ප්ලාන්ටේ රාජධානිය Flashcards

(31 cards)

1
Q

ප්ලාන්ටේ රාජධානියේ සාමාජිකයන් පරිණාමය වී ඇත්තේ කුමන කාණ්ඩයකින්ද?

A

හරිත ඇල්ගී කණ්ඩායමකින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

හරිත ඇල්ගී සහ ප්ලාන්ටේ රජධානියේ සාමාජිකයන් අතර ඇති පරිණාමික බන්ධුතා මොනවාද?

A
  • කණ්ඩායම් දෙකම ක්ලෝරොෆිල් a, ක්ලෝරොෆිල් b, කැරොටින් සහ සැන්තොෆිල් යන වර්ණක දැරීම.
  • කණ්ඩායම් දෙකම සෛල බිත්ති සංඝටකය ලෙස සෙලියුලෝස් දැරීම.
  • කණ්ඩායම් දෙකම සංචිත ආහාරය ලෙස පිෂ්ඨය දැරීම.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ප්ලාන්ටේ රාජධානියේ දක්නට ලැබෙන නමුත් හරිත ඇල්ගී වල දක්නට නොලැබෙන ලක්ෂණ මොනවාද?

A
  • බීජාණුධානි තුළ නිපදවෙන බිත්තියකින් ආවරණය වූ බීජ තිබීම.
  • බහුසෛලික ජන්මාණුධානි තිබීම.
  • පරාධීන කලලයක් තිබීම.
  • අග්‍රස්ථ විභාජක තිබීම.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ප්ලාන්ටේ රාජධානියේ පොදු ලක්ෂණ මොනවාද?

A
  1. සූන්‍යෂ්ටික සෛල සංවිධානයක් දැරීම.
  2. සියල්ලන්ම බහු සෛලික වීම.
  3. පටක විභේදනය වී පැවතීම.
  4. ප්‍රකාශ ස්වයංපෝෂී වීම.
  5. ලිංගික ප්‍රජනනයේදී කලලය නිපද වීම.
  6. ප්‍රජනක අවයව බහුසෛලික වීම හා වඳ සෛල වලින් ආරක්ෂා වීම.
  7. විෂමරුපී පරම්පරා ප්‍රත්‍යාවර්ථනයක් පෙන්වීම.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

පරම්පරා ප්‍රත්‍යාවර්තනය යනු කුමක්ද?

A

එකම ජීවන චක්‍රයේ, ඒකගුණ ජන්මාණු ශාක පරම්පරාවත්, ද්වීගුණ බීජාණුශාක පරම්පරාවත්, මාරුවෙන් මාරුවට පිහිටීම.

එහිදී ජන්මාණු ශාකයත් බීජාණු ශාකයත් රූපීයව වෙනස්නම් විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්ථනය නම් වේ.

රූපීයව සමානනම් සමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්ථනය නම් වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ජන්මාණු ශාකය යනු කුමක්ද?

A
  • ජන්මාණු (ශුක්‍රාණු හෝ අණ්ඩ සෛල) නිපදවන ශාකයයි.
  • සෛල ඒකගුණය.
  • විනාල ශාකවල ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

බීජාණු ශාකය යනු කුමක්ද?

A
  • බීජාණු නිපදවන ශාකයයි.
  • ද්විගුණය.
  • සනාල ශාක වල ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකයයි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

සමබීජාණුකතාව යනු කුමක්ද?

A

බීජානුශාකයේ රූපීයව හා කෘත්‍යයෙන් සමාන බීජාණු නිපදවීම.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

විෂම බීජාණුකතාව යනු කුමක්ද?

A
  • බීජාණු ශාකයේ රූපීයව හා කෘත්‍යයෙන් වෙනස් බීජාණු නිපදවීම.
  • කුඩා බීජාණුව ක්ෂුද්‍ර බීජාණුව ලෙසත් විශාල බීජාණුව මහා බීජාණුව ලෙසත් හැඳින්වේ.
  • ක්ෂුද්‍ර බීජාණුව ප්‍රරෝහනයෙන් පුංජන්මාණු ශාකයත්, මහා බීජාණුව ප්‍රරෝහණයෙන් ඡායා ජන්මාණු ශාකයත් නිපදවේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ප්ලාන්ටේ ශාක වර්ගීකරණයේ නිර්ණායක මොනවාද?

