ප්‍රොටිස්ටා රාජධානිය Flashcards
(8 cards)
1
Q
ප්‍රොටිස්ටා රාජධානියේ මූලික ලක්ෂණ
A
- බහුතරයක් ඒකසෛලිකයෝය. ගණාවාසි හෝ බහුසෛලික විශේෂද දක්නට ලැබේ.
- එය බහුවංශයික (එක් පූර්වජයෙකුට වඩා වැඩි ගණනකින් සම්භවය ලබා ඇති) හා කෘතීම වර්ගීකරණ කණ්ඩායමකි.
- මිරිදියේ, කරදියේ හා තෙත් පසේ වාසය කරති. සමහරු සහජීවී ආකාර වෙති.
- ඒකසෛලික, ගණාවාසි හා බහුසෛලික වෙති.
- සමහරු ප්‍රභාස්වයංපෝෂි, සමහරු විෂමපෝෂි ද සමහරු මිශ්‍ර පෝෂී ද වෙති.
- සමහරු කෂිකා,පක්ෂ්ම දරයි. චල ප්‍රජනක සෛල ලෙස ජන්මාණු හා චල බීජාණු සාදයි.
- ලිංගික හා අලිංගික ප්‍රජනන ක්‍රම ඇත.
2
Q
Euglena
A
- මිරිදිය වාසීය.
- ඒකසෛලිකය.අනාකූල හැඩැතිය.
- සෛල බිත්තියක් නැත.
- ඡවිකාවක් ඇත - සෛල ප්ලාස්ම පටලයට බැඳී පිටතින් පිහිටන ප්‍රෝටීන වලින් සෑදුණු නම්‍යශීලී ව්‍යූහයකි. දැඩි බව මෙන්ම නම්‍යශීලී බවද ලබා දෙයි.
- බොහෝ විශේෂ හරිතලව දරයි. ඔවුන් ප්‍රභාසංස්ලේෂීය.
- කෂිකා එකක් හෝ දෙකක් ඇත.
- දේහයේ පූර්ව කෙළවර පිහිටන චෂකය නම් ව්‍යූහයේ පාදස්ථයට කෂිකා දෙක බැඳී ඇත. එක් කෂිකාවක් දිගින් වැඩිය. පිටතට යොමුවේ. අනෙක කෙටිය.
- අක්ෂිලපයක් ඇත. ආලෝක සංවේදී ව්‍යූහයකි. ආලෝකය ඇති දිශාවට චලනය වීමට වැදගත් වේ. දිගු කෂිකාව ආරම්භයේ පිහිටයි.
- සංකෝචක රික්තක ඇත.
- ලිංගික ප්‍රජනනයක් නැත. අලිංගික ප්‍රජනනය පමණි.
https: //i.imgur.com/hSYuwth.png
3
Q
Paramecium
A
- මිරිදිය වාසීය.
- සියල්ලන්ම ඒකසෛලිකය. අන්වීක්ෂීයයි.
- සෛල බිත්තියක් නැත.
- සෛල ප්ලාස්ම පටලයට පිටතින් ඡවිකාවක් ඇත. නිශ්චිත හැඩයක් ලැබේ. ප්‍රත්‍යස්ථය.
- දේහ පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම පක්ෂ්ම වලින් ආවරණය වී ඇත. පක්ෂ්මධරයන් ලෙස හැඳින්වේ. පක්ෂ්ම ආධාරයෙන් චලනය/සංචරනය සිදු කරයි.
- න්‍යෂ්ටි දෙකක් ඇත.
- මහාන්‍යෂ්ටිය - විශාලය. සෛලයේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කරයි.
- ක්ෂුද්‍ර න්‍යෂ්ටිය - කුඩාය. ප්‍රජනන ක්‍රියා පාලනය කරයි.
- මෞඛ ඇලියක් පිහිටයි. ආහාර අංශු දේහය තුළට ඇතුළු කර ගැනීමට හා ජීර්ණයෙන් පසු ශේෂ ද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීමට දායක වන පක්ෂ්ම වලින් සමන්විත ව්‍යූහයකි.
- රික්තක පිහිටයි ආකාර දෙකකි.
- සංකෝචක රික්තක - ආස්‍රැති විධානය
- ආහාර රික්තක - ආහාර සංචිත කිරීම
- සත්ත්ව සදෘෂ්‍ය පෝෂණ ක්‍රමය දක්වයි.
- ස්වායු ශ්වසනය සිදුකරයි.
- අලිංගිකව හා ලිංගිකව ප්‍රජනනය සිදු කරයි.
- අලිංගික - ද්විඛන්ඩනය
- ලිංගික - සංයුග්මනය
https: //i.imgur.com/aimSuH4.png?1
4
Q
Amoeba
A
- ජලජ විශේෂ නිදැලි වාසී වේ. අනෙක් ආකාර පරපෝෂී වේ.
- ඒකසෛලිකය
- සෛල බිත්ති නොමැත.
- නිශ්චිත හැඩයක් නැත.
- ව්‍යාජපාද නම් සෛල ප්ලාස්මීය නෙරුම් මඟින් සංචරනය හා ආහාර අධිග්‍රහනය සිදුකරයි.
