ජිවයේ සම්භවය හා ස්වභාවික වරණවාදය Flashcards

(47 cards)

1
Q

පෘථිවිය හා සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය සිදුවී ඇත්තේ කොපමණ කාලයකට පෙරද?

A

අවුරුදු බිලියන 4.6 කට පමණ පෙර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ජීවය සම්භවයට පෙර පෘථිවියේ පැවති තත්ත්වය,

A
  • මුල්ම පෘථිවි වායුගෝලය ගිනිකඳු පිපිරීමෙන් නිදහස් වූ නයිට්‍රජන් හා නයිට්‍රජන් වල ඔක්සයිඩ, කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, ඇමෝනියා, හයිඩ්‍රජන් හා හයිඩ්‍රජන්සල්ෆයිඩ් යන වායූන්ගෙන්ද, ජල වාෂ්ප වලින් ද ගහන විය.
  • ඉන්පසු උදාසීන වායුගෝලය ඔක්සිහාරක වායුගෝලයක් බවට පත් විය.
  • මුල් ම වායුගෝලයේ ඔක්සිජන් ස්වල්ප ප්‍රමාණයක් වූයේ ය.
  • පසුව පෘථිවිය සිසිල් වීමේදී ජල වාෂ්ප ඝනීභවනය වීමෙන් සාගර සෑදිණි.
  • හයිඩ්‍රජන් වලින් කොටසක් අභ්‍යවකාශයට ශීඝ්‍රව නිදහස් විය.
  • ගිනි කඳු පිපිරීම, අකුණු ගැසීම, අධික පාරජම්බුල කිරණ, ජල තාප මංකඩ විවර හා ක්ෂාරීය මංකඩ විවර සමඟ පෘථිවියේ පැවති ඔක්සිහාරක වායුගෝලය, පෘථිවිය මත ජීවයේ සම්භවය සඳහා අත්‍යවශ්‍ය වූ සරල කාබනික අණු සංස්ලේෂණයට හිතකර විය.
  • මේ සරල කාබනික අණු බහුඅවයවීකරණයෙන් ප්‍රෝටීන, නියුක්ලික් අම්ල වැනි මහා අණු සෑදිණි.
  • ස්වයං ප්‍රතිවලිත වන කාබනික අණු සෑදීම නිසා පෘථිවිය මත ජීවය සම්භවය වීමට හැකි විය.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

මැවුම් වාදය යනු කුමක්ද?

A

පෘථිවිය ඇතුළු ජීවීන් දෙවියන් විසින් මැවූ බව කියවෙන මතය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ස්වයංසිද්ධ ජනන වාදය යනු කුමක්ද?

A

ඕනෑම තැනක ඕනෑම විටක ඕනෑම අවස්ථාවක ස්වයංසිද්ධව අජීව ද්‍රව්‍යවලින් ජීවය බිහිවිය හැකි බව කියවෙන මතය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

කොස්මොසොයික වාදය යනු කුමක්ද?

A

ජීවය බිහිවූයේ අභ්‍යවකාෂයේය. ආගන්තුක අභ්‍යවකාෂයානා හෝ උල්කාපාත හරහා ජීවය පෘථිවියට පැමිණි බව කියවෙන මතය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ජෛව රසායනික පරිණාමවාදය යනු කුමක්ද?

A

පෘථිවියේ භෞතික රසායනික නියමයන්ට අනුව පෘථිවිය මතම අජීවී ද්‍රව්‍ය වලින් ජීවය බිහිවී ක්‍රමයෙන් පරිණාමය වූ බව කියවෙන මතය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

පැරණිම ක්ෂුද්‍ර ජීවී සෛල තිබූ බවට සාක්ෂි හමුවන කාලය,

A

වසර බිලියන 3.5 කට පමණ පෙර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය ඉදිරිපත් කරේ කවුද?

A

ඇලෙක්සැන්ඩර් ඔපාරින් හා හැල්ඩේන් යන දෙදෙනා විසින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය පරීක්ෂණාත්මකව සනාථ කළේ කවුද?

