ෆන්ගයි රාජධානිය Flashcards
(16 cards)
දිලීර දක්වන පෝෂණ ක්‍රමය කුමක්ද?
විෂමපෝෂී අවශෝෂක පෝෂණ ක්‍රමය.
එබැවින් රසායනික විෂමපෝෂීය
දිලීර වල සෛල බිත්ති සෑදී ඇත්තේ මොනවාගෙන්ද?
කයිටීන් වලින්
සවාර සූත්‍රිකා යනු මොනවාද?
හරස් ආවාර මඟින් සූත්‍රිකා සෛල වලට වෙන් වේ.
මේවා තුළ සිදුරක් ඇත. මයිටකොන්ඩ්‍රියා, රයිබොසෝම, න්‍යෂ්ටිය ආදිය ඒ හරහා ගමන් කරයි.
නිරාවාර සූත්‍රිකා යනු මොනවාද?
හරස් ආවාර රහිතය.
මේවා සංසෛලීය දිලීර සූත්‍රිකා නම් වේ.
දිලීර වල සංචිත ආහාර මොනවාද?
ග්ලයිකෝජන් හා තෙල්
ෆන්ගයි රාජධානියේ වර්ගීකරණයේ පදනම කුමක්ද?
- ලිංගික බීජාණු හා ලිංගික ප්‍රජනක ව්‍යූහ
- අලිංගික බීජාණු හා අලිංගික ප්‍රජනක ව්‍යූහ
- මයිසිලියමේ ලක්ෂණ - සවාර බව, නිරාවාර බව
Chytridiomycota හි ලාක්ෂණික ලක්ෂණ මොනවාද?
- ජලජ හෝ භෞමික වේ.
- ඇතැම් ආකාර මෘතෝපජීවී හා අනෙක් ආකාර පරපෝෂී වේ.
- ඒකසෛලික හෝ බහුසෛලික වේ. බහුසෛලික වූ විට සංසෛලිකයි.
- දිලීර සූත්‍රිකා කෙටිය. ද්විභාජී ශාඛනයක් පෙන්වයි.
- කශිකාධර චල බීජාණු නිපදවයි.
- සෛල බිත්ති කයිටීන්වලින් සෑදී ඇත.
- සමහරුන් දිලීර සූත්‍රිකා වලින් ගණාවාස සාදන අතර, සමහරු ගෝලාකාර තනි සෛල ලෙස පවතියි.
- අලිංගිකව හා ලිංගිකව ප්‍රජනනය සිදු කරයි.
- අලිංගික ප්‍රජනනයේදී ඒකගුණ චල බීජාණු නිපදවයි.
- ලිංගික ප්‍රජනනයේදී ඒකගුණ චල පුංජන්මානු හා ඒකගුණ චල ඡායා ජන්මාණු නිපදවයි.
- උදා : Chytridium
Zygomycota හි ලාක්ෂණික ලක්ෂණ මොනවාද?
- බොහෝ ජීවීන් මෘතෝපජීවීන් වන අතර සමහරු පරපෝෂී හෝ සහභෝජී වේ.
- බහුසෛලිකය සූත්‍රිකාකාරය.
- දිලීර ජාලය සංසෛලික හා නිරාවාර වන අතර, ප්‍රජනක සෛල සෑදෙන ස්ථාන වල පමණක් ආවාර ඇතිවේ.
- ලිංගික හා අලිංගික ප්‍රජනනය දක්වයි.
- උදා : Mucor sp. , Rhizopus sp.
Zygomycota අලිංගික ප්‍රජනනය සිදු කරන්නේ කෙසේද?
- වර්ධක දිලීර සූත්‍රිකාවලීන් ඍණ ගුරුත්වාවර්තීව ඉහළට වැඩෙන ශාඛා වලින් අලිංගික බීජාණුධානි සෑදේ.
- ඒවා තුළ අලිංගික අචල බීජාණු සෑදේ.
- බීජාණු නිපදවෙන්නේ අනූනනයෙන් බැවින් ප්‍රවේණිකව සර්වසමය ඒකගුණය.
- පසුව බීජාණුධානි පුපුරා නිදහස්වන මෙම බීජාණු වාතයේ පාවී ව්‍යාප්තව සුදුසු උපස්ථර මත පතිතව ප්‍රරෝහනය වී නව දිලීර සූත්‍රිකා නිපදවයි.
