තක්සෝන ධූරාවලිය Flashcards
(30 cards)
ජීවීන් වර්ගීකරණය කිරීම යනු කුමක්ද?
ජීවීන් පෙන්වන පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ/තක්සෝන වලට සැකසීම.
වර්ගීකරණ විද්‍යාව යනු කුමක්ද?
වර්ගීකරණය පිළිබඳව සිදුකරන විද්‍යාත්මක හැදෑරීම,විශේෂ හඳුනාගැනීම, නාමකරණය හා විස්තර කිරීම.
වර්ගීකරණ විද්‍යාවේ අංග 3 මොනවාද?
- ජීවීන් හඳුනාගැනීම.
- නාමකරණය
- වර්ගීකරණය
කෘත්‍රිම වර්ගීකරණය යනු කුමක්ද?
- මුලින් තීරණය කරන ලද වර්ගීකරණ නිර්ණායක/පොදු ලක්ෂණ මත පදනම්ව ජීවීන් කාණ්ඩගත කිරීම.
- මේ ලක්ෂණ තෝරා ගැනෙනුයේ අධ්‍යනයේ පහසුව සඳහා වන අතර, තෝරාගත් නිර්ණායක පදනම් කර ගනිමින් ජීවීහු කාණ්ඩවලට වෙන් කරනු ලබති.
- මෙහිදී පරිණාමික බන්ධුතා නොසැලකේ.
- මෙය 18 වන ශතවර්ෂයට ප්‍රථම භාවිතා කර ඇති එකම වර්ගීකරණ පද්ධතිය වේ.
- භාවිතා කිරීම පහසුය. තවත් ජීවීන් එක් කර පුළුල් කිරීමට හැකිය.
පරිණාමික බන්ධුතා යනු මොනවාද?
පොදු පූර්වජයෙකුගෙන් පරිණාමය වන විට පරිණාමික ඉතිහාසයේ ඇතිවන එක් එක් ජීවී විශේෂ අතර ඇති පොදු ලක්ෂණ.
පරිණාමික බන්ධුතා යනු මොනවාද?
පොදු පූර්වජයෙකුගෙන් පරිණාමය වන විට පරිණාමික ඉතිහාසයේ ඇතිවන එක් එක් ජීවී විශේෂ අතර ඇති පොදු ලක්ෂණ.
ස්වභාවික වර්ගීකරණය යනු කුමක්ද?
- ජීවීන්ගේ ස්වභාවික සත්‍ය පරිණාමික බන්ධුතා පදනම් කරගනිමින් ජීවීන් වර්ගීකරණය කිරීම.
- වංශ ප්‍රවේණිය (විශේෂය හෝ විශේෂය අයත් කණ්ඩායම් වල පරිණාමික ඉතිහාසය) මත පදනම් වූ පරිණාමික බන්ධුතා විදහා දක්වයි.
- පරිණාමය පිළිබඳ අධ්‍යනයෙන් පසු සකස් වූ වර්ගීකරණ පද්ධති වේ.
- ලක්ෂණ ගණනාවක් මත පදනම් වේ.
ස්වභාවික වර්ගීකරණයේදී ජීවීන් වර්ගීකරණය කිරීම සඳහා භාවිතා කරනු ලබන ලක්ෂණ මොනවාද?
- රූප විද්‍යාත්මක ලක්ෂණ
- කායික විද්‍යාත්මක ලක්ෂණ
- සෛල විද්‍යාත්මක ලක්ෂණ
- අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ
ස්වභාවික වර්ගීකරණයේ වාසි මොනවාද?
- ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා දැනගත හැකිවීම.
- ජීවීන්ට අනන්‍ය වූ නාමයක් ලබාදිය හැකිවීම.
- ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳ පුරෝකථන හැකියාව වැඩිකරයි.
- ජීවීන්ගේ ලක්ෂණ මතක තබා ගැනීමට ආධාර වේ.
- ජීවීන් හඳුනාගැනීම පහසු වේ.
ස්වභාවික වර්ගීකරණය සහ කෘත්‍රිම වර්ගීකරණය අතර ඇති වෙනස්කම් මොනවාද?
- ස්වභාවික වර්ගීකරණයේදී පරිණාමික බන්දුතා පැහැදිලි වේ. කෘත්‍රීම වර්ගීකරණයේදී පරිණාමික බන්දුතා පැහැදිලි නොවේ.