A

ස්ටැන්ලි මිලර් විසින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ප්‍රථම සෛලය බිහිවීමේ දී සිදුවූ ප්‍රධාන පියවර හතර මොනවාද?

A
  1. ආදි කාලීන පෘථිවියේ තිබූ වායුගෝලීය තත්ව ආධාරයෙන් අජීවී අකාබනික අණු වලින් ඇමයිනෝ අම්ල නයිට්‍රජනීය භස්ම වැනි කුඩා කාබනික අණු සංස්ලේෂණය විය.
    1. එම කුඩා කාබනික අණු බහුඅවයවීකරණය වීමෙන් මහා කාබනික අණු සෑදුණි. මේවා සංකීර්ණ අණු වේ.
    2. පටලයකින් වටවූ අවකාශයක් තුළ මහා කාබනික අණු ඇසිරී ප්‍රාක් සෛල සෑදුණි.
    3. නියුක්ලික් අම්ල ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව ලබාගෙන සෛල ඇතිවීමට ප්‍රවේණික උරුමය ලබාදුනි.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ජෛව රසායනික පරිණාමය සිදුවූ ආකාරය විස්තර කරන්න.

A
  • ආදි වායුගෝලයේ CH₄, NH₃, H₂S, H₂ අඩංගු විය.
  • මෙය ඔක්සිහරණ වායුගෝලයකි.
  • එසේම ගිනිකඳු පිපිරීමෙන් නිදහස් වූ විවිධ සං‍යෝග අඩංගු විය.
  • අණුක ඔක්සිජන් තිබී ඇත්තේ සුළු ප්‍රමාණයකි.
  • ගිනිකඳු පිපිරීම්, විද්‍යුත් විසර්ජන, සූර්යාගේ සිට පැමිණි UV, 𝜶, γ වැනි විකිරණ බහුලය.
  • ජලතාපන විවර සහ ක්ෂාරීය විවර වලින්ද ශක්තිය ලැබුණි.
  • මෙම ශක්තිය භාවිතාකර වායු හා අනෙකුත් අකාබනික සං‍යෝග ප්‍රතික්‍රියා කර සරල කාබනික අණු නිපදවිනි.
  • මේවා ජලවාෂ්ප ඝනීභවනය වී සෑදුනු වර්ෂාවන් සමඟ සාගර වලට එකතු විය.
  • මෙම කාබනික අණු මිශ්‍රනය සහිත සාගරය ආදී සූපය නම් විය.
  • ඉන්පසු සරල කාබනික අණු බහුඅවයවීකරණය වී සංකීර්ණ කාබනික අණු සෑදුණි.
  • එම කාබනික අණු අතරින් න්‍යෂ්ටික අම්ල වටකරමින් ලිපිඩමය පටල ඇතිවී කෝඇසවේට නම් ව්‍යූහ ඇතිවිය.
  • කෝඇසවේට වලින් ප්‍රාක් සෛල ඇතිවිය.
  • ප්‍රාක් සෛල වලින් සෛල ඇතිවිය.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ප්‍රාක් සෛල යනු මොනවාද?

A

ලිපිඩ තට්ටුවකින් ආවරණය වූ ආශයිකා තුළ RNA එකලස් වීමෙන් සෑදුණු ව්‍යුහ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ප්‍රාක් සෛලවල ලක්ෂණ,

A
  • එන්සයිම මඟින් උත්ප්‍රේරිත ක්‍රියා පෙන්වීම.
  • වර්ධනය වීමේ හැකියාව.
  • ස්වයංප්‍රතිවලිත වීමේ හැකියාව.
  • පරිණාමය වීමේ හැකියාව.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ප්‍රාක් සෛලවල ප්‍රජනනය සිදු වූයේ කෙසේද?