A
  1. සනාල පටක තිබීම හෝ නොතිබීම.
  2. සමබීජාණුකතාව හෝ විෂමබීජාණුකතාව.
  3. බීජ දැරීම හෝ බීජ නොදැරීම.
  4. පුෂ්ප දැරීම හෝ පුෂ්ප නොදැරීම.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

සනාල පටක රහිත ශාක මොනවාද?

A
  1. බ්‍රයෝෆයිටා වංශය - Pogonatum
  2. හෙපටොෆයිටා වංශය - Marchantia
  3. ඇන්තොසෙරොෆයිටා වංශය - Anthoceros
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

සනාල පටක දරන බීජ රහිත ශාක මොනවාද?

A
  • ලයිකොෆයිටා වංශය - Selaginella

- ටෙරොෆයිටා වංශය - Nephrolepis

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

සනාල පටක දරන විවෘත බීජක ශාක මොනවාද?

A
  • සයිකැඩොෆයිටා වංශය - Cycas sp.
  • කොනිෆෙරොෆයිටා වංශය - Pinus
  • නීටොෆයිටා වංශය - Gnetum
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

සනාල පටක දරන ආවෘත බීජක ශාක මොනවාද?

A

ඇන්තොෆයිටා වංශය - සියලු සපුෂ්ප ශාක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

විනාල ශාක වල පොදු ලක්ෂණ මොනවාද?

A
  1. සනාල පටක නොමැතිවීම.
  2. ජීවන චක්‍රයේ ඒකගුණ ජන්මාණු ශාක ප්‍රමුඛ වීම.
  3. බීජාණු ශාකය දුර්වල වීම.
  4. මුල් නොමැති වීම - එම කාර්ය ඉටුකරන මූලාභ නම් ව්‍යූහ පවතී.
  5. ශාක දේහය තලසක් වීම.
  6. ශුක්‍රාණු කෂිකාධර වේ. අන්ඩ සෛල අචලය.
  7. සංසේචනයට බාහිර ජලය අත්‍යාවශයය.
  8. සාර්ථක භෞමික අනුවර්තන නැත.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

Bryophyta වංශයේ ලක්ෂණ මොනවාද?

A
  1. විශේෂයෙන් තෙත්, භෞමික ස්ථානවල හුමුවෙයි.
  2. ඒකගුණ ජන්මාණු ශාකය ප්‍රමුඛයි. එය ප්‍රභාසංශ්ලේෂණය සිදුකරන ස්වාධීන ශාකයකි.
  3. ජන්මාණු ශාකය ‘පත්‍ර’, ‘කඳ’ හා මූලාභ ලෙස විභේදනය වී ඇත. එහෙත් සනාල පටක රහිතය.
  4. වෙන් වෙන්ව පවතින ඡායා හා පුං ජන්මාණු ශාක මත අණ්ඩාණුධානි හා ශුක්‍රාණුධානි හට ගනියි. එනිසා මේ ජන්මාණු ශාක ද්වීගෘහීය.
  5. පුමාංගි ශාකය නිපදවන කශිකාධර ශුක්‍රාණු ශුක්‍රාණු, සංසේචනය සඳහා තුනී ජල පටලය තුළින් පිහිනා යයි.
  6. ළපටි කාලයේ දී බීජාණු ශාකය කොළ පැහැතිය. ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. එහෙත් ඒවාට ස්වාධීනව ජීවත්විය නොහැකි වන අතර, ජනක ජන්මාණු ශාකයට සවි වී පෝෂක හා ජලය ඡායා ජන්මාණු ශාකයෙන් අවශෝෂණය කරයි.
  7. සියලු සනාල ශාකවල හමුවන පූටිකා ලෙස හඳුන්වනු ලබන විශේෂ සිදුරු ආකාරයක් බීජාණු ශාකවල දක්නට ඇත.
  8. සමබීජාණුකය.
17
Q

සනාල ශාක වල ලක්ෂණ මොනවාද?