- බීජාණු නිපදවන්නේ බීජාණුධානි තුළ බැවින් අන්තර්ජන්‍ය බීජාණු නම් වේ.
- සූත්‍රිකා කඩකඩ වීමෙන්ද අලිංගිකව ප්‍රජනනය සිදුවේ.
Zygomycota ලිංගික ප්‍රජනනය සිදු කරන්නේ කෙසේද?
- අයහපත් පරිසර තත්ත්ව යටතේ සිදුකරයි.
- ආසන්නව පිහිටි මයිසිලියම් 2ක් අතර සූත්‍රිකා එකිනෙකා දෙසට වර්ධනය වී ජන්මානුධානි සාදයි.
- රූපීයව සමාන ජන්මානුධානි එකිනෙක හා වේ. එනම් සංයුග්මනය සිදුවේ.
- එහිදී න්‍යෂ්ටි යෝගය හා ප්ලාස්ම යෝගය සිදුවී ද්වීගුණ න්‍යෂ්ටි අඩංගු සංයෝගානුධානිය සෑදේ.
- සංයෝගානුධානිය ශක්තිමත් ව්‍යූහයකි. ඝන බිත්තියකින් යුක්තය.
- අහිතකර පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන කාලතර්‍රන ඒකකයක් ලෙස ක්‍රියාකරයි. - වියලීමට මෙන්ම මිදීමටද ඔරොත්තු දේ. බහුන්‍යෂ්ටිකය.
- අහිතකර පරිසර තත්ත්වයන් හමුවේ පරිවෘත්තියව අක්‍රියව පැවත හිතකර තත්ත්ව ලැබුණු විට ප්‍රරෝහනය අරඹයි.
- එහිදී සංයෝගානුව තුල ද්විගුණ න්‍යෂ්ටි ඌනන විභාජනයට ලක්වී ප්‍රවේණිකව අසමාන එකගුණ අචල ලිංගික බීජාණු අන්තර්ජන්‍යව නිපදවයි.
- ඒවා නිදහස් වී ව්‍යාප්ත වී සුදුසු ස්ථාන වල පතිතව ප්‍රරෝහනය වී නව දිලීර සූත්‍රිකා නිපදවයි.
Ascomycota හි ලාක්ෂණික ලක්ෂණ මොනවාද?
- කරදිය, මිරිදිය හෝ භෞමික වාසී වේ.
- පරපෝෂී හෝ සහජීවී වේ.
- බොහෝ ආකාර වියෝජකයෝය.
- ඒකසෛලිකයන් මෙන්ම බහුසෛලිකයන්ද ඇත. බහුසෛලිකයන් විට සූත්‍රිකාකාරය. සූත්‍රිකා සවාරය. බහුන්‍යෂ්ටිකය.
- ලිංගික මෙන්ම අලිංගික ප්‍රජනනයද දක්වයි.
- උදා : Aspergillus sp. , Saccharomyces sp. , Penicillium sp
Ascomycota අලිංගික ප්‍රජනනය සිදු කරන්නේ කෙසේද?
- මයිසිලියමෙන් ඍණ ගුරුත්වාවර්ථීව ඉහළට වැඩෙන සූත්‍රිකාව ඉහළ කෙළවර ඉදිමේ.
- එම කොනිඩිධරයේ ආශයෙන් ඇතිවන ධරණි නම් කෙටි සූත්‍රිකා මත බහිර්ජන්‍ය ලෙස ඒකගුණ අචල කොනිඩිබීජාණු සෑදේ.
- විවිධ පරිණත මට්ටම්වල ඇති මේවා ගැලවී වාතයේ පාවී ව්‍යාප්ත වී සුදුසු උපස්තර වල පතිතව ප්‍රරෝහනය වී නව සූත්‍රිකා සාදයි.
Ascomycota ලිංගික ප්‍රජනනය සිදු කරන්නේ කෙසේද?
- දිලීර සූත්‍රිකාවල ජන්මාණුධානි හටගනී.
- ඒවා ප්ලාස්මයෝගය සිදු කරයි.
- පසුව න්‍යෂ්ටි යෝගය සිදුවී ද්වීගුණ න්‍යෂ්ටි සාදයි.
- ඒවා ඌණන විභාජනයට ලක්වී අස්කබීජාණු නම් බීජාණු අන්තර්ජන්‍ය ලෙස මඩි හැඩැති ව්‍යූහ වන අස්කස තුළ නිපදවේ.