A
  • මුල්ම අවධියේ ප්‍රාක් සෛලවල ජාන සහ එන්සයිම ලෙස ක්‍රියාකර ඇත්තේ RNA ය.
  • එබැවින් RNA අණුවලට ප්‍රතිවලිත වීමට හැකිවිය.
  • ආදි සූපයේ තිබුණු වෙනත් අණුද ප්‍රාක් සෛලයට එක් වී ඇත.
  • මිසෙල්ලා සංඝටනය වී පටලයට ලිපිඩ ඒකරාශී වීමෙන් සෛලය වර්ධනය වී තිබේ.
  • සෛලය ප්‍රමාණයට වඩා විශාල වූ විට RNA අඩංගු ප්‍රාක් සෛල 2ක් බවට බෙදී ඇත.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ප්‍රථම ප්‍රභාසංස්ලේෂක ජීවියා සම්භවය වී ඇත්තේ දැනට කොපමණ කලකට පෙරද?

A

වසර බිලියන 2.7 කට පෙර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

ප්‍රභාසංස්ලේෂක ජීවීන්ගේ සම්භවය සිදු වූයේ කෙසේද?

A
  • මොවුන් ප්‍රාග්න්‍යෂ්ටිකයන් වූ අතර මොවුන්ගේ ප්‍රභාසංස්ලේෂණය සිදු වී ඇත්තේ ප්ලාස්ම පටලය මතය.
  • එම ජීවීන්ගේ ෆොසිල සැලකූ විට ඒවා වර්තමාන සයනො බැක්ටීරියා වලට සමානය.
  • මුල්ම ප්‍රභාසංස්ලේෂක ජීවීන්ට H₂O බිඳ හෙලීමට නුපුළුවන් විය. ඔවුන් හයිඩ්‍රජන් ප්‍රභවය ලෙස H₂S භාවිතා කරන ලදී.
  • එබැවින් ප්‍රභාසංස්ලේෂණයෙන් O₂ මුක්ත වීමක් සිදු නොවිනි.
  • ඉන්පසු ජල විච්ඡේදක ප්‍රභාසංස්ලේෂණ හැකියාව සම්භවය විය.
  • එහි ප්‍රතිඵලයක් ලෙස O₂ මුක්ත විය.
  • එම ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රතිඵල ලෙස Fe²⁺ අයන ඔක්සිකරණය විය.
  • ජලයේ දියවී තිබූ සියළු Fe²⁺ ඔක්සිකරණය වී අවක්ෂේප වීමෙන් අනතුරුව තවදුරටත් නිදහස් වූ O₂ ජලයේ දියවී ජලය ඔක්සිජන් වලින් සංතෘප්ත විය.
  • ඉන්පසු වායුගෝලයට O₂ නිදහස් විය.
  • ඉහළට ගිය O₂ මඟින් ඕසෝන් වියන තැනුනි.
  • ඒ සමඟම පෘථිවියට UV කිරණ පැමිණීම නතර විය.
  • O₂ මඟින් CH₄ ඔක්සිකරණය වීම නිසා වායුගෝලයේ මීතේන් අඩුවිය.
  • වායුගෝලයේ ඔක්සිජන් වැඩිවීම ස්වායු ජීවීන් ආරම්භ වීමට හේතු විය.
  • හරිතලව, මයිටොකොන්ඩ්‍රියම සම්භවය ඉක්මන් විය.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

ප්‍රථම සූන්‍යෂ්ටිකයන් සම්භවය වූයේ කොපමණ කලකට පෙරද?

A
  • දැනට වසර බිලියන 1.8 කට පමණ පෙර

- ප්‍රථම සූන්‍යෂ්ටික ඉයූකැරියෝටා ෆොසිල වසර බිලියන 1.8 පමණ පැරණි බව ඇස්තමේන්තු කර ඇත.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

සූන්‍යෂ්ටිකයන්ගේ සම්භවය සිදු වූයේ කෙසේද?