A
  1. බීජාණු ශාකය ප්‍රමුඛය,ද්වීගුණය.
  2. සනාල පටක දරයි.
  3. ජන්මාණු ශාකය දුර්වලය. සනාල ශාක පරිණාමිකව දියුණුවත්ම ජන්මාණු ශාකය ක්ෂීන වෙමින් යයි.
  4. සම බීජාණුක සිට විෂම බීජාණුක දක්වා දියුණු වේ.
  5. බීජ නිපදවන මෙන්ම බීජ නිපදවීමක් නොමැති සාමාජිකයන්ද ඇත.
  6. දියුණුතම කාණ්ඩය පුෂ්ප නිපදවයි. එනම් සපුෂ්ප මෙන්ම අපුෂ්ප ආකාරද ඇත.
  7. සනාල ශාක පරිණාමිකව දියුණුවත්ම බීජාණු ශාකය වඩාත් ප්‍රමුඛ හා ස්වාධීන වීම, විෂමබීජාණුකතාව තහවුරු වීම, සංසේචනයට ජලයේ අවශ්‍යතාව නැතිවීම, බීජ හා පුෂ්ප නිපදවීම, ඵල නිපදවීම වැනි ලක්ෂණ තහවුරු වේ.
  8. දැනට පවතින ශාක විශේෂ අතරින් 93% ක් පමණ සනාල ශාක වේ.
18
Q

ෆොසිල මඟින් ලැබෙන සාක්ෂි අනුව පූර්වජ සනාල ශාක කෙසේ වී ඇත්ද?

A
  • පූර්වජ සනාල ශාක වල මුල් නොමැත.

- ජන්මාණු ශාකය හා බීජාණු ශාකය විශාලත්වයෙන් සමාන විය.

19
Q

බීජ රහිත සනාල ශාකවල වැදගත් ලක්ෂණ:

1. පරිවහනය සඳහා සනාල පටක දැරීම.

A
  • මේවා දුර්වල සනාල පටක වේ. ආකාර දෙකකි.
    1. ශෛලම
      • ජලය හා ඛනිජ අයන පරිවහනය කරයි. වාහකාභ, ශෛලමීය තන්තු සහ ශෛලමීය මෘදුස්තර වලින් සමන්විත ය. ශෛලම් වාහිනී නැත.
      • වාහකාභ හා තන්තු ලිග්නීන් වලින්ඝන වී ඇති නිසා සන්ධාරනයට දායක වේ.
      • සංධාරනය නිසා උස යාමට ඉඩ ලැබේ.
    2. ප්ලෝයම
      • සීනි, ඇමයිනෝ අම්ල හා අනෙකුත් කාබනික ද්‍රව්‍ය ශාක යේ විවිධ ස්ථාන වලට පරිවහනය කරයි.
      • පෙනෙර සෛල, ප්ලෝයමීය තන්තු හා ප්ලෝයමීය මෘදුස්තර වලින් සමන්විතය.
      • පෙනෙර නල හා සහචර සෛල නැත.
20
Q

බීජ රහිත සනාල ශාකවල වැදගත් ලක්ෂණ:

අවශෝෂණයට හා සවිවීම සඳහා මුල් පරිණාමය වීම.

A
  • මුල් යනු පසෙන් ජලය හා පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කරගන්නා අවයවයයි.
  • මේවා විනාල ශාක වල මූලාභ වලට ආදේශකයකි.
  • මුල්වල ප්‍රධාන කෘත්‍යයන් වන්නේ,
    1. පසෙන් ජලය හා ඛනිජ අවශෝෂණය.
    2. ශාකය පසට සවිකිරීම හා දරාසිටීම.
    3. ශාකයට සන්ධාරනය සැපයීම.
    4. ශාක කඳ ඉහළට වර්ධනය වීමට ඉඩ සැලසීම.
  • වර්ථමාන ශාකවල මුල්වල පටක දැනට සං‍රක්ෂණය වී ඇති මුල්ම සනාල ශාකවල කඳන් වල පටක වලට බොහෝ දුරට සමානය.
21
Q

