඇත.
සීලෝමික දේහ කුහරයක් යනු කුමක්ද?
බහුසෛලික, ත්‍රිප්‍රස්තරික සතුන්ගේ දේහ බිත්තියත් ආහාර මාර්ග බිත්තියත් අතර මධ්‍යචර්මයෙන් සම්පූර්ණයෙන්ම ආස්තරණය වූ දේහ කුහරය.
එහි පිරී ඇති තරලය සීලෝමික තරලය නම් වේ.
අවයව එහි අවලම්බනය වී ඇත.
රුධිර හෙබක් යනු කුමක්ද?
සීලෝමික තරලය වෙනුවට රුධිරය ඇත.
අවයව රුධිරය තුළ අවලම්බනය වී ඇත.
දේහ කුහරයක් තිබීමේ වැදගත්කම කුමක්ද?
- අවයව තරලයක් තුළ අවලම්බනය වී ඇති නිසා කම්පන වලින් ආරක්ෂාව ලැබීම.
- දේහ චලන වලදී අභ්‍යන්තර අවයව චලනය වීම අවම වීම.
- ද්‍රවස්ථික කංකාලයක් ලෙස ක්‍රියා කිරීම. - සීලෝමිතික තරලය හා දේහ් බිත්තිය එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරමින් ද්‍රවස්ථීතික සැකිල්ලක් සාදයි. සංධාරනයට හා සංචරනයට වැදගත් ය.
- අභ්‍යන්තර අවයව වල නිදහස් වර්ධනයට හා නිදහස් චලනයට ඉඩ ඇත.
- ආහාර මාර්ගයේ චලන බාහිරයට බලපෑමක් නොකිරීම.
ප්‍රෝටොස්ටෝමියා හා ඩියුටෙරොස්ටෝමියාවන් අතර ඇති වෙනස්කම් මොනවාද?
- ප්‍රෝටොස්ටෝමියාවන්ගේ යුක්තානුවේ භේදනය සර්පිලාකාර භේදනයකි.
ඩියුටෙරොස්ටෝමියාවන්ගේ යුක්ක්තානුවේ භේදනය අරීය භේද්නයකි. - ප්‍රෝටොස්ටෝමියාවන්ගේ බ්ලාස්ට ජිද්‍රය මුඛය බවට පත්වේ.
ඩියුටෙරොස්ටෝමියාවන්ගේ බ්ලාස්ට ජිද්‍රය ගුදය බවට පත්වේ. - ප්‍රෝටොස්ටෝමියාවන්ගේ දර්ශීය කීටයා ට්‍රොකොෆෝර් කීටයා වේ.
ඩියුටෙරොස්ටෝමියාවන්ගේ දර්ශිය කීටයා ඩෙප්ලෙයුරුලා කීටයා නම් වේ. - ප්‍රෝටොස්ටෝමියාවන් : Annelida, Mollusca, Arthropoda
ඩියුටෙරොස්ටෝමියාවන් : Echinodermata, Chordata
නිඩාරියා වංශය :
වාසස්ථාන
කරදිය හා ස්වල්පයක් මිරිදිය(බුහුබා ආකාර).
නිඩාරියා වංශය :
උදාහරණ ජීවීන්
- Hydra
- Obelia
- ලොඩියා
- කොරල්
- මුහුදු මල
නිඩාරියා වංශය :
සමමිතිය
අරීය
නිඩාරියා වංශය :
දේහ ප්‍රස්තර ගණන
ද්වීප්‍රස්තරික
නිඩාරියා වංශය :
දේහ කුහරය
අසීලෝමික
නිඩාරියා වංශය :
ඛණ්ඩණය
නැත
නිඩාරියා වංශය :
ශීර්ෂණය
නැත
නිඩාරියා වංශය :
ශ්වසන පද්ධතිය
සරල විසරනය මඟින්
නිඩාරියා වංශය :
ආහාර මාර්ගය
සරල ආමාශ වාහිනී කුහරය
නිඩාරියා වංශය :
සංසරණ පද්ධතිය
සංසරණ පද්ධතියක් නැත.
සරල විසරණය මඟින්
නිඩාරියා වංශය :
සැකිලි පද්ධතිය
සමහර විශේෂ බහිෂ් සැකිලි දරයි. - කොරල්