A
  • ප්‍රථමයෙන් පහළ වූ සූ න්‍යෂ්ටික ජීවීන් ඒකසෛලික විය.
  • ඔවුන් ප්‍රාග් න්‍යෂ්ටිකයන්ගෙන් පරිණාමය වූයේ යැයි විශ්වාස කෙරේ.
  • මෙම ඒකසෛලික සූ න්‍යෂ්ටිකයන්ගෙන් බහු සෛලික සූ න්‍යෂ්ටිකයින් සම්භවය වූ බව කියවේ.
  • ව්‍යූහාත්මකව සංකීර්ණ සූන්‍යෂ්ටික සෛල බිහිවීමත් සමඟම විශාල රූප විද්‍යාත්මක විවිධත්වයක් පරිණාමය විය.
  • පළමු සූන්‍යෂ්ටික ජීවීන් සම්භවය වීමෙන් අනතුරුව ඒකසෛලික ජීවී ස්වරූප විශාල සංඛ්‍යාවක් විශාල පරාසයක් තුළ පරිණාමය විය.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

දැනට දන්නා පැරණිම ප්‍රොටිස්ටාවන්ගේ ෆොසිල කොපමණ කලක් පැරණිද?

A
  • වසර බිලියන 1.2 ක් පමණ

- රතු ඇල්ගාවන්ට සමාන කමක් දක්වයි.

20
Q

සූන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගිකරණය,

වසර මිලියන 700 පෙර :

A
  • ස්පොන්ජීන් පරිණාමය වීම.
21
Q

සූන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගිකරණය,

වසර මිලියන 670 කට පෙර:

A
  • මුල්ම ආත්‍රොපෝඩාවන්, මුල්ම කෝඩේටාවන්, අනෙකුත් සත්ව වංශ වල මුල්ම ජීවීන් සම්භවය.
  • ප්‍රථම ආහාර දාම ඇතිවීම - සතුන් පරිභෝජකයන් ලෙස ඇල්ගී හා ශාකමත යැපීම ආරම්භ වීම.
  • කෘත්‍යමය ආහාර ජාල ඇතිවීම.
22
Q

සූන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගිකරණය,

වසර මිලියන 500 කට පෙර :

A
  • දිලීර, ශාක, සතුන් භෞමික ගණාවාසීකරණය ඇරඹීම.
  • භෞමික ඝනාවාසීකරණය වූ ශාක ජලය හා ඛනිජ පරිවහනය සඳහා සනාල පටක ද ජල හානිය වැළැක්වීම සඳහා ජලයට අපාරගම්‍ය ඉටි ආවරණයක්ද ඇති කර ගන්නා ලදී.
23
Q

සූන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගිකරණය,

වසර මිලියන 365 කට පෙර :

A
  • කණ්ඩික වරල් සහිත මත්ස්‍යන්ගෙන් මුල්ම සිව්පාවුන් පරිණාමය වීම.
    • භෞමිකව ජීවිතය ආරම්භ කළ මුල්ම සත්ත්ව කාණ්ඩය වූ ආත්‍රොපෝඩාවන් සම්භවය.
24
Q

සූන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගිකරණය,

වසර මිලියන 40 කට පෙර :