බීජ රහිත සනාල ශාකවල වැදගත් ලක්ෂණ:

ශාක පත්‍රවල පරිණාමය

A
  • පත්‍ර යනු ශාකවල ප්‍රභාසංස්ලේෂණය සිදුකරන අවයවයයි.
  • පත්‍ර ආකාර දෙකකි.
    1. ක්ෂුද්‍ර පත්‍ර
      • ප්‍රමාණයෙන් කුඩාය.
      • ශාඛනය නොවූ නාරටියක් දරයි.
    2. මහා පත්‍ර
      • ප්‍රමාණයෙන් විශාලය.
      • පැතලි හැඩයක් ගනී.
      • ශාඛනය වූ නාරටි ජාලයක් දරයි.
  • එමඟින් ප්‍රභාසංශ්ලේෂණය කාර්යක්ෂමව සිදු කිරීමට පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩිකරයි.
  • බීජාණූධානි දරා සිටීමට විශේෂණය වූ පත්‍ර බීජාණු ශාකයේ ඇත. ඒවා බීජාණු පත්‍ර නම් වේ.
  • බොහෝ බීජ නොදරන සනාල ශාක සම බීජාණුකය. සමහර විශේෂ විෂම බීජාණුක වේ.
22
Q

බීජ ශාක වල ලක්ෂණ:

බීජ සෑදීම

A
  • බීජයක් යනු ශාකවල ලිංගික ප්‍රජනනයේදී නිපදවෙන කලලයක් හා සංචිත ආහාර සහිත බීජාවරණයකින් වටවූ ව්‍යාප්ති ඒකකයකි.
  • බීජ පරිනත වූ විට විවිධ ආකාරයෙන් ව්‍යාප්ත වීම සිඳුවේ.
  • බීජ ආකාර කීපයකි.
    1. භ්‍රෑණ පෝෂී බීජ - පරිනත විට භ්‍රෑණ පෝෂයක් ඇත. උදා : ඒකබීජපත්‍රි බීජ
    2. නිර්භ්‍රෑණ පෝෂී බීජ - පරිනත විට භ්‍රෑණ පෝෂයක් නැත. උදා : ද්වීබීජපත්‍රි බීජ
  • බීජ ව්‍යාප්ති ඒකකයක් නිසා
    1. අධික ශාක විවිධත්වයක් ඇතිවීමට
    2. ප්‍රාථමික නිෂ්පාදකයන් ලෙස ප්‍රමුඛ වීමට, අවස්ථාව ලැබී ඇත.
23
Q

බීජ ශාක වල ලක්ෂණ:

ජන්මාණු ශාකය ක්ෂීන වීම.

A
  1. පරිණාමයත් සමඟම ජන්මාණු ශාකය ක්‍රමයෙන් ක්ෂීණ වීම සිදුවිය.
  2. මෙය සනාල ශාක වල මෙන්ම බීජ ශාක වලද දක්නට ලැබේ.
  3. බීජ ශාකවල ජන්මාණු ශාකය අන්වීක්ෂීයය. උදා : Cycas, Pinus, Gnetum, සපුෂ්ප ශාක
  4. මෙම ක්ෂීන ජන්මාණු ශාකය භෞමික පරිසරයේ තනිව ජීවත් වීමට අනුවර්තන නොදරයි. ඒවා බීජාණු ශාකයේ මහා බීජාණුධානි තුළ හා වෙනත් කොටස් තුළ පවතී.
  5. මෙමඟින් ජන්මාණු ශාකය අහිතකර පරිසර තත්ත්ව වලින් ආරක්ෂා වේ.උදා :-
    1. හිරු එළියෙන් වියළීයාම වළකී.
    2. UV කිරණ වලට නිරාවරණය වලකී.
    3. ජන්මාණු ශාකයට ආරක්ෂාව හා පෝෂණය ද ලැබේ.
  6. බීජාණු ශාකයෙන් පෝෂණය ලබාගන්නා බැවින් පරාධීන ජන්මාණු ශාකයක් ලෙස හැඳින්වේ.
24
Q

බීජ ශාක වල ලක්ෂණ:

විෂමබීජාණුකතාව

A
  1. බීජ ශාක විෂම බීජාණුක වේ.