- එක් අස්කසයක් තුළ අස්කබීජාණු 8ක් සෑදේ.
- බොහෝ විශේෂවල අස්කස වඳ සූත්‍රිකා නම් ව්‍යූහ වලින් වටවී අස්කඵල ලෙස හඳුන්වන බීජාණුකර සාදයි.
- පසුව අස්කඵල වලින් අස්කසද ඒවායින් අස්ක බීජාණුද නිදහස් වී ව්‍යාප්ත වේ.
- සුදුසු ස්ථානවල පතිතව ප්‍රරෝහනය වී දිලීර සූත්‍රිකා/මයිසිලියම සාදයි.
- මෙහිදී එකිනෙකා දෙසට වැඩෙන /වෙනස් ජන්මානුධානි සාදන නමුත් රූපීයව සමාන දිලීර සූත්‍රිකා ඇත.
- එබැවින් ඒවා ධනමාදිලි හා ඍණ මාදිලි සූත්‍රිකා ලෙස හැඳින්වේ.
- එම තත්ත්වය විෂමතලසතාවය නම් වේ.
Basidiomycota හි ලාක්ෂණික ලක්ෂණ මොනවාද?
- භෞමිකවාසීය.
- ප්‍රධාන වශයෙන් වියෝජකයන් සහ සමහරු සහජීවී වේ.
- සිහින් සූත්‍රිකාකාර වේ. ඒවා සාවාරය.
- ජීවන චක්‍රයේ ඒකන්‍යෂ්ටික දිලීර ජාලය සහ ද්වීන්‍යෂ්ටික දිලීර ජාලය ලෙස දිලීර ජාල දෙකකි.
- එයින් ප්‍රමුඛ දිලිර ජාලය වන්නේ ද්වීන්‍යෂ්ටික දිලීර ජාලයයි. එහි ආවාර වලින් වෙන්වූ සෛලයක් තුළ න්‍යෂ්ටි 2ක් බැගින් ඇත.
- ද්වීන්‍යෂ්ටික භාවය දිගින් දිගටම පවත්වාගැනීම උදෙසා කලම්ප මං නැමැති විශේෂ පාර්ශ්වික සූත්‍රිකා දරයි.
- ලිංගික මෙන්ම අලිංගික ප්‍රජනනය දක්වයි.
- උදා : Agaricus, Puffballs, Shell fung
Basidiomycota අලිංගික ප්‍රජනනය සිදු කරන්නේ කෙසේද?
Agaricus බීජාණු නොසාදයි. කඩ කඩ වීම සිදුවේ.
මෙම වංශයේ වෙනත් විශේෂ බීජාණු සාදයි.
Basidiomycota ලිංගික ප්‍රජනනය සිදු කරන්නේ කෙසේද?
- ද්වී න්‍යෂ්ටික දිලීර සූත්‍රිකාවලින් බැසිඩිඵලය ලෙස හඳුන්වන බීජාණුකර නිපදවයි.
- එම බැසිඩිඵලයේ ඡත්‍රය නම් ව්‍යූහයේ යටි පැත්තේ තැලි නම් කොටස් මත බැසිඩියම් නම් ව්‍යූහ සෑදේ.
- බැසිඩියම තුළ වූ න්‍යෂ්ටි දෙක සංසේචනය වේ.
- ලැබෙන ද්වීගුණ න්‍යෂ්ටිය, ඌනන විභාජනයට ලක්වී ඒකගුණ න්‍යෂ්ටි 4ක් සෑදී ඒවායින් ඒකගුණ අචල බැසිඩි බීජාණු 4 ක් බහිර්ජන්‍යව සෑදේ.
- මේවා ධරණි නම් ව්‍යූහ කෙළවර පිහිටයි.
- බැසිඩි බීජාණු නිදහස් වී උපස්තරයක් මත වැටී ප්‍රරෝහනය වී ප්‍රාථමික දිලීර සූත්‍රිකා නිපදවයි. ඒවායේ සෛල ඒක න්‍යෂ්ටිකය.
- ධන මාදිලි හා ඍණ මාදිලි ප්‍රාථමික දිලීර සූත්‍රිකා ප්ලාස්ම යෝගය සිදුවී ද්විතීක දිලීර සූත්‍රිකා නිපදවයි.
- ද්විතීක දිලීර සූත්‍රිකා වලින් බැසිඩි ඵලය නිපදවයි.
- විෂමතලසතාව පෙන්වයි.