A
  • ශාක දේහය මුල, කඳ හා පත්‍ර ලෙස විභේදනය වීම හා විවිධාංගීකරණය.
25
සූන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගිකරණය, | වසර මිලියන 6-7 කට පෙර :
- වෙනත් ප්‍රයිමේටාවන්ගෙන් වෙන් වී මානව පෙළපත ආරම්භ වීම.
26
සූන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගිකරණය, | වසර 195,000 කට පෙර :
- මානව විශේෂය සම්භවය වීම.
27
සම්භවය වූ අවධියේ සිට පෘථිවියේ ඉතිහාසය බෙදෙන ඉයෝන 4 මොනවාද?
1. හේඩියන් ඉයෝනය 2. ආකියන් ඉයෝනය 3. පොටෙරෝසොයික් ඉයෝනය 4. ෆැනරසොයික් ඉයෝනය
28
හේඩියන් ඉයෝනය :
- මෙහි ආරම්භයේදීම සෞරග්‍රහ මණ්ඩලය හා පෘථිවිය සම්භවය විය. - දළ වශයෙන් වසර බිලියන 4.6-3.8 කට පෙර කාලය. - ජීවය සම්භවය වී නොතිබුණි.
29
ආකියන් ඉයෝනය :
- දළ වශයෙන් වසර බිලියන 3.8-2.5 කට පෙර කාලය - දැනට පවතින පැරණිතම පාෂාන පෘථිවි පෘෂ්ඨයමත ඇති වීම. - ආදිතම සෛලවල පොසිල (ප්‍රාග්න්‍යෂ්ටික) ඇතිවීම. - වායුගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ නැගීම ආරම්භ වීම.
30
පොටෙරෝසොයික් ඉයෝනය :
- දළ වශයෙන් වසර බිලියන 2.5-0.5 කට පෙර කාලය. - මුල් අවධිවල ඒකසෛලික සූන්‍යෂ්ටිකයන් සම්භවය විය. - මධ්‍ය කාලයේ බහු සෛලික සූ න්‍යෂ්ටිකයන් බිහිවිය. - සූන්‍යෂ්ටික සෛලවල පැරණිතම පොසිල ඇතිවිය. - ඇල්ගී විවිධාංගීකරණය සිදුවිය. - මෘදු දේහ සහිත අපෘෂ්ඨවංශී සතුන් ඇති විය.
31
ෆැනෙරොසොයික ඉයෝනය : | පේලියෝසොයික යුගය :
- වසර මිලියන 542-251 කට පෙර කාලය - පොදුවේ මේ යුගය තුළ බොහෝ සත්ත්ව වංශ වල විවිධත්වයේ එකවර විශාල වැඩිවීමක් සිදුවිය. මෙය Cambrian explosion නම් වේ. - බොහෝ සත්ත්ව වංශවල විවිධත්වය ශීඝ්‍ර වැඩිවීම. - කරදිය ඇල්ගාවන් සුලබ වීම. - විවිධ දිලීර, ශාක හා සතුන්ගේ භෞමික ගණාවාසීකරණය. - සනාල ශාක විවිධාංගීකරණය - අස්ථීක මත්ස්‍යන්ගේ විවිධාංගීකරණය. - මුල් ම සිවුපාවුන් හා කෘමීන් බිහිවීම. - උභයජීවීන් ප්‍රමුඛ වීම. - සනාල ශාක සහිත වනාන්තර බහුල වීම. - ප්‍රථම බීජ ශාක බිහිවීම. - උරගයන් බිහිවීම හා විකිරණය - බොහෝ වර්තමාන කෘමි කාණ්ඩ බිහිවීම - බොහෝ කරදිය හා භෞමික ජීවීන්ගේ නෂ්ට වීම - ආදි සනාල ශාක විවිධාංගීකරණය
32
ෆැනෙරොසොයික ඉයෝනය : | මීසොසොයික යුගය :