- ආහාර රික්තක හා සංකෝචක රික්තක ඇත.
- සත්ත්ව සදෘෂ්‍ය පෝෂණ ක්‍රමයක් දරයි.
- පරපෝෂී ආකාරද ඇත. ඔවුන් ධාරක දේහ තුළ ජීවත් වේ.
- අලිංගික ප්‍රජනනය සිදු කරයි. - ද්වීඛන්ඩනය
- ලිංගික ප්‍රජනනය නොදක්වයි.
https: //i.imgur.com/S8crqo6.png
5
Q
Ulva
A
- හරිත ඇල්ගී කාණ්ඩයට අයත්ය.
- කොළ පැහැතිය.
- මහේක්ෂීය ජීවීන් ය.
- කරදිය වාසීය. නොගැඹුරු මුහුදේ ගල්පර, කොරල්පර වැනි උපස්තර වලට සම්බන්ධව වැඩේ.
- සෛල බිත්තියක් ඇත. සෙලියුලෝස් හා පෙක්ටීන් වලින් සෑදී ඇත.
- බහුසෛලිකය.තලසාකාරය
- උපස්තරයට සවිවීම සඳහා අවුල්පාසුව නම් කොටසක් ඇත.
- ප්‍රභාසංශ්ලේෂී වේ.
- සංචිත ආහාරය පිෂ්ඨයයි.
- අලිංගිකව හා ලිංගිකව ප්‍රජනනය කරයි. එහිදී චල බීජානු හා චල ජන්මාණු නිපදවයි.
https: //i.imgur.com/Q5pz2KL.png
6
Q
Gelidium
A
- රතු ඇල්ගී වංශයට අයත්ය.
- කරදිය වාසීය. මුහුදේ ගල්පරවලට සම්බන්ධව නිමග්නව පවතී.
- කොළ පැහැයට හුරු රතු පැහැයක් ඇත.
- බහුසෛලික තලසාකාර වේ.
- සෛල බිත්තියක් ඇත.
- අවුල්පාසුවක් ඇත. එමඟින් උපස්තරයට සම්බන්ධ වේ.
- ප්‍රභාස්වයංපෝෂී වේ.
- සංචිත ආහාර ප්ලෝරිඩීය පිෂ්ඨය වේ.
- කෂිකා හෝ පක්ෂ්ම හෝ කිසිදු චල සෛලයක් නොසාදයි.
- සෛල බිත්ති සංඝටක සෙලියුලෝස් හා ඒගාර් වේ.
- ලිංගික හා අලිංගික ප්‍රජනනය්න් දක්වයි.
https: //i.imgur.com/k2tkQKp.png
7
Q
Sargassum
A
- දුඹුරු ඇල්ගී වංශයට අයත් වේ.
- කරදිය වාසීය. උපස්තරයකට සවි වේ.
- බහුසෛලිකය. තලසාකාරය.
- සාපේක්ෂව විශාල සහ සංකීර්ණ වේ.
- තලස කොටස් තුනකට විභේදනය වී ඇත.
- අවුල්පාසුව - මුලකට සමානය
- දණ්ඩ - කඳකට සමානය
- තල - පත්‍ර වලට සමානය.
- බහුසෛලික වායු පිරුණු බල්බයක් හැඩැති උත්ප්ලාවක තලසට ආධාරකයක් සපයයි.
- ඔලිව් කොළ පාටින් හෝ දුඹුරු පාටින් යුක්තය.
- සෛල බිත්ති සංඝටක සෙලියුලෝස් හා ඇල්ජිනික් අම්ලයයි.
- සංචිත ආහාර ලැමිනාරීන් පිෂ්ඨය හා මැනිටෝල් වේ.
- ප්‍රජනක සෛලවල කෂිකා ඇත.
- අලිංගික හා ලිංගික ප්‍රජනන ක්‍රම දක්වයි.
https: //i.imgur.com/iMNMWsL.png
8
Q
Diatoms
A
- ජලජ වාසීය - කරදිය හෝ මිරිදිය
- සියල්ලන්ම ඒකසෛලිකය. අන්වීක්ෂීයය.
- රන්වන් දුඹුරු පැහැතිය - රන්වන් දුඹුරු ඇල්ගී ලෙස හැඳින් වේ.
- ප්‍රභාස්වයංපෝෂී වේ.
- සෛල බිත්තියේ සෙලියුලෝස්, පෙක්ටීන් හා සිලිකා ඇත.
- එකමත එක අතිච්ඡාදනය වන කොටස් දෙකකින් සෑදී ඇති කවචය වැනි ව්‍යූහය මතුපිට සිලිකා වලින් විවිධ අලංකාර කැටයම් රටා පිහිටයි.
- හැඩය හා පෘෂ්ඨයේ ඇති සලකුණු අනුව විශාල විවිධත්වයක් දක්වයි.
- සංචිත ආහාර ක්‍රිසොලැමිනාරීන් වේ.
- ලිංගික හා අලිංගික ප්‍රජනන ක්‍රම දක්වයි.
- තනි කශිකාවක් සහිත ප්‍රජනක සෛල නිපදවයි.