බැක්ටීරියා අධිරාජධානිය Flashcards
(16 cards)
බැක්ටීරියාවක විශාලත්වය
0.5 μm - 5 μm
බැක්ටීරියා සෛල බිත්ති සංඝටක මොනවාද?
පෙප්ටිඩෝග්ලයිකෑන්
සෛල බිත්තියේ පෙප්ටිඩෝග්ලයිකෑන් ස්ථරයේ ප්‍රමාණය අනුව බැක්ටීරියා ආකාර දෙක මොනවාද?
- ග්‍රෑම් ධන
2. ග්‍රෑම් ඍණ
කැප්සිඩය/ප්‍රාවරය යනු කුමක්ද?
බොහෝ බැක්ටීරියාවල සෛල බිත්තියට පිටතින් පිහිටන පොලිසැකරයිඩ හෝ ප්‍රෝටීන වලින් සෑදුණු ඇලෙන සුළු ව්‍යූහය
කෝෂ්ඨය යනු කුමක්ද?
- ප්‍රාවරය ඝන වී දැඩි වූ විට කෝෂ්ඨය නම් වේ.
- කෝෂ්ඨයක් සහිත බැක්ටීරියා විනාශ කිරීම ඉතා අපහසුය. එනම් ප්‍රතිරෝධීතාව අධිකය.
බැක්ටීරියා චලනය සඳහා උපයෝගී කරගන්නා ව්‍යූහය කුමක්ද?
- බොහෝ දෙනෙක් චලනය සඳහා කශිකා උපයෝගී කරගනී.
- කෂිකා 9+2 ව්‍යූහය නොදරයි.
- සංචරනයට දායක වේ.
- සමහරුන්ට නැත. උදා : කොකුස
බැක්ටීරියා පෙන්වන පෝෂණ ආකාර මොනවාද?
- ප්‍රභා ස්වයංපෝෂී
- ප්‍රභා විෂමපෝෂී
- රසායනික ස්වයංපෝෂී
- රසායනික විෂමපෝෂී
ඔක්සිජන් වලට දක්වන බන්ධුතාව අනුව/පරිවෘත්තීය විවිධත්වය අනුව බැක්ටීරියා ආකාර මොනවාද
- අනිවාර්‍ය ස්වායු
- අනිවාර්‍ය නිර්වායු
- වෛකල්පිත නිර්වායු
- ක්ෂූද්‍ර වාතකාමී
බැක්ටීරියා දක්වන අලිංගික ප්‍රජනන ක්‍රම මොනවාද?
- තීර්යක් ද්වීඛණ්ඩනය මඟින් ප්‍රජනනය කරයි. මෙහිදී ජනිතයන් විශාල සංඛ්‍යාවක් බිහිවේ.
- කොකුසයන් ද්වීඛණ්ඩනය සිදු නොකරයි. අංකුරනය, බීජාණු සෑදීම ආදිය සිදු කරයි.
බැක්ටීරියා දක්වන ලිංගික ප්‍රජනන ක්‍රමය කුමක්ද?
- සංයුග්මනය
- බැක්ටීරියා සෛල දෙකක් ෆිම්බ්‍රියා වලින් බැඳී ෆිලයි මඟින් ප්‍රවේණික ද්‍රව්‍ය හුවමාරු කරගනී. පසුව වෙන්වේ. ඉන්පසු අලිංගිකව ද්වීඛණ්ඩනය කරයි. නව පරම්පරා බිහි කරයි. ප්‍රවේනි විවිධත්වයක් ඇතිවන බැවින් ලිංගික ප්‍රජනන ආකාරයකි.
බැක්ටීරියාවල ඇති ප්‍රභාසංස්ලේෂක වර්ණක මොනවාද?
- බැක්ටීරියෝ ක්ලෝරොෆිල්
- බැක්ටීරියෝ විරිඩින්
ස්වායු බැක්ටීරියාවල ශ්වසනයට දායක වන ව්‍යූහ මොනවාද?