- අවුරුදු මිලියන 251-65.5 කට පෙර කාලය. - කේතුධර ශාක (විවෘත බීජක) ප්‍රමුඛ වීම. - ඩයිනෝසරයන් පරිණාමය සහ විකිරණය - ක්ෂීරපායීන්ගේ සම්භවය - ප්‍රමුඛ ශාක ලෙස අඛණ්ඩව ම විවෘත බීජ ශාක පැවතීම. - ඩයිනෝසරයන් ප්‍රමුඛ වීම, බහුල වීම හා විවිධත්වය ඇති වීම. - සපුෂ්ප ශාක බිහි වීම හා විවිධාංගීකරණය - ඩයිනෝසරයන් ඇතුළු බොහෝ ජීවී විශේෂ නෂ්ට වීම.
33
ෆැනෙරොසොයික ඉයෝනය : | සිනෝසොයික යුගය :
- අවුරුදු මිලියන 65.5 සිට අද දක්වා කාලය - ක්ෂීරපායීන්, පක්ෂීන් හා පරාගණ කාරක කෘමීන්ගේ ප්‍රධාන විකිරණය - සපුෂ්ප ශාකවල ප්‍රමුඛ වීම, ඉහළයෑම හා විකිරණය තවදුරටත් සිදුවීම. - බොහෝ වර්ථමාන ක්ෂීරපායී ගෝත්‍ර විකිරණය. - බොහෝ ප්‍රයිමේටා කාණ්ඩවල සම්භවය, ක්ෂීරපායීන් හා සපුෂ්ප ශාකවල විකිරණය තවදුරටත් සිදුවීම. - ආදිතම මානව පූර්වජයා බිහිවීම. - ද්වීපාද මානව පූර්වජයා බිහිවීම. - හෝමෝ ගණය බිහි වීම.
34
ජෛව විවිධත්ව පරිණාමය :
- ජීවය සම්භවය වීමත් සමඟ ජෛව විවිධත්වය ඇරඹිනි. - මුල්ම ජීවීන් වූයේ නිර්වායු විෂමපෝෂී බැක්ටීරියාය. - මුල්ම ජීවීන්ගෙන් ඇරඹුණු ජෛව විවිධත්වය වසර බිලියන 3.5 ක සිට අද දක්වාම පරිනාමය වේ. - මුලින්ම ප්‍රාග්න්‍යෂ්ටිකයන්, ඒකසෛලිකයන්, පසුව සූන්‍යෂ්ටිකයන්, සත්‍ය බහුන්‍යෂ්ටිකයන් ඇතිවිය. - ඔක්සිහාරක වායුගෝලයේ ජීවත් වූ නිර්වායූ ජීවීන් පසුව ස්වායු ජීවීන් බවට පරිණාමය විය. - සූන්‍යෂ්ටිකයන් සමහරක් ඇල්ගී බවටද ඔවුන්ගෙන් ප්ලාන්ටේ විශේෂද පරිණාමය විය. - සමහර සූන්‍යෂ්ටිකයන් සත්ත්ව ආකාර බවට පරිණාමය විය. - මේ අතර ජලයේ ව්‍යාප්ත වූ සමහර ජීවීන් ක්‍රමයෙන් භෞමික පරිසර වලට අනුවර්ථනය විය. - ප්‍රථමයෙන් භෞමික පරිසරයට ඇතුළු වූයේ ආත්‍රෝපෝඩාවන්ගේ මකුළුවන්ය. පසුව කෘමීන් ය. - ඉන්පසු මොලුස්කාවන්ය. - පෘෂ්ඨවංශීන් අතරින් ප්‍රථමයෙන් භෞමික පරිසරයට පැමිණියේ ඇම්ෆිබියාවන් ය. - ඔවුන් ඛණ්ඩකීය වරල් සහිත මත්ස්‍යයන්ගෙන් සම්භවය විය. - ඇම්ෆිබියාවන්ගෙන් රෙප්ටීලියාවන් පරිණාමය විය. - ප්‍රථමයෙන් භෞමික වාසයට පැමිණි ඇම්ෆිබියාවන්ට සාර්ථක භෞමික අනුවර්ථන නොමැති විය. - නමුත් ඔවුන්ගෙන් පරිණාමය වූ රෙප්ටීලියාවන් සාර්ථක භෞමික අනුවර්තන දැරීය. - රෙප්ටීලියාවන්ගෙන් ආවේස් පරිණාමය විය. - මෙය සනාත කරන ෆොසිලය "ආකියොප්ටෙරික්ස්" නම් වේ. - ක්ෂීරපායීන් පරිණාමය වෙනස් පූර්වජයෙකුගෙන් ඇරඹුනි. - මානවයන් පෘථිවිය තුළ තුළ මෑතකදී බිහිවූ කාණ්ඩයකි. - රුක්වාසී ජීවන ක්‍රමයක් ගෙවූ ප්‍රයිමාටේස් ගෝත්‍රයෙන් මිනිස් විශේෂය පරිණාමය විය. - නූතන මිනිසාට උපත දුන් ආදි මානව විශේෂ නෂ්ඨ වී ගොස් ඇත.