2. ක්ෂුද්‍ර බීජාණුධානිය තුළ ක්ෂුද්‍ර බීජාණු රාශියක්ද, මහා බීජාණුධානිය තුළ එක් ක්‍රියාකාරී මහාබීජාණුවක්ද පවතී.

25
බීජ ශාක වල ලක්ෂණ: | ඩිම්බය හා අණ්ඩ සෛල සෑදීම
1. බීජ ශාක විෂම බීජාණුක බැවින් මහා බීජාණුධානි සෑදේ. 2. මහාබීජාණුධානිය තුළ මහා බීජාණුව දිගටම රඳවාගැනීම බීජ ශාක වල ලක්ෂණයකි. 3. මේ සඳහා මහා බීජාණුධානිය පිටතින් බීජාණුශාක පටක ස්තරයකින් වට කරයි. එය ඩිම්බාවරණය නම් වේ. 4. එහිදී ඩිම්බාවරණය හා මහා බීජාණුධානිය එක්ව ගත් කළ සම්පූර්ණ ව්‍යූහය ඩිම්බය නම් වේ. 5. එක් එක් ඩිම්බය තුළ වූ මහා බීජාණුව ප්‍රරෝහනයෙන් ඡායා ජන්මාණු ශාකය සෑදේ. 6. එහි අණ්ඩ සෛල එකක් හෝ කිහිපයක් නිපදවේ.
26
බීජ ශාක වල ලක්ෂණ: | පරාග හා ශුක්‍රාණු නිපදවීම
1. විෂම බීජාණුකතාවයේ ප්‍රතිඵල ලෙස නිපදවෙන ක්ෂුද්‍ර බීජාණුව ප්‍රරෝහණය වේ. 2. පරාග කණිකාවක් බවට විකසනය වේ. 3. එම පරාග කණිකාව තව දුරටත් විකසනය වී පුං ජන්මාණු ශාකය බවට පත්වේ. 4. පරාග කණිකාවේ බිත්තිය ස්පොරෝපොලිනින් නම් බහුඅවයවිකයෙන් සෑදී ඇති නිසා රළු ස්වභාවයක් ගනී. එමඟින් පරාගනයේදී පරාග කණිකා ආරක්ෂා කෙරේ. 5. පුංජන්මාණු ශාකයේ පරාගනාලය නම් ව්‍යූහයක් ඇත. 6. දියුණු බීජ ශාකවල මෙම පරාග නාලය හරහා ශුක්‍රාණු ඡායා ජන්මාණු ශාකය තුළට යයි. 7. පරාග කණිකාවෙන් වටවූ පුංජන්මාණු ශාකය තුළ ශුක්‍රාණු නිපදවේ. 8. නොදියුණු බීජ ශාකවල එනම් සමහර විවෘත බීජක ශාක වල කෂිකාධර ශුක්‍රාණු ඇත. ඒවා ජලීය මාධ්‍යයක පිහිනා අණ්ඩ සෛලය කරා යයි. 9. දියුණු බීජ ශාක වල ශුක්‍රාණු කශිකාධර නොවේ. ඒවා පරාග නාලය ඔස්සේ ුවම සම්ප්‍රේෂණය වන නිසා චාලක හැකියාවක් අවශ්‍ය නොවේ.
27
බීජ රහිත සනාල ශාකවල වැදගත් ලක්ෂණ මොනවාද?
1. පරිවහනය සඳහා සනාල පටක දැරීම. 2. අවශෝෂණයට හා සවිවීම සඳහා මුල් පරිණාමය විය. 3. ශාක පත්‍රවල පරිණාමය
28
බීජ ශාක වල ලක්ෂණ මොනවාද?
1. බීජ සෑදීම. 2. ජන්මාණු ශාකය ක්ෂීන වීම. 3. විෂමබීජාණුකතාව. 4. ඩිම්බය හා අණ්ඩ සෛල සෑදීම. 5. පරාග හා ශුක්‍රාණු නිපදවීම.
29
ඒකබීජපත්‍රී ශාක හා ද්වීබීජපත්‍රී ශාක අතර ඇති වෙනස්කම් මොනවාද?