මීසොසෝම
බැක්ටීරියා කාලතරණය කරන්නේ කෙසේද?
- අහිතකර පරිසර තත්ත්ව ළඟා වූ විට එයින් ආරක්ෂාවී සිටීම කාලතරණයයි.
- ඒ සඳහා දායක වන ව්‍යූහ කාලතරණ ඒකක නම් වේ.
- සමහර බැක්ටීරියාවල කාලතරණ ඒකකය අන්තඃබීජාණු/අන්තස්පෝර නම් වේ.
- ඝන බිත්තියක් සහිත දැඩි ප්‍රතිරෝධී සුප්ත ව්‍යූහයකි.
- අහිතකර පරිසර තත්ත්ව පැමිණි විට සෛල ප්ලාස්මය තුළ ගොනුවී ඒ වටා ඝන බිත්තියක් ස්‍රාවය කර ගනී.
- හිතකර පරිසර තත්ත්ව පැමිණි කළ ප්‍රරෝහණය වී නව බැක්ටීරියාවක් ඇති කරයි. සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු නොවන බැවින් ප්‍රජනන ක්‍රමයක් නොවේ.
බැක්ටීරියාවල පාරිසරික වැදගත්කම කුමක්ද?
- වියෝජකයන් ලෙස ක්‍රියාකිරීම .
- නයිට්‍රජන් තිරකිරීම.
- ජෛව-භූ රසායනික චක්‍ර ක්‍රියාත්මක කිරීමට.
- ප්‍රාථමික නිෂ්පාදකයන් ලෙස ශක්තිය තිර කිරීම.
- රෝග ඇතිකිරීම මඟින් ගහණ වල ඝනත්වය පාලනය කිරීම.
සයනොබැක්ටීරියාවල පාරිසරික වැදගත්කම කුමක්ද?
- ජලජ පරිසර පද්ධතිවල ප්‍රාථමික නිෂ්පාදකයෙකු ලෙස
- ජලාශ සුපෝෂකරණය
බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා අතර ඇති වෙනස්කම් මොනවාද?
- බැක්ටීරියා සියල්ලන්ම ඒකසෛලිකය. සයනොබැක්ටීරියා ඒකසෛලික මෙන්ම බහුසෛලික/සරල සූත්‍රිකාකාර ආකාර ඇත.
- බැක්ටීරියා විවිධ පෝෂණ ක්‍රම දරයි. සයනොබැක්ටීරියා සියල්ලන්ම ප්‍රභාසංස්ලේෂීය.
- බැක්ටීරියාවල ප්‍රභාසංස්ලේෂක වර්ණක වන්නේ බැක්ටීරියෝ ක්ලෝරොෆිල් හා බැක්ටීරියෝ විරිඩින් ය. සයනොබැක්ටීරියාවල ප්‍රභාසංස්ලේෂක වර්ණක වන්නේ ක්ලෝරොෆිල් a හා ෆයිකොසයිනීන් ය.
- බැක්ටීරියාවල සංචිත ආහාර වන්නේ ග්ලයිකෝජන් තෙල් වේ. සයනොබැක්ටීරියාවල සංචිත ආහාර වන්නේ සයනොපිසීය පිෂ්ඨයය.
- බැක්ටීරියා සමහරුන් කෂිකා දරයි. සයනොබැක්ටීරියා කිසිවිටෙකත් කෂිකා හෝ පක්ෂ්ම නොදරයි.
- බැක්ටීරියා ලිංගික මෙන්ම අලිංගික ප්‍රජනනය ද දක්වයි. සයනොබැක්ටීරියා ලිංගික ප්‍රජනනයක් නැත.අලිංගික ප්‍රජනනය පමණි.
- බැක්ටීරියා වල කාලතරණ ඒකකය අන්තඃබීජාණු වේ. සයනොබැක්ටීරියා වල කාලතරණ ඒකකය එකයිනිට බීජාණු වේ.