35
පරිණාමය යනු කුමක්ද?
- පරිණාමය යනු දීර්ඝ කාලයක් තිස්සේ කිසියම් ගහනයක, ප්‍රවේණි ද්‍රව්‍ය සං‍යුතිය, පරම්පරාවෙන් පරම්පරාවට වෙනස්වීම යි. - මේ සඳහා වසර මිලියන ගණනක් ගතවේ.
36
වහර අවහරය යනු කුමක්ද?
- ලැමාක් විසින් ඉදිරිපත් කරන ලදී. - දේහයක නිරන්තරයෙන් භාවිත කරනු ලබන අවයව ක්‍රමයෙන් විශාලව හා ශක්තිමත්ව වැඩෙන අතර, භාවිත නොකර සිටින විට ඒවා පරිහානියට පත් වෙයි. උදා : ඉහළින් පිහිටි අතුවල කොළ කඩා කෑමට ගෙල දික් කිරීම නිසා බෙල්ල දිගු ජිරාෆ් ඇතිවීම.
37
පරිචිත ලක්ෂණ ආවේණිය යනු කුමක්ද?
- පරිසරයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ජීවීහු තම ජීවිත කාලය තුළ දී උචිත අනුවර්තන ඇති කරගනිති. - ඔවූහු මේ අනුවර්තන තම ප්‍රජනිතයන්ට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව දරති. - ඒ නිසා ජනිතයෝ එම පරිසර තුළ වඩා හොඳින් අනුවර්තිව ජීවත් වෙති. - උදා : - ආහාර ගැනීම සඳහා පරම්පරා ගණනාවක් තිස්සේ බෙල්ල දිගු කිරීම නිසා දිගු බෙල්ලක් හා පේශිමය ගෙලක් දරන ජිරාෆ් පරිණාමය වීම. - සර්පයන්ගේ ගාත්‍රා නැතිවීම.
38
ලැමාක් වාදය පිළිනොගැනීමට හේතු මොනවාද?
- පරිචිත ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පහදා දිය නොහැකි වීම. | - පසුව ඉදිරිපත් වූ ස්වභාවික වරණ වාදය වඩාත් තාර්කික වීම.
39
ඩාවින්-වොලස් වාදයේ/ස්වභාවික වරණවාදයේ, නිරීක්ෂණ මොනවාද?
- ගහනයක එකම විශේෂයක ජීවීන්ට උරුම වූ ගති ලක්ෂණ අතර විවිධත්වයක් ඇත. (මෙය ප්‍රභේදනය නම් වේ.) - සෑම විශේෂයකම පරිසරයට දරා ගත නොහැකි තරම් ජනිතයන් සංඛ්‍යාවක් නිපදවීමට හැකියාව දරයි. මොවුන්ගෙන් බොහෝමයක් ජීවත් නොවන අතර ප්‍රජනනයද සිදු නොකරයි.
40
ස්වභාවික වරණ වාදයේ උපකල්පන මොනවාද?
- ගහනයක සිටින පරිසරයට උචිත ලක්ෂණ දරන ජීවීන්ට, එම පරිසරවල නොනැසී පැවතීමට හා ප්‍රජනනයට ඉහළ විභවතාවක් ඇත. ඔවුන් අන් අයට වඩා වැඩි ජනිතයන් සංඛ්‍යාවක් බිහි කරති. - ගහනයක පැවැත්මට හා ප්‍රජනනයට හිතකර ප්‍රභේදන නිසා පරම්පරා කිහිපයක් ඔස්සේ ඒ ගහනය තුළ වාසිදායක ලක්ෂණවල වැඩිවීමක් සිදු වෙයි.
41
ජීවීන්ගේ පැවැත්මට හා ප්‍රජනනයට බලපාන වාසිදායක ලක්ෂණ මොනවාද?