- ස්වභාවික වර්ගීකරණයේදී පොදු ලක්ෂණ රාශියක් සලකා බැලේ. කෘතීම වර්ගීකරණයේදී පොදු ලක්ෂණ එකක් දෙකක් වැනි අඩු සංඛ්‍යාවක් සලකා බැලේ.
- ස්වභාවික වර්ගීකරණයේදී රූප විද්‍යාත්මක හා කායික විද්‍යාත්මක ලක්ෂණ සලකා බැලේ. කෘතීම වර්ගීකරණයේදී රූපවිද්‍යාත්මක ලක්ෂණ පමණක් බහුලව සලකා බැලේ.
- ස්වභාවික වර්ගීකරණයේදී අනන්‍ය විද්‍යාත්මක නමක් ලබාදීමට හැකියාව ලැබේ. කෘතීම වර්ගීකරණයේදී අනන්‍ය විද්‍යාත්මක නමක් ලබාදීමට නොහැකි වේ.
- ස්වභාවික වර්ගීකරණය සඳහා සාපේක්ෂව දිගු කලක් ගත වේ. කෘතීම වර්ගීකරණයට සාපේක්ෂව කෙටි කලක් ගත වේ.
- ස්වභාවික වර්ගීකරණයේදී ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳ පුරෝකථන හැකියාව අධිකය. කෘතීම වර්ගීකරණයේදී ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳ පුරෝකථන හැකියාව සාපේක්ෂව අඩුය.
වර්‍ර්ගීකරණයේ ඉතිහාසය
ඇරිස්ටෝටල් :
- විද්‍යාත්මක පදනමක් මත ජීවීන් වර්ගීකරණය කළ මුල්ම තැනැත්තා විය.
- ජීවීන්, ශාක හා සතුන් ලෙස වර්ගීකරණය කරන ලදී.
- ශාක හා සතුන් අතර සංකීර්ණත්වයේ අනුක්‍රමනයක් හඳුනාගන්නා ලදී.
- විවිධ නිර්ණායකවලට අනුව සතුන් තවදුරටත් කණ්ඩායම් වලට වර්ගීකරණය කරන ලදී. එහිදී,
- සංචරන විධි
- ප්‍රජනක විධි
- රතු රුධිර සෛල ඇති නැති බව, සලකන ලදී.
වර්‍ර්ගීකරණයේ ඉතිහාසය
තියෝපැස්ට්‍රස්:
ශාකවල තරම අනුව - පැළෑටි - පඳුරු - වෘක්ෂ , ලෙස වර්ග කිරීම. ශාකවල ජීවිත කාලය අනුව - ඒකවාර්ෂික - ද්වීවාර්ෂික - බහුවාර්ෂික, ලෙස වර්ග කිරීම.
වර්‍ර්ගීකරණයේ ඉතිහාසය
කැරොලස් ලිනේයස්:
- වර්ගීකරණයේ හා නාමකරණයේ පියා ලෙස හැඳින්වේ.
- ද්වීපද නාමකරණය හඳුන්වාදුනි.
- ශාක 6000ක් පමණ තක්සෝන ධූරාවලියකට අනුව වර්ග කරන ලදී.
- එහිදී විශේෂය, ඝනය, ගෝත්‍රය සහ වර්ගය යන තක්සෝන ඇතුළත් කරන ලදී.
- සපුෂ්ප ශාක වර්ගීකරණයේදී පුෂ්පයක රේණු සංඛ්‍යාව හා වෙනත් ලක්ෂණ භාවිතා කරන ලදී.
- ජීවීන් ශාක හා සත්ත්ව ලෙස රාජධානි දෙකකට වෙන්කර හඳුනාගන්නා ලදී.
වර්‍ර්ගීකරණයේ ඉතිහාසය
අර්නස්ට් හේකල්
- ප්‍රොටිස්ටා නම් තුන්වන රාජධානියක් හඳුන්වාදෙන ලදී.
- වංශය නම් තක්සෝනය හඳුන්වාදී ජීවීන් රැසක් වර්ග කරන ලදී.
වර්‍ර්ගීකරණයේ ඉතිහාසය
රොබට් එච් විටේකර්
- රාජධානි පහේ වර්ගීකරණ පද්ධතිය හඳුන්වා දුනි.