1. ඒකබීජපත්‍රී කලලයට බීජ පත්‍ර එකක් ඇත. ද්වීබීජපත්‍රී කලලයට බීජ පත්‍ර දෙකක් ඇත. 2. ඒකබීජපත්‍රී ශාකවල තන්තුමය මූල පද්ධතියක් ඇත. ද්වීබීජපත්‍රී ශාකවල මුදුන් මූල පද්ධතියක් ඇත. 3. ඒකබීජපත්‍රී ශාකවල පත්‍ර වල සමාන්තරගත නාරටි වින්‍යසයක් ඇත. ද්වීබීජපත්‍රී ශාකවල පත්‍රවල ජාලාභ නාරටි වින්‍යාසයක් ඇත. 4. ඒකබීජපත්‍රී ශාකවල පුෂ්ප කොටස් ත්‍රි අංකයි. ද්වීබීජපත්‍රී ශාක වල පුෂ්ප කොටස් චතුර් අංක හෝ පංචාංකයි. 5. ඒකබීජපත්‍රී ශාකවල පුෂ්පවල පරිපුෂ්පය ඇත (මණිය හා මුකුටය පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැක) . ද්වීබීජපත්‍රී ශාකවල මණිය හා මුකූටය පැහැදිලිව වෙන්කර හඳුනාගත හැක. 6. ඒකබීජපත්‍රි ශාකවල පරාග කණිකාවකට එක් විවරයක් පමණක් ඇත. ද්වීබීජපත්‍රී ශාකවල පරාග කණිකාවකට විවර තුනක් ඇත. 7. ඒකබීජපත්‍රී ශාක කඳේ සනාල කලාප අක්‍රමවත්ව විසිරී ඇත. කැම්බියමක් නැත. ද්වීබීජපත්‍ රී ශාක කඳේ සනාල කලාප වලයාකාරව සකස් වී ඇත. කැම්බියමක් ඇත. 8. ඒකබීජපත්‍රී ශාකවල මුලේ මජ්ජාවක් ඇත. ද්වීබීජපත්‍රී ශාකවල මුලේ මජ්ජාවක් නැත. https: //i.imgur.com/gfXZ4JB.png https: //i.imgur.com/LUoIXZD.jpg
30
ප්ලාන්ටේ රාජධානියේ සාමාජිකයන්ගෙන් පරිසර පද්ධතියකට ඇති වැදගත්කම කුමක්ද?
1. භෞමික පරිසර පද්ධතිවල ප්‍රධානතම ප්‍රාථමික නිෂ්පාදකයන් වීම. 2. ද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වීම. 3. ජල චක්‍රය ක්‍රියාත්මක වීමට දායක වීම. 4. සහජීවීන් මඟින් නයිට්‍රජන් තිර කිරීමෙන් පසට ප්‍රයෝජ්‍ය නයිට්‍රජන් ලබාදීම. උදා : *Rhizobium* සමඟ රනිල ශාක 5. පාංශු ඛාදනය වැළැක්වීම. - පස ආවරණය කිරීමෙන් පස් අංශු මුල් මඟින් තදින් බැඳ තබා ගැනීමෙන්.
30
ප්ලාන්ටේ රාජධානියේ සාමාජිකයන්ගෙන් පරිසර පද්ධතියකට ඇති වැදගත්කම කුමක්ද?
1. භෞමික පරිසර පද්ධතිවල ප්‍රධානතම ප්‍රාථමික නිෂ්පාදකයන් වීම. 2. ද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වීම. 3. ජල චක්‍රය ක්‍රියාත්මක වීමට දායක වීම. 4. සහජීවීන් මඟින් නයිට්‍රජන් තිර කිරීමෙන් පසට ප්‍රයෝජ්‍ය නයිට්‍රජන් ලබාදීම. උදා : *Rhizobium* සමඟ රනිල ශාක 5. පාංශු ඛාදනය වැළැක්වීම. - පස ආවරණය කිරීමෙන් පස් අංශු මුල් මඟින් තදින් බැඳ තබා ගැනීමෙන්.