- විලෝපිකයන්ට ගොදුරු වීමෙන් වැළකී සිටීමට ඇති හැකියාව සහ ආරක්ෂක යාන්ත්‍රන - භෞතික තත්ත්ව වලට ඔරොත්තු දීම සහ පීඩාකාරී තත්ත්ව වලට ඔරොත්තු දීම. - ආහාර සොයාගැනීමට ඇති හැකියාව. - රෝග වලට එරෙහි ප්‍රතිරෝධයක් තිබීම. - සංසේචන සම්භාවිතාව - නිපදවන ජනිතයන් සංඛ්‍යාව.
42
ස්වභාවික වරණ ක්‍රියාවළියේ පියවර මොනවාද?
- අධිජනනය - ප්‍රභේදනය - තරඟය හා උචිතෝන්නතිය. - හිතකර ලක්ෂණ ස්වභාවික වරණයට ලක් වීම.
43
නව-ඩාවින් වාදය යනු කුමක්ද?
- චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වරණවාදය, ජීවීන්ගේ ආවේණිය පැහැදිලි කිරීම සඳහා පදනම වූ මෙන්ඩලීය ප්‍රවේණිය හා ගහන ප්‍රවේණිය පිළිබඳ දැනුම, ආදියේ සමෝධානයක් ලෙස නව ඩාවින්වාදය හැඳින්විය හැකි ය. - නව ඩාවින් වාදයට අනුව, - ප්‍රවේණි ප්‍රභේදන ඇතිවන්නේ ස්වාධීන සං‍රචනය, අවතරණය, අහඹු සංවාසය හා විකෘති නිසාය. - ලක්ෂණ ප්‍රවේණිගත වීම ජන්මාණු හරහා සංසේචනය තුළින් සිදු වේ.
44
අධිජනනය යනු කුමක්ද?
ගහනයක සිටින ජීවීන්ට අධික ප්‍රජනක හැකියාවක් ඇත. සෑම විශේෂයක්ම පරිසරයට දරාගත නොහැකි තරම් ජනිතයන් සංඛ්‍යාවක් නිපදවීමට හැකියාවක් දරයි. මෙය අධිජනනය ලෙස හැඳින්වේ.
45
ප්‍රභේදනය යනු කුමක්ද?
ගහනයක එකම විශේෂයක ජීවීන්ට උරුම වූ ගති ලක්ෂණ අතර විවිධත්වයක් ඇත.මෙය **ප්‍රභේදනය** නම් වේ. ප්‍රභේදන අහඹු ලෙස ඇතිවේ.ඇතැම් ප්‍රභේදන හිතකර වේ. සමහර ප්‍රභේදන ඊලඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වේ.ඇතැම් ඒවා එසේ නොවේ. ඊලඟ පරම්පරාවට ගමන් කරන ප්‍රභේදන පරිණාමයට වැදගත් වේ.
46
උචිතෝන්නතිය යනු කුමක්ද?
සීමිත සම්පත් සඳහා තරඟයක් ඇත. එනම් ආහාර,වාසස්ථාන,ප්‍රජනක ස්ථාන/ප්‍රජනක සහකරුවන් සඳහා තරඟයක් ඇත. තරඟය අන්තර් විශේෂ හෝ අන්තඃ විශේෂ තරඟයක් වේ. හිතකර ප්‍රභේදන සහිත ජීවීන්ට තරඟයේ වැඩි වාසියක් අත්වේ.සම්පත් අන් අයට වඩා හොඳින් භාවිතා කරයි.ඔවුහූ පරිසරයේ නොනැසී ජීවත්වෙති. මෙය **උචිතෝන්නතිය** ලෙස හැඳින්වේ.
47
ස්වභාවික වරණය යනු කුමක්ද?
මොවුන් ප්‍රජනනය මඟින් හිතකර ප්‍රභේදන ඊලඟ පරම්පරාවට සම්ප්‍රේශනය කරයි. හිතකර ප්‍රභේදන රහිත ජීවීහු ප්‍රජනනයට පෙර මිය යති.නැතහොත් ප්‍රජනනය නොකරති. මේ නිසා හිතකර ලක්ෂණ ස්වභාවික වරණයට ලක්වීමෙන් පරිසරයේ ඉතිරි වේ. පරම්පරාවෙන් පරම්පරාවට **ස්වභාවික වරණය** සිඳුවේ.මේ නිසා පරිසරයට වඩාත් හොඳින් අනුවර්තිත ජීවීන් ඇතිවේ.