- රාජධානි 5 වන්නේ,
- මොනෙරා - බැක්ටීරියා, සයනොබැක්ටීරියා
- ප්‍රොටිස්ටා - ඇල්ගී, Protozoa
- ෆන්ගයි - දිලීර
- ප්ලාන්ටේ - බහුසෛලික ශාක
- ඇනිමාලියා - බහුසෛලික සතුන්
- විටේකර්ගේ වර්ගීකරණයේ පදනම වූයේ,
- සෛල සංවිධානය - ප්‍රාග්න්‍යෂ්ටිකද සූන්‍යෂ්ටිකද යන්න.
- පෝෂන ක්‍රමය - සංස්ලේෂකද, අධිග්‍රාහකද, අවශෝෂකද යන්න.
- සෛල සැකැස්ම - ඒකසෛලිකද, බහුසෛලිකද යන්න.
- අමතරව
- පටක විභේදිත බව
- කලල නිපදවීම
වර්‍ර්ගීකරණයේ ඉතිහාසය
කාල් වූස්:
- අධිරාජධානි 3කට ජීවීන් වර්ග කිරීම.
- අධිරාජධානි 3 වන්නේ,
- ආකියා
- බැක්ටීරියා
- ඉයුකැරියා
නූතන වර්ගීකරණ පද්ධතියේ නිර්නායක මොනවාද?
- වැදගත් ජානවල DNA හි භස්ම අනුපිළිවෙල
- මයිටොකොන්ඩ්‍රියා හා හරිතලව වල අඩංගු DNA භස්ම අනුපිළිවෙල
- රයිබසෝමීය RNA වල භස්ම අනුපිළිවෙල
- සුලභ ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අනුපිළිවෙල
- සෛලීය සංඝටක වල අණුක ව්‍යූහය
ප්‍රොටිස්ටා රාජධානිය කෘතීම වර්ගීකරණ කාණ්ඩයක් වීමට හේතුව කුමක්ද?
විවිධ පරිණාමික බන්ධුතා සහිත ජීවීන් අයත් වීම.
තක්සෝනයක් යනු කුමක්ද?
ජීවීන් වර්ගීකරණයේදී, සමාන ලක්ෂණ සහිත ජීවීන් අඩංගු කරන, තක්සෝන ධූරාවලියේ ඕනෑම මට්ටමක පවතින එක් කාණ්ඩයකි.
තක්සෝන ධූරාවලියේ මට්ටම් මොනවාද?
- අධිරාජධානිය
- රාජධානිය
- වංශය
- වර්ගය
- ගෝත්‍රය
- කුලය
- ගණය
- විශේෂය
තක්සෝන ධූරාවලියේ පහළට යන විට කුමක් සිදුවේද?
- පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩිවේ.
- එක් තක්සෝනයක අඩංගුවන ජීවීන් සංඛ්‍යාව අඩුවේ.
තක්සෝන ධූරාවලියේ ඉහළට යන විට කුමක් සිදුවේද?
- ජීවීන් සංඛ්‍යාව වැඩිවේ.
- ජීවී විශේෂ සංඛ්‍යාව වැඩිවේ.
විශේෂය සඳහා ජීව විද්‍යාත්මක අර්ථ දැක්වීම කුමක්ද?
විශේෂයක් යනු සමාන ලක්ෂණ පොදුවේ දරන, අන්තර් අභිජනනයෙන් ජීවී හා සරු ජනිතයින් නිපදවිය හැකි ජීවීන් කණ්ඩායමකි.
විශේෂය සඳහා වෙනත් අර්ථ දැක්වීම් මොනවාද?
රූප විද්‍යාත්මක විශේෂ සංකල්පය - ශරීරයේ හැඩය සහ වෙනත් ව්‍යූහ ලක්ෂණ වැනි රූප විද්‍යාත්මක නිර්ණායක භාවිත කර ජීව විශේෂ වෙන් කර හඳුනා ගැනීම.
පරිසර විද්‍යාත්මක විශේෂ සංකල්පය - විශේෂයක් පරිසර නිකේතනය සහ විශේෂයේ සාමාජිකයන් පරිසරයේ ජීවී සහ අජීවී සංඝටක සමඟ සිදු කරන අන්තර්ක්‍රියා සියල්ලේ එකතුව සලකා බලමින් අර්ථ දැක්වීම.
වංශ ප්‍රවේණික විශේෂ සංකල්පය - පොදු පූර්වජයෙකුගෙන් පැවත එන ඒකෛකයන්ගේ කුඩාම කණ්ඩායම විශේෂය ලෙස අර්ථ දැක්විම